සිතින් විතරක්
විසි තුන…23
කිසිම දෙයක් හිතාගන්න බැරුව මම ඒ දෙන්න ව පහුකරගෙන රූම් එකට යන්න හැදුවෙ අන්ද මන්ද වුන කෙනෙක් වගේ. මොකද මේ සිද්ධ වෙන සිද්ධ වෙන්න යන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ.
ඒන්ජල් ඔයා ආවද මැණික…?
මාව දැක්ක ගමන් සියා පප්පා ඇහුවා. වෙනදට නම් මෙහෙම අවේලාවෙ ආවම ප්‍රශ්න දාහක් අහනවා. ඒත් අද එයා කතා කරපු විඳිහෙන් මට දැනුනෙ එයා මම එනකං බලාගෙන හිටියා වගේ.
ඔව් සීයා පප්පා.. සෙත් මාව හදිස්සියෙන් ගෙදර ගෙනත් දැම්මනෙ ඇයි දන්නෙ නෑ..
මම කියාගෙන ගියෙ තාමත් සීයා පප්පගෙ කකුල් දෙක ලඟ දණගහගෙන උන්න අමුත්තා දිහා බලාගෙන.
මම එහෙම කීව ගමන් එයා එකපාරම ඉද ගෙන උන්න තැනින් නැඟිට්ටා. නැඟිටලා මගේ ලඟට ආවා. දියෙන් ගොඩදාපු මාළුවෙන් වගේ මාව ගැහෙනවා.
ඒන්ජල් ඔයා ආවද මැණික…
එහෙම ඇවිත් එයා කීවෙත් සීයා පප්පා කියපු වචන ටිකමයි. මොනවද දෙයියනේ මේ වෙන්න යන්නෙ මෙයා කවුද.. ? මම එහෙම්ම පිට පස්සට වුනේ එයා මගෙ ලඟටම ආව නිසා.
ඔයා නං ඒන්ජල් කෙනෙක්මයි සුදු මැණික.. විඩියෝස් වලින් දැක්කට වඩා හුඟාක් හුඟාක්ම ලස්සනයි.. බබා ඔයා.. මට දැන්මම ඔයාව මැරි කරන්න හිතෙනවා..
එයා එකපාරම මාව වැලඳගෙන එහෙම කියාගෙන ගියා. මොනවද කරන්න ඕනි කියලා මට හිතා ගන්නවත් බෑ. මම උත්සහ කලේ එයාගනේ ගැලවෙන්න.
අයින් වෙනවා.. ත..ත..මුසෙ කවුද… ම..ට… කරදර..කරන්න එපා.. අනේ සීයා පප්පා..බලන්නකො…. අනේ.. මේ මි නි හා…
මම එයාගෙ අත්වලින් ගැලවෙන් උත්සහ කර මින් කෑ ගැහුවා.
දඟලන්න එපා බබා.. මම කවුරුත් නෙවීනෙ… මම සෙත් ඔයාගෙ සෙත්..
එයා කියවගෙ ගියෙ මාව තවත් තදින් අල්ල ගෙන.
අතාරිනවා මාව.. ත..මු..සෙ මගෙ සෙත් නෙවී.. මට යන්න දෙනවා.. අනේ සීයා පප්පා.. මාව අතාරින්න කියන්කො… මම ආයිම කෑ ගැහුවා.
සෙත්… ඔය දරුවට පාඩුවෙ ඉන්න දෙන්කො.. ශොක් වෙලා ඉන්නෙ..
සියා පප්පා එහෙම කීවම මට දැනුනෙ මුළු ලෝකෙම මගෙ වටේ කරකැ වෙනවා වගේ හැඟීමක්.
සීයා පප්පා.. ඔයත් බොරුකරනවා මට.. මේ සෙත් නෙවී… මේ වෙන කවුද කෙනෙක්…
මම අර අමුත්තගෙන් ඈත් වෙන්න උත්සහ කරමින් කීවා.
ඒන්ජල් දැන් හොඳ ළමයා වගේ ඔයා ටිකක් රෙස්ට් කරන්නකො.. අපි හෙමීට කතා කරමුකො..
සීයා පප්පගෙ වචන වල තිබුනෙ ඉල්ලීමක්ද.. අනකිරීමක්ද කියලා මට හිතා ගන්න බෑ.
බෑ.. මට බෑ… මට ඇත්ත කියන්න… මේ සෙත් නෙවී නේද…? මම ආයිම කෑ ගැහුවා.
ඒන්ජල්.. ඔය සෙත් තමා.. බොසෙත් අනුත්තර මංචනායක.. මගෙ මුණුපුරා දැන් ඇති හොඳටම ඇති කලබල කලා යන්න හොඳ ළමයා වගේ රූම් එකට යන්න…
ඒ ගමන සීයා පප්පා කීවෙ ටිකක් විතර රළු හඬකින්. මට දැනුනෙ එකපාරම මට මාව නැතිවුනා වගේ හැඟීමක්.
බොරු කියන්න එපා… ඔයාලා මට බොරු කියනවා… සෙත්ට එන්න කියන්න.. අනේ එයාට එන්න කියන්නකො.. මට මෙහෙ ඉන්න බෑ..
මම ආයිම කෑ ගහන්න තියා ගත්තා.
ඒන්ජල් කියන දේ අහන්න ළමයා… ඔය සෙත් තමා ඉන්නෙ.. බොරුවට දඟකරන්නෙ නැතුව දැන් යන්න රූම් එකට… කිවම අහලා යන්න..
සීයා පප්පා ආයිම කිවාම මට කියන්න දෙයක් තිබුනෙ නෑ. මම අඬ අඬාම උඩය දිව්වා. වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම් අසරණ කමක් මේක.
දෙයියනේ මේ මොනවද වෙන්න යන්නෙ. මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ. මට දැනුනෙ මම කාත් කවුරුවත් නැති ලෝකෙක අතරමං වෙලා වගේ හැඟීමක්. මම දෙතුන් වතාවක්ම සෙත් සර්ට කතා කරන්න හැදුවත් එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ.
කොච්චර නපුරු උනත් සෙත් සර්ගෙන් කරදර යක් වෙන්නෙ නෑ කියලා මට ලොකු විශ්වා සයක් තිබුනා. ඒත් මේ අලුත් සෙත් මොන වගේ කෙනෙක් ද කියලා මට හිතා ගන්න බෑ
එයා කොහෙ ඉදන් කොහෙම මොනවට ආවද මම දන්නෙ නෑ. ඒත් එයා කතා කල විඳිහෙන් මට දැනුනෙ එයා මාව හුඟක් හොඳට දන්නවා කියලා.
ඒත් ඒත් මට එයාගෙ කවුරුවත් වෙන්න ඕනි නෑ. කීයටවත් එයාව මැරි කරන්න ඕනි නෑ. එතකොට සෙත් සර් මාව සල්ලි වලට අරගත්තෙ එයාට බාර දෙන්නද මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.
මම කාමරේට වෙලා කල්පනා කරකර හිටියා ඔළුව පුපුරන්න කකියනවා. මට හිතුනෙ ඔළු ව පිපිරිලා විසි වෙලා යයි කියලා හිතේ තියන බරට. කොච්චර ඇඬුවත් මේ හිතේ තියන බර ටිකක්වත් අඩු වුනේ නෑ. මම අඳට වෙලා අඬ අඬා ඉදලා මහන්සියටමද කොහොද එහෙම්මම නින්ද ගියා.
ඒන්ජල් බබා නැඟිටින්නකො… ඔහොම අඬ අඬා ඉන්න එපා.. බලන්න මේ ඔයාට හොඳටම උන ඇවිත්නෙ ඉතිං..
ඒ හඬින් ගැස්සිලා මාව ඇහැරුනා. ඔළුව කකියනවා. ඉන්න බෑ මුළු ඇඟම රිදෙනවා. ඇඟම ගින්දර වගේ රත්වෙලා. ඇත්තටම මට හොඳටම උන තමා. මම අමාරුවෙන් ඇස් දෙක ඇරියා.
මගෙ ලඟට වෙලා හිටපු කෙනා දැක්කම මම ආයිම ඇස් දෙක පියා ගත්තා. දැන් මම සෙත් කියන්න ඕනි මෙයාට ද නෑ.. එයාට කවදාවත් මගෙ සෙත් වෙන්න බෑ. බෑ මයි.
ඔහොම බයේ හැංගෙන්න එපා පැටියො නැඟි ටින්න නැඟිටලා මේ බෙහෙත් ටික බොන්න කො ඉතිං හොඳටම උන වැඩියි.. ඔහොම ඉද්දි තවත් අමාරුයිනෙ…
එයා ආයිම කියවගෙන ගියෙ මගෙ හිස පිරි මදින ගමන්. හිසෙ වේදනාවටද හිතේ වේදනා වටද මන්දා ඇස්වල කඳුළු ගලාගෙන ගියා.
යන්න ඔයා යන්න. එපා.. මං ලඟට එන්න.. යන්න මෙතනින් යන්න…
මම අමාරුවෙන් කෑ ගැහුවා.
මම යන්නම්… ඔයා මේ බෙහෙත් ටික බීලා ඉන්නකො හොඳ බබා වගේ..
එයා ආයිම මගෙ හිස පිරි මැද්දා.
මට බෙහෙත් එපා.. මෙහෙම ඉන්න දීලා මෙත නින් යන්න.. මට පේන්න බෑ ඔයාව යන්න… මෙතන ඉන්න එපා යන්න… මම ආයිම කෑ ගැහුවා.
ඔන්න ඔයා ඔහොම නෝටි වෙනකොට නං මට තරහා යනවා හොඳේ.. තරහ ගියොත් මං හුඟා ක් සැරයි.. කෝ එන්නකො ඉතිං.. මේ බෙහෙත් ටික බීලා ඉන්න.. එයා මාව නැඟිටවලා ඇඳ විට්ටමට හේත්තු කලා.
එපා.. මට එපා… මම එයාගෙ අතේ තිබුන වතුර විදුරුවට අතින් ගැහුවා. ඒක විසිවෙලා ගිහින් බිමට වැටිලා බිඳිලා ගියා.
නෝටි ගර්ල්..දැන්නං ගුටි කනවා මගෙන්..
.ඔහොම දඟ කරන්නෙ නෑ හොඳ ළමයි කෝ.. මේක බීලා ඉන්න… හොඳ ළමයෙක් නෙ ඔයා..
ආපහු වතුර වීදුරුවක් අරගෙන ඇවිත් එයා මට බලෙන්ම වගේ බෙහෙත් පෙව්වෙ එහෙම කියන ගමන්. ඇගේ අමාරුවට ද මන්දා මට ආයිම නිද්ද ගියා.
මො තරම් වෙලාවක් මම එහෙම හිටිය ද කියලා මම දන්නෙ නෑ. මම අවදිවුනේ තදින් පිපාසයක් දැනුන නිසා. මම ඇස් අරිනකොටම දැක්කෙ අර අලුත් අමුත්තා මගෙ මූණ දිහා බලාගෙන ඉන්නවා. මම ගැස්සිලා නැඟිටින්න හැදුවා.
දඟලන්නෙ නැතුව ඉන්න ඔහොම කොහොමද ඔයාට…?
එයා ඇහුවෙ හුඟක්ම නිවුන හඬකින්. මම එයාට උත්තරයක් නොදීම හැදුවෙ නැඟිටින්න. දෙයියනේ මම මෙච්චර වෙලා හිටියෙ එයාගෙ උකුලෙ ඔළුව තියාගෙනද ඒ කියන්නෙ ඒ කිය න්නෙ මෙච්චර වෙලා එයා හිටියෙ මගෙ ලඟට වෙලා ද.. මට තේරෙන්නෙ නෑ මේ කිසිම දෙයක්.
මට නැඟිටින්න ඕනි.. මම කීවේ කෙඳිරිලි හඬකින්.
කෝ එන්නකො.. එහෙම කියලා එයා මාව අත්දෙකේ උස්සලා ඇඳ විට්ටමට හේතුත් කලා.
දැන් කියන්නකො කොහොමද කියලා…
එයා ආයිම ඇහුවෙ මගෙ මූණට එබිලා.
මම හොඳින් මට මෙතනින් යන්න ඕනි…. මම කීවේ ඇඳෙන් නැඟටින්න හදන ගමන්.
කියන දේ අහන්නම බෑනි ඔයට.. ඉන්නකො ටිකක් ඔහොම දඟලන්නෙ නැතුව..
අර සන්සුන් හඬින්ම එයා කියවගෙන ගියා. මෙයා නං අර වගේ නපුරෙක් නෙවී වගේ. හරි ආදරෙන් කතා කරන්නෙ. ඒත් මට බයයි.
අනේ මට මෙතනින් යන්න දෙන්න.. ඇයි ඔයාලා මට මෙහෙම කරන්නෙ..
ඇස් වලට කඳුළු පිරුනෙ මට කියන්නෙවත් නැතුව.
ඔන්න ඉතිං අඬන්න තියා ගන්තා… ඔහොම අඬන්න එපා ලෙඩ වෙයි ඔයාව… ටිකක් රිලැක්ස් වෙන්නකො.. මං ඔයාට කරදරයක් කරන්නෙ නෑ..
මට බෑ… මට මෙතනින් යන්න ඕනි.. මාව ගිහින් දාන්න හිටපු දිහාට මට මෙහෙ ඉන්න බෑ… මම හයියෙන් කෑ ගහන්න තියා ගත්තා.
ඒන්ජල් කීවට.. පුංචි ඩීමන් කෙනෙක් වගේනෙ ඔයා… ඔහොම කෑ ගහන්න එපා.. ගෙදර අයත් බය වෙනවා.. ඒ ගමන එයා කීවේ හිනා වෙවි.
ඇයි මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත් තෙ… සෙත්ට එන්න කියන්න මට මෙහෙන් යන්න ඕනි.. එයාට එන්න කියන්න…
මම ආයිම කෑ ගැහුවා.
සෙත් තමා බබෝ ඇවිත් ඉන්නෙ…
නෑ බොරු ඔයා සෙත් නෙවී… එයාට එන්න කියන්න…
බොරු නෙවී.ළමයො මම කියන්නෙ ඇත්තෙ.බොරුනම් මේ බලන්න කො..
එහෙම කියලා එයා මගෙ අතට දුන්නෙ එයා ගෙ අයිඩී එක. ඔව් එයා බෝසෙත් අනුත්තර මංචනායක තමා. එතකොට එතකොට මෙච්චර දවසක් මෙහෙ හිටපු සෙත් කවුද ඇයි මෙයාලා මාව මෙහෙම රවට්ටන්නෙ. මොකක්ද මම එයාලට කරපු වැරැද්ද..
ඔයාලා ඇයි මට මෙහෙම කරන්නෙ ඔයා සෙත් නම්.. එතකොට එතකොට එයා කවුද…
එකපාරම මට එහෙම ඇහුනා. ඒත් එයාට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න වුනෙ නැත්තෙ ඒත් එක්කම වගේ එයාගෙ ෆෝන එක රිංග් වුන නිසා.
දඟකරන්න එපා කියලා ඇස්වලින් මට කියන ගමන්ම එයා ඇමතුමට සම්බන්ධවුනා.
මොනවා කොහෙදිද..?
හුඟක් අමාරුද…?
දැන් කොහෙද ඉන්නෙ..
හරි මම විනාඩි පහෙන් ඔතන.. මොනම හේතු වක් නිසාවත් කො\ල් ල ගෙ ජීවිතේට මොන වත් වෙන්න දෙන්න බෑ තේරුනාද…
මම දැන් එනවා… එහෙම කියාගෙන එයා කෝල් එක කට් කලේ කලබලෙන්.
ඒන්ජල් මට හදිසි ගමනක් යන්න වෙලා.. ඔයා හොඳ බබා වගේ දඟ කරන්නෙ නැතුව ඉන්න.. ආපහු ඇවිත් කතා කරමු… කියාගෙන එයා ඉදගෙන උන්න තැනින් නැඟිට්ටා.
ඒත් මම එයාගෙ අතින් අල්ල ගත්තා මොක ක්දෝ නොතේරෙන බයක් මගෙ හිතේ හොල්ම න් කලා.
ඇයි මේ..? එයා ඇහුවෙ පුදුමෙන්.
ඒ… එයා නේද… මම එහෙම ඇහුවම එයා ගැස්සුනා.
කවුද..?
එයා.. මම අහපු කෙනා.. සෙත් කියලා මම ද න්න කෙනා… එයාට මොනවද වෙලා තියෙ න්නෙ… මම ආයිම ඇහුව.
එයාට මොනවත් වෙලා නෑ… බොරුවට කෑ ගහන්නෙ නැතුව ඉන්න මට ලේට් වෙනවා… එයා කීවෙ මගෙ අත මුදන ගමන්.
බොරු ඔයාලා කියන තරමක් කියන්නෙ බො රු.. මට දැනෙනවා එයාට මොකක් හරි කරද රයක් වෙලා.. කියන්න මොනවද වෙලා තියෙ න්නෙ..
මම කියවගෙන ගියෙ එයාගෙ සර්ට් එකේ එල්ලෙන ගමන්.
ඒන්ජල්… කියන දේ අහන්න… බොරුවට දඟ ලලා මගෙ වැඩ අවුල් කරන්න එපා… ඇවිත් සේරම කියන්නම්.. මම යනවා දඟලන්නෙ නැතුව ඉන්න..
එහෙම කියලා එයා මගෙ අත ගසා දාලා එත නින් පිටවෙලා ගියා.
හමුවෙමු.
මොන තරම් සම්ප්‍රධායික වෙන්න ගියත් හිටපු ගමන් වෙනසක් කරන්න හිතෙනවා මට. ඉතිං මේකත් වෙනස් කතාවක් වෙයි. හුඟක් කතා වල ඉන්නෙ දුෂ්ටයෙකුයි වීරයෙකුයි උනාට මේ කතාවෙ දුෂ්ටයෙක් නෑ.
ඉන්නෙ හුඟාක් ආදරණීය හැමවෙලාවෙම අනිත් කෙනොගෙ සතුට ගැන හිතන ඒන්ජල්ට පන වගේ ආදරේ කරන හරිම සංවේදී සුන්දර ආදරවන්යො දෙන්නෙක්. ඉතිං ඒන්ජල් විතරක් නෙවී මාත් අවුල් වෙනවා කාවද තෝරන්නෙ කියලා හිතනකො. කියන්නකො ඒ සෙත් ද මේ සෙත්ද හොඳ කියලා..
කියවන හැමෝටම ස්තූතියි හැමදාම වගේම. රිප්ලයි කරන්න බැරි වෙනවට නං සොරි. ආ මට රික්වෙස්ට් දානව නං මෙසේජ් එකක් තියන්න. නැතුව කතා කියවන අයව හොයා ගන්න බෑ