17

නන්ගි ඔයාගෙ යාලුවෙක් ඔයාට තෑන්ක්ස් කරන්න කිව්ව.

මගෙ යාලුවෙක්?

ඔව්.

කවුද?

කිලාන්.

එයා මගෙ යාලුවෙක් නෙවේ. ඒ උනත් මොකටද තෑන්ක්ස් කරන්න කිව්වෙ මොනව කලාටද?

මිනිහට අපෙ ඉස්කෝලෙ මීඩියා යුනිට් එක බාර දීලනෙ. ඒ වගේම ඕල් අයිලන්ඩ් කම්පටිශන් එකට යන්න ලැබිලනෙ.

ඉතින් මට තෑන්ක්ස් කරන්නෙ ඇයි?

ඔයා කියපු වැරදි හදාගත්තු නිසාලු ඒ ඔක්කොම හම්බුනේ.

මම කියපු නිසා නෙමෙයි. එයා ඒව හදාගන්න ඇත්තෙ එයාම හිතල. මම කියන ඒව අහන්න මම එයාගෙ කවුද? කොහොම උනත් කාට හරි හොදක්නෙ වෙලා තියෙන්නෙ. මට ඒ වලින් වැඩක් නෑ.

අනෙ අම්මේ මගෙ කොච්චි කරල. කාම් ඩවුන් කාම් ඩවුන්. මේ කෙල්ලට කිලාන් මතක් කරත් තරහ යන හැටි.

කිලාන් ගැන පුන්චි වත් හැගුමක් කෙල්ලගෙ හිතේ නැති බව මිහින් ට තේරුනා. ඒත් කිලාන්ගෙ හිත ගැන මේ වෙනකොට හොදටම තේරුම් අරගෙන හිටියෙ මිහින්. ඔහු ඒ ගැන හිටියෙ කනගාටුවෙන්. කිලාන් ගැන අනුකම්පාවක් දැනුන මිහින්ට.

ඒක නෙවේ අයිය ඔයා ඒ කියපු කම්පටිශන් එකට අපේ ඉස්කෝලෙන් යන්නෙ මම.

ෂාහ් මරුනේ නංගි මට ගොඩක් සතුටුයි. අනිවාරෙන්ම ඔයාට ප්ලේස් එකක් තියෙයි.

ඒ උනත් මීට කලින් කාටවත් ප්ලේස් හම්බවෙලා නෑලු. මුලු ලන්කාවෙම ඉස්කෝල වල ලමයි එනවනෙ.

කවද ඉදන් ද නෙගටිව් විදියට හිතන්න පුරුදු උනේ ආ මැට්ටි. මිහින් ඇහුවෙ කෙල්ලගෙ කනෙන් ඇදල.

ඌයි මට රිදෙනව ගෙම්බො. අම්මා මේ බලන්නකො අයියා.

හයියෝ ඔය මව් යානයට කේලම් කියන්න එපා බන් මම කනක් ඇහිල ඉන්නෙ ඔහොමද. කාට නැති උනත් ඔයාට ප්ලේස් එකක් තියෙනව මම දන්නවනෙ ඒක.

නිවේදන තරගාවලියේ දිස්ත්‍රික් තරග පැවැත්වෙන දිනය උදා විය. එක දිස්ත්‍රික්කයකින් තිදෙනෙකු බැගින් තෝරාගෙන පළාත් මට්ටමින් තරගය ද ඉන්පසු පළාත් මට්ටමින් තිදෙනෙකු බැගින් තෝරාගෙන සමස්ත ලංකා තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. අදාළ තරග පැවැත්වුනේ වෙනත් නගරයක දුර බැහැර පාසලක වූ බැවින් මෙහන්සා එයට සහභාගී වුයේ අම්මාත් එක්ක. නමුත් තරග පැවැත්වෙන ශාලාවේ දෙමාපියන්ට ඉන්න දුන්නේ නැති නිසා කෙල්ල තනි වුනා එතන. ගොඩක් ඉස්කෝල වලින් ළමයි ඇවිත් හිටපු නිසා සියයකට අධික පිරිසක් සිටි අතර ථෙඉ පත් වන තිදෙනා අතරට එන එක නම් හීනයක්ම වෙනු ඇතැයි කෙල්ලට හිතුන. සැහෙන පිරිසක් මැද්දේ තමන් තනි වෙලා වගේ කියල කෙල්ලට හිතුන. කෙල්ල බයෙන් බයෙන් වට පිට බැලුවේ දන්නා කවුරුහරි හිටිය නම් කියල.

කතා කරේ නැතත් අඩුම ගානේ අර දඩබ්බරයා වත් හිටියා නම්? කෙල්ලට හිතුන. අයිය කිව්වනේ එයත් එනවා කියල. කෝ එයා?

දෙනෙතට හසු වන හැම තැනම බැලුවත් ඇය දුටු කිලාන් කෙනෙක් නම් නැත. කෙල්ල දැක්කේ තැන තැන කණ්ඩායම් හැදිල කතා කර කර හිටපු සිසු සිසුවියන් විතරයි. එක පාරටම ගිහින් ඔවුන් අතරට එකතු වෙන්න කෙල්ලට බැහැ කියල හිතුන.

කෙල්ලගේ ඇහැට ගැටුනේ නැතත් පෙනෙන මානේ ඉදන් කිලාන් බලන් හිටියේ කෙල්ල දිහා. කොල්ල වේලාසනම තරගේ තියෙන තැනට ආවේ කෙල්ලව දකින්නමයි. මිහින්ගේ අම්මත් එක්ක කෙල්ල එනවා කොල්ල දැක්ක. තරගේ තියෙන තැනට ඇයව ඇරලවල ආන්ටි ආපහු දෙමව්පියන්ට වෙන් කරලා තිබුණු ශාලාවට යනවත් කොල්ල බලාගෙන. නුපුරුදු කැලයක තනි වෙච්ච බියපත් මුවැත්තියක් වගේ වට පිට බලමින් සිටි ඈ එදා ඔක්කොම ඉස්සරහ තමන්ට චෝදනා කරපු කෙල්ලම ද කියල කොල්ලට හිතුන. නාදුනන පිරිසක් මැද අතරමන් වෙලා වගේ හිටපු ඇය දන්නා කියන කෙනෙක්ට ඉන්නේ තමන් විතරයි. ඒ නිසා ගිහින් කතා කරන්න ඕනේ කියල කොල්ලට හිතුන. නමුත් මේ කෙල්ල කතා කරයිද? කොල්ලට පැකිලීමක් දැනුනේ එදා වැස්ස දවස මතක් වෙලා. එදත් එයා මාව ප්‍රතික්ෂේප කළා. අදත් එහෙම උනොත්? ඒ නිසා කෙල්ල ලගට යන්නේ නැතුව කොල්ල දුර ඉදන්ම ඇය දිහාම බලන් හිටියෙ.

ටික වෙලාවකින් ඇයට ලං වෙන කොල්ලෝ කිහිප දෙනෙක්ව කිලාන් දැක්ක. කෙල්ල තනියම හිටපු නිසා කොල්ලෝ ටික හැරෙන්නේ මොකට ද කියල තෙරුම් ගන්න කොල්ලට අමාරු උනේ නැහැ. මොකද ඉතින් අවුරුදු ගානක් ඔය අත්දැකීම තියෙනවනේ කොල්ලට. එනිසා කොල්ල දඩිබිඩි ගාල හිටපු තැනින් නැගිට්ට. තමන්ට අයිතියක් නැතත් පලවෙනි වතාවට තමන්ගේ හදවතේ දැවැන්ත ප්‍රතිමාවක් වෙච්ච කෙල්ලට තමන්ගේ ඇස් ඉස්සරහම තව අයගේ විහිළුවක් වෙන්න කොල්ල ඉඩ දෙයිද? කෙල්ල බැන්නත් කමක් නැහැ මේ වෙලාවේ නම් ඇය ආරක්ෂා කරගන්න එක තමන්ගේ වගකීම.

මේ නංගි. කන ලගින්ම ඇහෙනකොට කෙල්ල බැලුවේ කිලාන් බලාපොරොත්තුවෙන්. නමුත් එතන හිටියේ වෙන කොල්ලෝ ටිකක්. ඒ නිසා කෙල්ල ආයෙත් ඉස්සරහ බලාගත්ත.

අහ් බලපන්කො ගණන් මෙයාගේ.

කෙල්ල වචනයක් වත් කිව්වේ නැහැ.

කතා කරන්න බැරි ද කොහෙද බන්.

තොට විකාරද? කතා කරන්න බැරි නම් මේ වගේ තරග වලට එන්න පුළුවන් ද?

ඉතින් මොකද ඔයා තනියම?

නෑ එයා මම එනකම් හිටියේ. තැනක් යු මචන්. කිලාන් කිව්වේ පිටිපස්සේ ඉදල. කෙල්ලත් දඩිබිඩි ගාල හැරිලා බැලුවේ අදහගන්න බැරි දෙයක් වෙච්ච ගානට.

මේ.. මේ.. මචන් මුකුත් හිතන්න එපා.. පිරිසේ හිටපු එක කොල්ලෙක් කිව්වා.

හරි බන් අවුලක් නෑ. කිලාන් කිව්වේ හිනා වෙලා.

කොල්ලෝ ටික හැරිලා යන්න ගියා.

කවුද බන් ඒ?

කිලාන් බන්. මම දැනන් හිටියේ නැහැ ඌ දන්න කෑල්ලක් කියල. කොල්ලෝ ටික කියා කියා යනව කිලාන්ට ඇහුනත් කොල්ල සද්ද නැතුව හිටිය. තමන්ගේ තැනක් නොවෙන නිසා මුකුත් ප්‍රශ්න ඇති කරගන්නත් බෑනේ. නැත්තම් දනී මං. කොල්ල හිතුවේ දත්මිටි කමින්.

කොල්ලෝ ටික ගියාට පස්සේ කොල්ල බැලුව කෙල්ල දිහා. කතා කරනවද නැද්ද කියල හිත හිත. කොල්ලට තාමත් මතක් වෙනවා එදා වැස්ස දවසේ කියපු ටික. ආයෙත් මොනා හරි කෙල්ල කිව්වොත් හිත රිදෙයි කියල බය හිතුන කොල්ලට. මිනිත්තුවක් දෙකක් විතර ගියා.

තෑන්ක්ස්. කෙල්ල හෙමින් කිව්ව.

ඒක හිතන්නෙපා මෙහන්සා. කොල්ල කිව්වේ වචනයක් වත් කෙල්ල කතා කරපු එක ගැන සතුටෙන්.

ඇයි අද මෙහෙම කලේ? ඒගොල්ලන්ට එකතු වෙන්න තිබුනනේ ඔයාට? කෙල්ල ඊළගට අහද්දී කොල්ලට හිතට ආපු සතුට හිරු දුටු පිනි වගේ නැති වෙලා ගියා. මොකද ඒ ප්‍රශ්නේ බලාපොරොත්තු වුනේ නැහැ කොල්ල.

වෙනින් කෙල්ලෙක්ට නම් සමහරවිට මම එහෙම කරන්න තිබුන මෙහන්සා. ඒත් ඔයාට එහෙම කරන්න මට බැහැ. කොල්ල ඇත්තම කිව්වේ සුසුමක් ද හෙලමින්. කෙල්ලට බොරුවක් කියන්න හිතුනේ නැහැ කිලාන්ට.

ඇයි ඒ? කෙල්ල ඇහුවේ පුදුමෙන්.

ඔයා මිහින්ගේ ගර්ල්නේ. මම කොහොමද එහෙම කරන්නේ. කොල්ල කිව්වේ තමන්ගේ ඇත්තම සිතිවිලි කෙල්ලට කියන්න තිබුන නම් කියල හිත හිත.

කිලාන් මේ කියන්නේ අයිය ගැන කියල මතක් වෙලා කෙල්ලට හිනාවක් ආව මූණට. එතකොට තමයි කෙල්ලට මතක් වුනේ කිලාන් හිතන් ඉන්නේ මොකද්ද කියල.

කෙල්ල හිනා වෙනවා දැකපු කිලාන් කල්පනා කලේ ඒ මොකටද කියල. තමන් හිනා වෙන්න දෙයක් කිව්වද? එදා වාහනේ ආපු වෙලාවෙත් කෙල්ල මේ වගේම අමුතු විදියට හිනා වුනා කොල්ලට මතකයි. තමන් දන්නේ නැති දෙයක් මේ හිනාවෙ හැංගිලා තියෙනවා කියල කොල්ලට හිතුන.

තමන්ට කොල්ල ගැන වෙනද වගේ තරහක් ආවේ නැති එක ගැන කෙල්ල හිටියේ තමන් ගැනම පුදුම වෙලා. කොල්ලත් එක්ක කතා කරන්න ඕනේ කියල කෙල්ලට හිතුන. කොල්ලගේ පෙනුමෙන් ද කතා බහෙන් ද හැසිරීමෙන් ද මේ ඉන්නේ නම් මිතුරියෝ හැම වෙලේම කියන කිලාන් නම් නෙමෙයි කියල කෙල්ලට හිතුන.

අපි අතනින් වාඩි වෙමු නේද මෙහන්සා? කොල්ල අහනකොට කෙල්ල ඔලුව වැනුවේ හා කියල.

මම ප්‍රශ්නයක් අහන්න ඔයා ඇත්තම කියනව ද? කෙල්ල ඇහුවේ ඉදගත්තට ගමන්.

ඕනෙම දෙයක් අහන්න මෙහන්සා. කොල්ල කිව්වේ කලින් දවස් වල වගේ ඇය තමන්ව ප්‍රතික්ෂේප කලේ නැති එක ගැන සතුටෙන්.

කෙල්ලන්ට විහිලු කරලා මොන වගේ සතුටක් ද ලැබෙන්නේ ඔයාලට. මට ඒක ලොකු ප්‍රශ්නයක්?

මන් දන්නේ නැහැ මෙහන්සා. ඔය හැමෝම කරනවනේ. කොල්ල කිව්වේ අමාරුවෙන් වචන හොයාගෙන.

බොරු කියන්න එපා. මම දන්නේ නැහැ කියලද හිතුවේ. මට ආරංචි වෙනවා. හැමදාම ඔයා ක්ලාස් එකේදී කරන ඒවා. මට පුදුමයි මම මෙහෙම ඔයා එක්ක කතා කරන එක ගැනත්. කෙල්ල කියනකොට කොල්ලට උත්තර නැති උනා. ඇය මේ මාතෘකාව ආයෙත් කතාවට ගනී කියල කිලාන් හිතුවේ නැහැ. ඔහුට දැනුනේ පොඩි කාලේ වැරද්දක් කරලා අම්මට අහු උනාම ඇතිවෙන හැගීම වගේ හැගීමක්.

ඇත්ත මෙහන්සා හැමදාම හැමදේම පටන් ගන්නේ මම තමයි. හැබැයි ඒ වලින් ලැබෙන්නේ මොන වගේ සතුටක් ද කියල මම කවදාවත් හිතල නැහැ. කොල්ල කිව්වේ අවංකවම ඔහුට හිතුනු දේ.

තමන් කරන දේක අරමුණ වත් දන්නේ නැද්ද ඔයා? කාටහරි විහිලු කරලා අපහසුතාවයට පත් කරලා හිනා වෙන එක කොච්චර පහත් වැඩක් ද? කෙල්ල ඇහුවේ කොල්ල දිහා කෙලින්ම බලල. ඒ නිල්පාට ඇස් දෙකේ තිබුනේ තරහක්. කොල්ලට ආයෙත් ඇය තරහ ගස්සන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

අනේ ඔහොම කතා කරන්න එපා මෙහන්සා ප්ලීස්. කොල්ල මේ තරම් අසරණ වෙලා නැහැ කවුරුත් ඉස්සරහ.

කරන්න හොදයි. කියනවට කැමති නැහැ නේද ඔයා? කෙල්ල ආයෙත් ඇහුවේ සැර බාල කරලා. මේ කොල්ලට බනින්නම හිතෙන්නේ මොකද මන්ද. කෙල්ලට හිතුන. කොල්ල බලන් හිටිය විදිය දැක්කම නම් කෙල්ලටත් දුක හිතුන. මේ නම් කෙල්ල දැනගෙන අහල තිබුණු කිලාන් නම් වෙන්න බැහැ. කෙල්ලට හිතුනේ දෙවෙනි සැරේට.

මම ආයෙත් එහෙම කරන්නේ නැහැ මෙහන්සා.

කොල්ල කියනකොට කෙල්ල හැරිලා කොල්ල දිහා බැලුවේ පුදුමෙන්. තමන් කියන දෙයක් පිලි අරගෙන ඔහුගේ සුපුරුදු දේවල වලින් ඈත් වෙන්න තරම් බැඳීමක් ඇයි?

ප්‍රොමිස්? කෙල්ල ඇහුවේ සතුටෙන් වගේම පුදුමෙන්. නමුත් ඒ ගැන පොරොන්දුවක් ගන්න තරම් ඔහු තමන්ගේ කවුද? මෙහන්සා මොනවද ඔයා මේ කියන්නේ? කෙල්ල හිතෙන් ඇහුවේ තමන්ගෙන්ම.

කිලාන්ට මොහොතකට අමතක උනා ඇය කාගේ කවුද කියල. කෙල්ලගේ අත අරගෙන ඒ උඩින් තමන්ගේ අත තියල කොල්ල ඒ නිල පාට ඇස් දෙක දිහා කෙලින්ම බැලුව.

මම පොරොන්දු වෙනව මෙහන්සා. ඊට පස්සේ කොල්ල කිව්වේ තමන්ට පුළුවන් විශ්වාසවන්තම කටහඬින්.

තෑන්ක්ස්. කෙල්ල හෙමින් කියල ඔහුගේ දෑතට මදි වෙලා තිබුණු තමන්ගේ සුරත මුදවගත්ත.

පිරිමි අයගේ සුරත මෙච්චර උණුසුම් මොකද. අයියගේ වගේමයි. එය ප්‍රිය කල ඇය නිතරම ඔහුගේ සුරත් ගෙන මුණේ තියාගෙන ඉන්නවා.

මේකි බන්දල දෙන දවසට මනමාලයාගේ පලවෙනි සුදුසුකම වෙන්න ඕනේ හිටරයක් වගේ රස්නේ වෙන එක. ඇයි යකෝ මේක මාර වැඩක්නේ. මිහින් කියන්නේ කෙල්ලගේ මේ පුරුද්ද හින්ද.

කිලාන්ටත් ඒ වගේම ආදරණිය උණුසුමක් තියෙනවා කියල කෙල්ලට හිතුන. කෙල්ලට මොහොතකට හිතුන ඒ ඇත අරන් මුණේ තියාගන්න.

මෙහන්සා මොනා වෙලාද ඔයාට? විකාර හිතන්නේ. කෙල්ල හිතුවේ මුනත් රතු කරගෙන තමන්ගේම සිතිවිලි ගැන ලැජ්ජාවෙන් වගේම කැළඹීමකට පත් වෙලා.

කෙල්ල මේ බය වෙලා ඉන්නේ තමන් අතින් අල්ලපු හින්ද කියල කොල්ලට හිතුන.

සොරි මෙහන්සා. කොල්ල කිව්වේ බයෙන් වගේ.

කමක් නැහැ. කෙල්ල බිම බලාගෙන සිහින් හඬින් කිව්ව. දෙවියනේ. මම හිතපු ඒවා දන්නවනම්.

කිලාන් සුසුමක් හෙළුවේ මහත් සහනයකින්. මේ තරම් වත් කතා කරපු එකම කොච්චර වටිනවද? ඇයගේ එක හිනාවක් වත් තමන්ට හිමි වෙන්න ඕනේ කියල හිතපු කොල්ලට කෙල්ල මෙච්චර හරි ලං වෙච්ච එක සතුටක්. සිත තුල ඇය වැජඹෙන බව සැබෑය. නමුත් ඒ සිතැගි හෙළි කරල මේ දැන් ඇරඹුණු සුන්දර බැඳීම අහිමි කරගන්න කොල්ලට ඕනේ උනේ නැහැ. ඇය තමන්ගේ හොදම මිතුරෙකුගේ පෙම්වතිය. තමන්ට ඇය හිමි නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒත් කොච්චර මහන්සි වෙන්න ඕනේ ද කෙල්ල ඉස්සරහ සිතිවිලි හිර කරගෙන ඉන්න.

කොල්ල සමාව ඉල්ලපු එක ගැන දුක හිතුන මෙහන්සට. ඒ මොකද කියල ඇය හිතුව. හිතපු තරම් ඔහු නරක කෙනෙක් නෙමෙයි. තමන්ට කවදාවත් නැතුව ඔහු ගැන පහන් හැගුමක් දැනෙන්නේ ඇයි?

නම ගැලපෙනවා. කිලාන් පහන්සිත්. සිතමින් කෙල්ල හිනා උනේ හිතෙන්.

ඇයි කතා නැත්තේ? කොල්ල ඇහුවේ ඒ නිහඬ බව දරන්න බැරි තැන.

මුකුත් නැහැ. කෙල්ල කිව්වේ ගොඩක් හෙමින්. හිත හිත හිටියේ එයා ගැන කියල කොහොම කියන්නද? මේ අයිය නෙමෙයි. මිහින් උනා නම් කෙල්ල හිතට දැනෙන හැමදේම කියන්නේ කිසිම තෝරා බැලීමක් නැතුව. මේ අයියත් නෙමෙයි. යාලුවෙකුත් නෙමෙයි. අද වෙනකම් පෙන්නන්න බැරුව හිටපු කොල්ලෙක්. ඒත් අනේ මන්ද? කෙල්ලට දැන් නම් ඔහුත් එක්ක තරහක් තිබ්බද කියල වත් හිතට එන්නේ නැහැ. කෙල්ලට ඔහු වෙතින් දැනුනේ රැකවරණයක්. කෙල්ල ඒ හැගුම් තේරුම් ගන්න උත්සහ කළා.

ඔයා තරහ වෙලාද මාත් එක්ක? කොල්ල ආයෙත් ඇහුව.

නැහැ. ඔයා දන්නවද ඔයාගේ නමේ තේරුම? කෙල්ල කතාව හැරෙව්වා.

අනේ මන්ද මෙහන්සා. මම දන්නේ නැහැ.

සිනහව. සතුට. කෙල්ල කිව්ව.

එතකොටම ඇගේ තරග අංකය නිවේදනය වෙච්ච හින්ද කෙල්ලට යන්න සිදු උනා.


සියලුම තරගකරුවන් තරග කිරීමෙන් අනතුරුව ප්‍රතිපල ප්‍රකාශයට පත් කරන අවස්තාව එළඹිණි.

මෙහන්සා නිල්නයනි. මුලින්ම කියවුනේ කෙල්ලගේ නම.

කෙල්ල ගියේ ගොඩක් සතුටෙන්. අච්චර පිරිසකගෙන් පළාත් තරගයට තේරුණ එකම මදැයි. ඒ අවස්ථාවේ කොල්ල ගොද්දක් සතුටින් අත්පොලසන් දෙනවා දැක්කම කෙල්ලට දැනුනේ දරාගන්න බැරි තරම් පුදුමයක්. එදා විද්‍යා දිනය දවසේ දුටු කිලානුත් දැන් දකින මොහුත් කොච්චර වෙනස්ද. කෙල්ල තරගේ ජයග්‍රහණය ගැන හිතනවට වඩා කලේ කොල්ලගේ මේ වෙනස් වීම ගැන හිතපු එක.
ඉන්පසු තවත් සිසුවෙකුගේ නමක් කියවුණු අතර අනතුරුව කිලාන් මහත් ප්රිතියකට පත් කරමින් කියවුනේ ඔහුගේ නම. කොල්ල නිවේදකයා දිහා බැලුවේ අදහගන්න බැරි දෙයක් කියැවුණ ගානට. ඒ කියවුනේ මගේ නම ද? නැත්තම් තවත් කිලාන් පහන්සිත් කෙනෙක් සිටි ද? නැත. සත්සර විද්‍යාලයෙන් පැමිණි එකම කිලාන් පහන්සිත් මම විතරයි. දෙවියනේ ඒ කියන්නේ මටත් දෙවෙනි වටේට යන්න පුළුවන්. කොල්ලට ලොකු සතුටක් දැනුන ඒ වෙලාවේ. කොල්ල දුවල ගිහිල්ල ස්ටේජ් එකේ කෙල්ල ගාවින් හිටගත්තා.

තේරී පත්වෙච්ච තරගකරුවන්ට සුභ පැතීමෙන් පස්සේ වැඩසටහන ඉවර උනා.

මගේ සුභ පැතුම් මෙහන්සා

ඔයා තේරුණ එක ගැන මටත් සතුටුයි.

ඒ සේරම ඔයා නිසයි.

මම නිසා? ඒ කොහොමද?

ඔයා කියපු නිසා තමයි මම මගේ වැරදි අඩුපාඩු හදාගත්තේ announcing වල. ඒ නිසයි මට අද මේ තරගෙට එන්න හම්බුනේ. ඒ නිසයි දිනන්න හම්බුනෙත්.

ඇයි මිට කලින් කවුරුත් ඒවා පෙන්නලා දීල තිබුනේ නැද්ද?

තියෙනවා. ඒත් ඔයා කිව්වට පස්සේ තමයි ඒවා හදාගන්න ඕනේ කියල මට හිතුනේ.

ඇයි ඒ?

ඒකට හේතුව මම වත් දන්නේ නැහැ මෙහන්සා.

කොහොමහරි ඔයාට උනේ හොදක්නේ. මට සතුටුයි ඒ ගැන, අද කරපු උදව්වට ගොඩක් ස්තුතියි.

එක එච්චර හිතන්නෙපා මෙහන්සා.’

එහෙනම් මම යනවා. ඊලග තරගෙදි හම්බවෙමු. බායි. කෙල්ල එහම කියල ගියේ යන්තම් වගේ හිනා වෙලා.

ඇය කියන්නේ ඊලග තරග වාරය වනතුරු ඇය හමු නොවන බව ද? තමා පිලිබඳ සාමාන්‍ය මිතුරෙකුගේ මට්ටමින් හෝ සිතන්නට ඇය සුදානම් නැහැ කියල කොල්ලට හිතුන. තමන් දුවන්නේ මිරිගුවක් පස්සේ කියල කොල්ලට හිතෙනවා. එත් ඒකෙන් මිදෙන්න කොල්ලට උවමනා උනේ නැහැ. ඇය එක්ක වචනයක් කතා කරත් ඇති කියලයි කොල්ලට හිතෙන්නේ.


දෙවෙනි තරග වටය එනම් පළාත් තරග වටය උදා උනා. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම තේරී පත්වුණු සිසුන් 50කට ආසන්න පිරිසක් පළාත් තරග වටයට සහභාගී වෙන්න ලෑස්ති වෙලා හිටිය.

තරගාවලිය පැවැත්වෙන පාසලට වේලාසනින්ම ගියපු කිලාන් බලන් හිටියේ කෙල්ල එනකම්. ඇත්තටම කොල්ල මේ දවස එනකම් හිටියේ ඇගිලි ගැන ගැන. තරගෙට තිබ්බ ආසාවට එහෙම නෙමෙයි. පලවෙනි තරගේ තිබිල මාසෙකට පස්සේ තමයි දෙවෙනි තරගේ තිබුනේ. ඒ කාලේ ඇතුලත දෙන්න මොන විදියකින් වත් හම්බුනේ නැහැ. කෙල්ල අදත් ආවේ මිහින්ගේ අම්ම එක්ක. නමුත් මේ සැරේ කෙල්ලව ඇරලවල මිහින්ගේ අම්ම ආයෙත් යන දිහා කොල්ල බලන් හිටිය. වටපිට බලපු මෙහන්සා දැක්ක කිලාන් ඉන්නවා ගේට්ටුවට ටිකක් දුරින්. ඒ නිසා කෙල්ල ඉතීම් කිලාන් හිටපු පැත්තට ආව හෙමින් හෙමින්. කොල්ලට දැනුනේ සතුටක්. ඇය තමන්ව මග හැරියේ නැහැනේ. ආදරේ කරනකොට ඒ ආදරේ කරන යුවතිය කරන පුංචි දෙයක් හරි ඇති සතුටු වෙන්න.

ගුඩ් මෝනින්.

වෙරි ගුඩ් මෝනින් මෙහන්සා.

මොකද අද සතුටින් වගේ?

මම හැමදාම සතුටින් තමයි මෙහන්සා.

ඔව්. ඒ නිසා තමයි එදා… කෙල්ල කියන්න ගිය දේ ගිලගත්තත් කොල්ලට තේරුණා මොකද්ද කියන්න ගියේ කියල. කොල්ලගේ මුනත් එක්ක මැලවුණේ ඒ හින්ද.

තාමත් ඒකට මට සමාව දෙන්නැද්ද මෙහන්සා?

මගේ සමාවෙන් ඔයාට ඇති වැඩේ මොකද්ද?

මට ඒක ගොඩක් වටිනවා.

ඇයි ඒ?

හේතු දාහක් කියන්න පුළුවන්. ඒත් ඒ එකක්වත් කෙල්ලට කියාගන්න බැරුව තමා කොච්චර අසරණ ද?

හේතුව මේකයි මෙහන්සා. මගේ අතින් වැරද්දක් උනේ ඔයාගේ ඉස්කෝලෙට. ඔයාගේ යාලුවන්ට වගේම ඔයාට. මම දැන් දන්නවා එදා කලේ කොච්චර ලොකු වැරද්දක්ද කියල. ඔයා හිටියේ නැත්තම් එදා කොච්චර ලොකු ලජ්ජාවක්ද වෙන්නේ. ආයෙත් කවදාවත් මගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මට ඔයාගේ සමාව ගොඩක් වටිනවා.

ඕනෑම වැරද්දක් කරලා සමාව ඉල්ලුවම හරි කියල ද ඔයා හිතන්නේ?

ලෙඩ පපුවකට පිහියෙන් අනින්න එපා මෙහන්සා. කොල්ල කිව්වේ වේදනාවෙන්.

ඒ හඬේ කොච්චර දුකක් පසුතැවීමක් තිබුනද කිව්වොත් කෙල්ලත් තිගැස්සුනා. කෙල්ල ඒ නිසාමයි හෙමින් ඔලුව හරවල කොල්ල දිහා බැලුවේ. තමන් එනකොට ඒ ඇස් වල තිබුණු සතුට හොයාගන්න බැරි තරමට අතුරුදහන් වෙලා ඒ වෙනුවට දැන් ඒ ඇස් වල තිබුනේ පරාජිත මලානික බවක්. ඒ බව දැක්කම කෙල්ලට දුක හිතුන. ඔහුට මෙච්චර දුක හිතෙන්න තරම් දෙයක් තමන් කිව්වද? ඊටත් කිලාන් කියන්නේ මෙහෙම හැසිරෙන කෙනෙක් නෙමෙයි. ඔහු දුක පසුතැවීම හදුන්නන්නේ නැති බව අයිය කියල තියෙනව. යාළුවො කියල තියෙනව. නමුත් දැන් මේ දෑසේ සටහන් වෙලා තියෙන දුක පසුතැවීම හැම දේම දකින කෙල්ලට ඒ හැමෝම කියපු දේවල් බොරු කියල හිතුන. තවත් කොල්ලව රිදවන දේවල් කියන්න කෙල්ලට හිතුනේ නැහැ.

හරි.. අපි ඒක අමතක කරමු. කෙල්ල කිව්වේ ඒ හින්ද.

කොල්ලට සතුටක් දැනුන කෙල්ල එහම් කිව්වම. ආයෙත් කලින් තිබුණු හිනාව ඒ දෙතොලේ සටහන් වෙනවා දැකපු කෙල්ල කල්පනා කරේ ඒ හිනාව කොච්චර පියකරු ද කියල.

තැන්ක්ස් මෙහන්සා

තාම තරගේ පටන් අරගෙන නෑ නේද? අටාමාරට නේ පටන් ගන්නවා කිව්වේ. කෙල්ල කතාව වෙන පැත්තකට හැරෙව්වා.

ලංකාවේ කවද්ද මෙහන්සා වෙලාවට වැඩක් කරේ.

ඒක නම් ඇත්ත තමයි.

ඒ උනාට අද ඉක්මනට ඉවර වෙයි ටික දෙනයිනේ ඉන්නේ.

හ්ම්ම්ම්ම්ම්

ඔයා හිතනවද මේකෙනුත් සිලෙක්ට් වෙන්න පුළුවන් වෙයි කියල.

එක ඉතින් මට කියන්න බෑ. ට්‍රයි කරලා බලනවා. පළාත් එකට තේරුණා එකම මදැයි. ඒත් මම උත්සහ කරනවා.

ඒක තමයි වෙන්න ඕනේ මෙහන්සා. මාත් මට පුළුවන් තරමින් උත්සහ කරනවා. මේකට වත් සිලෙක්ට් උනේ කොහොමද කියල මට හිතාගන්නවත් බැහැ.

කතාවෙන් කතාවෙන් දෙන්න තරගකරුවන්ට එවන් කරලා තිබුණු ශාලාවට ගියා.

ඔයාට හොද ටැලන්ට් එකක් තියෙනවා. ඔයා ඒක අදුනගෙන නැහැනේ. අපි අතනින් වාඩිවෙමුද?

දැන් නම් මම ඒක අදුනගෙන ඉන්නෙ මෙහන්සා. කිලාන් කිව්වේ අසුන් ගනිමින්.

එහෙම නම් ලොකු දෙයක්.

මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?

ප්‍රශ්නයක්? කෙල්ල පුදුමෙන් ඇහුවේ ඔහු ඒක අහපු බැරෑරුම් විදිහ හින්ද. අහන්න.

ඇයි ඔයා මට නම කියල කතා කරන්නේ නැත්තේ?

තමන්ගේ සෑම වදනක්ම ඔහු ඒ තරමට ග්‍රහණය කරගෙන කියල කෙල්ලට හිතුනේ නැහැ. ඔහුට නමින්ම මතන්නට තරම් බැඳීමක් ඔවුන් අතර නැහැ. අඩුම තරමේ මිතුරුකමක් වත්. ඇය නිකමට වත් කොල්ලට නම කියල කතා කරේ නැත්තේ ඒ නිසා. ඊටත් වඩා ඔහුට එහෙම සමීපව අමතන්න බහ කියල කෙල්ලට හිතුන. ඒ නිසා නමක් ගමක් නැතුව කතා කරන එක හොදයි කියල කෙල්ලට හිතුන.

නම කියල කතා කරන්න තරම් බැඳීමක් අපි අතරේ නැහැනේ. කෙල්ල ඒ ටික කිව්වේ හෙමින්.

ඔයා කියන්නේ කෙනෙක්ට එයාගේ නමින්ම කතා කරන්නත් බැඳීමක් තියෙන්න ඕනේ කියලද? කොල්ල ඇහුවේ තමන්ගේ හිතට දැනුනු කම්පනය හංගගෙන.

ඔව්. අපිට හදවතින්ම තවත් කෙනෙකුගේ නමක් කියල කතා කරන්න තරම් හැගීමක් එන්නේ ඒ කෙනත් එක්ක පුංචිම හරි බැඳීමක් තියෙනවා නම් විතරයි නේද?

කෙල්ල කියන්නේ ඇත්ත. තමන් උනත් ඇය නමින්ම අමතන්නේ ඇය කෙරෙහි ඇති ඒ බැඳීම නිසාම නොවේද

එහෙනම් ඉතින් අපි යාලුවන්ට නම කියල කතා කරන්නේ?

යාළුකම කියන්නේ බැඳීමක් නෙමෙයිද?

කෙල්ල වට පිට බල බල කියනකොට කොල්ල නිරුත්තර උනා. ඇය ඒ නොකිය කියන්නේ තමන් ගැන මිතුරුකමක් තරමට වත් සිතිවිල්ලක් ඇය තුල නැති බව කියල කොල්ලට පසක් උනා. තමන් දුවන්නේ මිරිඟුවක් පස්සේ කියල දැනෙද්දීත් ඇයගෙන් ඈත් වෙන්න බැරි ඇයි.

කිලාන්ගේ මොකක් හරි වෙනසක් දැනුන කෙල්ලට. ඇය හැරිලා කොල්ල දිහා බැලුවේ ඒ හින්ද. කොල්ල ඔලුවත් පාත් කරගෙන ඉන්නකොට කෙල්ලට බය හිතුන. ඔහුට අසනීපයක්ද?

ඇයි මේ? ඔයාට සනීප නැද්ද? කෙල්ලට තේරුනේ නැහැ කිලාන් මෙහෙම ඉන්නේ තමන් කියපු දේ නිසා කියල.

නැහැ. මම මේ ඔයා කියපු දේ ගැන කල්පනා කරේ. ඇත්තටම මෙහන්සා ඔයා හරියටම හරි. අපි තව කෙනෙකුට එයාගේ නමින්ම කතා කරන්නේ බැඳීමක් තියෙන නිසා තමයි.

මම කියන හැමදේම ඇයි ඔයා කිසිම හේතුවක් නැතුව පිළිගන්නේ?

ඔයා වගේ හැමදේම ගැඹුරින් හිතල බලන්න මම පුරුදු වෙලා නැහැ මෙහන්සා. ඒත් එහෙම හිතල බලද්දී ඔයා කියන්නේ ඇත්ත කියල මට හිතෙනවා.

එහෙම හිතනවනම මමත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා…?

ඔයා අහන්න යන්නේ ඇයි මම ඔයාට ඔයාගේ නම කියලම හැම තිස්සෙම කතා කරන්නේ කියල නම් මෙහන්සා ඒකට හේතුව ඔයා ගැන බැඳීමක් තියෙන නිසා තමයි. කෙල්ල කියන්න ගියපු දේ සම්පුර්ණ කරන්න දෙන්නෙත් නැතුව කිලාන් කිව්වා.

තමන්ගේ සිතිවිලි තේරුම් ගන්නට ඔහු ඉගෙන ගත්තේ කවදා ද? ඔහුට තමා ගැන ඇති බැඳීම මොකක්ද?

ඒ බැඳීම මොකද්ද කියල නම් අහන්න එපා. කොල්ල කිව්වේ සුසුමක් හෙලමින්. ඔයා කැමති දෙයක් හිතාගන්න.

මේ මොන පුදුමයක් ද? තමන් හිතන දේ ඔහු කොහොම ද තේරුම් ගන්නේ?

ඔයාට අනුන්ගේ හිත කියවන්නත් පුලුවන්ද?

කොල්ල හිනා වුනේ අසරණ විදියට. දෙවියනේ. හිතෙන හැම දේම ඔයාට කියාගන්න පුළුවන් නම් මම තරම් වාසනාවන්තයෙක් මේ ලෝකෙම නැති වෙයි.

මම දන්නේ නැහැ මෙහන්සා ඔයා හිතපු දේ නම් දැනුන.

ඒ කොහොමද?

ඔයාට හැමදේකටම හේතු ඕනේ. එකේ පුදුමයක් නැහැ. මම කියන ඒවා ලොකු ප්‍රශ්න වගේ ඔයාට දැනෙනවා ඇති. ඒ වගේම ඇයි මම මේවා ඔයාට කියන්නේ කියල පුදුමත් ඇති.ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනවා.

ඔයාට හරිම ලේසියෙන් පහදන්න පුළුවන් හේතු මට තියෙනවා මෙහන්සා. මාත් ගොඩාක් ගොඩාක්ම කැමති ඒවා ඔයාට කියන්න පුළුවන් නම්. ඒත් මට ඒකට අයිතියක් නැහැ මෙහන්සා.

මට කවදාවත් ඒකට අවස්තාවක් හම්බවෙන එකක් නැහැ. ඒ නිසා හොදම දේ මේ ගැන ආයෙත් කතා නොකර ඉන්න එක. මේ තරගෙන් පස්සේ අපි ආයේ හම්බවෙන එකක් නැහැ. ඒ නිසා මේක මෙතනින් අමතක කරන්න ප්ලීස්. කොල්ල ඔය ටික කිව්වේ පාලනය කරගත්තු හඬකින්.

කොල්ල කියපු කිසිම දේක අග මුලක් කෙල්ලට තේරුනේ නැහැ. ඒ කියූ දේවල් තේරුම් ගන්නට කෙල්ලට ඕනේ උනත් ඒක කොහොම කරන්නද කියල කෙල්ල දැනගෙන හිටියෙත් නැහැ. මේ තරගෙන් පස්සේ ආයේ කොල්ල හම්බවෙන්නේ නැහැ කිව්වම හීනියට කනගාටුවක් වගේ හැඟුමක් හිතට ආවේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. කෙල්ල හිතුව ඇයි ඒ කියල.

ඔහු ළඟ ඉන්නකොට මිහිරි හැඟුමකින් හිත පිරෙනවා කෙල්ලට දැනුන. ඒත් කෙල්ල ඒ ගැන අමතක කලේ නැත්තම් ඒ ගැන වැඩිපුර හිතුවේ නැත්තේ කොල්ල කියපු අසාමාන්‍ය දේවල් නිසා.

ඔයා නම් මහම මහා ප්‍රහේලිකාවක්. කෙල්ලට කියවුනේ ඉබේටම.

කෙල්ල ප්‍රිය කරපු මදහස ඔහුගේ දෙතොලේ රැඳුන ආයෙත්. නෑ මම හරිම සරල කෙනෙක්. මාව තේරුම් ගන්න ඔයාට බැරි වෙයි මෙහන්සා.

කොල්ල ඒ ටික කියපු විදිය කෙල්ලට තදින්ම දැනුන. කෙල්ලට තේරුනේ නැහැ ඇයි කියල. තමන් ඔහුව තේරුම් ගන්න උත්සහ කරන ඔහුට කියන්න බැහැ නේද කියල කෙල්ලට හිතුන. ඊටත් වඩා ඇයි මම එහෙම කරන්නේ.

මේ ආගන්තුක දඩබ්බරයා තරම් හිත සසල කරපු කවුරුත් කෙල්ලට මීට කලින් හම්බවෙලා නැහැ. තමන් කවදාවත් පිරිමි ළමයෙක් එක්ක මේ වගේ තනියම කතා කරමින් ඉදලත් නැහැ කියල කෙල්ලට මතක් උනා. කෙල්ලෝ ටික දන්නවනම් මොනවා කියයිද? නමුත් ඔවුන් දන්නා කිලානුත් දැන් මේ තමන් ගාව ඉන්න මොහුත් ගොඩක් වෙනස් කියල නම් කෙල්ල මේ වෙනකොට තෙරුම් අරන් හිටිය.

ඔයා හිතන දේවල් මන් දන්නවා මෙහන්සා. කොල්ල ආයෙත් නිහඩතාවය බින්දේ කෙල්ල දහසක් සිතිවිලි අතර අතරමන් වෙලා ඉදිද්දී. ඒ වුනත් මට ඒවාට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ මට කොච්චර උවමනාව තිබුනත්.

ඒ නිසා හොදම දේ මම කියපු දේවල් අමතක කරන්න. ජිවිතේ ප්‍රශ්න ඇති වෙනව. ඒත් ඒ හැම ප්‍රශ්නෙකටම උත්තරේකුත් තියෙනව. සමහර ප්‍රශ්න වලට උත්තර හොයල තේරුමක් නැහැ මොකද එතකොට ඒක තව ප්‍රශ්න ගොඩකට හේතුවක් වෙන්න පුළුවන් නිසා. ඒකයි මම කියන්නේ පුළුවන් නම් තෙඋම් ගන්න. කොල්ල කිව්වේ කෙල්ලගේ ඇස් දිහාම බලාගෙන ස්ථිර හඩකින්.

ඔහු ජීවිතය ගැන මෙච්චර ගැඹුරින් හිතන්නට උගත්තේ කවදාද. ඊටත් ඒ කී දේවල් මොන තරම් සත්‍යද. ඇය අසා තිබ