සිතින් විතරක්..
විසි එක… 21
වාහනෙන් බැහැලා එයා ඩොක්ට ලඟට ගියෙ ත් මගෙ ඇඟට වාරු වෙලා. ඒ තරම් අමාරු වෙන් හිටියෙ. ඇස් රතුපාට වෙලා මැලවිලා ගිහින්.
මූණ දිහා බැළුවම පේනවා මොන තරම් අමා රුවෙන්ද ඉන්නෙ කියලා. එහෙම තියෙද්දිනෙ බෙහෙත් ගන්න බෑ කියන්නෙ මෙයා.
ඇයි මෙච්චරම අමාරු වෙනකං හිටියෙ…
එයා පරීක්ෂා කරපු වෛද්‍යවරයා ඇහුවෙ පුදු මෙන්.
ඊයෙ රෑ ඉදන්.. උන තියෙන්නෙ ඩොක්ටර්.. උදේ තමා මෙච්චර අමාරුවු නේ.. දැනුත් බලෙන් එ ක්කගෙන ආවෙ මෙයා බෙහෙත් ගන්න බෑ කිව් වා..
එහෙම නැතුව වෙන මොනා කියන්න ද මම මෙයාට උන හැදුන වෙලාවක් මම දන්නෙ නෑනේ.
මේ බෙහෙත් ටික දීලා බලන්න අඩුවුනේ නැත් තං දවස් තුනකින් ආපහු එක්කගෙන එන්න බ්ලඩ් එකක් චෙක් කරන්න වෙයි..
මේ දවස්වල උන වර්ග කිහිපයක්ම තියනවා… සමහර විට මේක නෝමල් වෛරස් එකක් වෙන්න ඇති අපි බලමුකො…
ඩොක්ටර් එයාව පරීක්ෂා කරලා බෙහෙත් ගොඩාක් දුන්නා. උදේ ටී එකවත් බීවෙ නැතත් මම ඩොක්ටර් ලඟින් එලියට ආව ගමන්ම එයාට බෙහෙත් ටික පෙව්වෙ ඒ අමාරුව තවත් බලන් ඉන්න බැරිනිසා.
ආපහු එනනකනුත් එයා උන්නෙ මගෙ උරහිස ට වාරු වෙලාකෙදිරි ගගා. මම ඉක්මනට රූම් එක අස් කරලා නිදා ගන්න කීවේ බෙහෙත් බීලා නැඟිටලා ඉන්න අමාරු නිසා.බෙහෙත් බීලවත් ඒ උන ඉක්මනින් අඩුවෙන් නෑ.
අමාරුවෙන් කෙඳිරිගානකොට බලන් ඉන්න දුකයි. මොන තරම් ශක්තිමත් කෙනෙක් උනත් අසනීපයක් උනාම මොන තරම් අසරණ වෙන වද..?
හිසේ වේදනාව නිසා ද මන්දා ඉක්මනද නින්ද යන්නෙත් නෑ. මම එයා ලඟටම වෙලා ඉදගෙන ඔළුව අතගෑවා. එයා නිදා ගත්තෙ හුඟක් වෙ ලා වකට පස්සෙ. මට එයා ලඟින් නැඟිටින්න පුළුවන් වුනේ ඊට පස්සෙ.
ගෙදර වැඩ ටික ඉවර කරපු ගමන් මම සුප් එකක් හදන්න ගත්තෙ උන නිසා කෑම කන්න බැරි වෙයි කියලා හිතුන නිසා.
උදේ ඉදන්ම බඩගින්නෙ ටිකක් හරි උන අඩු උනොත් මොනා හරි කන්න දෙන්න ඕනි. නැ ත්තං නොකා ඉදලා තව මොනා හරි අසනී පයක් එයි බෙහෙත් සැරට.
සුප් එක හදලා තියලා මම එයා ආස හින්දම නූඩ්ලස් එකකුත් හැදුවා. මේ වෙලාවෙ මො නාම හරි කන්න දෙන්නයි ඕනි. ඩොක්ටර් කීවා ඇඟ දුර්වල උනොත් උන අඩු වෙන්න කල්ගත වෙනවා කියලා.
කෑම හදලා ඉවර වෙලා මම ආයිම රූම් එකට ගිහින් බැළුවා. දැන්නම් සනීපෙට නිදි. ඇහැර න්නත් ලෝබයි. ඊයෙ රෑම ඇහැරගෙන ඉන්න ඇත්තෙ. ඒත් ඔහොම බඩ ගින්නෙ ඉන්න හොඳ නෑනි. මම එයාගෙ නලලට අත තියලා බැළුවා.
දැන්නම් රස්සෙ ගතියක් නෑ. ඇ පුරාම දාඩිය දාලා උන අඩුවෙලා තිබුනා. ටික වෙලාවකින් එයා ඇස් ඇරියා. ඇස් ඇරලා පුදුමෙන් වගේ මගෙ දිහා බැළුවා.
දැන් අඩුයි ද සර්..? මම එයාගෙන් ඇහුවා.
හ්ම්ම්… මට වතුර ටිකක් දෙන්න..
එයා එහෙම කීවම මම දුවලා ගිහින් වතුර වීදුරුවක් අරගෙන ආවා.
වතුර ගොඩක් බොන්න එපා සර්.. උදේ ඉදන් බඩ ගින්නෙ.. බෙහෙත් සැරට බඩ දැවිල්ල එයි මොනා හරි කාල ඉන්නකො..
මම කීවේ එයා වතුර වීඳුරුව බීගෙන බීගෙන ගිය නිසා. දැන් වතුර බීලා. කෑම නොකා ඉදිි ඒ ගමන.
කන්න බෑ හලෝ.. අප්පිරියයි.. මොනාත් කන්න හිතෙන්නෙ නෑ.. එයා කීවෙ කටත් ඇද කරගෙන.
බෑ කියලා හරි යන්නෙ නෑ… ඇග වීක් උනොත් උන අඩු වෙන එකක් නෑ…
අනේ ත\මු/සෙගෙ පණ්ඩිත කම…..
පණ්ඩිතකම නෙවී සර්..ඩොක්ටර් කීවේ
එහෙනං මම කෑම එක අරගෙන එන්නම්
ටිකක් හරි කාලා ඉන්න..
එපා කීවනෙ…
එයා එහෙම කීවෙ සැරෙන්. ඒත් මම ඒ කියපු දේ අහන්නෙ නැතුව දුවගෙන ගිහින් කෑම එකක් අරගෙන ආවා.
ඕක අරගෙන යනවා මෙතනින්.. කෑම එක දැක්ක ගමන් එයා කෑ ගැහුවා.
අරගෙන ගිහින් හරි යන්නෙ නෑ ටිකක් හරි කන්න සර්.. දැන් ආයිම බෙහෙත් බොන්න තියනවා… එයාගෙ තරහා ගනන් ගන්නෙ නැතුව මම කිව්වා.
ත\මු\සෙ දැන්නං මගෙන් ගුටි කනවා.. කියන දේ කරන්නෙ නැතුවට..
කමක් නෑ ඉස්සර වෙලා කාලා ඉන්නකො ඉතිං
.. මම කවන්න ද..?
හුරතලේට එහෙම අහගෙන මම ඇඳේ කොන ක ඉදගත්තා.
පුළුවන්ද..? එයා ඇහුවෙ පුදුමෙන්.
පුළුවන් පොඩි අයට කවලා පුරුදුයිනෙ..
මාව පොඩි එකෙක් වගේද පේන්නෙ…
ඔව්..චූටිම චූටි චුටි එකෙක් වගේ..
මම එහෙම කීවම වෙනද වගේ තරහා ගන්නෙ නැතුව එයා යන්තමට හිනාවුනා ඒ හිනාවෙ තිබුනෙ ලොකූ වෙහෙස කර බවක්.
පිටට නොපෙන්නුවට එයා අමාරුවෙන් ඇ ත් තෙ. මම හරි අමාරුවෙන් බෙදාගෙන ආව කෑම එකෙන් භාගයක් කැව්වෙ එයාට.
බෙහෙත් බීලා ටික වෙලාවක් අඩුවෙලා තිබු නට ආයිම ආයිම උන එනවා. ඒ වෙලාවට කෑම බීම මොනවත් කන්නෙ නෑ. මම පුදුම අමාරු වෙන් සුප් ටිකක්වත් පොවා ගන්නෙ.
බෙහෙත් ටික දෙන්න ඕනි නිසා. වෙලාවකට බයත් හිතෙනවා මෙහෙම නොකා ඉදලා ඊල ඟට වෙන අසනිපයක් වෙයි ද කියලා.
කොච්චරවත් ඔළුව කකියනවා කියලා කෙඳිරි ගාන නිසා මට එයා ලඟින් හෙල්ලෙන්නවත් වුනේ නෑ. ඔළුව අත ගගා ඉන්නකොට යාන්තං ටිකක් නිදා ගන්නවා. පුංචි එකෙක් වගේ උකු ලෙ ඔළුව තියාගෙන නිදාගෙන ඉන්න විඳිහ දැක්කම පපුව පිච්චිලා යනවා.
ලඟින් හෙල්ලෙන්න දෙන්නෙ නෑ. මට කෑම ටික ක් හදන්නවත් බැරිම තැන මම එයාට කෑම හදලා ගෙන්න ගත්තෙ නයනට කියලා.
ඒන්ජල්.. උ\ඹ අහිංසකයි..බං හුඟක් අහිංස කයි.. හැම තිස්සෙම මං උ ඹ ව රිද්දනවා..
ගොඩාක් රිද්දනවා.. ඒ කරලත් උ\ඹ\ට මාව එපා වෙන්නෙ නැද්ද..
උ\ඹ ඔහොම මට සලකනකොට මගෙ පපුව රිදෙනවා හුඟාක්… මට ඔච්චර ලං වෙන්න එපා.. මගෙන් ඈත් වෙලා හිටපං…
වෙලාවකට එයා පිස්සුවෙන් උන විකාරෙන් වගේ කියවගෙන යනවා. මට ඒ කියවන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. ඒත් මට දැනෙනවා එයා මොනා හරි දොකු දෙයක් හිතේ හිරකර ගෙන දුක් විඳිනවා කියලා.
මට ලං වෙන්න එපා… ඔහොම ලං වෙන්න එපා මගෙන් ඈත් වෙලා ඉන්නවා.. මට ත\මු/සෙ\ව පේන්න බෑ… ම\ර\න්න හිතෙනවා මට උ\ඹ\ව… ඔව් ය_කෝ ම\ර\න්න හිතෙනවා… උ\ඹ මගෙ නෙවී.. ඔව් උ\ඹ සෙත්ගෙ මගෙ නෙවී..
එයා තව වෙලාවකට කියනවා. එතකොට සෙත් කියන්නෙ එයා නෙවීද.. මෙයා මොනවා ද මේ කියවන්නෙ පෙර ආත්මෙ කියවනවද.. මට තේරෙන්නෙ නෑ. එයා සෙත් නෙවී නං සෙත් කවුද.. එතකොට මේ ඉන්න කෙනා කවුද.. මට පිස්සු හැදෙනවා දැන්නං.
මෙච්ර බනිනවා.. රිද්දනවා ඇයි උ\ඹ මට බනින්නෙ නැත්තෙ.. උ\ඹ කොහොමද ඒන්ජල් ඒ හැමදේම ඔහොම දරාගන්නෙ… ඇයි උ\ඹ\ට මාව එපා වෙන්නෙ නැත්තෙ.. ඇයි මගෙන් ඈතට යන්නෙ නැත්තෙ.. ඇයි ඇයි..
තවත් වෙලාවකට එයා කියවනවා. මම හැම දාම හිතුවා වගේ එයා හිතේ ලොකු දෙයක් හංගගෙන මහා හුඟක් විදෝනවා. ඒත් දෙයිය නේ මොකක්ද මේක මට තේරෙන්නෙ නෑ මට හිතා ගන්න බෑ.
එක දිගටම බෙහෙත් දිලවත් ඩොක්ටර් කීවා වගේ දවස් තුනක් යනකං එයාගෙ උන අඩු වුනේ නෑ. ඒ දවස් තුනේම එයාටවත් මටවත් හරියකට නිදාගන්න නෑ.
ඇගේ අමාරුවට ද කොහොද වෙලාවකට ඔහේ උන විකාරෙන් එක එක ඒවා දොඬවනවා. ඒවා අහන් ඉන්නකොට මට හිසරදේ එනවා ඔළුව පැලෙන්න. මේ සිද්ධ වෙන කිසිම දෙයක් හිතා ගන්න බෑ.
දවස් තුනකට පස්සෙ තමා එයාගෙ උන ගතිය ටිකක් අඩුවුනේ. කෑ ගහන්නෙ දඟලන්නෙ නැතුව එයා ටිකක් නිදා ගත්තෙ එතකොට. මාත් ඇඳ විට්ටමට ඔළුව තියාගෙන ටිකක් නිදා ගත්තෙ එතකොට. කවුරු හරි කෙනෙක් හිස පිරිමදිනවා හීනෙන් වගේ දැනිලා මට ඇහැරුනා.
ඔයා හුඟක් අහිංසකයි ඒන්ජල්.. හරියට පුංචිම එකෙක් වගේ.. ඔයා ඔච්චරම අහිංසක උනාම මට දරාගන්න බෑ.. මම මේ තරං ඔයාට රිද්දදි කොහොම..
මෙච්චර ආදරෙන් ඔයා මාව බලා ගන්නෙ.. මං වෙනුවෙන් හැමදේම කරන්නෙ.. මට මෙහෙම පිස්සු හදන්න එපා දෙයියනේ… මං උහුලගෙන ඉන්නෙ කොහොමද..?
තේරෙන්නෙ නෑ බං.. උ/ඹ/ව වෙන කෙනෙකුට භාරදීලා කොහොම හිත හදා ගන්න ද කියලා… ඒත් මට කවදාවත් උ\ඹ\ව අයිති කර ගන්න බෑ..
උ\ඹේ අයිතිකාරයා ආපහු එනකං.. මම ඇස් දෙක වගේ උ/ඹ/ව බලා ගන්න ඕනි..
ඒකා මං වගේ නපුරෙක් නෙවී.. උ\ඹ වගේම අහිංසකයෙක්.. ඒකයි මට තියන එකම සැනසීම. ඒකා උ\ඹව හැමදාම මලක් වගේ ආදරෙන් බලාගනී… කවදාවත්ම දුකක් දෙන එකක් නෑ…
මගෙන් ඈත් වෙලා ගිහින් ඔයා සතුටින් ඉන්න ඕනි ඒන්ජල්.. මෙච්චරම නපුරු වෙනවට සමා වෙන්න.. ඒත් ඔහොම ලඟ දැවටි දැවටි හුරත ල් වෙද්දි නපුරු වෙන්නෙ නැතුව උ\ඹෙ\න් ඈත් වෙන්න මම දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ..
දෙයියනේ සෙත් සර් කියවගෙන යනවා. නෑ මේ වෙලාවෙ නං එයා කියවන්නෙ උන විකාරෙන් නෙවී. හොඳ සිහියෙන් මොනාද දෙයියනේ මෙයා මේ කියවන්නෙ. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ.
එයා කාටද මාව භාර දෙන්නෙ. කවුද මගෙ අයිති කාරයා. එතකොට මාව මෙහාට ගෙනා වෙ ඇයි මට මේ කිසිම දෙයක් හිතා ගන්න බැ. මට දැනුනෙ හුස්ම හිරවෙලා යනවා වගේ හැඟීමක්.
කොච්චර හොඳ කෙනෙක් උනත් කොච්චර අහිංසක කෙනෙක් උනත් මට බෑ වෙන කෙනෙක් ලඟට යන්න. නෑ මම වෙන කවුරත් ලඟට යන්නෙ නෑ. මට ඕනි ඔයාව සර්. කොයි තරම් නපුරු උනත් නරක උනත් කමක් නෑ මට ඔයාව ඕනි. මම වෙන කවුරුත් ඕනි නෑ.
මම කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ. කවුරුත් කවදාවත් මට ආදරේ කරලා නෑ. ඒත් මම දන්නවා මට දැනෙනවා මාව මේ තරම් තේරුං ගන්න මට මේ තරම් ආදරේ කරන්න වෙන කාටවත්ම බෑ. ඕනි නං මාව ආපහු හිටපු තැනටම ගිහින් දාන්න. ඒත් ඒත් අනේ මාව වෙන කෙනෙකට දෙන්න එපා.
මීට කලින් කවදාවත් හිතට නොදැනුන තරම් අසරණකමකින් හිත පිරිලා. ඒත් මට වචන යක්වත් කියා ගන්න බෑ. ඇස්වලට පිරුණු කඳුළු ඔහේ ගලාගෙන ගියා. ඉකිගැහෙන එක නතර කරන්න. මම පුදුම මහන්සියක් දැරුවෙ. මොකද මෙයා මේ හැමදේම කියන්නෙ මම අහගෙන නැතුව ඇති කියලානෙ.
ඉතිං ඒවා මම දන්නවා කියලා දැන ගත්තොත් එයා ආයිම මොනවත් කියන්නෙ නෑ කියලා මම දන්නවා. ඉතිං මේ කිසිම දෙයක් මම දන්නවා කියලා එයාට දැනගන්න තියන්න බෑ. මට ඒ අතරෙ හිතුනා.
හමුවෙමු.
කොහොමද සර්ප්‍රයිස් එක. ආසයි නෙ මට බනින්න තර්ජනය කරන්න ඔට්ටු නෑ හරිද.. කොතනින් හරි කතාවෙ වෙනසක් කරන්නයි ඕනි මට