සිතින් විතරක් ..

විසි දෙක… 22

ඩොක්ටර් කිවා වගේම හරියටම දවස් තුනක් යද්දි සෙත් සර්ට සනීප වුනා. හිතට දැනුනෙ පුදුම සැහැල්ලුවක්. මොකද ඒ අසනීපෙන් එයා පුදුම තරම් දුක් වින්ඳා. අම්මෝ උන හැදිලා ඒ තරම් අමාරු වෙනවා කියලා මම මීට කලින් දැනගෙන හිටියෙ නෑ.

මට තිබුන ලොකුම ප්‍රශ්නෙ එයා අසනීප වෙලා ඉද්දි කියපු කතාවල තේරුම මොකක්ද කියලා තේරුනේ නැති එක. එයා සෙත් නෙවී නං එයා කවුද එතකොට සෙත් කියන්නෙ කවුද..?

බෝසෙත් අනුත්තර මංචනායක කියන්නෙ කවුද එතකොට එයාගෙ නමින් පෙනී ඉන්න කෙනා කවුද එයාගෙ අරමුණ මොකක්ද.. සීයා පප්පා එයාව අඳුනන්නෙ නැද්ද.. නැත්තං ඒ දෙන්නම එකතු වෙලා මාව රවට් ටනවද මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ.

ඒත් එයාලා කාගෙන්වත් මට ඒ ගැන අහන්න බෑ. අඩුම තරමින් මම ඒ කිසිම දෙයක් දන්නවා කියලා එයාලට දැනෙන්න අරින්නවත් මට බෑ.

මොනවද වෙන්න යන්නෙ කියලා මට තේරෙන් නෙ නෑ. ඒත් ඒත් වෙන දෙයක් දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ.

අසනීපෙන් උන්න දවස් තුනේ ගෙදර නතර වෙලා හිටියට යන්තං උන අඩුවුන ගමන් සෙත් සර් එයාගෙ පුරුදු දින චර්යාව පටන් ගත්තා. මහන්සි වෙන්න නිදි වරන්න එපා කියලා මොන තරම් කීවත් එයා අහන්නෙ නෑ. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ මෙයා මොනවා කරන්න යනවද කියලා.

එයා අසනීපෙන් හිටපු දවස් වල මටත් ඔෆිස් යන්න වුනේ නෑ. ඉතිං මම අසනීපෙන් උන්නා කියලා තමා මම ඔෆිස් එකේ අයට කීවේ.

සෙත් සර්ටත් පහුගිය දවස්වල උන හැදිලා ආවෙ නෑ.. ඒන්ජල්ගෙන් නෙවී නේද එයාට බෝ වුනේ..

කේෂව් අයියා විහිළු කලත් මම උත්තර දෙන්න ගියෙ නෑ. කොහොමත් එයාලා එක්ක ඕනිවට වඩා විහිළුවට යන්නෙ නෑ කියලා මම හිතා ගෙන හිටියෙ. අර නපුරා කවුරු හරි එක්ක වැඩිය කතා කලත් බනිනවනෙ.

හදිසියෙ මේල් එකක් ගැන කතා කරන්න මට සෙත් සර්ගෙ රූම් එකට යන්න වුනා. එයා ඒ වෙලාවෙ රූම් එකේ හිටියෙ නෑ. වෙන වෙලා වක නං මම ආපහු එනවා ඒත් මේක හදිසි වැඩක් නිසා කොහොම හරි එයාට කතා කරන්නම ඕනි. ඉතිං මම එයාගෙ මොබයිල් එකට කෝල් එකක් ගත්තා.

අයියෝ මෙයා ෆෝන් එක ටේබල් එක උඩ දාලා කොහෙද ගිහින් තියෙන්නෙ. දැන් ඉතිං ආපහු යන්න තමා වෙන්නෙ. ඒත් එක්කම එයාගෙ ෆෝන් එක ආපහු රිංග් වුන නිසා මම නිකමට වගේ ෆෝන් එකට එඹුනා.

දෙයියනේ ඒකෙ වැටුන නම දැකලා මාව කැරකිලා ගියා. ඔව් එයා ඒ නම්බර් එක සේව් කරන් තිබුනෙ “සෙත්” කියලා. එතකොට මේ සෙත් කවුද නැත්තං දෙන්නටම තියෙන්නෙ එකම නමක්ද.. මට තේරෙන්නෙ නෑ. මට මේ කෝල් එකට ආන්ස්වර් කරන්නම හිතෙනවා ඒක නරක වැඩක් උනත්. ඒත් අර නපුරා කොහෙ හරි ඉදන් මෙතෙන්නට ආවොත් මාව පනපිටින් සුප් එකක් හදයි.

කොහොමත් ෆෝන් එකත් අරගෙන ගියෙ නැති එකේ එයා වැඩි දුරක යන්න බෑ. ඒ නිසා මම කෝල් එක කට් වෙනකං ඔහො බලාගෙන හිටියා. ඒත් එක්කම අර නපුරා කොහෙද ඉදන් රූම් එකට ආවා.

ත\මු\සෙ ත\මු\සෙ මොනවද මෙතන කරන්නෙ..
මාව දැක්ක ගමන් එයා කෑ ගහන්න තියා ගත්තා. මෙයා දිගටම උන හැදිලා හිටිය නං හොඳයි අප්පා. එහෙනං මෙහෙම ලොකු ලයින් දාන්නෙ නෑනෙ මට.

මම මේ මේල් එක දෙන්න ආවෙ… මම අමාරුවෙන් කියා ගත්තා. ඇත්තටම එයාගෙ ෆෝන් එකට එඹුන එක ලොකු වරදක් වගේ මට දැනුනෙ.

හ්ම්ම්… ඕක දීලා යනවා මෙතනින් තැන තැන රස්තියාදු වෙන්නෙ නැතුව කෙලින් බ්‍රාන්ච් එකට යනවා තේරුනාද…?

එයා ඇහුවෙ කලබල හඬකින්. ඇත්තටම එයා උන්නො හුඟක් කල බලෙන් කියලා මට දැනුනා. තේරෙන්නෙ නෑ මොනවද වෙන්න යන්නෙ කියලා. ඒ නිසාමද මම එතනින් පිට වෙන්නෙ නැතුව එයා දිහාම බලාගෙන හිටියා.

සැරයක් කීවම තේරෙන්නෙ නැද්ද යනවා මෙතනින් ඉක්මනට.. මොනාද මගෙ මූණ දිහා බලාගෙන කරන්නෙ ඒ ගමන..

ඊලඟට එයා කෑ ගැහුවෙ මට රවාගෙන. ඒත් එක්කම වගේ ආයිම එයාගෙ ෆෝන් එක රිංග් වුනා. එයා මගෙ දිහා රවලා බලාගෙනම ෆෝන් එක අතට ගත්තා.

ඒත් එක්කම එයා හොඳටම ගැස්සුනා මට දැනුනා. ආයිම කතා කරන්න ඇත්තෙ අර සෙත් කියන කෙනා වෙන්න ඇති කියලා මට හිතුනෙ එයා මම දිහා රවලා බලපු විඳිහෙන්. මට තවත් එතන ඉන්න පුළුවන් කමක් තිබුනෙ නැති නිසා මම රූම් එකෙන් එලියට ආවා.

ඒත් මගෙ හිත යකාගෙ කම්මල වගේ දැන්නං මට විශ්වාසයි. මේ මෙතන ඉන්න කෙනා සෙත් නෙවී. ඒත් සෙත් එයාව දන්නවා. එතකොට මේ දෙන්නා එකතු වෙලා මොකක් ද මේ කරන්න යන්නෙ ඒකට ඒකට මාව සම්බන්ධ වෙන්න කොහොම.. ඔව් දැන්නම් මට මේ දෙන්නටම වඩා ලොකුම ප්‍රහේලිකාව වෙලා තියෙන්නෙ මාවමයි. මම මම ඇත්තටම මම කවුද..?

ආපහු බ්‍රාන්ච් එකට ආවත් මට කිසිම වැඩක් කරන්න තරම් හිතට නිදහසක් නෑ. හිත හරියට බරයි. මොනා හරි ලොකු දෙයක් වෙන්න යනවා කියලා මට දැනෙනවා.

ඒත් ඒක හොඳ දෙයක් නෙවී. සෙත් සර් එයා කවුද කියලා මම තවම දන්නෙ නැති නිසා මට එයාට තාමත් කතා කරන්න වෙන්න එහෙම.

එයා ඉන්නෙ ලොකු කලබලේකින්. හිතේ කර දරරේකින් මොකක් හරි බරපතල අනතු රක් පස්සෙන් එලවගෙන එනවා වගේ බයක් නොසන්සුන් කමක් ඒ ඇස්වල පිරිලා.

අසනීපෙ සනීප වෙන්නත් කලින් කලින් එයා ආපහු මේ වැඩ කරන්න අරන් තියෙන්නෙ එහෙම විවේක ගන්න බැරි තරම් මොකක් හරි බරපතල දෙයක් සිද්ධ වෙනවා කියලා එයාට දැනිලා තියන නිසා.

කවුරු උනත් කමක් නෑ අනේ එයාට නං කිසිම කරදරයක් වෙන්න එපා. මට වෙන සෙත්ලා ඕනි නෑ. මට ඕනි එයාව. කවද හරි ඔය සෙත් කියන කෙනා මගෙ ඉස්සරහට ඒවිනෙ එයාට බෑනි හැමදාම හැංගිලා ඉන්න.

එතකොට මම මේ හැමදේම හොයා ගන්නම්. එයාට මොකක්ද තියන ඕනිකම මාව වෙන කෙනෙක්ට බලාගන්න කියලා ඔහොම හැංගිලා ඉන්න තරම්. මම එයාගෙ නම්. මේවා හිතද්දි ඔළුව විකාර වෙනවා අප්පා.

ඒත් එක්කම වගේ මගෙ ෆෝන් එක රිංග් වුනා කතා කරලා තිබුනෙ සෙත් සර්.

ගෙදර යන්න ලෑස්ති වෙනවා…..
එයා එකපාරම කීවම මාව ගැස්සුනා. මේ වෙ ලාවෙ ගෙදර යන්න කිය න්නෙ ඇයි..?

දැන්ද සර්.. මම ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව..

හෙට යන්න ඕනි නං දැන් ලෑස්ති වෙන්න කියනවද..පණ්ඩිත කතා කිය න්නෙ නැතුව ඔතනින් එලියට එනවා ඉක්මනට….

මම මාලි මිස්ට මොනවද කියන්නෙ සර්…? මේ වෙලාවෙ හිටපු ගමන් මම කොහොම මෙතනින් පිට වෙන්නෙ.

ත\මු/සෙ/ට මම දැන් මොකක්ද කීවේ.. මාලි මිස්ට කියන්නද ඔතිනින් එලියට එන්නද.. කියපු දේ කරන්වා.. මඟුලක් අහන්න තියා ගන්නෙ නැතු ව

මාලි මිස්ගෙ ප්‍රශ්නෙ මම බලා ගන්නං.. මම ඇවිත් කනෙන් ඇදගෙන යන්න කලින් කොල් එක කට් කරලා එලියට එනවා…

එයා එහෙම කියලා කෝල් එක කට් කලා. මම හිටපු තැනින් එලියට ආවෙ කොහොමද කිය ලවත් මට මතක නෑ. එච්චරට අවුලෙන් හිටි යෙ මම. මෙයා මොනවා කියනවද කරනවද කියලා මට හිතා ගන්න බෑ.

මම කොරිඩෝව දිගේ ඉස්සරහට ඇවිඳගෙන එද්දි කවුද කෙනෙක් එකපාරම මගෙ අතින් අල්ල ගත්තා. මම ගැස්සිලා ආපහු හැරිලා බලද්දි හිටියෙ සෙත් සර්. ඒ මූණ තරහින් රතුපාට වෙලා තිබුනෙ.

එයාගෙ අතට තද වෙලා මගේ අත කැඩිලා යයි කියලමයි මට හිතුනෙ. රිදෙනවා ඉන්න බෑ. ඒත් මට කතා කරන්න බයයි. මොකද එයා ඒ තරම්ම තරහින් හිටියෙ. ඒත් අතේ වේදනාව දරාගන්නම බැරුව මට කෙඳිරි ගෑවුනා.

ඒ ගමන මොකද..? මගෙ දිහා රවලා බලාගෙනම ඇහුවා.

අත රිදෙනවා ඉන්න බෑනෙ.. මම කෙඳිරි ගෑවා.

දෙයක් කීවම කියන දේ කියන වෙලාවට කරන්න පුරුදු වෙනවා පණ්ඩිත කම පැත්තක තියලා…

එහෙම කියලා එයා මගෙ අත ටිකක් බුරුල් කරලා මාවත් ඇදගෙනම වෙහිකල් එක ලඟට ආවා.

ගොඩවෙනවා ඉක්මනටමේ ලෝකෙ නෙවී ද ඉන්නෙ ත\මු\සෙ නං කවදාවත් හදන්න බෑ… එයා ආයිම කෑ ගහන්න තියා ගත්ත නිසා මම ඉක්මනට වාහනේට ගොඩවුනා.

අහන්න නං ප්‍රශ්න කෝටියක් තියනවා. එත් කාගෙන අහන්න ද මෙයා මේ ඉන්න විඳිහට මම මොනා හරි කත කලොත් මගෙන් සුප් එකක් හදාවි. එයා නිහඬවම වාහනේ පදවන වා. මම ඔහේ පාර දිහා බලාගෙන හිටියා ඇත්තටම ඔළුව හොඳටම අවුල් වෙලා.

දෙතුන් පාරක් එයාගෙ ෆෝන් එක රිංග්වුනා ඒත් එයා කතා කලේ නෑ. ඔව් ඒ මම හිටපු නිසා එයා ඒ කෝල් එක මඟාරිනවා කියලා මට තේරුනා. එයා මේ තරම් මගෙන් හංගන්න හදන්නෙ මොනවද..

කෝල් එක මගාරින් දෙතුන් පාරක් උත්සහ කලත් ඇමතුම ගත්ත කෙනා උන්නෙ ලොකු හදිසියක. අර සෙත් කියන කෙනාද දන්නෙ නෑ ආයිම. බැරිම තැන එයා අමුතු විඳිහකට මගෙ දිහා බලාගෙන කෝල් එකට ආන්ස්වර් කලා.

හරි සර්.. තව විනාඩි පහෙන්.. මම ඔතන… එහෙම කියලා එයා කෝල් එක කට් කලා. ඊට පස්සෙ එයා වාහනේ ඩ්‍රයිව් කලේ ඒක තිබුන ස්පීඩ් එකටත් වඩා වැඩි ස්පීඩ් එකකින්ද මම දන්නෙ නෑ. මට දැනුනෙ මාව සීතල වෙලා යනවා වගේ හැඟීමක්.

බහිනවා ඉක්මනට… ගිහින් රූම් එකට වෙලා ඉන්නවා.. මම එන්න කලින් පහලට බැහැලා තිබුනොත් කඩනවා කකුල් දෙක..

ගෙදර පෝටිකෝ එක යට වාහනේ නවත්තලා මාව වාහනෙන් බස්සලා එයා අපහු වාහනේ හරවගෙන ගියෙ ආවටත් වඩා වැඩි වේගෙකි න්. කිසිම දෙයක් හිතා ගන්න බැරිව අන්න මන්ද උන මම ගෙට ගොඩ වෙද්දිම සාලෙ උන්න කෙනා දැක්කම අත්දෙකෙන්ම කට වහ ගත්තෙ නැත්තං මට යටිගිරියෙන් කෑ ගැස්සෙ න්න තිබුනා.

සීයා පප්පා ලඟ බිම දණ ගහගෙන එයාගෙ දණහිසේ ඔළුව තියාගෙන ඒ හිටියෙ තරුණ පිරිමි කෙනෙක්. ඒ කියන්නෙ ඒකියන්නෙ ඒකියන්නෙ සෙත් එයාද…? මාව වෙව්ලනවා මට කියන්නෙවත් නැතුව.

හමුවෙමු.

ටිකයි කියන්න එපා. බිසී කියන එකේ උපරිමේ ඉන්නෙ මම. එච්චරට වැඩ ගෙදරින් ගුටි කන්නෙ නැතුව මේ ටික ලියාගන්න ලැබුන එකත් ලොකු දෙයක්.
කියවන හැමෝටම ස්තූතියි හුඟක්ම. ඇත්ත ටම මේ තරම් අමාරුවෙන් ලියන්නෙ ඔයාලගෙ මේ ආදරේ නිසාමයි