පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නො කළත් සිරියහනේ

පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා

පැටියෝ
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් නුඹෙ හිස පළඳන්නේ

වෙනසක් නැති එක ආදරය යි

ආදරය යි
ආදරය යි

කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
ලෙය කිරි කර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ

පැටියෝ
නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් මා නුඹට පුදන්නේ

සැබෑ ව දිදුලන ජීවිතය යි
ජීවිතය යි

ජීවිතය යි

සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නො කළත් සිරියහනේ

පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳු
මට රජ පැටියෙක්

අදත් වෙනදා මෙන්ම උදේ පාන්දරින් පහල මාලයෙන් ඇසෙන හදවත පාරන ගීවැල් සවනත වැකෙත්ම දෙව්සිත්මි සුසුමක් හෙළුවේ දැන් ඔය හැමදෙයක්ම ඇයට හුරුපුරුදු නිසාය…………. ඔය ගීත වාදනය කරන්නේ ටීෂා විසින්………..

දෙව්සිත්මි වේදේශ් හා විවාහ වී කොළඹ කිරුලපන ප්‍රදේශයේ ඇති සුවිසල් මැදුරට ආවේ මීට වසර හතරකට ඉහතදීය……….. විවාහ වී වසර හතරක් ගත වුනත් ඔවුන්ට දරුවන් සිටියේ නැත……… ඒ කාගේ වරදින්දැයි නොවිමසාම වරද පැටවුනේ දෙව්සිත්මි ටයි………….. නමුත් දරුවෙකු ලැබෙනවා තියා මේ ගෙවන්නේ විවාහ ජීවිතයක් බවත් අමතක වන තුරුම ඇයගේත් වේදේශ්ගේත් බැඳීම දුරස්වුයේ විවාහ වූ මුල් කාලයේය…………. මානසික බැඳීමක් තියා කායික බැඳීමක්වත් ඔවුන් අතර බොහෝ කලකින් නොවූ තරම්ය…….. වේදේශ් වැඩි වේලාවක් ව්‍යාපාර කටයුතු සඳහා යොමු කරන අතර අනෙක් වෙලාව වෙන් කෙරුනේ නයිට්ක්ලබ් පාර්ටීස් හා ඔහුගෙ අළුත් පෙම්වතිය #නෙහාරා හටයි…………..

දෙව්සිත්මි පහලට ගියේ අට හමාරට පමණය……….. ඒ වෙද්දිත් නෙරංජලා සරෝජිනී මහත්මිය විසින් ගායනා කරන සිරීපාදේ වන්දවන්න ගීතය ඇසෙමින් තිබුණි…………… පහල මාලයේ සිටියේ ටීෂාත්….. වේදේශ්ගේ මව කෞමදීත් ටීෂාගේ නැන්දම්මා හා නෑනාත්ය…….. දෙව්සිත්මි බිම බලාගෙනම යන්නට සූදානම් වුනේ මුළු තැන්ගෙය දෙසටයි…….

” තියන මූසල කමයි උඩඟුකමයි නැහැදිච්ච කමයි විතරයි තියෙන්නේ………. මේ මනුස්සයෝ එක්ක වචනයක්වත් කතා කලොත් මොකද කුමාරි හාමිට නින්දා වෙනවද………

කෞමදීගේ අවමන් සහගත වචන වලින් ඇය ඔවුන් ඉදිරියේ මදක් අපහසුතාවයට පත් විය……… ඇය ඔවුන් හා එතැනින් කතා.කර ගියා නම් ඒත් වැරදිය……. තමා හැරුනත් මේ ගෙදර වැරදිය……… දෙව්සිත්මි ඔවුන් දෙසට හෙළුවේ අහිංසක හිනාවකි…………

” දුව ඉතින් අපි එක්ක කොහොමත් කතා කරනවානේ කෞමදී……… ඒක නෙවේ අපිට දෙනවද ඔයාගේ අතින් හදපු හොඳ ස්ට්‍රෝන්ග් ටී එකක් සිත්මි දුව………….

ටීෂා සිය නැන්දම්මා දෙස හෙළුවේ නොපහන් බැල්මකි……….. ඔවුන් පැමිණ දැන් අඩහෝරාවක් පමණය….. අහිංසක කෙල්ලට බැන බැන හිටියා මිසක් අඩු තරමින් තේ එකක්වත් හදා දීමට ඒ අම්මාත් දුවත් නැගිට්ටේ නැත…….

ටීෂා දැන් සය මස් ගැබිනියක්…….. දරු ගැබක් දරා සිටියත් දරුවන් නැති කාන්තාවකට ඇය සරදම් කරන්නීය………. සසර පුරා ඔය පව රැගෙන යන්නීය….. ටීෂාගේ නැන්දම්මා වන නන්දිතා සිතුවේ ඇය දෙස නොරිස්සුමෙන් බලමින්…….. දෙව්සිත්මි තේ රැගෙන එන විට ටීෂා හෝ කෞමදී එතැන සිටියේ නැත………

” දුව ටිකක් වාඩි වෙන්න……. මට කතා කරන්න දෙයක් තියනවා…..

දැන් මෙතන කතා.කර කර සිටිනවා අම්මයි දුවයි දුටුවොත් එයටත් තමා වැරදි කරුවෙකු වනු ඇත……. නමුත් මේ කාරුණික මිනිසුන් හා කතා නොකර යා නොහැකිය……….. ඇය එතැනින් වාඩි විය…..

” දුව මං ඔයාගේ පුද්ගලික ජීවිතයට ඇඟිලිගහනවා කියලා හිතන්න එපා… මං ඔයාට ආදරේ නිසයි මේ අහන්නේ… ඔයාලා දෙන්නා ඩොක්ටර් කෙනෙක් හම්බ වුනොත් මොකද……… අද ඕනැ තරම් හොඳ අය ඉන්නවා මේ සම්බන්ධව ප්‍රතිකාර කරන වෛද්‍යවරු….. වේදේශ් එක්ක කතා කරලා යන්න…. ඔයාලටතව වයස තියනවානේ දුව……..

මොනවා කියන්නද කියා දෙව්සිත්මි සිතුවාය………… දරුවෙකු ගැන සිතනවා තියා ඔහු හා එක් වචනයක් හෝ හොඳ සිහියෙන් කතා කල නොහැකි බව මොවුන්ට පවසා පලක් නැත……..

” හොදයි අම්මේ…. මං එයා එක්ක කතා කරලා බලන්නම්……..

” දුව මේක ඔයාගේ වරදක් කියලා කියන්න කාටවත්ම බෑ හරියට පරීක්ෂණ කරන්නැතුව……..

” ඒත් අම්මේ වරද කාගේ වුනත් ලෝකය ඉස්සරහ අවමන් විඳින්නේ ගැහැණු විතරයි……… ඒකෙත් ලොකුම දුක මොකක්ද දන්නවද අම්මේ… ඒ අවමන් කරන්නෙත් ගෑණුම වෙච්ච එක…….

නන්දිතා එය අනුමක කලේ ඇය දෙස අනුකම්පාවෙන් බලමින්…..

” දෙව්සිත්මි……….. ගිහින් දවල්ට උයන්න ගනින්…….. අද අපේ අයියලා එනවා……… අද දවල්ට විස්සකටවත් උයන්න ඔනි………

කෞමදී ගේ වදන වලට සැලී ගියේ දෙව්සිත්මි පමණක් නොවේ නන්දිතාද ඉන් ගැස්සී ගියාය…….. දෙව්සිත්මි නැගිට මුළුතැන්ගෙය දෙසට ගියේ නෙතට ආ කඳුළු පිටි අත්ලෙන් පිස දමමිනි…….

දවල් කෑමට පැමිණි පිරිස පිටව ගියේ රාත්‍රි දහයත් පසුවය………. දෙව්සිත්මි නාගෙන තෙත වරලසත් මුදාගෙන බැල්කනියේ පුටුවෙන් වාඩි වුනේ කොළඹ අහස දෙස බලාගෙනමය……… තුන් තිස් පැයේම කලබල ජනාකීර්ණ මේ කොන්ක්‍රීට් වනාන්නතරය ඇයට එපා වුනේ අදක ඊයේක නොවේ…… නමුත් ඇය දරාගත්තාය………… බොහෝ සෙයින් දරාගත්තාය………….

ගැහැනියක් දෙස දරාගත නොහැකි තරමේ මානසිකවද බන්ධන දරාගත්තාය……….. තම ජීවිතය මේ ලෙස අඳුරින් අඳුරට ඇද වැටුනේ සොයුරා නිසාය…………. අනුරාධපුර පූජානගරය පේන මානයේ සුන්දර ගම් පියසක ජීවත් වු දෙව්සිත්මි දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලාය…… ඇයට වඩා බලා සොයුරියක් හා සොයුරෙක් සිටියේය…… ඇගේ පියා ගුරුවරයෙක් විය මව සාමාන්‍ය ගෘහණියකි…….

ඔවුන් ජීවත් වුනේ තාත්තාට හම්බ වෙන වැටුපෙන් හා හේනේ කුඹුරින් ලැබෙන ආදයම් වලිනි….. ඒ මුදල් ජීවත් වෙන්නට ප්‍රමාණවත් වුනත් අගහිඟකම් ආරම්භ වුනේ සොයුරාගේ අසනීප තත්වයත් සමගය…. හදිස්සියේ අතක හා පයක සිදුවූ පණ නැතිව යාම සුව කරගැනීමට ඔවුන්ට බොහෝ මුදලක් අවශ්‍ය විය………අවසානයේ ඔවුන්ට මවගේ එකම සොයුරා වන රවීන්ද්‍ර දන්තනාරායනගේ පිහිට පැතීමට සිදු විය………… ඒ වෙනුවෙ
න් ඔහු සිය පුතුට දෙව්සිත්මි විවාහ කර දෙන මෙන් පැවසුවේ හරියට ගණුදෙනුවක් ලෙසින්……… දෙව්සිත්මි යනු ඉතාම සුන්දර ඇත්දල පැහැති සමක් හිමි මනා පියකරු රෑ සපුවකින් යුතු යුවතියකි …

ඇගේ සඅන්දර රුවට වශී වුන වේදේශ් ඇයට කැමති වූවත් ඔවුන් දෙදෙනා සතුටින් සිටියේ මාසයක් හෝ දෙකක් පමණි………. ඒ ඔහුගේ පෙම්වතිය වන නෙහාරා හමුවන තුරු පමණි…… ඔහුට ඇයව අවශ්‍ය වුනේ ලස්සනට අන්දාගෙන සාද වලට යාමට පමණි……… පසුව දරුවන් ගැන විමසන බැවින ඒ ගමනත් නැවතුනි……….. දැන් නම් ඇත්තේ කෙලෙයක අත්සනකට පමණක් සීමා වුන මහාම මහා කාලකණ්නි බැඳීමක් පමණි…….

වසර හතරක් මේ නිවසේ බිත්ති අතර තම සුන්දර යොවුන් විය නිකරුනේ විනාශ වි ගියේය…….ඉවසා ඉවසා බැරිම තැන තව තවත් ඉවසා ඉවසීමේ සීමාව දැන් බින්දුවට බැස තිබුණි…….

” සුදු අක්කේ…………….

දෙව්සිත්මි ගැස්සී ගියේ දොර දෙසින් ඇසුන හඬටයි……….. වෛදහී…….. කුම්භාණ්ඩයන් පිසාචයක් ඉන්නා ගෙදරක එකම දෙව්දුව ඇයයි…….. මේ වේදේශ්ගේ එක් සොයුරියක්….. ඇයට පිහිටා ඇත්තේ දෙව්සිත්මිගේ මාමාගේ ගතිගුණමය……….

” චූටි නංගා………. මොකද අද පරක්කු……

” අද class ටිකක් රෑවෙනකම් තිබුනා සුදූ…… යමුකෝ කන්න මට බඩගිනී……

” ඔයා යංකෝ…… මං එන්නම්……….

” අක්කා………මොකද අදත් අම්මලා එක එක ඒවා කිව්වද……..

” මං දැන් හිතන්නෑ ඒවා ගැන චූටි නංගි…….

” මට ඔයා ගැන හුඟක් දුකයි සුදු අක්කේ…… ඔයාට ලැබෙන්න තිබුනේ අපේ අයියා වගේ හිපාටුවෙක් නෙවේ…..

” එහෙනම්……..

” හිපාටුවෙක්” දෙව්සිත්මිට ඒ කතාවට හිනා යන්න ආවත් ඇය මුව තද කරගෙන වෛදහී දෙස බැලුවාය………

” ඔයාට හරියන්නේ අක්කා……. ම්ම්ම්ම් දුල්කාර් වගේ කෙනෙක්…… අපෝ නෑ…… රාම් වගේ……. නෑ නෑ ඒත් නෑ……. ම්ම්ම්මිම අක්කා ඔයාට හරියන්නේ මං හිතන්නේ හර්ෂවර්ධන් රානේ වගේ කෙනෙක්………..

” ඈහ්……. ඒ කවුද බං ඒ………..

වෛදහී හා කතා කරන විට දෙව්සිත්මි හට සියල්ල අමතක වේ…… ඇය තුල ජීවත් වන සියුමැලි දඟකාර තරුණිය අවදිවේ….

” ඇයි සුදු එදා අපි බැලුව ෆිල්ම් එකේ හිටියේ අර අනේ ඔයා අඬ අඬ බැලුවේ…….. සනම් තේරී කසම්…….

” අනේ එයාද………..

” හ්ම්ම්ම්ම්ම්ම්ම්….. දැන්වත් යමුද කන්න

වෛදහී දෙව්සිත්මි වත් ඇදගෙන පහලට ගියාය……… ඒ වෙද්දි සියළුම දෙනා නින්දට ගොස් සිටි නිසා ඔවුන් දෙන්නා හිතේ හැටියට විහිළු කරමින්ම ආහාර ගත්තා………….

” එහෙනම් සුදු අක්කේ……. මං යනවා නිදාගන්න……. අර මනුස්සයා නම් අදත් එයි මහ රෑ බේබද්දෙක් වගේ බීලා…… ඔන්නොහේ ඕනැ තැනක නිදාගත්තාවේ අක්කේ ඔයා දොර වහගෙන නිදාගන්න මං යනවා බුදුසරණයි Good night…….

වෛදහී ගිය පසු දොර යන්තම් වසා දමා දෙව්සිත්මි ඇඳෙහි දිගාවිය……… හෝරාවක් දෙකක් ගත වන විට යන්තම් ඇහැ පියවුනා විතරය………

” ස්…….ස්…..සි………තු………. ද් දො…….ර….අැ…..ර්ර්…….රපාන්……….

වේදේශ් අදත් හොදටම බීමතින් පැමිණ දොරට තඩිබායි…………. දෙව්සිත්මි ඉක්මනින් ගොස් දොර ඇරියාය…….

” ත්………තෝ………….න්…..නිදි……….ද. කුමා……රි………..හා…..හා.මි……….

වේදේශ් වැනෙමින් කාමරයට ආවේ දෙව්සිත්මි අල්ලාගත් අතත් ගසාදමමින්….

” ග…..ල….වප….න් ෂ…..පත්…..තු

දෙව්සිත්මි කිසිවක් නොපවසාම ඔහුගේ සපත්තු ගැලවුවාය………. ඔහු යලිත් නැගිට ගියේ සැරබීම රාක්කය වෙතයි……

” වේද්………… ඔය හොදටම ඇති බිව්වා.. දැන් නිදාගන්න…….

” මට ඇති කියන්න තෝ කවුද……….. ගිහින් උඹේ වැඩක් බලාගනින්………

වේදේශ්ගේ සැරපරුෂ වදන් වලින් බිය වූ දෙව්සිත්මි පසෙකට විය………. යලිත් අඩහෝරාවක් පමණ වෙදේශ් හොදටම බිව්වේය…….. කෙලින් සිටගන්නටවත් නොහැකි තරම් බිව්වේය………. අත වූ මත්පැන් බෝතලය අතින් ලිස්සාගොස් බිම වැටී කෑලි කෑලි වලට කැඩී ගියේය……

” ම……….ට………නි………දා……ග…..න්……නෝ….න……………

දෙව්සිත්මි වේදේශ් ව වත්තම්කර ගත්තාය……. නමුත් අනපේක්ෂිත ලෙස ඔහු එල්ල කල කම්මුල් පහරින් ඇගේ තොල පැලී ලේ ගලන්නට විය…….. අමාරුවෙන් හැඬුම් වාවාගෙන ඔහුව ඇඳෙන් දිගා කරවූ දෙව්සිත්මි බෝතල් කටු ඇහිඳින්නට සිතා කොස්සත් රැගෙන එන විට විසිරී තිබූ බෝතල් කටුවක ඇගේ පාදයක් කැපී ගියේය………..

” ඌහ්………….

කටුව ඉවත් කල ඇය ලේ පෙරෙන තුවාලය පිටින්ම එතැන අස්පස් කර දැමුවාය……. තොල අග වූ තුවාලයටත් කකුලේ තුවාලයටත් බෙහෙත් ගල්වාගත් දෙව්සිත්මි කොට්ටයකුත් ඇතිරිල්ලත් රැගෙන ගියේ ඇයට පුරුදු බැලිකනිය අසල සෝෆාවටයි………….

මත්පැන් ගඳ වහනය වන කාමරය ඇයට අපුලය………… ඒ ගඳට ඇය කුඩා කල සිටම අකැමතිය………… තාරුකාවන් දිලෙමන් මඳ වේලාවකින් කොළඹ නගරය තරමක් දුරට සන්සුන් විය…….. දෙව්සිත්මි හට මේ ගෙවන ජීවිතය ගැන කිසිම සතුටක් නැත………

ඉන් මිදීමට ඇයට අවශ්‍යය……… දැනටමත් ඇය එය සිතා අවසන්ය………….. මේ පුහු බැඳීමෙන් නිදහස් විය යුතු යැයි ඇය තීරණය කර දැන් බොහෝකල්ය…………..

නින්දත් නොනින්දත් අතර ගෙවූ දෙව්සිත්මි අවදි වුනේ පාන්දර හතර හමාරට පමණය……….. පාන්දරින්ම නිවසේ සියළු වැඩ අවසන් කල දෙව්සිත්මි නාගෙන හොඳ ඇදුමක් ඇඳගත්තේ මයුරපති කෝවිලට යන්නටයි…….. මෙහි ආදා පටන් එය ඇගේ පුරුද්දයි………….. කෞමදී දන්තනාරායන තමාට තහංච් නොදැම්මේ කෝවිලට යන ගමනට පමනි………… ඇය සෙමෙන් ගමනින් කෝවිලට ගියාය……………

නෙහාරා වේදේශ්ගේ නිවසට එන විට හත හමාරට පමණ විය…………. ඒ වන විට කෞමදීත් සිටියේ පහල මාලයේය……….

” Good morning aunty……..

” Good morning duwa…..

කෞමදී ඇයට කැමතිය………. ඇය හා වේදේශ් අතර සම්බන්ධයක් තිබෙනා බවද ඇය දනී………. නමුත් ඇය ඊට විරුද්ධත්වයක් නොපාන්නේ ඇය දෙව්සිත්මි හට අකැමති නිසාය……… තමසැමියාගේ දුප්පත් නැගණියගේ දුව තම ලේලිය ලෙස මෙහි කැඳවාගෙන ඒමට ඇය විරුද්ධ වුවත් රවීන්ද්‍රගේ බසට පිටුපාන්නට ඇයට නොහැකිය…….

” කෝ අම්මා වේදේශ්………

” උඩ කාමරේ ඇති දුව………

නෙහාරා ඉහල මාලයට ගියේ අඩියට දෙකටයි………….. විවාහක යුවලක් ඉන්න කාමරයකට එහෙම යන්න හොඳ නෑ කියන එක ඇය තුට්ටුවකටවත් මායිම් කලේ නෑ………….

වේදේශ් නාගෙන සුදු පාට ටවල් එකත් ඇඳගෙන කොණ්ඩය හදමින් සිටියේය……… නෙහාරා ඔහුව වැලඳගනිද්දි ඒ සුපුරුදු පහසින් මත්ව ගිය වේදේශ්ට ඉන්නේ ගෙදර කියාත් අමතක විය………..

෴_

ඔවුන්ගේ අනඟ ආලිංගනය තවමත් අවසන්ව නොතිබුණි…… මෙපමණ කලක් පිටතදී ඇය හා කුමන නැටුම් නැටුවත ඕ කිසිවක් ඔහු නිවස තුලට රැගෙන නොආවේය…….. නමුත් අද ඔහුම ඔහු විසින් සිය කුලගෙය ගිණි තබා ඇත……….

කෝවිලේ සිට නිවසට පැමිණි දෙව්සිත්මි උඩට ගියේ කල්පනාවෙන්මයි… දොර අඩවන්ව තිබුණි……. කාමරයෙන් ඇහෙන කෙඳිරිලි වලින් දෙව්සිත්මි තැතිගත්තාය…….. ඇය එක්වරම දොර විවර කරන විට දුටු දසුනින් ගල්ගැහී ගියාය…………

දෙව්සිත්මි ආ බවක් වත් ඔවුන්ට නොදැනුනි…….. ඒ තරම්ම උමතුවෙන් සිටි ඔවුන්ගේ නූල් පොටක් වත් නැති නග්න සිරුරු දුටු දෙව්සිත්මි හට කෑ ගැසුනි……..

” වේ………….දේ…………………ශ්……….

••••මතු සම්බන්ධයි•••••