ඇයත්_සිත්තරාවියකි 5 … බෝනස් කොටස
“මේ සනූ…
තව නම් අඩියක්වත් තියන්න බෑ …
මට මොනවහරි බොන්නම ඕනා … ” අවුරුද්දට ඇදුම් ගන්න සනුකිත් එක්ක ශොපින් ආපු සනුකිගේ හොදම යාලුවා ඒෂානි කිව්වේ… ඒ තරම්ම මහන්සියකින් හිටිය නිසා…
සනුකි නම් ලොකුම අමාරුවක වැටිලා හිටියේ සවිදුට ඇදුම් තෝරන්න ගිහින්… මොකද ගන්න ගන්න ඇදුම හිතට හරි මදී… අන්තිමට සවිදුටත් ඇදුම් තෝරපු සනුකි
“හරි හරි…
යමු අර පේස්ට්‍රි ශොප් එකටවත්…
මමත් හොද තිබහකින් ඉන්නේ… “
ඒෂානි කල්කිරි බෝතල් දෙකක් අරගෙන… එවලෙම දාපු රෝල්ස් ඕඩර් කලේ නම් සනුකිගේ කීමට…
“අම්මෝ… මෙන්න උබේ රෝල්ස්…
දැක්ක ගමන් ආස හිතුනනේ…
මොකෝ දොළදුකද … ” රෝල්ස් පිගාන සනුකිගේ පැත්තට දික් කරලා එෂානි කියද්දි…. ඒ කියපු දේ නිසා සනුකි සුසුමක් හෙළලා..
“එහෙම නම් මම කොයිතරම් වාසනාවන්තද … ” කියලා කිව්වේ අසරණ හිනාවක් මුවට අරගෙන…
සනුකි ගැන හැමදේම දන්න එෂානිට තමන් ගැනම තරහක් ආවා….
“අනේ .. සමාවෙන්න සනු…
ම..මම එච්චර හිතුවේ නෑ… ” කියද්දි… සනුකි
“ඒක කමක් නෑ… එෂානි..
අපි දැන් කමුකෝ… “
පුරුදු විදිහටම දෙන්නා වල්පල් දොඩෝ දොඩෝ කෑම කාලා… අන්තිමට බිලත් ගෙවලා … යන්න හදද්දිම සනුකි නැවතුනේ කෙනෙක් කතාකරපු නිසා….
“සනු….
ඔයා සනුකි නේද…. ” ඒ කෙනා අහද්දි සනුකිත් හිනා වෙලා…
“ඔව්.. ප්‍රභාෂි…
මම සනුකි තමයි…
මාව මතකයි නේද… ” කියලා අහද්දි එෂානිත් ප්‍රභාෂි එක්ක හිනා උනේ එයාව මතක් උන නිසා…
“ඉතින් ප්‍රභාෂි.. ඔයා මෙහේ….
තනියෙන්ද ආවේ… ” කියලා එෂානි අහද්දි…
“ආහ්.. එන්න එන්න..
අදුරගන්න කට්ටියක්ම ඉන්නවා… ” කියලා ප්‍රභාෂි දෙන්නවම ටේබල් එකක් ලඟට එක්කන් ගියේය.
එතන උන්නු තාරිකා, ලක්ෂානි, නිපුනි දකිද්දි සනුකිට දැනුනේ නැවතත් එයාගේ ඕලෙවල් කාලෙට ගියා වගේ හැඟීමක්…
යන්න ගියපු සනුකියි එෂානියි නැවතිලා ටිකක් කතා කර කර ඉද්දි…. සනුකිගේ අතේ වෙඩින් මුද්ද දැකපු ප්‍රභාෂි…
” ඔහ්… උබ බැදලද බන්… ” කියලා අහද්දි…
“ඔව්… දැන් අවුරුද්දකුත් ලගයි …” කියද්දි… ප්‍රභාෂි එකපාරටම
“ඇත්තටම… උබ දන්නවද සවිදුත් බැදලනේ.. ” කියද්දි.. සනුකි දැක්කා එෂානි නම් ප්‍රභාෂි දිහා නොරිස්සුමෙන් බලනවා…
සනුකි දන්නවා එෂානි එහෙම බැලුවේ… ප්‍රභාෂි ඒ දේ මගේ හිත රිද්දන්න හිතලමයි කිව්වේ නිසා… සනුකි සවිදු නැතුව වෙන කෙනෙක්ව බැදලා හිටියා නම් … ප්‍රභාෂි එහෙම කියද්දි ඇයට වෙනසක් දැනෙන්න ඉඩ තිබුනා…
මොකද අනිත් අය කෙසේ වෙතත් ප්‍රභාෂි දැනගෙන හිටියා සනුකි සවිදුට කොයි තරම් ආදරය කරාද කියලා…. යාලුවෙක් උනත් අද මෙහෙම ප්‍රභාෂි කියපු දේ නිසා සනුකිට ලොකූ කලකිරීමක් හිතුනා… ඇයි කෙනෙක්ට ඒක පාර්ශික ආදරයක් තියෙන්න බැරිද… ඒ වගේ දෙයක් මතක් කර කර අපේ හිත් රිදවන එක හරිද…
සනුකිට තවත් මෙතන ඉන්න බෑ කියලා හිතුනේ.. ඊළගට කට්ටිය කතා කරපු දේවල් නිසා…
“ඇයි උබ එකපාරටම සවිදුව මතක් කලේ … ” තාරිකා ප්රභාෂිගෙන් අහද්දි….
“ඇයි අනේ මම ඒ කාලෙම කීවේ…
සනුකිගේ වන් සයිඩ් ලව් එක ගැන…. ” කියද්දි… සනුකි පුදුමෙන් ප්‍රභාෂි දිහා බැලුවේ…
සනුකි සවිදුට ආදරේ කරන එක කිහිප දෙනෙක් විතරක් දන්න රහසක්… ප්රභාෂිත් ඒ කිහිප දෙනෙක්ගෙන් කෙනෙක්…. තමන් විශ්වාස කරලා කියපු දේ….. ප්‍රභාෂි ඒ කාලෙම මෙයාලට කියන්න ඇති කියලා හිතුනම… තමන් ආශ්‍රය කරපු අය ගැන එයාට දැනුනේ කලකිරීමක්… ඒ නිසාම එෂානිවත් නැගිට්ටගෙන ..
” අපිට පරක්කු වෙනවා අපි යන්නම්… ” කියද්දි… තාරුකා…
“අනේ ටිකක් ඉන්නකෝ…
තාම කතා කරන්න පටන් ගත්තා විතරනේ … ” කියද්දි….
“අ..අනේ… මට යන්න ඕනේ …
ආයි පස්සේ දවසක හම්බෙමුකෝ…. ” කියලා එෂානිට ඉගි කරලා නැගිටිද්දි…
“අනේ …. ” ප්‍රභාෂි කියන එක නැවැත්තුවෙත්… සේරම බය වෙලා වගේ බලන් හිටියෙත්… සනුකි පුදුමෙන් බැලුවෙත්… එෂානි සතුටින් බැලුවෙත්…. එතනට ආපු කෙනා දැකලා…..
නැවත හමුවෙමු