දෙවන_කොටස❄️💦
දෙව්සිත්මිගේ හඬින් උතුර දකුණ මාරුවී ගිය නෙහාරාත් වේදේශුත් කලබල විය…….. මේ අපුල දර්ශණය දෑසින්ම දැක දැක දෙව්සිත්මි ඔවුන් අසලට ගොස් බිම වැටී තිබූ නෙහාරාගේ ඇඳුම් පැලඳුම් අහුලාගෙන ඇය දෙසට විසිකලේ කෝපයෙනි………. බියට පත් නෙහාරා ලැජ්ජාවෙන්ම නානකාමරයට රිංගා ගත්තාය……………වේදේශ්ට පලමු වරට දෙව්සිත්මි දෙස බැලීමට අපහසු බවක් දැනුනි………. වෛරයෙන් පිරුණු ඇගේ නෙත් වලින් තමා පිලිස්සී යාවි යැයි ඔහුට සිතේ…… නමුත් ඔහු ඇය වෙත පුරුදු අවඥාසහගත සිනාව පෑවේය……..
” මොකද ගෑණියේ උඹ ඔහොම බලන්නේ……. උඹ දැන් ඔය විදිහට බැළුවා කියලා මං බය වෙන්න ඕනැද……..
වේදේශ් කීවේ කිසිඳු ගරුසරුවක් නැතුවය……………
” වේද්…………… දෙයියනේ අනිත් හැම දෙයක්ම කමක් නෑ…….. ඔයා මට රැව්වත් බැන්නත් ගැහුවත් අපහසකලත් කමක් නෑ………… මං ඒ හැමදේම ඉවසගෙන හිටියානේ………….. ඇයි ඔයා මෙහෙම කලේ……….. අපේ කාමරේට ඇයි තුන්වෙනියෙක් ගෙනාවේ………… ඒ කරපු දේ වැරදී…………
” හහ්…….. උඹ දැන් මට උගන්නනනත එනවද හරි වැරැද්ද……. මේක හොදට අහගනින්………. මං කරන්නෙ මට ඕනැ දේ………… තේරුනාද………..
” ඇයි ඔයා මට ඔහොම කරන්නේ වේද්………..
දෙව්සිත්මි හඬමින්ම ගිහින් වේද්ගේ ඇඟේ එල්ලෙද්දි නෙහාරා bathroom එකෙන් එලියට ආවේ ඇඳුම් ඇඳගෙනමයි………
” පැත්තකට වෙයන්………..
වේද් ඇයව අතින් අල්ලා පැත්තකට කලේ කිලිටි වූ රෙදි කඩක් ඉවත් කරන මෙන් අපුලෙනි………………….. එය දුටු නෙහාරා දෙව්සිත්මි අසලට ආවේ කට කොණකින් සිනාසෙමින්………
” දෙව්සිත්මි….. දෙව්සිත්මි ඔයා දැන් හිතාගෙන ඉන්නේ ඔයා දැක්කා කියලා අපි බයවුනා කියලද……… ඕහ්……. බබා……. අද ඉඳන් හැමදාම ඔයාට මාව මෙහෙ දකින්න පුළුවන්……..
” තමුසේ………. තමුසෙ මහ ලැජ්ජා නැති ගෑණියක්…………… ගෑණියක් වෙලත් තවත් ගෑණියෙක්ගේ මංගල තැල්ලට අභියෝග කරන තමුසෙ වගේ ගෑණුන්ට කියන්නේ මිනිස්සුන්ගේ හොර ගෑණු කියලා…………..තමුසෙලා වගේ ගෑණු තමයි පාරවල් ගානේ දකින දකින මිනිස්සු එක්ක නිදිවදින්නේ…………
වසර හතරකට පසු දෙව්සිත්මිගෙ කටට පණ ඇවිත් තිබුණා……. නමුත් ඒ වචන වලින් කෝපයට පත් වූයේ වේදේශ්…….
” උඹේ කට වැඩී දෙව්සිත්මි……………
වෙදේශ්ගේ තර්ජන………. ඒවා දෙව්සිත්මිට නුහුරු නුපුරුදු දේවල් නෙවේ…………
” මේ අහනවා………… අද ඉඳන් තමුසෙට අයිති තැන මෙතන නෙවේ හරිද…….. වේද් මෙයාව රූම් එකෙන් අයින් කරන්න………
කෝපාග්නියෙන් දැවෙමින් උන් දෙව්සිත්මිගේ අතක් තදින් විත් නැවතුනේ නෙහාරාගේ කම්මුලක……. එය රතුපැහැති වී පුපුරු ගසමින් තිබුණි…….
” උඹ කවුද මාව මේ කාමරෙන් අයින් කරන්න නෙහාරා……. මමයි තවමත් වේද්ගේ වයිෆ්………..
කම්මුල අල්ලාගෙනම වේද් දෙස බැලූ නෙහාරා හඬන්නට වුයේ ඔහුගේ හිතේ දෙව්සිත්මි ගැන තිබූ කෝපය තව තවත් වැඩි කරමින්………
” උඹ කොහොමද නෙහාරාට අත ඉස්සුවේ ගෑණියේ…… අද මං උඹට හොඳ වැඩක් කරනවා………….
වේද් අත ඉස්සුවේ අැයට ගහන්න නමුත් දෙව්සිත්මි දැඩ්ව ඔහුගේ අත අල්ලා ඉවතට දැමුවාය……. වේද් ඇගේ මුහුණේ වන කෝපයේ ගිණි සිළු දැක මදක් සන්සුන් විය…………..
” උඹට ආය මේ ගෙදර ඉන්න බෑ………. එක්කෝ උඹ මේ ගෙදරින් පලයන් නැත්තම් කාමරෙන් පලයන්……….. උඹ මහ මූසලම මූසල ගෑණියක්…….. බැඳලා අවුරුදු හතරක් ගිහිල්ලත් උඹට තවමත් දරුවෙක් හදාගන්න බැරි වුනා……… උඹ වඳ ගෑණියෙක්………..
” වේ………..දේ…………ශ්……………. තමුසෙ දන්නවා ඇත්ත මොකක්ද කියලා……. දරුවෙක් හම්බ වෙන්න තමුසෙ එක දවසක් වත් සිහියෙන් ගෙදර ඇවිත් තියනවද………….. හැම වරදම මගේ පිටට දාන්නේ ළමයෙක් නැති වුනාම ගෑණු අපි විතරද වැරදි…….. දරුවෙක් හදාගන්න තරම් උවමනාවක්වත් වෙලාවක්වත් ඔයාට තිබුනද වේද්……. ඔයා ඒ හැමදේම මඟ හැරලා දැන් මගේ වරදක් කියලා කියන්න එපා………
” අනේ පලයන් යන්න මූසල ගෑණි……… කොච්චර කලත් වැඩක් නෑ තියන මූසලකමට උඹට දරුවෙක් වත් නැ ඒක තමා ඇත්ත……………
” වේ……..දේ………ශ්……….
” දෙව්සිත්මි……… මොකද මේ සද්දෙන් කෑගහන්නේ ආ…………….
කෞමදී දන්තනාරායන……..අඩුවකට හිටියේ ඇය පමණි…………… දෙව්සිත්මි දෙස රවාගෙන දොර අභියස සිටින ඇය දැක නෙහාරා සිනාමුසු මුහුණින්ම එතැනට ගියාය……………මේ සියල්ලටම නපුරු නැන්දම්මාත් හවුල් බව වැටහෙන්නට අැයට වැඩි වේලාවක් ගත වුනේ නැත……
” දෙව්සිත්මි……. උඹ අද ඉඳන් පලයන් පහල කාමරේට………….. මූසලී………. දරුවෙක් වත් හදලා දෙන්න බැරිවුනා උඹට………. කාලකණ්නි කමට…… උඹේ අම්මා වගේම කාලකණ්නි මූසලියක් උඹ……….. උදේ හවහ දකින්නවත් හොද නැති වඳ ගෑණියක්…………
දෙව්සිත්මිට පුදුමත් සිතුනි……… ගැහැණියක් තවත් ගැහැණියෙක්ට වඳ ගෑණියක් කියා අපහස කරයි……….. ගැහැණියක් තවත් ගැහැණියක්ගේ කුලගෙය ගිණි තබයි………. බොහෝ විට ගැහැණියක්මයි ගැහැණියක්ගේ ජීවිතය විනාශ කිරීමට හේතු වන්නේ………. වේද් තමාට වඳ ගෑණියක් යැයි පැවසීම ඉවසා සිටිය හැකිය…….. ඒ ඔහු පිරිමියෙකු නිසාය………….. නමුත් නැන්දම්මා තමාට වඳ ගෑණි යැයි අැමතීම ඉතාමත් පිලිකුල් සහගතය…………. දෙව්සිත්මි හට දැනුනේ තමා අපායක සිටිනා බවයි……..පෙරදවසේත් ඇයට සිතුනේ එලෙසමයි……. නමුත් අද ඇයට එය වඩ වඩාත් දැනෙයි………………
” ගෑණියක් වෙලා තවත් ගැහැණියක්ට නිකරුනේ වඳ ගෑණියක් කියන ඔයත් ගැහැණියෙක්ද අම්මේ…….. හරිම පිලිකුල් ඔයා…………. තනි අතින් අත්පුඩි ගහන්න බෑ………….ඒකට තව අතක් තියෙන්න ඕනි…………. ඔයා හරි නම් ඔයාගේ පුතාටත් කියන්න ඕනි වචනයක් තමයි ඒක…….. මට විතරක් වඳ ගෑණි කියන්න එපා…….අහන්න එයාගෙන් ඇත්ත මොකක්ද කියලා……………
” උඹ මාත් එක්ක කට ගහගෙන එනවද පරට්ටි…….
කෞමදී පැන දෙව්සිත්මිගේ දිගු වරලසින් අල්ලාගත්තාය……….
” උඹ මට කියන්නේ මගේ කටෙන් මගේ පුතාටම වඳයි කියන්න කියලද………. තෝ දන්නෑ මේ කෞමදී දන්තනාරායන කියන්නේ කවුද කියලා………
කෞමදීගේ වේගවත් අතුල් පහර වලින් දෙව්සිත්මිගේ දෙතොල් අග පැලී ලේ ගලන්නට විය……….
” අද තෝව මං හම ගහනවා පර බැල්ලි………. තෝ දන්නෑ මං කවුද කියලා……….. අදම කෝ මේ ගෙදරින් තොලොන්චි වෙලා යන්න ඕනි…….. තොගේ මූසල කම තමයි හෙනේට හිටියේ…………
කෞමදී ආවේශ වූ යකින්නක් මෙන් දෙව්සිත්මිගේ වරලසින් ඇදගෙන පඩිපෙල බසින්නට විය………..අතරමගදී ඇය දෙව්සිත්මි තල්ලු කර දැම්මාය…….. ඇය පෙරලි පෙරලී ගොස් බිමට වැටුනේ පහල වූ බිත්තියේ තදින් හැපෙමින්…….. ඇගේ හිස පැලී ලේ ධාරාවක් ගලාවිත් කම්මුල දිගේ පෙරී ගියේය………… නමුත් කෞමදී ඉන් නැවතුනේ නැත……… වේදේශ් හා නෙහාරාද පහලට දිව ආවෝය……….. නෙහාරා අත තිබුනේ දෙව්සිත්මිගේ බෑගයයි…….
” අම්මා…… ඕක නවත්තන්න ඔය ගෑණි මැරුනොත් ඒකෙත් කේස් එක වෙන්නේ අපිට…….. ඔන්න ඔය කීයක් හරි දීලා යවන්න……………
වේදේශ් කිසිම හිතක් පපුවක් නැත්තෙකු සේ කියා දැම්මේය……………. කෞමදී සාරියේ පොටෙහි කෙලවර ගැට ගසාගෙන සිටි දාහේ නෝට්ටු කීපයක් ඇය දෙසට විසි කලාය………… දෙව්සිත්මි ඔවුන් දෙසට හෙළුවේ වියරු සිනාවකි………… ඇය නෝට්ටු කීපය අරන් ගිහින් නැවතත් කෞමදීගේ අතින් තැබුවාය………
” හිඟමන් මට ඕනෙ නෑ……….. මගේ මාමා මල්ලිව බේරගන්න උදව් කලා…… දැන් දෙයියන්ගේ පිහිටෙන් එයා හොඳින් ඉන්නවා…….. අපේ අම්මාගෙයි තාත්තාගෙයි බර හෑල්ලු වෙන්න කියලා එයා වේද්ට මාව බන්දලා දීලා මගේ වගකීමත් ගත්තා…….. මං ඒකට මාමාට ණය ගැතී………… වෛදහී විතරයි ඒ ඇරෙන්න මට මගේ කියලා කෙනෙක්ට මේ ගෙදර හිටියේ………. ඔයාගේ සල්ලි පරෙස්සම් කරලා තියාගන්න……. මං යනවා……….. හැබැයි දවසක ඔයාලා හැමෝටම තේරෙයි මේ “තුහින්‍යා” කවුද කියලා………..අද ඉඳන් දෙව්සිත්මි කියලා කෙනෙක් නෑ……… මේ ගෙදරින් එලියට යද්දි මං එයා මරලා දානවා………. සල්ලි වල බලයට ඔයාලගේ ඇස් අන්ධ වෙලා……… ආදරය කරුණාව හොද ගතිගුණ නැත්තටම නැති වෙලා….. ගුණ ධර්ම සිරිත් විරිත් අමතක කරලා…….. හැබැයි ඔය සල්ලි දවසක නැති වෙලා යනවා……… ඔය සල්ලි වලට හුස්ම කියන දේ ගන්න බැරි වෙන දවසක් එනවා….. අන්න එදාට අරන් යන්න තියෙන්නේ අපි හම්බ කරපු සල්ලි නෙවේ නැන්දේ…….. අපි කරපු හොඳ නරක……. හොඳ කලොත් හොඳ තැනකට යයි……. නරක කරන මනුස්සයින්ට වෙන දේ හතර පෝයටම සිල්ගන්න නැන්දා දන්නවානේ……….. මං යනවා…… මෙච්චර කාලයක් කන්න බොන්න ඉන්න හිටින්න තැනක් දීලා මාව බලාගත්තට නැන්දට පින්……………
රිදුම් දෙන තුවාල අතින් පිරිමදිම්න් දෙව්සිත්මි නෙහාරා අතින් සිය බෑගය අතට ගත්තාය……….ගෙන යන්නට කියා මහා දෙයක් ඇත්තේ නැත…….. අහුරන්නට කියා ඇඳුම් අයිත්තම් නැත…… ඒ සියල්ල දැන් වසර හතරක් තිස්සේ ඇත්තේ මේ බෑගයේය………..
” උඩ ඉන්නවා කෙනෙක්…….. එයා මේ හැමදේම බලාගෙන ඉන්නේ………. දවසක් එයි එයා දඬුවම් දෙන්න පටන් ගන්න……… අන්න එදාට දුවන්න හැංගෙන්න මේ පොළවත් මදි වෙයි…………..
දෙව්සිත්මිගේ ගිණි පුලිඟු වන් දෙනෙත් දෙස වැඩි වෙලාවක් බලා සිටීමට නොහැකි තැන නෙහාරා බිම බලාගත්තාය………… කන්නගිය ලඟදී මාධවීගේ නෙත් බිමට බරවන්නේ යම් සේද……….. ඇයට බියක් දැනෙන්නේ යම් සේද එයම මේ මොහොතේ නෙහාරාට දැනුනි…………
” වේද් මහත්තයෝ………….. මට දරුවෙක් නෑ කියන එකෙන් තමුන් කරපු ඔක්කොම වැරදි වහගත්තට තමුන්ගේ හෘද සාක්ෂිය දන්නවා කවුද හරි කවුද වැරදි මොකක්ද හරි මොකක්ද වැරදි කියලා………… අපි බලමු මොකද වෙන්නේ කියලා………. ඒත් මං ප්‍රාර්ථනා කරන්නේ ආයෙමත් කවදාවත් මට තමුසෙව මුණ ගැහෙන්න එපා කියලා…………
වේදේශ් ඇය දෙස බලා සිටියේ ගල් ගැසීය……….. කෙදිනකවත් දෙව්සිත්මි මෙලෙස ඔවුන් ඉදිරිපිට කතා කර නැත………… ඇය සියල්ල දරාගත්තා පමණි………….. නමුත් අද ඒ දරාගැනීම් වල අවසානයට පැමිණ තිබුණි…
කිරුළපන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසෙන් නික්මුන තුහින්‍යා පාරට විත් මාමාට ඇමතුමක් ගත්තේය……. ඔහු සිටියේ ඕස්ට්‍රේලියාවට ගොසින්…………
“මාමේ…………. මං හුඟක් ඉවසුවා……. ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසලා තමයි මේ තීරණය ගත්තේ…… මං යනවා මාමේ………. පුළුවන් නම් මට සමාව දෙන්න…….. මාමාට මං හුඟක් ණය ගෑතී………..
” සමාව ඉල්ලන්න ඕනි මමයි දුවේ…… මමයි මගේ පුතාට ඔයාව බන්දලා දීලා වරදක් කලේ………….
” මාමා දැන් ඔය ගැන හිතන්න එපා……… පුළුවන් නම් අපේ ගෙදර ඇවිත් යන්න එන්න…….. මං තියන්නම්…….
” හ්ම්ම්ම්ම්ම්ම්…. එහෙනම් පරෙස්සමින් යන්න දුවේ………..
ඇමතුම විසන්ධි වී ගියේය……… තුහින්‍යා ඉන්පසු ගියේ සිග්මා එක ලඟටය……….. වෛදහීගේ පන්ති අවසන් වනතුරු ඇය එහි ආපනශාලාවේ වාඩිවී සිටියාය…….. දවල් දොලහට පමණ වෛදහී ආවේ සිය මිතුරිය වන දේහාත් සමගින්………
” සුදු අක්කි……..මොකද මේ……..ඇයි.දෙයියෝ මොකද මේ වුනේ…….
වෛදහී දකිත්ම ඇගේ හැඬුම අළුත් විය….. මේ කොලොම්පුරේදී හමුවුන එකම ආදරණිය ලබැඳි සොයුරිය ඇයයි…………. එනිසාමයි ඇය ඉදිරිපිට වේදනාවේ හැඬුම් පිපිරී ගියේ………..
” අනේ අක්කා……. ඇයි රත්තරන් මේ……
දෙව්සිත්මි හඬමින්ම සිදුවූ සියල්ල විස්තර කලේ දේහාගේත් වෛදහිගේත් නෙත් කඳුළින් පුරවමින්……….. වෛදහී ට දැනුනේ පුදුම කේන්තියක්………
” අයියා නම් හා කියමුකෝ………… අම්මා…….??එයා ගෑණියෙක් වෙලත් කොහොමද ඒ තරම් පහත් වචන කීවේ……… අක්කා…….ඔයා දුක් වෙන්න එපා…………. ඔයාට වරදින්නෑ…….ඒත් දැන් මොකද කරන්නේ ඔයා ආපහු අනුරාධපුර යනවද………
” ඔව් නංගි….මං ආපහු යනවා……….
” එතකොට අක්කේ ඔයාගෙයි අයියගෙයි……
ඇය අහන්නේ දික්කසාදය ගැන බව තුහින්‍යාට වැටහුනේ ඇය එය කියන්නට අදිමදි කල නිසයි………..
” එයා මට දික්කසාදය එවයි………… ඊට පස්සෙ මං එයාට යන්නම යන්න දෙනවා…………. මගේ හිතෙත් වේදේශ් ලඟ තියාගන්නට ආසාවක් නෑ නංගි………
” අනේ මන්දා අක්කේ…….. ඔයාගේ හීන කුමාරයා මෙයා නෙවේ වෙන්න ඇති………
තුහින්‍යා කට කොණක සිනාවක් රඳවාගෙන වෛදහී දෙස බැලුවාය………
” නංගා අහලා තියනවද ගිණි පෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එලියටත් බයයි කියලා……. ඒ හින්දා ආයෙමත් මට හීන කුමාරයෝ ඕනෙ නෑ චූටි………. මං යන්නම්……… මාමාට මං කතා කලා……. දෙන්වත් එක්ක එන්න අපේ ගෙදර ඇවිත් දවසක් දෙකක් ඉදලා යන්න……… උඩ මළුවට ගිහින් මහා බෝධිය වැඳලා එන්න පුළුවන්
” අනේහ්…….. අපි එන්නම් අක්කි……. පුළුවන් නම් මාව දැන්මම එක්ක යන්නකෝ………….
වෛදහී කිව්වේ බොරුවට නම් නොවේ…… ඒ පුහු ආටෝප නපුරුකම් පිරි නිවස ඇයටද අපුලය…………….
” චුටි විභාගේ ලියන්නකෝ……… ඊට පස්සේ බැරියැ අපේ ගෙදර ඇවිත් නවතින්න…………. එහෙනම් මං යන්නම්……….. දෙකට තියන බස් එකට නැග්ගම හත විතර වෙද්දි යන්න පුළුවන්……
හඩමින් වෛදහීගෙන්ද සමුගෙන පාරට පැමිණි තුහින්‍යා 138 බස් එකේ නැගී කොළඹ කොටුවට පැමිණ පුද්ගලික බස් නැවතුමේ ඇති පාදෙනිය – ඇල්ල හරහා ගමන් කරන අංක 57 කොළඹ අනුරාධපුර පුද්ගලික බස් රථයට ගොඩවුනේ හදවතම හිස් කර සුසුමක් හෙලමින්………..
පුරා වසර හතරක් ඇය විඳි දුක් වේදනා සිත්තැවුල් අපහස පිරි අමිහිරි යුගදිවියට නිමාවේ තිත තැබූ තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ මේ විවෘත සමාජයට මුහුණ දෙන්නේ අභිමන් බලාගෙන නම් නොවීය…………. ඇය මේ කරපින්නාගෙන සිටින්නේ නින්දා අපහස දුක් කම්කටොළු වලින් පිරුනු දුක්ඛිත දෛවයකි…………. අදින් පසු ඇය කසාදය කඩාගත් ගැහැහැණියක්……….. එවන් අය දෙස සමාජය බලන අමුතුම කෝණය ගැන අමුතුවෙන් කිය යුතු නැත……… ජීවිතය වැරදී ගොස් අවසන්ය…….. විනාශ වී ගොස් අවසන්ය……….. ඉදින් ඉතිරිව ඇත්තේ ජීවිතය පමණි……….. එය කෙසේ හෝ ජය ගැනීමට තුහින්‍යා අධිෂ්ඨාන කර ගත්තාය……….
“ගැහැණියක් කියන්නේ වෙඬරු වගේ දිය වෙලා යන දුර්වල කෙනෙක් නෙවේ……. දුක් කම්කටොලු දරාගෙන කර්කෂ ජීවිතය ඇතුලේ පිපෙන්න ඕනි පතොක් මලක් වගේ……… ඔව්………. මං දිනනවා……….. මාව පාගලා දාපු…….. මගේ අසරණ කමික් අයුතු ප්‍රයෝජන ගත්තු………… මට අපහස කරපු හැමෝටම පේන්න මං දවසක නැගිටිනවා……….. විසිපහ කියන්නේ මහා ලොකු වයසක් නෙවේනේ…….. අපි බලමු වේදේශ්…………. කෞමදී දන්තනාරායන
තුහින්‍යා දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තාය………….. ජීවිිතය ඉදිරියට පැමිනෙන විවිධ අභියෝග දුක් කම්කටොළුවලට බියෙන් ජීවිතයෙන් පලා යන සමහර තරුණ ජීවිත වලට තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ ඉතාමත් හොඳ ආදර්ශයකි……………..
උදෑසන රන්හිරුකිරණවත් පතිත සීතල මහනුවර නගරය අතිශයින් මනස්කාන්තය…………. දළදා මාලිගයේ තේවා හඬ සවනත වැකෙත්ම එය ඊටත් වඩා පින්වන්තය සුභය………….
හීරස්ගල රෝස වත්ත මං සන්ධියෙන් මද දුරක් කඳු පෙදෙසට ගිය විට හමු වන සුදු පැහැති සුවිසල් මැදුරේ විදුලි බුබුළු කීපයක් පමණක් දැල්ව තිබුණි………. වෙලාව පාන්දර පහ ලෙස සනිටුහන්ව තිබුණි……………….
තාමත් නින්දේ පසුවන #භූමිඅහස්ගව්වික්‍රමනායක යන්තම් අවදි වුනේ දුරකතනය නාද වූ හඬින්………. දෑස් විවර නොකර අත දිගු කර දුරකතනය අතට ගත් යාන්තම් ඇසක් පමණක් අැර දුරකතන මුහුණතේ ඇඳුන නම දෙස බැලුවේය………… රජී……ලෙස එහි වැටී තිබෙනු දුටු ඔහු ඇමතුම සම්බන්ධ කරගත්තේය…..
” මොන මගුලක්ද බං මේ පාන්දර වද දෙන්නේ……..
ගත්ත ගමන් #අහස් කෑ ගසන්නට විය……
” උදේ පාන්දර කට වහන් කියන දේ අහපන් හරකෝ…….. ඊයෙ රෑ පොලීසියේ ඉඳන් තෝව ගෙදරට ගෙනත් දැම්මේ රංගන අංකල්……….. අපිට ආය උඹව හමබවෙන්නත් එපා කිව්වා………. මං උඹට මේ ටික හරි කීවේ උදෙන්ම අංකල් උඹට දෙහි කපන්න ගන්න නිසා……..මොකක්ද බං එකපාරටම ඒ වුනේ…….. ඇයි උඹ ඒ සෙට් එකට නෙළුවේ………..
අහස්…….. ඔහු නොම්මර එකේ මැරයෙකි……… බේබද්දෙකි……….. සමහර වෙලාවට සල්ලාලයෙක් ලෙසද හැඳින්වුවත් ඔහු ඒ විශයට එකරම්ම ඇබ්බැහි වී නොසිටියේය………….. රංගන වික්‍රමනායක නම් වූ සුප්‍රසිද්ධ කැබිනට් ඇමතිවරයාගේ පුතු වන ඔහු ලැබූ නිදහසෙන් උපරිම අයුතු ප්‍රයොජන ගත්………. හරියට සැලකිල්ලක් ආදරයක් මගපෙන්වීමක් නැතුව හැදුන හැම අතකින්ම අසාධාරණයට ලක් වුන අයෙකි………………
••••මතු සම්බන්ධයි•••••