ඇයත්_සිත්තරාවියකි .
“අලවල දේවගේ සනුකි නිම්සරා මුණසිංහ යන අයව මම මගේ නීත්‍යානුකූල බිරිද ලෙස පිලිගනිමි ..”
සවිදුගේ මුවින් ඒ පිටවන වචනයක් වචනයක් ගානේ මගේ සිත මා හට මතක් කර දුන්නේ මගේ අතීතයයි….
සවිදු බාසුරු … ඒ කියන්නේ මගේ ඒක පාර්ෂික ආදරයේ හිමිකරුයි…වසර 12ක් පුරාවටම මගේ සිත ඔහු නමින් බැඬුනා ….. මම දන්නේ නෑ… මම ඔහුට ආදරය කලේ ඇයි කියලා… මොකද මට පෙනෙන දැනෙන විදිහට ඔහු හැම අතින්ම සර්ව සම්පූර්ණ කෙනෙක්… පෙනුමෙන්ද, උගත්කමින්ද, රස්සාවෙන්ද … ඔය හැම අතින්ම සවිදු ඉහල තැනක දැන් ඉන්නවා….
ඒත් මගේ හිත ඔහුට බැදුනේ ඔහුව දුටු පළමු මොහොතෙමයි… ඒ වෙද්දි මම ඔහුගේ නමවත් දන්නේ නෑ… ඒ දවස මේ දැන් මැවී මැවී පේන්න වගේ මට මතකයි… ඒ හැගීම අදටත් ඒ වගේම මට දැනෙනවා…..
“සනුකී… යමුකෝ…. ඉක්මනට කැන්ටින් එකට…
ඔය කතාව පස්සේ බැරියැ කරන්න….
හැබැයි පුතෝ .. තෝසේ ඉවර වෙලා තිබුනොත් අද ඉවරයි තමා.. ආ… ” උපුලි සනුකි දිහා නොරිස්සුමෙන් බලමින් කීවාය…
“උබ නම් මහා තෝසේ පෙරේතියක් …” උපුලිට නෝක්කාඩු කියමින් සනුකිත් ඉක්මන් කලේ ඇයත් තෝසේ කෑමට රුචියක් දක්වන හෙයිනි.
මේසේ සනුකිත් උපුලිත් කතා කරමින් ඉදිරියට ඇදෙද්දී… එකපාරටම උපුලි සනුකී දිහා බැලුවේ… සනුකි එකපාරටම නිශ්ශබ්ද වූ බැවිනි..
“සනූ…කි…. ඒ සනු…
උබ සවිදුයි චේතියයි දිහා ඇයි ඔහොම බලන්නේ…. ” උපුලි ඇස් දෙකත් හීන් කරන ගමන් එසේ ඇසුවේ … මෙදෙසට එන සවිදුත් චේතියයි දෙස ඇසි පිය නොසෙලා බලා ඉන්න සනුකිගෙනි…
මෙදෙසට එන ඒ රුව දැකලා සනුකිට දැනුනේ… වෙන කවදාවත් නොදැනුනු අමුතුම හැගීමක්… ඔහු කලින් නොදැකපු කෙනෙක් උනත්… ඇයට දැනුනේ හුරු පුරුදු බවකි…
“ඔයා එයාලව දන්නවාද උපුලි… ” ඇය එසේ අසද්දි… උපුලි සනුකි දිහා බැලුවේ අමුතුම විදිහකට…
“ඇයි… උපුලි…
ඔහොම බලන්නේ… ” සනුකි ලැජ්ජා හිතුන නිසා බිම බලාගෙනම හිමින් ඇසුවාය…
“ඇයි.. කියලා අහන හැටි…
උබ වෙන කාගෙන්වත් ඔහොම නම් අහන්න එපා…
සවිදුවයි, චේතියවයි දන්නේ නෑ කියලා…. ” උපුලි එහෙම කියද්දි සනුකි නොරිස්සුමෙන් උපුලි දිහා බලලා…
“ඇයි බන්…
එයාලා කුමාරවරුද මම දැනගෙන ඉන්න …” කියලා අහද්දි…
“කුමාරවරු නම් නෙමේ… ඒත් ඒ වගේ…
ඔය සුදු උස බෝයි තමයි සවිදු බාසුරු කියන්නේ….
ඒ පාර දැන් කියන්න එපා බාසුරුව දන්නේ නෑ කියලා… ” කියද්දි සනුකි පුදුමෙන් බැලුවේ සවිදු දිහා…
තමන් දහම් පාසලට ආපු මුල් දවස් ඉදලා ඇසුව ඒ නම සවිදු.. ඊටත් වඩා හැමෝම එයාට කතා කලේ බාසුරු කියලා… තමන්ගේ හිත ගත්ත කෙනා ඒ ඔහු කියලා දැනගත්තාම සනුකිට කිසි දෙයක් හිතා ගන්නවත් අමාරු උනා….
සනුකිගෙයි සවිදුගෙයි දහම්පාසල තමා මිනුවන්ගොඩ පිහිටි ශ්‍රී විජේවර්ධනාරාමය දහම් පාසල… සවිදු නම් 1 වසරේ ඉදන්ම ඒ දහම් පාසලට ගියාට… සනුකි ඒකට ආවේ 5 වසරෙදි… ඒ එයාගේ මල්ලි නමිදුව 1 වසරට ඇතුල් කරද්දි…ඔවුන්ගේ මව අනුෂා සනුකිවත් 5 වසරට ඇතුල් කලා… සනුකි ස්වාභාවයෙන්ම නිශ්ශබ්ද පැත්තකට වෙලා උන්නු කෙනෙක් නිසා..
ඇයට ඒ දවස් වල නම් වැඩිය යාලුවෝ හිටියේ නෑ… ඊටත් වඩා.. සනුකි පාසල් ගියේ මිනුවන්ගොඩ ප්‍රධාන බාලිකා පාසලකට නිසා… ඇගේ පාසලේ යෙහෙළියන් දහම් පාසලේම උන්නු නිසා ඇයට අලුත් යාලුවෝ උවමනා උනේ නෑ… කොහොම හරි…
ඒ දහම් පාසල ප්‍රධාන දහම් පාසලක් වූ බැවින් විශාල ලමයි සංඛ්‍යාවක් හිටියා… ඒ නිසා එක වසරකට පංති 3 ගානේ තිබුනා… ඒ නිසාම 5 වසරට ඇතුලත් උනු සනුකි 9 වසරට යනකම්ම… දහම් පාසලේ ප්‍රසිද්ද සිසුන් විදිහට හිටපු තමන්ගේ වසරේ සවිදු, චානක, චේතිය යන අයගේ නම් අසා තිබුනත් ඒ අය කව්දැයි කියලා නම් ඇය දැනගෙන හිටියේ නෑ…. ඇයට දැකගන්න අවශ්‍ය උනෙත් නෑ ….
ඒ නිසාම අගෝස්තු වාර නිවාඩුවෙන් පස්සේ දහම් පාසල පටන් ගත්තු පළමු දිනේම ඇයගේ හිත නුපුරුදු හැගීමකින් පුරවපු .. මේ අද තෙක්ම ඒක පාර්ෂිකව ආදරය කරපු සවිදුගේ මේ වදන් ඇගේ සිත අමන්දානන්දයට පත් කළාය…
ඇය නැවතත් කල්පනා ලොවින් පියවී ලොවට ආවේ රෙජිස්ටාර්වරියගේ හඬින්….
මම ඇය කියු පරිදිම… එම වදන් කීවේ මගේ මුලු හදවතින්ම ඔහුව සැමියා ලෙස පිලිගනිමින්….
“දොන් සවිදු බාසුරු අබේවර්ධන යන අයව මම මගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වශයෙන් පිලිගනිමි “
ඇගේ පළමු පෙම … එහෙමත් නැත්නම් ඒක පාර්ශික ප්‍රේමයේ හිමිකරු අද නීතියෙන් ඇයගේ ස්වාමිපුරුෂයා බවට පත් විය ……
දෛවය කියන්නේ හරි පුදුමාකාර දෙයක් කෙනෙක්ට සතුට ලැබෙද්දි, තවත් කෙනෙක්ට දුක් ලැබෙනවා… ඒ වගේම තවත් කෙනෙක් දුකවත් සතුටක් වත් නැතිව උදාසීන හැගීමෙන් ඉන්නවා …. ඉතින් අද සනුකි එයාගේ සැමියා ගැන සිතා සතුටු වෙද්දි… තමන් ආදරය කරපු කෙනා හිමි වුනු එක ගැන සතුටු වෙද්දි… සනුකිගෙත් සවිදුගෙත් පෝරුවේ චාරිත්‍ර … ඒ හැමදේම බලලා තව කෙනෙක් දුක් වෙනවා…. ඒ වෙන කවුරුවත් නෙමෙයි… සවිදුගේ ආදරවන්තිය… නිකිණි අප්සරා…
සවිදුගෙත් නිකිණිගෙත් පාසලේන් පටන් ගත් ආදර සම්බන්දය… අද දවසේ දෛවයේ සරදමට අසුවෙලා… නිකිණි තමන්ගේ ඇස් වලට නැගෙන කදුලු හිර කරගනිමින්.. අන් අයට පේන්න අමාරුවෙන් හිනා වෙලා… බලන් හිටියේ වසර ගානක් ආදරය කරපු තමන්ගේ ආදරවන්තයා වෙන කෙනෙක්ගේ වෙන අයුරු….
ඔන්න අද කතාව දැම්මා