ආදරණීයම ඔයා….22
සියල්ල කාලයට ඉඩ දී බලා හිදීම හැර කළ යු තු කිසිවක්ම නැතැයි මට හැඟී යමින් තිබිනි. ජීවිතයේ සමහර දෑ එසේය. ඉවසා සිටීම කො තෙක් වෙහෙසකර උවද ඒ හැර අන් විකල්ප ඇ ත්තේ නැත. සිදු වූ දේ ගැන සිත ගතවන කා ල ය සාමන්‍ය යැයි සිතන්නට උත්සහ කලෙමි.
ධනුකත් සෝන්‍යත් එකිනෙකාට නොසසඳා සිටි න්නට මම උත්සහ කලෙමි. එය තේරුමක් ඇත් තේ නැත.
ධනුකට දැන් ඔහුගේම ජිවිතයක් ඇ ත. එහෙ යින් ඒ අතර මැදට ඇද වැටෙන්නට හෝ නැති නම් මගේ ජිවිතය අතමැදට ඔහුව ඇද දමා ගැ නීමට මට උවමනා වූයේ නැත.
සෝන්‍ය ධනුක ගැන නොදැන හිඳින්නට කිසිම හේතුවක් ඇත්තේ නැත. එහෙත් එහෙත් මා කි සිම විටක ධනුක ගැන ඔහුගෙන් නොවිම සන් නට පරිස්සම් වීමි.
එසේම ඔහු කිසිම දිනක ධනුක ගැන කිසිවක් මා සමඟ නොකියන්නටද පරිස්සම් වන්නට ඇ ත. එහෙයින්ම මා ධනුක ගැන කිසිවක්ම දැන සිටියේ නැත. ජිවිතයට ඔහේ ගෙවී යන්නට ඉ ඩ දෙන්නට මම තීරණය කලෙමි.
සෝන්‍ය ගේ පියාත් ඔහුගේ බිරිඳත් තව දුරටත් අප නිවසේ රැදී සිටියද තව දුරටත් ඔවුන් ගැන උවමනාවට වඩා වදවෙන්නට සෝන්‍ය උත්සහ නොකිරීම සිතට එක් කලේ සතුටකි.
රන්දුණු අංකල් කිවාක් මෙන් මේ ටික කාලයේ ඔහුට උවමනා ලෙසින් හිදින්නට පියාට ඉඩ දෙන්නට සෝන්‍ය තීරණය කරන්නට ඇත. එය එසේ වු එක හොඳය. කොහොමත් අනවශ්‍ය ගැටුම් වලට මාගේ කැමැත්තක් ඇත්තේ නැත.
අහස පුරාම තරු විසිර තිබුනේ අමුතුම සුන්දර රටාවකටය. අමාවක රාත්‍රියක් වූ නිසා දෝ අහස පැහැදිලිය. කුඩා කල නම් අප්පච්චි මාත් මල්ලීත් දෙපසින් තබාගෙන අහසේ තරු රටා පෙන්වමින් කතන්දර කීවා මතකය.
ඒවායින් බොහොමයක් සුන්දර සුරංගනා කන් දර වූ අතර ග්‍රික දේවකතා රැසක් දඒ අතර විය. කුමාරයන් කුමාරියන් දෙවියන් දේවතාවියන් ර කුසන් රකුසියන් මන්තරකාරියන් ආදී බොහෝ චරිත පිරුනු ඒ කතා කෙතරම් අපූරුද නැවතත් අතීතයට දිව ගොස් එහි නතර වී හිඳින්නට තිබුනේ නම් කෙතරම් අපූරු ද.
එක් අතකින් බලනා විට මගේ ජීවිතය ද තවත් එක සුරංගනා කතාවක් මෙනි. එහි කෙතරම් අභව්‍ය සිදවීම් ගහන ද සෝන්‍ය මගේ ජිවිතයට ආවේ කෙතරම් අහඹු ලෙසින් ද.. ජීවිතය සම හර විට සුරංගනා කතාවකට වඩා අපූරුය.
මා අහස දෙස බලා සිටියේ සඳළුතලයේ වූ ග්‍රීල් වැට අල්ලාගෙනය. මගේ දෑතට දෙපසින් ග්‍රිල් වැට අල්ලාගෙන සෝන්‍ය මා පපුපසින් සිට ගත් තේය. මේ මොහොතේ ඔහු මෙතැනට එතැයි මා බලාපොරොත්තු නොවුන නිසාම සිතට ති ගැස්මක් දැනිනි.
තාදී…මොකෝ මේ… මගේ තිගැස්ම ඔහුට දැනෙන්නට ඇත. ඔහු එසේ ඇසුවේ එහෙයිනි.
මොකෝ තමා…මං බය උනා හොඳටම…
මම කීවේ බියපත් හඬකිනි.
මොනාට ද බයවුනේ..
ඔහොම හොල්මනක් වගේ එකපාරම පිටි පස් සෙන් ආවාම බය හිතෙන්නෙ නැද්ද..
හොල්මන් වලට බයද..
නෑ හොල්මන් වලට මොකටද බය වෙන්නෙ..
එහෙනං දැන් බය වුනා කීවේ..
හොල්මන් වලට බය නෑ හොල්මන් වගේ ඒවට බයයි..
උ..ඹ ට මාව දැන් පේන්නෙ හොල්මනක් වගේ
සෝන්‍ය ඇසුවේ ඔහුගේ නිකට මා උරහිස මත තබනා ගමන්ය.
සමහර වෙලාවට…
මොන වගේ වෙලාවටද..
හිටපු ගමන් අතුරු දහන් වෙනකොට සැබැවි
න්ම මට එවැන්නක් තියන්නට උවමනා වූයේ නැත. එහෙත් සෝන්‍ය ගේ මේ සහස් ගමන් ම ගේ සිත සෑම විටකම නොසන්සුන් කලේය.
ඔහු වරදක් කරතැයි මට නොසිතෙන මුත් නො තේරෙන කුමක් දෝ බියක් මා අසරණ කලේය.
තාදී..
සෝන්‍ය කතා කලේ තරමක් උස් හඬකිනි.
මට බය හිතෙනවා සෝන්‍ය….
ම එසේ කියද්දි ඔහු තිගැස්සිනි. තත්වය බරප තල බැව් ඔහුට හැඟෙන්නට විය.
තාදී…කියන දේ අහන්න..දරුවො ඔයා හිතන විඳිහෙ කිසිම දෙයක් නෑ..
හිතන්නෙ නැති විඳිහෙ දෙයක් තියනවා එහෙ මද…
ඔයාට මාව විශ්වාස නෑ ..
එහෙම සැක කලානං මං මෙච්චර දුර එන්නෙ නෑ සෝනු..
එහෙනං ඇයි මේ..
මට..මට..බයයි…
මොනාට ද..
ධනුක වගේම ඔයාවත් මට නැති වෙයි බය හිතෙනවා…
ඔයා තාමත් ධනූ ගැන හිතනවද තාදී…
නෑ සෝන්‍ය මං හිතන්නෙ ඔයා ගැන මං දන් නවා ඔයා දනුක ගැන හැමදේම දන්නවා කිය ලා
ඒත් මට ඒවා දැන ගන්න ඕනි..නෑ වලදාපු මිනී ගොඩ ගන්න මම කැමති නෑ… ඒත් මට බයයි… ඔයා ඔහොම සැරෙන් සැරේ අතුරු දහන් වෙන කොට මට බය හිතෙනවා..
මම කීවේ අවංකවමය. තවත් එය හිතේ තබා ගෙන සිටිය නොහැකිය.
මම ඔයාට ප්‍රොමිස් උනානෙ තාදී…මොනම ප්‍රශ් නයක් හින්ද වත් මං ඔයාව තනි කරන්නෙ නෑ කියලා..ඉතිං ඇයි බය හිතෙන්නෙ ඔහොම..
මාත් ගෑ ණියෙක් සෝනු.. ඔයා ඔහොම කිය න්නෙ නැතුව හිටපු ගමන් පිස්සු හැදිලා වගේ එහෙට මෙහෙට දුවද්දි බය හිතෙන්නෙ නැද්ද..
අහන්න තාදී… මට ඔයාව තේරෙනවා මට තව පුංචි කාලයක් දෙන්න පොරොන්දු වෙනවා ඔයා ට පුංචිම වැරැද්දක්වත් වෙන දෙයක් මං කරන් නෙ නෑ කියලා..
සෝන්‍ය කියවාගෙන ගියේ ඔහුගේ දෙතොල් මගේ ගෙලමුල තවරමිනි.
පොරොන්දු වෙන්න නෙවී සෝන්‍ය අමාරු ඒවා ඉෂ්ට කරන්න… මා කීවේ බැරූරුම් හඬකිනි.
මම දන්නවා බබෝ..මෙච්චර කාලෙකට මම කවදාවත් කාටවත් ඉෂ්ට කරන්න බැරි පොරො න්දුවක් වෙලත් නෑ වෙන්නෙත් නෑ…
ඔහු කියවාගෙන ගියේ ස්ථීර හඬකිනි.
කෙතරම් අපහසු උවත් මේ මොහොතේ ඔහුව විශ්වාස කරනවා හැරෙන්නට අන් විකල්පයක් මට ඇත්තේ නැත.
මම දැනට ඔයාව විශ්වාස කරන්නං හැබැයි කවද හරි දවසක…ඒ විශ්වාස බින්ඳොත්..
තාදී…
මාව මැ රෙ යි සෝන්‍ය…
මම කියවාගෙන ගියේ අසරණම අසරණ හඬ කිනි.
පිස්සු දොඬවන්න එපා තාදී මං මැ රු ණ ත් මගෙ පොරොන්දුවක් මම කඩකරලා නෑ ඒක ත් ඔයාට කොහොමවත් නෑ මගෙ අම්මගෙන් පස්සෙ මගෙ ජිවිතේ මං වැඩියෙන්ම ලංවුනේ ඔයාට තාදී.. කීයටවත් මං ඔයාව නැති කරග න්නෙ නෑ..
ඒ වදන් වල වූයේ කවරාකාර හැඟීමක් දැයි ම ට තේරුමක් තිබුනේ නැත. එහෙත් අඩුම තර මින් හිත සනසා ගන්නටවත් ඒ වදන් මට සහ නයක් විය. මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. ජීවිතය එසේ වන්නට ඇත.
හ්ම්ම් දැන් මගේ නෝනා කියන්නකො
මොනවද මෙච්චර වෙලා මෙතෙන්නට වෙලා කලේ කියලා..
මගේ බඳ වටා ඒ දෝත යවා මාව ඒ සිරුරට තුරුළු කර ගන්නා ගමන් සෝන්‍ය ඇසුවේ ආද රණීය හඬකිනි.
තරු බැළුවා… මා කීවේ කුඩා එකියක සේය.
තරු..බැළුවා… ඔහු ඇසුවේ පුදුමයෙනි.
හ්ම්ම්..
දැක්කද ඉතිං…
ඔව් අර පේන්නේ ඕනි තරම්… මා කිවේ අහස දෙසට සුරත දිගු කරමිනි.
අනේ මන්දා තාදී.. ඔයත් වෙලාවකට පුංචිම එකෙක් වගේ…
ඉස්සර පුංචි කාලේ.. අප්පච්චි මායි මල්ලි දෙන් නවා දෙපැත්තෙන් තියාගෙන.. තරු ගැන කත න්දර කියලා දෙනවා.. මෙතෙන්ට වෙලා ඉද්දි මට අප්පච්චිව මතක් වුනා..
දැන් මමත් එහෙම කතන්දර කියලා දෙන්න ඕනි ද… ඔහු ඇසුවේ හිනැහෙමිනි.
හ්ම්ම් කියන්නකො ඉතිං..
මම කතන්දර දන්නෙ නෑ..තාදී..මට එහෙම කතන්දර කියලා දෙන අප්පච්චියකේ හිටියෙ නෑ..
එවර ඔහු කීවේ මහා බර සුසුමක් හෙලමිනි. ඒ සුසුමේ උණුසුම මගේ ගෙලමුල තැවරුනේ මසි තම ගිනි අවුලවාගෙනය.
මම දැන් පොඩි එකෙක් නෙවී සෝනු මට කත න්දර අහන්න ඕනි නෑ…
කුමක් කිවයුතු දැයි සිතාගත නොහැකිව මම කිවෙමි.
එහෙනං මොනාද අහන්න ඕනි..
මොනාත් අහන්න ඕනි නෑ ඔහොම ලඟට වෙ ලා ඉන්න ඒ ඇති හොඳටම..
පිස්සු කෙ ල් ල මෙතෙන්නට වෙලා අහසෙ තරු බලන්න ඕනි නෑ.. එනවා මම තරු පෙන්න න්නං..
සෝන්‍ය කීයේ දඟම දඟ හඬකිනි.
සෝනු…
ඔය එකපාට නෙවී එතකොට පේන්නේ පාට පාට තරු…
ඔහු එසේ කීවේ මා දොතට ඔසවා ගනිමිනි. ම ම දෝතම ඔහුගේ ගෙලවට යවා ඔහුව ආදර යෙන් වැලඳ ගතිමි.
අද සෝන්‍යගෙ උපන් දිනය. බොහෝ දේ සිදුවිය හැකියැයි මට හැඟනි. සෝන්‍ය ඒවා කෙසේ දරා ගනී දැයි මට සිතාගන්නට නොහැක.
එහෙත් කෙසේ හෝ ඕනෑම දෙයක් දරාගන්නට ඒ සිත සන්සුන් කල යුතුය. මම උදෑසනම අව දිවී මුතු අම්මා සමඟ උදෑසන දානය පිලියල කර ගත්තේ උදයෙන්ම පන්සලට යන්නටය.
මා කාමරයට යද්දීත් සෝන්‍ය උන්නේ තද නි න් දේය. කොට්ටයකුත් තුරුළු කරගෙන නිදනා ඔහුගෙන් ආවේ අවිහිංසක පෙනුමකි.
කුඩා එකෙකු සේ සිහිනෙන් හිනැහෙන්නේය. සෝන්‍ය පව් යැයි මට සිතිනි. නිවසේ තිබූ ප්‍රශ්න නිසා කුඩා කල පටන්ම ඔහු හුදකලාවේ ඉන්න ට ඇත.
සෝනු…සෝනු අනේ නැඟිටින්නකො…
මම ඔහුගේ උරහිසට ගසා අවදි කරන්නට උත්සහ කලෙමි.
නිදන්න දෙන්න තාදී….
නිදමතේම එසේ කී ඔහු කොට්ටය තුරුළු කර ගෙනම අනෙක් පසට හැරුනේය.
නිදන්න නෙවී සෝනු නැඟිටින්නකො…නැත්තං දානෙ ගෙනියන්න පරක්කු වෙනවා…
මා කීවේ ඔහු තුරුළු කරගෙන උන් කොට්ට යෙන් අදිනා අතරය.
අම්මෝ වදකාරි…නිදහසේ නිදන්නවත් දීපං කො… ඔහු කෙදිරි ගෑවේය.
පන්සලට ගිහින් ඇවිත් ඕනි තරම් නිදන්න.. දැන් නැඟිටින්න ඉතිං…
පන්සල් මොන පන්සලක් ද… ඔහු ඇසුවේ නිදිගැට හැර නැඟිටින අතර තුරය.
හැපි බර්ත් ඩේ සෝනූ…මෙනි හැපි රිටන්ස් ඔෆ් ද ඩේ ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි සෝනු
මා කියවාගෙන ගියේ ඔහුගේ හිස සිප ගන්නා අතරතුරය.
තෑන්ක්ස් තාදී උ ඹ නං වෙලාවක මාව සර්ප්‍රයි ස් කරලා ම ර න වා..
සෝන්‍ය කීවේ මා තුරුළු කරගනිමිනි.
ඉක්මන් කරන්නකො සෝනු දවල් වෙලා පන්ස ලට ගිහින් වැඩක් නෑනෙ දානෙත් අරගෙන….
පන්සල් යන්නෙ මොකටද…මේ උදේ පාන්දර
අද ඔයාගෙ බර්ත් ඩේ එක නිසා මට හිතුනා පන්සලට දානයක් දුන්නොත් හොඳයි කියලා…
මම දානෙ හදලා තියෙන්නෙ දැන් මගෙ හොඳ මහත්තයා ඉක්මනින් ලෑස්තිවෙලා එන්නකො අපි පන්සලට ගිහින් එමු…
මා කීවේ ඔහුගේ තුරුලෙන් මිඳෙන්නට වෙහෙ සෙමිනි.
තාදී…. ඔහු යමක් අසන්නට සැරසුනේය.
ප්ලීස් සෝනු කියන දේ අහන්නකො ඉතිං… ඔහුගෙ දෙතොල මත සුරතේ දඹරගිල්ල තබමින් මම කීවෙමි.
පන්සලට යන්නට සැරසී පිටතට ආ සෝන්‍ය වෙ තින් ආවේ අමුතුම සුන්දරත්වයකි. සුදු ඩෙනිම් කලිසමක් හා සුදු අත්දිග ටී කමිසයක් හැද රබ ර් පාවහන් යුවලක් පැලද සිටි ඔහු ගෙන් මම වෙනදා නුදුටු සැහැල්ලුවක් දිටිමි.
පන්සලට ගොස් දානය පූජාකර බුධ පූජාව ද තබා සෝන්‍යගේ අම්මාටත් මගේ අප්පච්චීටත් පින් දුන් පසු මගේ සිතටත් දැනුනේ සැහැල්ලු වකි.
සෝනු…..
බෝ මළුව යටදී මම සෝන්‍යගෙ සුරත අල්ලා ගතිමි.
තාදි ඇයි….
මට ඔයාගෙන් පොරොන්දුවක් ඕනි…
තාදී…..
අනේ පොරොන්දු වෙන්නකො…
මොනවද…
හවස රන්දුණු අංකල් එනවා කීවා…
ඉතිං
එයා මොනා කීවත්… මොනා සිදධ උනත් තරහා ගන් නෑ කියලා මට පොරොන්දු වෙන්න සෝනු
කියන දේ අහන්න තාදී….
ඉස්සර වෙලා පොරොන්දුවෙන්න ඊට පස්සෙ කියන දේ අහන්නං….
මා කීවේ ඔහුගෙ සුරත මගෙ හිසමත තබාගෙ නය.
මොනවද පොරොන්දු වෙන්නෙ..
මොන දේ උනත් තරහ ගන්නෑ කියලා….
ප්‍රොමිස්….ඔහු කීවෙ මගේ හිසමත සුරත තබාගෙනය. සිතට දැනුනේ සැනසීමකි.
ඇයි තාදී මේ හැමදේම…
මට ඔයා ගැන බයයි සෝනු…
මගෙ අම්මිගෙන් පස්සෙ කවුරුවත් ඔහොම මං ගැන වදවෙලා නෑ තාදි…
ඔයා ඒවා හිතන්න එපා සෝනු…
හිතන්නේ නැතුව කොහොමද මෙච්චර දේවල් මං වෙනුවෙන් කරද්දි…
පිස්සො මං ඔයාගෙ වයිෆ් වෙන කවුරු වෙනු වෙන් මං ඒවා කරන්නද….
මම කීයේ හිනැහෙමිනි.
ඔයා මගෙ ලගටම ආව එක මොන තරම් දෙ යක් ද තාදී …
පන්සල් බිමේදීම මා තුරුළු කරගෙන මගේ හිස සිප ගන්නා අතර ඔහු කියවාගෙන ගියේ
උතුරා යන ආදරයකිනි.
හමුවෙමු