නිකිණි ඇයත් සනුකි වගේම සවිදුට ආදරය කරපු තරුණියක්.. ඒත් එහි වෙනස වුයේ… නිකිණිට සවිදුගේ ආදරය ලැබෙන්න වරම් ලැබෙද්දි සනුකි නිතරගයෙන්ම සවිදුගේ බිරිද බවට පත් වීමයි….

සියලුම චාරිත්‍ර වලින් අනතුරුව සවිදුත් සනුකිත් දෙදෙනා මංගල ආසනයේ අසුන්ගෙන සිටිද්දි… ඔහුට මතක් උනේ… අද වගේ දවසක් තමන් ආදරය කරපු තමන්ගේ ආදරවන්තිය නිකිණි සමග සිහින මැවු අයුරු.. ඒත් ඒ සිහින මැවු දවස සවිදුට උදා උනේ…. තමන් හීනෙකින්වත් සිතුවේ නැති කෙනෙක් සමඟ… ඔහුට අද වගේ මතකයි තමන්ගේ දෛවය කනපිට පෙරලු ඒ දවස…..

“ලොකූ ….. ඔයා දැන් ලංකාවට ඇවිත් පත් වීමත් ගත්තනේ…

දැන් ඔයා කසාඳ බැන්දොත් හොදයි පුතේ …

ඔයිට වඩා වයස යනකම් ඉන්න එපා … ” විදේශ ගත වී වෛද්‍යවරයෙක් වීමට ඉගෙනුම ලැබු සවිදු ලංකාවට පැමිණ පත් වීමත් අරගෙන ටික දවසක් ගිය කල ඔහුගේ මව.. යාලිනී ඔහුට එසේ පැවසුවේ… තමන්ගේ ලොකු දරුවගේ කල දවසත් ගෙවෙන නිසාය.

“අනේ… අම්මා…..

තව ටිකක් මෙහෙම ඉන්න දෙන්නකෝ… ” සවිදු එසේ කිව්වේ… තමන්ගේ මවට තම ආදරවන්තිය නිකිණිව ඉක්මනට මුණගස්සවන්න ඕනේ කියන අරමුණත් ඇතුවමයි…

මේ කිසි දෙයක් නොදන්න යාලිනී…. තමන්ගේ සැමියාට කතා කර…

“මහත්තයෝ… අර ගමන යන්න දා ගත්තේ කවදද … “

“මේ සෙනසුරාදා… මැණිකේ … ” පවසද්දි සවිදු තමන්ට වඩා වසර 6කින් බාල තම සහෝදරයා යසිරු දෙස බැලුවේ… තම මව කතාකරන්නේ කුමක් ගැන දැයි හිතා ගන්නට බැරිවය…

“ලොකූ… එහෙනම්

මේ සෙනසුරාදා නිවාඩුවක් දාන්න …” කියද්දි.. සවිදු පුදුමෙන්ම තම මව දෙස බලද්දි…

“ඇයි… සෙනසුරාදා…

මේ කොහේ යන්නද…. ” අහද්දි…

“අපි ඔයාට තෝරපු ගෑණු ළමයා බලන්න….

ඒ පවුලෙන් අපිට කැමැත්තත් ලැබුනා…

අපිත් කැමතියි කිව්වා පුතේ…

මොකද මම දන්නවානේ මගේ දරුවා මම කියන දේට පිටින් යන්නේ නෑ කියල…. ” යාලිනී ආඩම්බරයෙන් කියද්දි.. සවිදු තම මව දෙස බැලුවේ… කිසිම දෙයක් හිතාගන්න බැරුව…

සවිදුගෙන් අහන්නේ නැතුවම මේ හැමදේම තීරණය කරලා… සවිදුගේ මව ඔහු ඒ තීරණයට පිටින් යන්නේ නෑ කියලා හරිම ආඩම්බරයෙන් කියනවා…. සවිදුට වෙලාවකට තමන්ට ඒ යෝජනා කරපු තරුණිය ගැනත් තරහයි…. ඇයි අනේ තමන් බදින්නේ කව්ද කියලා බලන්නේ කතා කරන්නේ නැතුව කෙනෙක් බදින්න තීරණය කරයිද…. ඒත් සවිදු පුදුම උනේ ඊළඟට තම මව කියපු දේ අසාය…

“ඒ දරුවත් පුතාව හොදට දන්නවා….

මම ඉතින් ගුණ යහපත් දරුවෙක්නේ හදලා තියෙන්නේ…

ඒ නිසා කව්ද අකැමැති මගේ දරුවට … ” තමන්ට ඇහෙන්න මව තම පියාත් සමග කතා කරන දෙබස් සවිදු සන්සුන්ව අහන් හිටියත් ඔහුගේ හිත නම් පුදුම කලබලේකින් තිබ්බේ…

ඒ මක් නිසාද යත්… සවිදුගේ මව කතා කරන්නේ ඒ විවාහය ගැන ගොඩාක් බලාපොරොත්තුවෙන්… ඉතින් එවැනි තත්වයක් උඩ සවිදුට එකපාරටම නිකිණි ගැන කීමට නොහැකියාවක් ඇත… සවිදුගේ මව හදවත් රෝගියෙකි… ඇයට සතුටද දුකද යම් සීමාවකට වඩා දැරිය නොහැක… මෙම නිසා සවිදුට කිසිම දෙයක් කරගන්නට නොහැකි වූ බැවින්.. උත්සහ කීරීමට අවස්ථාවක්ද නොලැබුනේ … ම\ඔගල්‍යට ලගම ඇති දින දා ගත් බැවිනි …

එම නිසාම අපිට ලැබෙන්නේ අපි සිතන පතන , බලාපොරොත්තුවන දේම පමණක් නොවන බව සත්‍යය වී …. මේ අද දිනයේ සවිදු වෙන කෙනෙකුට ස්වාමිපුරුෂයා ලෙස දිවුරුම් දුන්හ.

ඈත තමන් දෙස බලා හිදින තමන්ගේ ආදරවන්තිය දකින සවිදුට ඇති වන්නේ හද පලාගෙන යන වේදනාවකි… ඇය සිනාසෙයි, විටක තවත් කෙනෙක් සමග කතාත් කරයි.. ඒත් ඒ වේදනා විදින ඇගේ හදවත වෙන කාට නැතත් සවිදුට වටහා ගත හැක …. ඇයට තිබුනා සවිදුට බනින්න , ගහන්න, ලැජ්ජා කරන්න… ඒත් ඇය එසේ කලේ නෑ.. ඇය තමන්ගේ පෙම්වතාට ඇති වු තත්වය වටහා ගත්තේය ….

එම තත්වය කොපමණ වටහා ගත්තත්… තමන්ගේ හිත නැගෙන අහිමී වීමේ විරහා වේදනාව, තමන්ගේ සිහින කුඩුපට්ටම් වී යන වේදනාව නිකිණිට දරා ගත නොහැක… ඒ තරම්ම ඇයගේ හඳ වේදනාවෙන් මිරිකී යයි ….

සවිදු කල්පනා ලෝකෙන් මිදුනේ… තමන්ගේ අතත් අල්ලගෙන තමන් දෙස සිනා මුසු මුවින් බලා කතා කරන අද දිනයේ ඔහුගේ වූ බිරිද දැකීමෙනී…..

“සවිදු ….
සවී …… “

“ඈ… අහ් …. ” තමන් ලග පැමිණී ඇති තම මිතුරු කැල දෙස සවිදු බැලුවේ…. කාටවත් නොතේරෙන්න සනුකිගේ දෑත් වලින් තම දෑත මෑත් කරමින්….

ඒත් ඒ සිදුවීම සනුකිට අපූරුවට තේරුනා… තමන්ගේ ස්පර්ශය පවා පිලි නොගනින තමන්ගේ ස්වාමි පුරුෂයා දෙස ඈ බැලුවේ සුසුමක් හෙළා… මිතුරන් සමඟ කතා කරන සවිදු මේ මංගල ආසනයේ පවා ඉද සිටින්නේ ඔහු පමණක්ම මිස සනුකි නම් ප්‍රණියෙක් නැති ගානටය …..

තමන්ගේ මංගල දවසේ තම සැමියාගෙන් ලැබෙන වෙනස් කම් පවා ඉවසමින් සනුකි තම සිතින් සවිදුට කීවේ …

“සවිදු.. අද ඔයා මගේ සැමියා… අද වගේ දවසක් එනකම් මම කොයි තරම් දවස් බලන් හිටියද … මේ දවස උදා වෙන්නේ නෑ කියලා මගේ හිත කිව්වත් ඒ දවස අද ඇවිත්… මම දන්නවා ඔයා මට ආදරය කරන්නේ නෑ කියලා… ඒත් ඒ හැමදේම දැනගෙන මම ඔයාව බදින්න කැමති උනේ… ඔයාගේ හුස්මක් වැටෙන දුරින් පවා ඉන්නට මම කැමති නිසා….. කවදා හරි දවසක ඔයා මාව පිළිගනී… ආන්න ඒ දවස වෙනකම්… මම ඉවසීමෙන් බලන් ඉන්නවා….. “

නැවත හමුවෙමු