ඇයත්_සිත්තරාවියකි … 4
බීම ගෙන ගියපු සනුකි එවලේම නැවතුනේ සවිදුගේ යාලුවන් අතර නිකිණිද ඉන්නවා දැකීමෙනි.
“ආහ් … දුව…
මේයාලව නම් දුව දන්නවා ඇතිනේ…
ඔයාලගේ වෙඩින් එකටත් ආවනේ … ” කට්ටිය ලඟට යන්නේ නැතුව ඉන්න සනුකි දැකපු යාලිනි කතා කරද්දි… සනුකි හොද හුස්මක් අරන් සේරටම බීම ඇල්ලුවා….
“කෝ ඇන්ටි … සවිදු …
අදත් ඩියුටිද … ” සවිදුගේ හොදම යාලුවා සදීප අහද්දි…
“ඉන්නවා.. අයියේ..
අද පාන්දර ආවේ… දැන් බාත් රූම් එකට ගියා …
ඉන්නකෝ මම එයාට එන්න කියන්න ….” සනුකි සදීපට අයියේ කිව්වේ…
සනුකි සවිදුගේ වයසේ හිටියත් සනුකි ජනවාරි නිසා සවිදුට වඩා මාස 8ක් බාලයි…. ඒ නිසා සවිදුට ඇරෙන්න සවිදුගේ යාලුවෝ හැමෝටම සනුකි කතාකරන්නේ අයියා අක්කා කියලා….
යාලිනීත් ඉක්මනට කුස්සියට ගියේ ලිපේ තියන හොද්ද බලන්න….
කාමරයට යන සනුකි දිහා බලමින් නිකිණි වේගෙන් ඇහිපිල්ලම් ගැහුවේ ඇසට උනපු කදුලු දරාගන්න… ඒත් ඒ කඳුලු දැකපු සදීප….
“නිකිණි… දැන්වත් හිත හදාගන්න…
දැන් ඉන්නේ ඔයාට ආදරය කරපු සවිදු නෙමෙයි..
සවිදු දැන් සනුකිගේ සැමියා…. ” සදීප එසේ කිව්වේ සනුකිද යහපත් කෙල්ලෙක් කියලා වැටහුනු නිසයි.
ප්‍රේම සම්බන්ධතාවයකට වඩා විවාහ බැදීමක් ප්රබලය. ඒ නිසාමයි සදීප නිකිණිට හිත හදාගන්න කිව්වේ….දැන් නොහිතූ ලෙස උවත් සවිදු විවාහ බැම්මෙන් බැදී අවසන් ය … ඒ නිසාමයි ඉස්සර සවිදුගෙයි නිකිණිගෙයි සම්බන්ධයට ආශිර්වාද කලත්… අද නිකිණිට ඈත් වෙන්න කියන්නේ… තම මිතුරාගේ විවාහ සම්බන්ධයට කිසිම හානියක්, පළුද්දක් වෙනවට සදීප කැමති නැති නිසා ….
“ඇයි සදීප එහෙම කියන්නේ…
සවිදුව අයිති මටයි…
එකපාරටම කොහෙද ඉදන් කෙල්ලෙක් ඇවිත් බැදගත්තා කියලා…
මට එයාව අත අරින්න බෑ…. ” එකපාරටම නිකිණි තරහින් කියද්දි….
“එකපාරටම උනත් ඒ දෙන්නා දැන් බැදලනේ…
අනික සනුකි නංගිගේ වරදක් මට පේන්නේ නෑ … ” සදීප කියපු දේ අනුමත කරපු පසිඳු කියද්දි…
“ඔව්.. ඉතින් කතාවක් තියනවානේ..
කලින් ආව කනට වඩා පස්සේ ආපු අඟ ලොකුයි කියලා..” කියලා නිකිණි ගස්සලා අහක බලා ගද්දි..
සනුකියි සවිදුයි සාලෙට ආවා… සවිදු නිකිණිව දැක්කත් … නොදැක්කා වගේ… සදීප දිහා බැලුවේ … තමන්ගේ හිර කරපු හැඟීම් උඩට එනවා වගේ දැනුනු නිසයි….
“හෙලෝ…. සදීප….
අද සේරම මෙහේ….
මොකක්ද විශේෂත්වය … ” සවිදු අහද්දි එකපාරටම නිකිණි සදීප දිහා බැලුවේ කට කොනකින් හිනා වෙලයි …
මොකද කට්ටියම අද සවිදුගේ ගෙදර ආවේ… දෙන්නා බැදලා අදට මාසයක් නිසා පාර්ටියක් දාන්න… කට්ටියටම අද නිවාඩු නිසා සවිදුගේ ගෙදර එද්දි නිකිණිත් ආවේ සවිදුයි සනුකිගෙයි සම්බන්දේ තරම දැනගන්න හිතාගෙන…
“ආහ්… ඒ..කද… ” සදීප එහෙම කියද්දි සවිදුට අපහසුතාවක් දැනුනේ අම්මත් එතනට ආපු නිසා…
අම්මට කියන්න පුලුවන්ද සවිදුට තමන්ගේ විවාහ දවස අමතකයි කියලා… අම්මලා කරලා දුන්න විවාහය තමන්ට කිසිම විශේෂයක් නෑ කියලා කියන්නද….
කට්ටියම සවිදු දිහා බලන් ඉද්දි… සවිදුගේ අපහසුතාවය තේරුන සනුකි සවිදුගේ අත අල්ලන් හිනා වෙලා…
“එහෙනම් හොදයිනේ…
අද හවසට අපි දෙන්නා ඇවිදින්න යන්න කියලා හැදුවේ…. ” කියද්දි…. සවිදු දැක්කේ නිකිණිගේ මූහුණ ඇද වෙලා යනවා… ඒත් සවිදු හිතලම සනුකිගේ කරින් අත දාලා…
“එහෙනම් කට්ටියම දවල්ට මෙහෙන් කාලා…
අපි දෙන්නා එක්ක ඇවිදින්න යමු… ” කියලා කිව්වේ සනුකිවත් පුදුම කරලා…
ඒත් සවිදු එහෙම කලේ… තමන් නිසා තමන්ගේ ආදරවන්තියට තවත් බලාපොරොත්තු දෙන්න බැරි නිසා…
කිව්වා වගේම කට්ටියම දවල්ට සවිදුලගේ ගෙදරින් කාලා පාර්ක් ගියා… සනුකි නම් ගොඩාක් සතුටු උනා අද සවිදුගේ යාලුවෝ ආවට .. ඒ අද දවස මෙහෙම සවිදු එක්ක ඉන්න ලැබුනේ එයාගේ යාලුවෝ නිසා කියලා දැනගෙන හිටිය නිසා…. නැත්නම් සවිදුට අද දවසත් වෙනදා වගේම දවසක් විතරනේ…..
නැවත හමුවෙමු.