“සවිදු …. සවිදු… ” නයිට් ඩියුටි කරලා පාන්දරම ඇවිත් නිදන් ඉන්න සවිදුව සනුකි අවදිකරන්නට සිතුවේ… ඔහු තැබු එලාම් එකට ඔහු අවදි උනේ නැති නිසයි…

දෙදෙනා විවාහ වී අදට මාසයකුත් ගෙවී අවසන්… ඒත් තවමත් සවිදුගෙන් සනුකිට ලැබී ඇත්තේ… මීට මාසෙකට කලින් ලැබුනු නීතිමය බැදීම පමණී…. ඔහු වෙනත් සැමිවරු මෙන්… ඔහුගේ ආදරය නැති උනු වේදනාවෙන් සනුකිව රිද්දන්නේ නැත… ඒත් දැන් ඊටත් වඩා වේදනාවක් සනුකිට දැනෙන්නෙ සවිදු ඇයව ගනන් ගන්නේ නැති නිසාය… ඒත් ඇය ඇගේ විවාහ ජිවිතේ තමන්ගෙන්… සවිදුටත් .. සවිදුගේ පවුලටත් ඉටු විය යුතු යුතුකම් නිසි පරිදිම ඉටු කරන්නේ හදවතින්මයි …..

“ඇත්තටම … දුව …

මම කී සැරයක් කීවද මේ පොල් බෑව ගාලා දෙන්න කියලා ….

ඔහොම ඉදලා නම් …

කවදාහරි බැදපු මිනිහාගෙන් ගුටි කාලා අඩාගෙන මෙහේ නම් එන්න එපා…. ” සනුකිගේ මව අනූෂා කුස්සියේ සිට කෑ ගසද්දි….

“හරි .. හරි… අම්මා….

බැන්දාම මම වැඩ කරන්නම්කෝ…. ” සනුකි මූනත් ඇද කරගෙන කියමින් අතේ තිබ්බ ෆෝන් එක තියලා …. පොල් බෑව අතට ගත්තා …”

“කොරයි… කියලා තමයි බය… “

“අනේ අම්මා….

මම උයන්න දන්නවානේ…. ” සනුකි නෝක්කාඩු කියද්දි….

“ඔව් ඉතින්… මේ ළමයි…

බත් උයලා පරිප්පු හොද්දක් හදන්න දන්නවා කියන්නේ…

උයන්න දන්නවා කියලා හිතන් ඇති ….

උබව ලැබෙන මිනිහට දෙයියන්ගෙම පිහිටයි…. “

” අම්මා… මම බදින්න කලින් හැම දෙයක්ම ඉගන ගන්නම්කෝ….

ඔන්න පොල් ගෑවා … හොදේ ….” සනුකි ඉක්මනට පොල් බෑව ගාලා දීලා කාමරයට ගියේ තව සිටියොත් තමන්ගේ මව මොනවා කියයිද කියලා විශ්වාස නැති තැනඉ ….

එකපාරටම සවිදුගේ කටහඬින් සනුකි ගැස්සිලා තමන්ගේ අත සවිදුගේ පිටින් ගත්තා….

“මොකද ඔය කරන්නේ…..

තේ එක එක අතකින් අල්ලන්…

අනිත් අත මගේ ඇගේ තියලා….ආ ..” සවිඳු ඇස් දෙකත් හීන් කරලා කල්පනා ලෝකෙක හිටපු සනුකිගෙන් අහද්දි…

“ආහ්… නෑ…මේ…

ම්..ඔයාගේ එලාම් එක වැදුනා…

මේ ඔයාගේ තේ එක …” එහෙම කියපු සනුකි තේ එක කන්නාඩි මේසෙන් තියා… කාමරයෙන් එළියට ගියේ තමන්ගේ ඔලුවට ගහගනිමින්….

කාමරයෙන් පිටව යන සනුකි දිහා බලමින් සවිදු කල්පනා කලේ… ඇයව බලන්න ගිය මොහොත…

“ආහ්… ඔයාවද අපේ අම්මා මට යෝජනා කලේ… ” සනුකිව දැකපු ගමන් හදුනගත්ත සවිදු හින වෙලා අසද්දි…

“ඔව්… මමත් කැමත් උනේ ඔයා නිසා සවිදු …” සනුකි කියද්දි…

“ඇයි ඔයා මට කැමති උනේ සනුකි…

ඔයා හොදටම දන්න….වා..නේ…. ” කියද්දිම සනුකිගේ මුහුණ එකපාරටම වෙනස් වෙනවා මොහොතකට සවිදු දුටුවත්… සනුකි ඉක්මනට තම හැගීම් පාලනය කරගත්තා නිසත් … සවිදුට තමන් දුටු දේ ගැන වැඩිය හිතන්න හම්බුනේ නෑ…

“සවිදු ඔයාට මහන්සිත් ඇති නේ…

ඉන්න මම බීම එකක් අරන් එන්නම්…

අම්මලා නම් ඇතුලේ බොනවනේ … ” කියලා ඉක්මනට ගේ ඇතුලට ඇවිදන් ගියේ සවිදුටත් හිතා ගන්න බැරි ඉක්මනට…

ඒ මොහොතෙන් පස්සේ විවාහ දින වෙනකම්ම සනුකි සවිදුව තනියෙන් මුණ ගැසුනේ නැත… ඒ නිසාමයි… සවිදුට බැරි උනේ… සනුකිගෙන් උදව් අරගෙන මේ විවාහය නවත්තන්න…

සවිදුට නොතේරුනත් සනුකි තනියෙන් මුණ ගැසෙන්නට ආවේ නැත්තේ අන්තිම මොහොතේ හෝ තමන්ට සවිදුව අහිමි වෙයි කියලා බයෙන්… ඒ නිසාම ඇය පැත්තකට වෙලා දෙමව්පියන්ටම තමන්ගේ විවාහ කටයුතු කරන්නට දුන්නේ අවසානයේ සිදු වන්නේ සවිදු තමන්ගේ වීම නිසයි.

“අම්මා…. අද දවල්ට සවිදුත් ඉන්නවා…

අපි එළවළු බත් හදමු ද …. ” සනුකි අසද්දි යාලිනී හිනා උනේ… තමන්ගේ පුතාව හොදට බලාගන්න ලේලි කෙනෙක් ලැබුන එක ගැන… ඇත්තටම සනුකිට ඒ ගෙදර ලේලි විදිහට නොව දුව විදිහටයි ආදරය ලැබුනේ …

“හොදයි හොදයි..

දුව හදන්නකෝ…

මොකද ආව දවසේ ඉදන් මට කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ..

පැල් බැදගෙන තනියෙන් වැඩ …. ” යාලිනී නෝක්කාඩු කියද්දි… සනුකිට හිනා ගියේ ඒ දවස් වල තම මව ගෙදර කිසි වැඩක් කරන්නේ නෑ කියලා අහන බැනුම් මතක් වීය..

යාලිනීත් සනුකිත් කතා කර කර වැඩ කරද්දි…. ගෙදර බෙල් එක ඇහෙන සද්දය ඇසුන නිසා… යාලීනී සාලෙට ගියා … සනුකිත් ෆ්‍රිජ් එක ඇරලා බීම හදන්න ගත්තේ… ඒ ඇවිත් ඉන්නේ සවිදුගේ යාලුවන් කියලා දැනගත්ත නිසා….

සනුකි බීමත් හදාගෙන සාලෙට එද්දි… ඇවිත් තියන කෙනා දකිද්දි සනුකි එහෙමම නැවතුනේ තමන්ගේ හිත වරදකාරී හැඟීම් වලින් පෙලද්දී ….

නැවත හමුවෙමු .