Ex වයිෆ්

48 වන කොටස

“පුංචි මොනවද අහනවා…කෝ ඉතිං පුංචි එක්ක කතා කරන්න …”

හිරූෂා දෝණිට එහෙම කිව්වා..

දවස් තුනක් කතා නොකර හිටපු චූටි දෝණි මේ දැන් කතා කරයි කියලා හිරූෂා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා…

ඒත් එක්කම චූටි දූගේ ඇස් එක පාරට ගියේ පුංචි අම්මා එක්ක හිටපු බාප්පා දිහාවට …

මෙච්චර වෙලා හිනා වෙවී පුංචි දිහා බලන් හිටපු චූටි දෝණි බාප්පා දැක්කා විතරයි යටිගිරියෙන් අඩන්න ගත්තා …

චූටි දෝණි ඒ අඬපු විදිහට හිරූෂාට නලව ගන්නත් බැරි වුණා …

පුංචි වඩාගෙන ටිකක් නැලෙව්වා නම් චූටි දෝණි නිකම්ම මෙල්ල වෙනවා …ඒ වුණත් ඒ අවස්ථාවේ හැටියට හිරූෂාගේ නංගිට චූටි දූ නලවාගන්න විදිහක් තිබ්බෙ නෑ …

හිරූෂා අඬන චූටි දුවව උත්සව ශාලාවෙන් එළියට රැගෙන ගියා …

පුංචි අම්මා එක්ක වාඩිවෙලා හිටපු බාප්පාව මතක් කර කර චූටි දෝණි අඬන්න ගත්තා ..

එලියට ගිහිල්ලත් මොහොතක් ගත වෙනකන් චූටි දෝණි හුස්ම අල්ලන්නේ නැතුව ඇඬුවා …

“මගේ චූටි මැණික…ඇයි මේ බොරුවට අඬන්නේ..පුංචි අම්මා ඔයා ලගට ඉක්මනට එයි …බබා ඇයි බාප්පා දිහා බලබල ඇඬුවේ ..බාප්පා හරිම හොඳ කෙනෙක් ..පුංචි අම්මා වගේම දෝණිට බාප්පත් ආදරෙයි…”

හිරූෂා එහෙම කිව්ව විතරයි චූටි දෝණිට හොඳටම තරහ ගියා..

චූටි දෝණිගේ නැවතිලා තිබ්බ ඇඩිල්ල එක පාරටම වැඩිවුනා …

බාප්පා පුංචි අම්මාව උදුර ගත්තා කියලා චූටි දූ බාප්පත් එක්ක ඉන්න හොඳටම තරහා වෙලා කියලා හිරූෂාට තේරුණා ..

හොටෙල් එකේ ග්‍රවුන්ඩ් එක වටේ ගෙනිහිල්ලා මල් ගස් කොළන් පෙන්ව පෙන්වා හිරූෂා චූටි දෝණිව අමාරුවෙන් නලවා ගත්තා..

ගිහාන් ටවුන් එකේ තියෙන කම්පියුටර් ෂොප් එකට යන්න ලෑස්ති උනේ අභීත පුතාට හොඳ කම්පියුටර් එකක් අරන් දෙන්න කියලා ..

කවදාවත් නැතුව ඉරිදා නිවාඩු දවසේ කොහෙදෝ යන්න ලක ලෑස්ති වෙන ගිහාන් දිහා චේතනා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා …

“මාත්තියා මේ කොහේ යන්නද ?..අද නිවාඩුනේ…”

චේතනා එහෙම ඇහුවේ ගේ අතු ගාන එකත් පැත්තකට දාලා ගිහාන් ලගට ඇවිත් …

“කම්පියුටර් එකක් බලන්න යනවා…ටවුන් එකට..”

“මේ හදිස්සියේ..මාත්තියාට අර ලැප්ටොප් එකක් තියෙන්නේ..”

“අභීත පුතා එක්සෑම් එක හොඳට පාස් වුනාණේ..ඒක නිසා මම එයාට කම්පියුටර් එකක් අරන් දෙන්න කියලා හිතුවා..”

“ඒ මොකටද මාත්තයා..මාත්තයාගේ පඩියෙන් බාගයක්ම යන්නේ වන්දි වලට …අපි ජීවත් වෙන්නෙ කෝමද මහත්තයා…?”

චේතනා එහෙම කිව්වම ගිහාන් තරහෙන් රවලා චේතනා දිහා බැලුවා …

“මේ චේතනා …ඒ මගේ දරුවා ..ඒගොල්ලොන්ට සලකන විදිය ගැන ඔයාට ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නෑ…මට ඕන දේ මම කරන්නේ …”

ගිහාන් එහෙම කිව්වම චේතනාගේ ඇසට කඳුළක් ඉනුවා..

ගිහාන් නම් බිරිඳට ගරු කරන්න තියා කතා කරන්නවත් දන්න මනුස්සයෙක් නෙමේ…මම මොකට මේ වගේ මනුස්සයෙක්ට වහ වැටුණ ද මන්දා චේතනාට එහෙම හිතුනා …

චේතනා සද්ද නොකරම ආයෙමත් කොස්ස අතට අරගෙන අතුගාන්න ගත්තා …

“චේතනා ගෙදර උයන්න බඩු මුකුත් නෑ කිව්වා නේද ?.අපි මේ ගමන්ම ටවුන් එකෙන් බඩු අරගෙන එමු …ඉක්මනට ලෑස්ති වෙන්න…”

ගෙදර අඩුපාඩු නම් බොහොමයි…
හාල් එළවළු තුනපහ මස්,මාලු මේ සේරම ඉවරයි …

මාසේ පඩියෙන් බාගයක් ම වන්දි වලට ගෙවන නිසා ඉතුරු වෙන මුදලින් ගෙදරට ඕන කරන බඩු ටික අරගෙන බිල් ගෙවන්නත් මදි …

ඒ නිසාම කෑමට ලොකු වියදමක් කරන්න ගිහාන් කැමති වුණේ නෑ…චේතනා හම්බකරන හැම සතයම චේතනාගේ අම්මාගේ ගෙදර වියදමට යවන නිසා චේතනා නිහඬවම ගිහාන් කියන විදිහට ජීවත් වුනා…

අමාරුවෙන් වේල පිරිමහගන්න අතරේ ගිහාන් පුතා වෙනුවෙන් මේ වගේ ලොකු වියදමක් දරන්න යන එක ගැන චේතනාගේ හිතේ පොඩි අකමැත්තක් ඇති වුණා …

“මම ලෑස්ති වෙන්නම්. එතකං මාත්තියා උදේ කෑම කාලා ඉන්න…”

චේතනා ඒ වුණත් නිහඬව ගිහින් ගිහාන්ගේ උදේ කෑම එක බෙදලා ගෙනත් දුන්නා..

චේතනා ඇඟපත හෝදගෙන ලක ලෑස්ති වෙලා එනකොට ගිහාන් කෑම කාලත් ඉවරයි…

“යෙපි යමු මාත්තියා…”

චේතනා එහෙම කිව්වේ අත්බෑගය කරේ දාගන්න ගමන්…

“අර සල්ලි ටික ගන්න..”

“මොන සල්ලි ද මාත්තියා..?”

“මොකුත් දන්නෑ වගේ අහන්නේ…අර මම ගිය සතියෙ අරන් තියන්න දුන්න සල්ලි ..”

ගිහාන් එහෙම කිව්ව විතරයි චේතනාගේ මූණ එක පාරටම වෙනස් වුණා.

“ඒක දැම්ම ඕන නෑනේ මාත්තියා..”

“මොකටද ඕනේ නැත්තෙ..මේ යන ගමන් බිල් ටික ගෙවන්න ඕනේ..”

ගිහාන් එහෙම කිව්වම චේතනාට තරු විසි වුණා වගේ වුණා ..චේතනා හිටියේ හිටපු තැනම ගල් ගැහිලා වගේ ….

“මොකද චේතනා …ඉක්මනට ගිහින් ඒ සල්ලි ටික අරන් එන්න..පරක්කු වෙනවා …”

“මාත්තියා ….”

“මෙතන තෙපරබාන්නේ නැතුව අර සල්ලි ටික අරන් එනවා…”

“මාත්තියා….”

“ඇයි මොකද ?..”

“මාත්තයා ඒ සල්ලි මම ගාව නෑනේ …”

චේතනා එහෙම කියපු ගමන් ගිහාන් එකපාරටම තිගැස්සුනා..තමන් වැඩි පරිස්සමට තියපු සල්ලි වලට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව ගිහාන් කලබල වෙලා …

“ඇයි ඒ සල්ලි වලට මොනවද උනේ බහිරවයා ගිල්ලද ?…”

“දනූෂ් සතියකින් දෙන්නං කියල ඒ සල්ලි ඉල්ල ගත්තා..”

චේතනා එහෙම කිව්ව විතරයි ගිහාන් තරහෙන් ගැහෙන්න ගත්තා..

තමන් දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි චේතනා පුතාට දොළ පිදේනි වලට දෙනවා …
මේ/කානම් මගේ සල්ලි කන්න ආපු බහිරවයා ම තමයි…
ගිහාන්ට එහෙම හිතුණා…..

“අතේ සතේ නැතුව ඉන්න එකාට සතියකින් හතරමහ නිධානේ පහළ වෙනවද ?..උ/ඹ නම් මාව කන්නම ආපු එ/කි/ය/ක්..මම දුක් මහන්සියෙන් හම්බකරන දේවල් අ/රූ/ට බොන්න දීලා මාව නැති කරලා දානවා …හරි මට ඉතුරු සල්ලි දෙනවා ..”

“ඉතුරු කීයක්වත් නෑ මාත්තයා …”

චේතනා එහෙම කියපු ගමන් ගිහාන්ගේ ඇස් දෙක උඩ ගියා…

“රුපියල් දාහක් දෙදහක් නම් තව කමක් නෑ …උ/ඹ/ට පිස්සුද රුපියල් තිස් දාහක්ම ඌට දුන්නේ …?.”

ගිහාන් මහ හයියෙන් මොර දෙන්න ගත්තා…

“දනූෂ් පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වා …ඒකට සල්ලි වගයක් ඕන වෙනවා කිව්වම මම නොදී ඉන්නේ කොහොමද මාත්තියා….ඒකා මගේ කො/ල්/ල/නේ ..”

“අනේ ඕ/කා කරන බිස්නස් කා/ල/ක/ණ්/ණි/යා..බිස්නස් කෙසේ වෙතත් ඌ බීලාම ඔය සල්ලි ටික ඉවර කරයි…මට උ/ගේ බිස්නස් වැඩක් නෑ…කරුණාකරලා මගේ සල්ලි මට දැන්ම ඉල්ලලා දෙනවා ..තමුසේ දන්නවා මම ඒ සල්ලි තියන් හිටියේ මාසේ බිල් ටික ගෙවන්න කියලා..”

ගිහාන් එහෙම කිව්වම චේතනා ට තරහා ගියා..

“මාත්තියාට වටින්නේ මහත්තයාගේ ලමයි විතරයි …මගේ එ/කා/ට හැමදාම කරන්නේ වෙනස්කම්….ඇයි ඒකාගේ අප්පා මාත්තියා නෙමේනේ…මාත්තියාට මාත්තියාගේ පුතා ලොකුයි වගේ …..මට මගේ කො/ල්/ලා ලොකුයි…”

කවදාවත් නැතුව තමා එක්ක කට ගහගෙන එන චේතනා දිහා ගිහාන් බලාගෙන හිටියේ ය/ක්/ෂා/රූ/ඪ වෙලා .

“මොනවද උ/බ කිව්වේ…උදව් කරාට කමක් නෑ චාරයක් ඇති එ/කෙ/ක්ට . මගේ පුතාගේ පැත්තකින් වත් ඌ/ව තියන්න පුළුවන්ද ?..
ඉගෙන ගන්න උදව් කරනවා නම් කමක් නෑ ..ත/මු/සෙ මට කියන්නේ ඌ/ට බොන්න උදව් කරන්න කියලද …?..”

“කොල්ලා පොඩි එළවළු බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වා…ඒ වගේ දේකට ඉල්ලද්දි උදව් දෙන්න ඕනේ නේ…”

“ත/මු/සෙ තමයි ඌ/ව කන්නේ ….ත/මු/සෙලා අම්මලාද?අර බලනවකො හිරූෂා..ළමයි දෙන්න ලස්සනට හදාගෙන ඉන්න හැටි…….අන්න ගෑ/ණු …..”

ගිහාන් එහෙම කිව්වම චේතනා තරහෙන් දැවෙන්න ගත්තා …

කොයි තිස්සෙත් ඒ ගැ/නි/ගෙ වර්ණනාව…
ඔච්චර හොඳ ගෑ/නි/යෙ/ක් හිටියා නම් මොකටද මගේ පස්සෙන් ආවේ?….

චේතනා එහෙම හිතමින් ගිහාන්ට පුප්පන්න ගත්තා …

“සේරම වැරදි කරලා ..මට රවන්නත් එනවාද?…දැන් මම මොනවයින්ද බිල් ගෙවන්නේ කියලා කි/ය/ප/න්..චේතනා..”

“ඇයි මාත්තයා ළඟ කොම්පියුටර් ගන්න සල්ලි තියෙන්නේ…ඒවායින් ගෙවන්න පුලුවන්නේ…”

චේතනා එහෙම කිව්වම ගිහාන් තරහ වැඩිකමට දත්මිටි කන්න ගත්තා …

“උ/බ එනවද මට උගන්නන්න මම ඒක ගන්න හැදුවේ කාඩ් එකෙන්..මාසෙන් මාසෙට කැපෙන විදිහට ..උ/ඹ නම් මගේ කලින් ආත්මෙක හැ/ති/රි/ය/ක්…

චේතනා ගිහාන් දිහා බැලුවේ ඇස් දෙකේ කඳුලු කැට පුරෝගෙන ..

කසාද බදින්න කලින් හොරාට යාලුවෙලා ඉන්න කාලේ ගිහාන් තමන්ට කතා කළේ කොච්චර ආදරයෙන්ද?…

ඒ දවස් වල කතා කළේ චේති කියලා …

කලින් විවාහ වෙලා හිටපු බිරිදට බැන බැන ගිහාන් තමුන්ට චාටුවෙන් ළං වෙච්ච විදිහ චේතනාට මතක් උනා …

අපරාදේ මමත් ගිහාන් වගේ කෙනෙක්ට අහුවුනා.
මේ ගිහාන් හරිම නපුරු මි/නි/හෙ/-ක්…
සිංහ හම පොරෝගෙන ඉන්න බැටළුවෙක්….

මටත් හොද වැඩේ …
දෙන්නෙක් අතරට තුන්වෙන්නෙක් වෙන්න ගිහින් ඒ කරපු පවට මමත් විඳවනවා….

චේතනා සිතින් දහස්වාරයක් විඳවනවා …

“මම් යනවා ටවුන් එකට ….ත/මු/සෙ/ට ඕනේ නම් එනවා..”

ගිහාන් කාර් එකේ යතුර අරගෙන එලියට බැස්සා….

ගිහාන් එක්ක යන්න හිත නොදුන්නත් උයන්න මොකුත් ගෙදර තිබ්බේ නැති නිසා
චේතනා ඉක්මනට මුහුණ හෝදගෙන පිහිදාගෙන ගෙයි දොරත් වහලා නිහඩව ගිහාන්ගෙ කාර් එකට නැග්ගා …

ගෙදර ඉඳලා ටවුන් එකට යනකම් වාහනේ කිසිම සද්දයක් බද්දයක් තිබ්බේ නෑ….

මහ වැස්සක් වැහැලා පෑවුවාම මොහොතකට මුළු පරිසරයම නිහඬ වෙනවා වගේ ගිහානුයි චේතනායි දෙන්නම් නිහඬ වෙලා …

ගිහාන් කාර් එක ටවුන් එකේ කාර් පාර්ක් එකක නවත්තලා කාර් එකෙන් එලියට බැස්සා..

චේතනාත් නිහඬව කාර් එකෙන් බැහැලා ගිහාන් එක්කම ඇවිදින්න ගත්තා…

චේතනා යන ගමන් කල්පනා කරකර ගියේ ඒ දවස්වල ගිහාන්ගේ හිතේ තිබ්බ ආදරය ගැන …

කෝ ඒ … ආදරේ….ගිහාන්ගෙ හිතේ තිබ්බ ආදරේ…

ඒ ආදරේ බොරුවක්…රැවටීමක්…

ගිහාන් තමන්ගේ ආශාවන් සංසිඳවා ගන්න පාවිච්චි කරපු ඇමක්….

චේතනා එහෙම හිත හිත සුසුම් හෙලමින් ගිහාන් එක්ක ඇවිදගෙන ගියා…

කල්පනාවක දැවටිලා හිටපු චේතනා එකපාරටම ගෑස්සුණේ සුපර්මාකට් එක ලඟ දි මුණ ගැහුණ ඒ දෙන්නා දැකලා…

චේතනා ලජ්ජාවට බිම බලා ගත්තා …

ගිහාන් පුදුමයෙන් දෑස් විසල් කරගෙන ඒ දෙන්නා දිහා බැලුවේ කොළඹ ඉන්න මේ දෙන්නා මෙහේ මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරුව….

දැන් මම කොහොමද ලක්ෂිකා ටයි චමිලටයි මුහුණ දෙන්නේ ….

ගිහාන් මුහුණ රතු කරගෙන ලක්ෂිකායි චමිලයි දිහා මාව මාරුවට බැලුවා..

හමුවෙමු මීළඟ කොටසෙන්