33 කොටස
එතකොට ඕනිනම් මට වයස අවුරුදු පහක් වගේ ඇති..එදා වැස්ස දවසක් නිසා කන්න කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා..බඩගින්න ඉවසගන්න බැරිම තැන මන් අපි හිටිය කුඩාරම ගාව තිබ්බ කඩේකට ගියා කන්න දෙයක් ඉල්ල ගන්න පුලුවන්ද බලන්න .ම..ම..මන් කන්න දෙයක් ඉල්ලුවහම ඒ මනුස්සයා කිව්ව කතාව මට කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි…
රා..රන්..ඔයා අඩනවද..අනේ මට ඕනි නෑ..එවා දැනගන්න.ප්ලීස් ඔයා ඔයාටම රිද්ද ගන්න එපා…..
නෑ…මැණික මන් මේ දේවල් කියන්න ඕනි.මන් කැමති නෑ ඔයාට බොරු කරලා අපේ සම්බන්දේ අරන් යන්න…
හුම් එහෙනම් ටිකක් වේලා ඉදලා කියන්නකො…
එදා ඒ මනුස්සයා කිව්වේ…
” තොපි වගේ අම්මා අප්පා නැති අනාත කාලකණ්ණියන්ට කන්න දෙන්න අපිට අමාරුවක් නෑ.පලයන් යන්න මෙතනින් උබලා වගේ එව්වො මේ පලාතකටවත් ගෙන්න ගන්න හොද නෑ..ජරා සත්තු “
ර..රන්…..
ශ්……
එදා මට එ වචන වල ලොකු තේරුම්ක් නැති උනාට.ටිකක් ලොකු වෙනකොට මට ඒ වචන වල තේරුම දැන් ගත්තේ..අම්මා තාත්තා නැතුව ජීවත් වෙන එක කොයිතරම් අමාරුද කියලා මට තේරුනා.
හැබැයි මන් එ මිනිස්සුන්ට වෛර කරන්න ගියේ නැ..මොකද එදා මගේ ජිවිතේම වෙනස් උනා..
මට එදා එ මනුස්සයා හම්බ නොවෙන්න මන් අදටත් මේ පාරක් පාරක් ගානේ හිගාකයි එහෙනම්ත් නැත්නම් මැරිලා තියෙයි…
එදා එ කඩේ හිටිය පොලිසියේ මහත්තයෙක් මාව එක්ක ගිහින් මට බඩ පිරින්න කන්න දුන්න..එ විතරක් නෙවෙයි එ මනුස්සයා මාව එයාගේ ගෙදරත් එක්ක ගියා….
හැබැයි මාව එහෙම එක්ක ගිය එකට එයාගේ නෝනා කැමති උනත් එයාගේ අම්ම කැමති උනේ නෑ… එයා එ මහත්තයාට හොදටම කැගැහුවා..
පස්සේ ඒ මහත්තයා මාව එ පැත්තට තිබුන හොදම ස්කෝලේට මාව දලා මාව හොස්ටල් දැම්මා…
සතියකට දවස් හැමදාම එ මහත්තයයි නෝනායි ඇවිත් මාව බලලාගියා..
එ මහත්තයා මට කිව්ව කතාවක් තමයි හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා ගෙයක් දොරක් හදන් වාහනයක් අරගත්තාහ ඔයා කවුද ඔයාගේ දෙමව්පියෝ කවුද ඔයාගේ කුලේ මොක්කද කියලා මිනිස්සු හොයන්න එන්නේ නෑ කියන එක..
මාත් හොදට ඉගෙන ගත්තා..කොහොම හරි මන් එ ලෙවල් ලියලා ඉවර උනාහම මාව එ සර් කොර්ස් එකකට දැම්මා..මන් කැමති උනේ නෑ..තවත් එ මනුස්සයාට කරදරයක් වෙන්න මට ඕනි උනේ රස්සාවක් කරන්න..
එත් මට එහෙම කරන්න දුන්නේ නෑ.එයා..
හැබැයි එයාවත් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති.එ කෝස් එක මගේ ජිවිතේම විනාස කරයි කියලා….
ර…රාගව් …….
ඔව් මැණික එච්චර කාලයක් හොද කෙනෙක් විදිහට ජීවත් උන මගේ ජිවිතේම විනාස උනේ එ කොස් එකේදී….
මට සමාවෙන්න මැණික ……..මෙහෙම කියන උනාට .එත් මට ඔයාට බොරු කියන්න බෑ……..
එ කොස් එකෙදී තමයි මට ක්‍රිෂ් හම්බ උනේ..ඌ……ඒ…..තිරිසනා නිසා මට මාව විතරක් නෙවෙයි ..එ රත්තරන් වටින අම්මා තාත්තාටවත් මුණ දෙන්න බැරි උන
ඌ හින්දා මන් වෙනස්ම කෙනෙක් උනා.කවදාවත් කිසිම දෙයක් කටේ නොතිබ්බ මන්..අරක්කු සිගරැට් විතරක් නෙවෙයි .මේ ලොකේ තියන හැම ඩ්‍රගස් එකක්ම යුස් කරන කුඩු කාරයෙක් විතරක් නෙවෙයි . සල්ලි වලට මිනි මරණ මීනිමරුවෙක් උනා……
අද වෙනකොට මුළු රටක් පවා බය වෙන..හැටේවත්තේ රාගව් …….එහෙමත් නැත්නම් සීඅයිඩී…සීඅයිඑ…….සිබිඅයි
මේ හැම එහෙකින්ම ලොකේ පුරා හොයාන හැටේවත්තේ රාගා ………
එ වෙන කවුරුත් නෙවෙයි ..එ මන්…..
රාගව් …………
මතුසම්බන්ධයි