ආදරණීයම ඔයා…21

ජීවිතයට අමුතු වෙනසක් ඇති තරමින් දින ඔ හේ ගෙවී ගියේ ය. මා සෙමින් සෙමින් සෝන්‍ය ගේ ජිවිතේ අඳුරු අහුමුළු අතරින් රිංගමින් ඔහුගේ ආත්මයට එඹෙන්නට උත්සහ දරමින් සිටියෙමි.

ඔහුට රහසින් එවැන්නක් කරන්නට මට පහ සු නොවූ නමුත් මම උත්සහාය අතාරින්නට සූදානම් නොවීමි.

සෝන්‍ය ගේ ජීවිතයේ ප්‍රධානම චරිතය ඔහුගේ මවය. ඔහුගේ මුළු ජිවිතයම ගොඩ නැඟී තිබුනේ ඔහුගේ මව මතය. ඉදින් මවගේ අහිමි වීම ඔහුට දරා ගැනිමට පහසු නොවී ය.

මවට ආදරය කළ තරමටම ඔහු පියට වෛර කලේය ඒ ආදරයත් වෛරයත් අතරේ දෝලන ය වූ ජිවිතය හා මුහුවන්නට මම මහත් වෙහෙ සක් ගතිමි.

සෝන්‍ය ගේ පියාත් ඔහුගේ බිරිඳත් තවමත් අප නිවසේ පසුවිය. ඔවුන්ගේ ආගන්කුත සත්කාර මුතු අම්මාට පවරා තිබුනත් මම හැමවිටම ඇයට සහයා වූයේ සෝන්‍යට නොදැනෙන ලෙසිනි. ඔහු මා සිය පියා මුණගැහෙනවාටවත් කැමති වූයේ නැත.

සැබැවින්ම නම් සෝන්‍ය ගේ පියා මටත් එතරම් ප්‍රිය මනාප අයෙක් වූයේ නැත. ඔහු හැම විටම මදෙස හෙළූ බැළුම් මට මහත් පිලිකුලක් විය. එහෙත් කිසිවක් නොදැන නොදන්නා රටකට මහළු මිනිසෙකු හා පැමිණ සිටි අර ලාබාල යුවතිය ගැන මට දැනුනේ අනුකම්පාවකි.

මම නිරතුරුව සොයා බැළුවේ ඇය ගැනය.

ඇයට සිය මව් බාසාව ඇරෙන්නට අඩුම තරමි න් ඉංග්‍රීසි බාසාව ගැන හෝ එතරම් හොඳ දැනු මක් තිබුනේ නැත. ඇගේ බසේ අමුතු උච්චර

නයත් සමඟ කැඩුනු ඉංත්‍රීසියෙන් කතා කරද්දි මට නම් මෙලෝ සංසාරයක් දෙයක් නොතේ රු න තරමය.එහෙත් හින්දි බස පිලිබඳව මට තිබූ සාමන්‍ය දැනුම නිසා ඇය හා අදහස් හු වමාරු කර ගැනීම එතරම් අපහසු නොවීය.

ඉන්දියාවේ මා නම නොදන්නා කුමක් දෝ ප්‍රා න් තයකින් සෝන්‍ය ගේ පියාට ඇගේ සිළු පියා විසි න් සුළු මුදලකට ඈ විකුනා ඇති බැව් මා දැන ගත්තේ ඈ හා කළ කතා බහෙන් අනතු රුවය. ලෝකයේ කොතැනත් හැහැණුන්නේ ජිවිත ඛේදජනක යැයි මට සිතිනි.

ඇය දෙතුන් වරක් සෝන්‍ය හා සුහදව කතා කර න්නට උත්සහ කලේය. එහෙත් සෝන්‍ය ගේ වේ ගවත් ව්‍යක්ත ඉංග්‍රීසි උච්චරණ ඇයට වැටහු නේ නැත. ඈ අසරණ ලෙස මා දෙස බලා සිටි යාය.

මෙන්න මෙයාට කියන්න තාදී වදයක් වෙන්නෙ නැතුව ඔය ඉන්න විඳිහකට ඉන්න කියලා..

සිංහලෙන් එසේ කියමින් සෝන්‍ය එතැනින් පි ටවූයේ ඇයට රවාගෙනය. එහෙත් ඈ අහිං සක යුවතියක බව දැන සිටි නිසාම මම ඒ වදන් ඇ යට කීවේ නැත.

ඇය කාමරයෙන් පිටතට පැමිණියේ කලාතු රකිනි. අසරණ කෙ ල් ල ට මොනවා හිතෙනවා ඇති දැයි මට නිරතුරුව සිතිනි.

සියල්ල සන්සුන් හා සාමාකාමීව පැවතිනි. එ හෙත් කුනාටුවකට කලින් මුහුදේ පවතින දැඩි නිහඬතාවය මෙන් ඒ සාමකාමි බව මසිත බිය පත් නොකලාම නොවේ.

අර නන්නාදුනන ගැහැණිය වරින් වර විත් මසි ත නොසන්සුන් කලේය. එහෙත් තව දුරටත් ම ට දැනෙන්නට සෝන්‍ය ඇය බලන්නට ගියේ නැ ත.

සමහර විටක මට නොදැනෙන්ට එසේ ගියා දැ යි මා දන්නේ නැත. එහෙත් පියාගේ ප්‍රශ්නය නි සා නොසන්සුන් වී හිඳිනා ඔහුව වෙහෙ සන්න ට මම කැමති වූයේ නැත.

එහෙයින්ම මගේ උත්සහය වූයේ කෙසේ හො ඔහුට නොදැනෙන්ට ඒ ගැහැණිය සොයා ගන් න ටය. එවිට සෝන්‍ය ට ම ඇය ගැන සියළු දේ කියන්නට සිදුවෙනවාම ඇත.

කෙතරම් අපහසු උවත් සමහර දේ වල් වෙනු වෙන් ඉවසීම ඇරෙන්නට අනෙක් විකල්පයක් නැත. සිය සැමියා නන්නාදුනන ගැහැණියක රහ සින් හමුවිම දරා ගන්නට බිරිඳකට එසේ නොව කෙසේවත් පහසු නොමැති බැව් මා දනිමි.

සමහර අවස්තාවල මම ඒ ගැන සිහි කරමින් තනිවම ඔහේ වැලපුනෙමි. එහෙත් මට එය සෝන්‍ය ගෙන් අසන්නට බැරිය. එවැන්නක් අසන්නට තරම් කිසිම සාධාරණ හේතුවක් මට ඇත්තේ නැත. ඔහු නැතැයි කිවහොත් මට ඉදිරිපත් කරන්නට ඇත්තෙ කුමන ශාක්ෂියක් ද අනවශ්‍ය ගැටුමක් නිකරුනේ ඇතිකර ගන්නට මම මහත් සේ බියවීමි.

වෙනදාට වඩා වැඩි කාලයක් සේන්‍ය නිවසේ රැ දී සිටියේය. මගේ සියළුම කටයුතු සඳහා ඔහු ඉල්ලීමකින් තොරවම නිරන්තරයෙන් සහාය විය. මා සතුටින් තබන්නට හැකි සෑම දෙයක්ම නොපිරි හෙලා ඉටු කලේය.

මගේ අම්මාත් මල්ලීත් ගැන සොයා බැළුවේය. නිතර මා වුන් දකින්නට රැගෙන ගියේය. සැබැ වින්ම සෝන්‍ය මා සිතා සිටියාට වඩා බෙහෙවි න්ම යහපත් සැමියෙකු බවට පත්වෙමින් සිටි යේය.

එනිසාම කවරම හේතුවක් නිසාවත් ඔහුව අහි මි කරගන්නට මට උවමනා නොවීය. කෙසේ හෝ මා ඒ රහස සොයා ගනිමියි මම මටම දිව් රා සපතවීමි.

කෙතරම් පිලිවෙලකට සුන්දරව සකසා නඩ ත්තු කරමින් තිබුනත් සෝන්‍ය කිසිම විටක අර පුස්තකාලය පරිහරණය කරනවා මා දැක තිබුනේ නැත. අඩුම තරමින් ඔහු පොතක් තබා පත්තරයක්වත් කියෙව්වේ නැත. එසේනම් ඔහු එවැන්නක් එතරම් පරිස්සමින් නඩත්තු කරන් නේ ඇයි..

ලෝකයාට තමා හොඳ කියවන්නෙක් බුද්ධිම තෙක් සේ පෙන්වන්නටද එහෙත් එවැනි පුහු සේබන දේ සෝන්‍ය වෙතින් මම දුටුවේ නැති තරමය.

සෝනූ… ඔයා කවදාවත් පොත් කියවන්නෙ නැතුව මොකටද අර ලයිබ්රි එකක් මේන්ටේන් කරන්නෙ… නිදහසේ හිඳිනා විටක මම සෝන්‍ය ගෙන් ඇසුවෙමි.

අනේ මන්දා තාදී.. ඔයාටත් තියෙන්නෙ..පුදුම ප්‍රශ්නනෙ… ඔහු කීවේ හිනැහෙන්නට උත්සහ කරමිනි.

මොකක්ද ඒකේ තියන පුදුමෙ…

මම දැක්කා ඔයා ලයිබ්රි එක දිහා බලාගෙන දවස් ගානක් කල්පනා කරනවා ඒ ඕක අහ න්නද..

නෑ. මං ආසයි ඒ ලයිබ්රි එකට ඒත් මුතු අම්මා කීවනෙ ඔයා කැමති නෑ කියලා කවුරු ඒකට යනවද..

ඕකනෙ මං කියන්නෙ උ ඹට පිස්සු කියලා කියමින් ඔහු මහා හඬින් හිනැහුනේය. ඔහු සාමාන්‍ය යෙන් එසේ හිනැහෙන්නේ කලාතුර කිනි.

ඔයා මගෙ වයිෆ්..මේ ගෙදර තියන හැමදේම ඔයාගෙ..ඉතිං ඕකට යන්න වෙනම අවසර ගන්න ඕනිද..

හරි එන්නකො මං අද ඒක ඔයාටම භාර දෙන් න එතකොට ඔය ප්‍රශ්න එන්නෙ නෑනේ..ඔයාට කැමති විඳිහට ඒක යුස් කරන්න පුළුවන්..

මගේ සුරතින් අල්ලා පුස්තකාලය වෙත යන අතරතුරේ ඔහු කීවේය. පුස්ථකාලයක් යනු මට නම් මෙලොව ඇති වටිනාම ස්ථාන වලින් එකකි. එහි ඇතුල් වූ විගසම මට දැනෙන්නේ වෙනත් අමුතුම ලොවකට අවතිර් ණ වූවාක් වැනි හැඟීමකි. ඒ තුල මුළු ලොවම අමතක කරන්නට මට හැකිය.

මම දන්නවා ඔයා පොත් වලට ගොඩක් ආසයි කියලා..ඒත් මුතු අම්මා කියපු දේට බයේ මෙ තෙන්ට එන්නෙ නැතුව හිටියා කියලා නං දන් නෙ නෑ..

සෝන්‍ය එසේ කීවේ මදෙස බලා හිනැහෙමි න්ම ය. සැබැවින්ම ඔහු මෙසේ සැහැල්ලුවෙන් හිදි නා විට නම් සිතට දැනෙන්නේ සැනසීමකි.

පොත් කියවන්නතේ නැතුව මං මේක මේන් ටේන් කරන්නෙ ඇයි කියලා ඇහුවා නේද..

මේ මගෙ අම්මිගෙ ජීවිතේ තාදී.. මගෙ අම්මි එයාගෙ හැම දුකක්ම දරා ගත්තෙ බෙදා ගත් තෙ මෙයාලත් එක්ක ..මේ හැම පොතකම මට දැනෙන්නේ අම්මිගෙ සුවද..

මෙතෙන්ට ආවම මට දැනෙන්නේ මගෙ අම්මි මගෙ ලඟම ඉන්නවා වගේ.. ඒකයි මං කැමති නැත්තෙ කවුරුවත් ඒවට අත තියනවට…

සෝන්‍ය කියවාගෙන ගියේ සුසුමක් හෙලමිනි. සැබැවින්ම දරුවෙකුට අම්මා තරම් වටිනා වස්තුවක් තවත් ඇත්තේ නැත. සෝන්‍යට අම්මා වෙනුවෙන් කරන්නට ඉතිරිව ඇත්තේ මෙය පමණක් වන්නට ඇත.

මේ පොත් ගොන්න ඔහුගේ මවගේ නම් අර ස ඟරා වල අර ආදරණීය හැඟීම්බර වේදනාබර සටහන් ලියන්නට ඇත්තේ ඇය වන්නට ඇත. සත්තකින්ම සෝන්‍යට ඇත්තේත් ඔහුගේ මව ගේම ඒ ගති ලක්ෂන වන්නට ඇත. සැබැවින්ම ඔහු ආදරණීයය.

එහෙනම් අපි එයාලට එහෙමම ඉන්න කියමු සෝන්‍ය.. මද වෙලාවකට පසු මම සෙමින් කිවෙමි.

නෑ තාදි..ඔයා ඒවා යූස් කරන්න..මම දන්නවා මගෙ අම්මි වගේම ඔයත් ඒවා ආදරෙන් බලා ගන්නවා කියලා….

කොහොම ද දන්නෙ.. මම ඇසුවේ හුරතල් හඬකිනි.

ඔයත් මගේ අම්මි වගේ තාදී..මගෙ අම්මිට වගේම ඔයාටත් හරි ලස්සන හිතක් තියනවා.. ඕනිම කෙනෙක්ගෙ හිතක් නිවන්න පුළුවන් ආදරණීය හිතක්..ජිවිතේ ඕනිම බරක් බය නැතුව ගෙනත් ඔයාලඟ දිඟාරින්න පුළුවන්..

සෝන්‍ය කියවාගෙන ගියේ බෙහෙවින්ම හැඟී මබර හඩකිනි. මටත් නොකියාම මගේ දෑස් කෙවනි තෙත්ව ගියේය. මෙතරම් කෙටි කාල යක් තුලදී ඔහු එතරම් අපූරුවට මා කියවා ඇති බවක් මම සිහිනෙන්වත් නොසිතුවෙමි. සිතට දැනුනේ සැහැල්ලු බවකි. එහෙත් අර නන්නාදුනන ගැහැණිය හිටි හැටියේ අහේ තුකව මගේ හදවත නොසන්සුන් කලේය.

සුදු මහත්තයා.. රන්දුණු මහත්තයා ඇවිත්….

මුතු අම්මා අප සිටින තැනට පැමිණ කීවේ ඒ අතරය. කුමක් දෝ අනතුරක සේයාවක් ඇස ගැසුනාක් මෙන් සෝන්‍ය දෑස් කරකවා වටපිට බැළුවේය.

රන්දුණු අංකල් හදිස්සියෙම.. ඔහු කීවේ කලබල හඬකිනි.

මොකටද කීවේ නෑ සුදු මහත්තයා… සුදු මහත්තයව හම්බවෙන්න ඕනෙ කියලා තමා කීවේ..

හරි මුතු අම්මා ගිහින් අංකල්ට බොන්න මො නා හරි දෙන්නකො.. මං ඉක්මනට එන්නම්..

කියමින් සෝන්‍ය මුතු අම්මා එතැනින් පිටත් කලේය.

කවුද සෝනු රන්දුනු කියන්නෙ..

කිසිවක්ම සිතාගත නොහැකි නිසාම මම ඇසී මි. නොතේරෙන බියක් හදවත නොසන්සුන් කරමිනි තිබිනි.

අම්මිගෙ ලෝයර්..

ඔහු කීවේ ඕනිවට එපාවටය.

ඒ කියන්නෙ…?

ඩෑඩ් එයාව මීට් වෙන්න යන්න ඇති….

ඒ වදන් වල තිබුනේ අසරණකමකි.

මොන දේ උනත් කලබල වෙන්නවත් තරහා ගන්නවත් එපා සෝනු.. අපි එන දේකට මූණ දෙමු.. මොනවා කොහොම නැති උනත් ඔයාට මං ඉන්නවා මට ඔයා ඉන්නවා.. ඒ මදිද..

මම ඇසුවේ ඔහුගේ සුරතේ එල්ලී ඒ දෑස් දෙස බලාගෙනය.

අර මනුස්සයා බලාගෙන ඉන්නවා තාදී….

ඔහුගේ සුරත මගෙන් මුදාගෙන එසේ කියමින් සෝන්‍ය එතැනින් පිටවූයේය. කිසිවක් සිතාගත නොහැකි වූ මා ඔහු ගිය දෙස මද වේලාවක් ඔහේ බලා සිටියෙමි.

අංකල් කාලෙකින්…
මා සාලයට යද්දි සෝන්‍ය කවුරුන් දෝ අමත නවා මට ඇසිනි.

කාලෙකින් හරි අපිම ආවොත් මිසක් උ ඹ එන වද නිකමට ඒ පැත්තකට…
අමුත්තා කීවේ හිනැහෙමිනි.

එන්න හිටියෙ අංකල්…පහුගිය ටිකේම හුඟාක් බිසිවුනා…සෝන්‍ය නිදහසට කරුණු කීවේය.

කවුද කො ල් ලො මේ…
මදෙස විමසුම් බැල්මක් හෙලමින් ඔහු එවර ඇසුවේ සෝන්‍ය වෙතිනි.

අංකල් මේ තාදි..මගෙ වයිෆ්…තාදි මේ තමා රන්දුනු අංකල්…
සෝන්‍ය අප එකිනෙකාව හදුන්වා දුන්නේය.

ඇයි බං වෙඩින් එක කියන්නවත් මාව මතක් වුනේ නැත්තෙ….
අමුත්තා නැවතත් ඇසුවේය.කිසිවක් නොකියා සෝන්‍ය යන්තමට හිනැහුනේය.

අපි ඉක්මනින් එන්නංකො අංකල්ව බලන්න..
මද වේලාවකට පසු සෝන්‍ය සෙමින් කීවේය.

හරි ඒවයින් කමක් නෑ…උ ඹ ලා ආවෙ නැතුව ට අපිට එන්න වෙනවනෙ..

අංකල් හදිසියෙන්….?

සමරෙ මාව මීට් වෙන්න ගියා
අමුත්තා කීවේ සන්සුන් හඬකිනි.

එයා මොනවද කියන්නෙ අංකල්…
සෝන්‍ය ඇසුවේ කලබලයෙනි.

කලබල නොවී ඔහොම වාඩිවෙලා ඉන්න දරුවො

අමුත්තා එසේ කියද්දි සෝන්‍ය අසල වූ සෝපා වට බරවූයේ එසේ හිදගන්නා ලෙස මටද දෑසින් පවසමිනි.

ඩෑඩ් ඔයාට මොනවද කීවෙ අංකල්…
සෝන්‍ය ඇසුවේ සන්සුන් හඬකිනි.

එයා ඔයාගෙ අම්මගෙ දේපල වලින් බාගයක් ඉල්ලනවා…

අංකල්…

එයා අම්මගෙ ලීගලි හස්බන්ඩ් දරුවො…

එතකොට මොනවද වෙන්නෙ අංකල් …

මොනවද වෙන්නෙ කියලා ඔයා දන්නවා..

මං එහෙම නුදුන්නොත්…

එයා නඩු දායි… තාත්තලා පුතාලා නඩු කියන එක හරි කැතයි…

දැන් අංකල් මට කියන්නෙ..අර ව..ල\ත් ත යට මඟුල් නටන්න මං මේවා දෙන්න ඔනි කියලා ද..

සෝන්‍ය ඇසුවෙ උස් හඬකිනි. ඔහුගේ වේදනා ව මට හොඳටම වටහා ගන්නට පුළුවන. එහෙ ත් මෙසේ කෝපගෙන තේරුමක් නැත.මම ඔහු
ගේ සුරතින් අල්ලා ගතිමි.

සෝන්‍ය දෑස් කරකවා මදෙස බැලුවේය. කල බ ල නොකරන්නැයි මම ඔහුට කීවෙ දෑසිනි.

ඔහොම කෑ ගහලා මොනවත් කරන්න බෑ පුතේ..

ඔයා ඩැඩීට මොනවද කීවෙ අංකල්…

මම කීවා ඒකට ඔයා කැමති වෙන එකක් නෑ කියලා…

එතකොට..

එයා නඩු දානවා කීවා…

අංකල් මොනාද කීවෙ…

නඩු දාන්න කීවා….

රන්දුනු අංකල් කීවේ නොසැලකිලි මත් හඬකි නි. දෙවියනේ එක කෙතරම් අවාසනාවන්ත ත ත් ත්වයක් ද පියෙක් සිය පුතු හා දේපල වෙනු වෙන් නඩු කීම කෙතරම් අප්‍රසන්න ද

මේ කිසිවකට මගේ උරුමයක් තිබුනේ නම් ම ම වහා ඒවා පියාට පවරා දෙමි. එහෙත් සෝ න්‍යට එය පහසු නැත.

ම…ම දැන් මො…නාද අංකල් කරන්නෙ…

ඒක කියන්න තමා මම ආවේ…

ඩැඩී නඩු දැම්මොත් මට මේවා දෙන්නම වෙන වා..ඒත් මං කැමති නෑ ඒ මිනිහට මේවා දෙ න්න ඒකා ඒවත් නැති කරයි…සෝන්‍යගේ හඬ අසරණ ය.

ඒ ගැන කියන්න තමා පුතේ මම ඔයාව මීට් වෙන්න ආවේ..

කියන්න අංකල්…

අපි ටිකක් එලියට යමුද දරුවො.ටිකක් නිදහ සේ කතා කරන්න.

අංකල් තාදී…

ඔයාට ප්‍රශ්නයක් නැත්තං මට ප්‍රශ්නයක් නෑ..

එහෙනං අපි යමු අංකල්.. රන්දුනු අංකල් සෝන්‍ය හා මම නිවසින් පිටවීමු.

ගෙදරදි මේවා කතා කරන එක සේෆ්ටි මදි කියලා හිතුනා…. රන්දුනු අංකල් කීවේ ගමන පිටත් වෙන අතරතුරය.

ඒ කියන්නෙ අංකල්…

ඔයාගෙ ඩැඩී කොහොම කෙනෙක් ද කියලා දන්නවනෙ ඔය…එයාගෙ අරමුණ වෙනුවෙන් ඕනිම කෙනෙක් ඕනිම දෙයක් නැති කරන්න එයා දෙපාරක් හිතන්නෙ නෑ…

එතකොට අංකල් කියන්නෙ…

ඔයාගෙ අම්මගෙ ලාස්ට් විල් එක දැන් තියෙ න්නේ මගේ ලග….හැබැයි ඒක හැදුවෙ මම නෙවී ඒක නිසා ඒකෙ මොනාද තියෙන්නේ කියලා මම දන්නෙ නෑ…

ඒ කියන්නෙ අම්මා සුයිසයිඩ් කරගන්න කලින් ලාස්ට් විල් එකක් හදලා කියලද…

එහෙම තමයි ඒක මට ලැබුනෙ අම්මගෙ ෆියුනරල් එකෙන් දවස් දෙකකට පස්සෙ…

ඒක කොහොමද ඔයාට ලැබුනෙ අම්මි දුන්නෙ නැත්තං….

රෙජිස්ටර් පෝස්ට් ලැබුනෙ ඒක මට….

ඉතිං ඔයා මොනවද කලේ ඒකට…

මොනාත් නෑ ඒක මගේ සේප් එකක තියනවා ඒ විඳිහටම….මොකද ඒක ඕපන් කරන්න කියලා තියෙන්නෙ ඔයාගෙ විසි අටවෙනි බර්ත් ඩේ එක දවසෙ…
එසේ කියමින් රන්දුනු අංකල් සෝන්‍ය දෙස බැරෑරුම් බැල්මක් හෙළුවේය.

ඒකට තව මාස තුනක් තියනවනෙ..

ඒක තමා මට බෑන ක්ලයන්ට් කියපු දේකට පිටින් යන්න…

ඔයා ඒ ගැන ඩෑඩ් එක්ක කීවද අංකල්…

නෑ ඒකෙ මොනාද තියෙන්නේ කියලා දන්නෙ නැතුව එයාට කියන්න බෑ…එහෙම එකක් තියන බව දැනගත්තොත් එයා ඒක ගන්න ට්‍රයි කරයි..එහෙම උනොත් නැති ප්‍රශ්නයක්නෙ…

එතකොට අංකල් කියන්නෙ…

මම ඔයාගෙ ඩෑඩ් ට නඩු දාන්න කීවෙ… මේ මාස තුන කල් ගන්න… එතකොට ප්‍රශ්නෙ විසඳෙයි….

තේරෙන්නෙ නෑ අංකල් මගෙ ඔළුවත් එක්ක විකාර වෙලා පිස්සු වගේ මට….

ඔයා කලබල වෙන්න එපා දරුවො ඩෑඩ් ට කැම ති විඳිහට කැමති දෙයක් කරගෙන ඉන්න දෙන් න මාස තුනනෙ ඊට පස්සෙ බලමු මොනවද වෙන්නෙ කියලා…
රන්දුනු අංකල් කීවේ සන්සුන් ලෙසිනි.

හමුවෙමු

ඔන්න දිගම දිග ⁣කොටසක් දුන්නා හවසටත් කොටසක් ඕනි අය ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න