32 වන කොටස

කෑම මේසයේ රෑ කෑම කමින් සිටි රෙජිනෝල්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ ඒ මොහොතේමය..

“හලෝ….”

“ඉන්ස්පෙක්ටර් පූජිත කොහොමද ඉතින් …?”

“මිස්ට රෙජිනෝල් මට ඔයාගේ දුවගේ ඇසිස්ටන් දිසෙන් ගැන ආරංචියක් ආවා ………ඒ ගැන කියන්න කතා කලේ ………”

“මොනවා…..දිසෙන්ව හොයා ගත්තද?…”

“ඔව්….දිසෙන් ඉන්නේ කලුබෝවිල හොස්පිට්ල් එකේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ………..”

“මොනවා…..දිසෙන්ට කොහොමද සීරියස් ද?…”

“තත්වය ටිකක් බරපතලයි …..ඔයාලට හොස්පිට්ල් එකේ පැත්තේ එන්න පුලුවන් ද?”

“හරි ඉන්ස්පෙක්ටර් අපි හෙට උදේම එනවා……”

“දිසෙන් ඇක්සිඩන්ට් උනාට පස්සේ එයාව හොස්පිට්ල් එකකට කෙනෙක් ගෙනිහින් බාර දීලා තියෙනවා….අපි ඒ කෙනා හොයාගත්තා…..”

“තෑන්ක්‍ යු වෙරි මච් ඉන්ස්පෙක්ටර්….අපි හෙට උදෙන්ම එන්නම්……………”

සෙහංසා නොඉවසිල්ලෙන් බලා සිටියේ පියාගේ දුරකථන ඇමතුම විසන්ධි වී යනතුරුය……

“ඉන්ස්පෙක්ට මොනවද කිව්වේ තාත්තී….”

“එයාලට දිසෙන්ව හම්බ වෙලා……”

“මොනවා…කොහෙද තාත්ති දිසෙන් ඉන්නේ……?”

“දිසෙන්ව හොයාගෙන තියෙන්නේ කලුබෝවිල හොස්පිට්ල් එකෙන්….ඇක්සිඩන්ට් එක වෙලාවේදි දිසෙන්ව කවුද කෙනෙක් හොස්පිට්ල් එකට එක්කන් ගිහිල්ලා…..දිසෙන් ඉන්නේ මේ වෙලාවේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ…….”

සෙහන්සාට දැනුනේ ඇගේ හුස්ම මොහොතකට නතර වුණා සේ ය ..

දිසෙන් මේ මොහොතේ කවර තත්ත්වයකින් පසුවෙනවා ඇත්ද ?…..

මේ මොහොතේදීම ඔහුව බැලීමට යාමට සෙහන්සාට සිතුණි……

“අනේ තාත්ති අපි දැන්ම දිසෙන්ව බලන්න යමු…..”

ජයන්ති හා රෙජිනෝල් මුහුණට මුහුණ බලා බලාගත්තේ එක් සැනෙකිනි…

“මොනවා හැංගුවත් ආදරේයි කැස්සයි හංගන්න බෑ කියන්නේ නිකන් ද?…බලමුකෝ කවද වෙනකන් මෙයා හැංගිමුත්තන් සෙල්ලම් කරයි ද කියලා…”

දුලංසා එසේ සිතමින් කට කොනකින් සිනහාසෙමින් සෙහංසා දෙස බලා සිටියාය…….

ජයන්ති සෙහංසා ගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියා ය …….

සෙහංසා බෙහෙවින් කලබල වී ඇත….පසුගිය දින පුරාම ඇය සිටියේ මලානිකව ය……..

සෙහන්සා හා දිසෙන් අතර කිසියම් සම්බන්ධතාවයක් පවතිනවාද යැයි සැකයක් ජයන්තිගේ සිත තුළ ඇති විය………

“මේ රෑ හොස්පිට්ල් යන්න පුලුවන්ද දුව…..මම හෙට උදේට ගිහින් බලන්නම්….”

“අනේ තාත්තේ…මටත් යන්න ඕනේ……..”

“ඔයාට පිස්සුද දුව ගවර්මන්ට් හොස්පිට්ල් අස්සෙ රිංගන්න යන්නේ…….ඔයා ජීවිතයට ගිහින් තියෙනවද ගවර්මන්ට් හොස්පිට්ල් එකකට…….”

“ඔයා යන්න ඕනේ නෑ තාත්තා ගිහින් බලයි…ඔයා මොකටද මෙච්චර අපේ සර්වන්ට් කෙනෙක් ගැන වද වෙන්නේ……..”

“අම්මේ දිසෙන් කියන්නේ අපේ ගෙදර වැඩ කරන සර්වන්ට් කෙනෙක් නෙමෙයි ……..අපේ ඔෆිස් එකේ වැඩ කරන employer කෙනෙක්……….”

“ඒත් එයා ඔයාගේ bodyguard … ඒ ගැන තාත්තා බලාගනි…”

ජයන්ති එක එල්ලේ සෙහංසා දෙස බලමින් කීවාය….

“එයා මගේ assistant…එයාට ඔය වගේ දෙයක් වුනේ මම නිසා…….”

“සෙහන්සා මොකක්ද ඒ කතාවෙ තේරුම ….?.

“මටනම් හිතෙන්නේ මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි…..කවුරුහරි හිතා මතා කරපු දෙයක් ………මාව කිඩ්නැප් කරපු කෙනාගේම වැඩක්……….”

“ඒ කො/ල්/ලා කෙයාලස් විදිහට ඩ්‍රයිව් කරන්නැති …..කූඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියන්නෙ නිකන්ද?..ත්‍රීවිල් දුවපු මනුස්සයෙක්ට කාර් එකක් පදින්න පුළුවන්ද?….ත්‍රීව්ල් පදිනවා වගේ කාර් ඩ්‍රයිව් කරන්න බෑනේ…….”

ඒ වදන් වලට සෙහන්සාගේ __කුපිත වන්නට ගතවූයේ සුළු මොහොතකි…….

“අනේ අම්මෙ මිනිස්සුන්ට අපහාස කරන්න එපා හැමතිස්සෙම ….බොරුවට welfare charity වැඩ කරාට වැඩක් නෑ …මිනිස්සු ගැන ඔය වගේ අවතක්සේරු කරනවා නම් …….දිසෙන් මගේ කාර් එක මටත් වඩා පරිස්සමින් ඩ්‍රයිව් කරනවා ……මගේ assistant ඒ වගේ දෙයක් උනාම මට එහෙම කරන්න බෑ මම හෙට තාත්ති එක්ක හොස්පිට්ල් එකට යනවා යනවාමයි ….”

සෙහසංසා තරහින් කෑම මේසයේ අසුන්ගෙන සිටි අසුනින් නැගිට්ටාය.

“සෙහන්සා ඔයා ඔය කතා කරන්නේ ඔයාගේ අම්මත් එක්ක කියලා අමතක කරන්න එපා ……”

සෙහංසා ඒ නැසුන පරිදි අත සෝදාගෙන උඩුමහලේ වූ ඇගේ කාමරයට ගියාය…..

“රෙජී….දැක්කා නේද මේ ළමයාගේ හැටි……….හරිම මුරණඩුයි…..ඔයා තමයි හුරතල් කරලා කරලා මේ ලමයව විනාශ කරේ ……..”

💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

“උ/ඹ/ලා නම් නියමයි කො/ල්/ලෝ …….මෙදා පාර නං වැඩේ ගානට අඹරා තියෙනවා ……..”

ධනුකගේ මුහුණේ වූයේ විසල් හිනාවකි ….

“ඇයි ලොක්කා මොකක්ද සීන් කෝන් එක …..හරියට නිකන් කෝටි ගාණක ස්වීප් එකක් ඇදිලා වගේ …..”

ධනුක ගෝලයෙකුගේ පිටට තට්ටු කලේය.

“well done ….ඔන්න ඔහොම නේ වැඩ තියෙන්න ඕන …..අද උ/ඹ/ලා හැමෝටම දවල්ට මම ගානේ බුරියානි එක්ක රෝස්ට් චිකන් …”

“මරුනේ…මහත්තයා ….ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ වාසියක්ද ?..මම නං හිතන්නෙ ස්විප් එකක් ඇදිලා තමා ……”

“ස්වීප් එකක් ඇදුණා වගේ තමා අර කෙල්ල මට හම්බවෙන එක ………..”

“මොකක්ද ලොක්කා .. අපිට නම් තාම හිතාගන්න බෑ …..”

“උ/ඹ/ලා නිකං කිරි දරුවෝ වගේ..මම කිව්වේ උ/ඹලා සුද්දට දුන්න ගේම ගැන …….”

ධනුකගේ ගෝල රැලේ මුහුණු වෙනස් වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත ….

“බොස් ..අ..අපි…එ…හෙ..ම කරේ නෑ …”

ධනුකගේ මුවෙහි වූ සිනහව අතුරුදහන් වීමට වැඩි වේලාවක් ගියේ නැත…..

“උ/ඹ/ලා නෙමේ ….ඇයි මම උ/ඹ/ල/ට බාරදුන්නේ ඒකාව accident කරන්න කියලා ….”.

“නෑ නෑ බොස් අපි ඒක කරේ නෑ …….”

“එතකොට උ/ඹ/ලා නෙමෙයිද ගල්කිස්සේ සුද්දාව හප්පන් ගියේ……..”

ධනුකගේ මුහුණේ වූයේ ලොකු විස්මයකි…….

“අනේ නෑ බොස් ……..අපි මේ කල්පනා කරේ මොකක්ද දෙන්න ඕන ගේම කියලා ……..”

“මෝ/ඩ රැල …උ/ඹ/ලා කවදා ඉඳන් ප්ලෑන් ගහ ගහා ඉන්නවද …තවම මුකුත් කරගන්න බැරි වුණා ……..ඒත් අද ඊයේ ආපු එකෙක් ඌ/ට වැඩේ දීලා ………”

“ලොක්කා ඌ චකබ්ලාස්ද?….කියලාවත් කරගන්න බැරි වැඩක් ……..”

“සුද්දා අතුරුදහන් කියලා ආරංචිය ……හප්පලා තියෙන විදිහට ඌ පණ පිටින් ඉන්නවද කියලවත් ෂුවර් නෑ…….”

“මරුනෙ ලොක්කා අපි මේක ජයටම සමරන්න ඕනේ…….”

“මෝ/ඩ රැල ,මම හිතුවේ මේක උ/ඹ/ල/ගෙ වැඩක් කියලා ……ඒක නෙමෙයි කවුද මේ වැඩේ කරේ …….”

ධනුක නිකට ඇඟිල්ලකින් පිරිමදින ගමන් කරන්නට වූයේය ……..

“මම කිව්වේ බොස්…ඕකාත් අන්ඩවර්ල්ඩ් ඩීල් කාරයෙක් …….අන්ඩවර්ල්ඩ් සීන් එකකට වෙන්නැති …….”

“ඔව් බොස් ඒ/කා/ත් බඩු සප්ලයි කරනවා කියලා ආරංචියක් යනවා ……..”

“අපි හොයා ගන්න ඕනේ……කවුද සුද්දාට ගේම දුන්නේ කියලා….සුද්දාගේ තරහකාරයා කියන්නේ අපේ යාලුවෙක් …..මොකද උ/ගෙ/යි අපේ අරමුණ එකයි …….අපි දෙගොල්ලො එකතු වුනොත් අපිට සුද්දාව නැත්තටම නැති කරන්න පුළුවන්……”

💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

දුලංසා සෙහන්සා ගේ කුටිය තුලට ආවේ නින්දෙන් ඇහැරී ඇඟමැලි කඩන ගමන්‍ ය..

“මොකෝ මේ අද කවදාවත් නැතුව උදේ පාන්දරම නැගිටිලා……”

සෙහංසා සිටියේ කන්නාඩි මේසය අසලට වී හිස පීරන ගමන්ය ….

“මම හොස්පිට්ල් යන්න කියලා …..”

“අක්කේ ඇත්තටම ත/මු/සෙ/ට පි/ස්/සු/ද …ත/මු/සේ හිතනවද ඔය කොල්ලට මේ ගෙදරින් කැමති වෙයි කියලා …….ඒ කො/ල්/ල/ගෙ ස්ටේටස් එක අපේ ෆැමිලි ස්ටේටස් එක්ක පොඩ්ඩක්වත් ගැලපෙනවද ?”

එවර සෙහන්සා ගේ මුහුණේ ඇදුනේ අපහාසාත්මක හිනාවකි…….

“එයාගෙ අඩුවකට තියෙන්නෙ දුප්පත්කම විතරයි ……..මම ඒවා බලාගන්නම්…….”

“බලා ගනියි ……ත/මු/සේ ඔය හැසිරෙන විදියට ඕන කෙනෙක්ට තේරෙනවා ඔය ලව් එක ගැන………”

“හරි මම ඒක බලාගන්නම්……..”

“ඔයා ඕක ජොලියට කරනවා නම් කරන්න ……..ඒත් ඔයාට කවදාවත් ඔය කො/ල්/ල/ව බඳින්න හම්බ වෙන්නේ නෑ ………”.

“මඟුල් ගැන කතා කරනවා …..මම එයාට මොනවද වෙලා තියෙන්නෙ කියලා සිහියක් නැතුව ඉන්නවා ……මම යනවා දැන් තාත්තා ලෑස්ති වෙලා යන්නත් හදනවා …..”

සෙහන්සා පහළ මාලයට දිව එන විට රෙජිනෝල් වූයේ උදෑසන ආහාර ගනිමිනි…….

“උදේ පාන්දර කොහෙ යන්න ලෑස්ති වෙලාද ශේෂා……….”

“හොස්පිට්ල් යන්න ……”

“මම කිව්වනේ මම ගිහින් ගිහින් එන්නම් කියලා …..”

“හරි තාත්ත එහෙනම් යන්න ……මම මගේ කාර් එකේ තනියම එනවා ..

“ශේෂා අම්මා කියනවා හරි …….ඔය ළමයා හිතුවක්කාර ළමයෙක් …..තනියම ගිහින් නැති ප්‍රශ්න දාගන්න එපා….මාත් එක්ක යමු…….”

සෙහන්සා ගේ මුහුණේ ජයග්‍රාහී සිනාවක් ඇදිණි……

“තාත්ති කාලා ඉවරයි නේ අපි යමු ……”

“ඇයි ඔයා බඩගින්නේ එන්නද ?.ශේෂා ඔයා කාලාම එන්න …….”

සෙහන්සා උදෑසන ආහාරයට තිබුණු සැන්විචර්ස් කටට දෙකට කන අයුරු දෙස රෙජිනෝල් බලා සිටියේ කල්පනා බරිතවය…

දිසෙන් ගේ අතුරුදහන් වීම සමඟ සෙහංසාගේ මේ හැසිරීම් ගැන රෙජිනෝල්ගේ සිතේ පවතින්නේ ලොකු බරකි…

“අපි යමු තාත්තේ ……..”

කළුබෝවිල රෝහලට යන තුරාම රෙජිනෝල් හා සෙහන්සා වූයේ නිහඬවය …

රෝහලේ හදිසි අනතුරු අංශයට යනතුරා ම සෙහන්සා ගේ හදගැස්ම පැවැතියේ වේගවත්වය..

“නර්ස් ඇක්සිඩන්ට් එකෙන් ගෙනාපු දිසෙන් ඉන්නවද ?….”

හෙදිය මදක් කල්පනා කර බැලුවා ය …….

“ඇක්සිඩන්ට් වෙලා hospitalize කරපු අර young boy නේ …එයා අයිසීයූ එකේ…….”

සෙහන්සාට එක්වරම හුස්ම හිර වුණා සේ දැනුණි ……

සෙහන්සා ඇස් වලට ඉනූ කඳුළු ඇස් තුළම සිර කර ගත්තාය …..

“දිසෙන්……ඔයාට මේ මොනවද උනේ……..මට ඔයාව දකිනකං සිහියක් නෑ……අනේ ඔයාට කරදරයක් වත්ද රන්……”

සෙහන්සා ට එසේ සිතුනත් ඈ නිහඬවම සිටියේ පියාගේ සැකයට ලක්වේයැයි බියෙනි ….

“අයි සී යූ එකේ ඉන්න මිස් කෙනෙක් මේ පැත්තට එනවා….පොඩ්ඩක් ඉන්න අපි එයාගෙන් අහලා බලමු …”

“මාලතී ….අර අයි සී යූ එකේ හිටපු ලෙඩාව බලන්න කට්ටියක් ඇවිත්…….එයාව දැන්මම වෝර්ඩ් එකට දායිද?.. ..”

රෝහලේ ඇතුළු පසින් සිට පැමිණි හෙදිය සෙහන්සා හා රෙජිනෝල් දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළුවාය…….

“i am sorry …ඒ පේෂන්ට් දැන් ටිකකට කලින් නැතිවුනා……”

හෙදිය එසේ කියනවාත් සමඟ සෙහන්සා ගේ ගතට අප්‍රාණික ගතියක් දැනෙන්නට විය…

ඇය ළඟ තිබූ බිත්තියකට හේත්තු වූයේ සිහි නැතිව බිම ඇද වැටේ යැයි බියෙනි …

හමුවෙමු මීළඟ දිගහැරුමෙන්