31වන කොටස

ඔව් මේක තමයි දුවගේ කාර් එක……”

සෙහන්සා ගේ මෝටර් රථය තිබුණේ හොදටම කුඩුපට්ටම් වීමෙනි ……..

ඒ රිය දුටු සැනින් සෙහන්සා ගේ පපුව ඇවිලී ගියේය ……….

එසේනම් දිසෙන් හදිසි අනතුරකට ලක්වූවාද?….

දිසෙන් දැන් සිටින්නේ කොහේද ?…

සෙහන්සා එසේ සිතන්නට වූවාය ……….

“කාර් එකට නම් සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා “

පොලිස් නිලධාරියා ඇගේ මෝටර් රියේ වූ තැලුම් පහරවල් එකින් එක පෙන්නන්නට වූවේය .

“මේ ඩැමේජ් වෙලා තියෙන විදිහට නං දිසෙන්ට සෑහෙන්න ඩැමේජ් ඇති……..”

“කවුද මිස් දිසෙන් කියන්නේ ?………”

“මගේ ඇසිස්ටන් එයා තමයි මේ කාර් එකේ ආවේ ……කෝ කෝ එයා එයාට මොකක්ද උනේ ?……..”

සෙහන්සා එසේ ඇසුවේ කලබලයෙනි………..

දැන් ඇයගේ හෘද ස්පන්දනය ඉතාමත් වේගවත් ය….

ඇගේ මුහුණ රත්පැහැ ගැන්වී ඇත්තේ බිය වැඩිකමටය……

“ඒක නම් අපි දන්නෑ මිස්………අපිට හම්බ උනේ මේ කාර් එක විතරයි…….”

“මොනව ඒක වෙන්නෙ කොහොමද ?…කාර් එක ඇක්සිඩන්ට් වෙලා කාර් එකේ හිටපු මනුස්සයා අතුරුදහන් වෙලා ..එහෙම වෙන්නේ කොහොමද?…….”

“ඒක නම් අපි දන්නේ නෑ මිස්……….පාරේ එක පාරටම ලොකු ටැෆික් එකක් ආවා ……..ඒ බලද්දී තමා අපිට මේ වාහනේ හම්බුනේ …..කාර් එක හැප්පිලා තියෙන්නේ පොඩි වාහනේකට නෙමෙයි ……ලොරියක් වගේ එකකට …….එහෙම නැත්නම් කාරෙක මෙච්චර ඩැමේජ් වෙන්න විදියක් නෑ ……..’

“කාර් එක ඩැමේජ් උනාට ප්‍රශ්නයක් නැහැ…..fully insurance කරල තියෙන්නෙ .කාර් එකේ හිටපු කෙනාට මොකක්ද උනේ කියලා හොයා ගන්න ඕනේ …..”

සෙහන්සා එසේ කීවේ මීෂ්කාගේ අතේ එල්ලීමෙනි…..

සෙහන්සා උන්නේ ඇඟපත පන නැති පරිද්දෙන් බව අන් කිසිවෙකුට නොවැටහුණත් මිෂ්කාට දැනුණි…….

“අපිට කොහොමහරි ඒ ළමයාව ඉක්මනට හොයා ගන්න ඕනේ…..ඒ ළමයා ඇක්සිඩන්‍ට් උනේ මේ කිට්ටුවම නේද?….”

“මෙහෙමයි මිස්ට රෙජිනෝල් මට ඕඅයි සී ඉඳුරුව පර්සනලි කිව්වා ඔයාලට උදව් කරන්න කියලා …….අපි පුළුවන් ඉක්මනට හොයල දෙන්නම්…….අපි එනකොට ඇක්සිඩන්ට් එක වෙලා ටිකක් වෙලා …මං හිතන්නේ විනාඩි විස්සක් විතර වෙනවා……..අපිට වටින් පිටින් ආරංචි වෙච්ච විදිහට කවුද කාර් එකකින් ඇවිත් ඒ පිරිමි ළමයව හොස්පිටල් එකකට ගෙනියනවා කියලා ගෙනිහින් තියෙනවා……….”

“ඉතින් inspector අපිට ඒගෙනිච්ච කෙනාගේ
වාහන අංකයෙන් ඒ කවුද කියලා හොයාගන්න බැරිද ?….ඒ කෙනා හොයා ගත්තොත් අපිට දිසෙන් ඉන්න හොස්පිටල් එක හොයාගන්න පුළුවන් වෙනවා…..”

“ඒක තමයි මිස්ට රෙජිනෝල් මෙතන තියෙන ප්‍රශ්නය…..ඒ වාහන අංකය ඒ දැකපු කෙනාටවත් මතක නෑ……….මට පුලුවන්නම් ඒ පිරිමි ළමයාගේ ෆොටෝ එකකූයි…නමයි දෙන්න……….අපිට එතකොට ඒ බෝයිව ලේසියෙන් හොයාගන්න පුළුවන් ……”

“inspector මගේ ළඟ තියෙනවා ……….”

සෙහන්සා එසේ කිව්වා නොව එක්වර එසේ ඇයට කියවෙනි…

ඒ සමඟම රෙජිනෝල් සිය දියණිය දෙස බැලුවේ පුදුමයෙන් දෑස් අයාගෙනය….

“ඔයාට කවදා හරි දවසක තේරෙයි …ගින්දරයි පුළුනුයි එක ළග තිබ්බම ඇවිලෙනවා කියලා රෙජී……….”

ඔහුට එක් වරම මතක් වුයේ සිය බිරිඳගේ වදන්ය………

දිසෙන්ගේ අතුරුදන් වීමත් සමග සෙහන්සා ඉන්නේ ඈලි මෑලි වය..

දෙදෙනා අතර කිසියම් සම්බන්ධයක් පවතිනවාදැයි සැකයක් රෙජිනෝල්ට ඇතිවිණි….

සිය පියාගේ වෙනස් වූ මුහුණ දුටු විගස සෙහන්සාට දැනුණේ තමා කට වරදවාගත් බවයි…………

“දිසෙන් ගේ ෆේස්බුක් අකවුන්ට් එකට ගිහින් මට ෆොටෝ එකක් හොයලා දෙන්න පුළුවන් …….”

“මිස් මට වට්ස්ඇප් කරලා එවන්න ….අපි යමු ඔෆිස් එකට ….”

රෙජිනෝල්ඩ්ගේ හිතට සහනයක් දැනුණේ තමාගේ සිත තුළ පැවති සැකය බොරු සැකයක් යැයි ඒ මොහොතේ දැනුණු නිසාය ….

රෙජිනෝල් සැනසුම් සුසුමක් පිට කරමින් පොලිසිය ඇතුලට පියමං කරන්නට වුවේය….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“තවම දිසෙන් ගැන ආරංචියක් නැද්ද ?….”

“අනේ නෑ මිෂ්කා තාම කිසිම ආරංචියක් නෑ……

“වාහනේ හම්බවෙලා කො/ල්/ලා හම්බවෙච්ච නැති එක තමයි පුදුමේ………”

“මට හිතෙන්නෙම මේක ධනුකගේ වැඩක් කියලා……..එයාට කරදර කරන්න වෙන කිසිම කෙනෙක්ට වුවමනාවක් නැහැ………අනිවාර්යෙන්ම මේක ධනුකගේ වැඩක් ……….එදා මම පොලිසියේ හිටියේ ගොඩක් කන්ෆියුස් වෙලා….පොලිසියේ දී ඒ ගැන කියන්න අමතක උනා …..මට හිතෙනවා පොලීසියට ගිහින් ඒ ගැන කියන්න…..”

“ධනුක එදා තරහ ට එහෙම කිව්වට අපිට හරියටම කියන්න බෑනෙ මේක දනුකගෙ වැඩක් කියලා……….”

“ඒ වුණත් මිශ්කා……..මගේ හිත කියනවා මේකට ධනුක සම්බන්ධයි කියලා…..දිසෙන්ට වෙන තරහකාරයෝ හිටියේ නෑනේ ………”

“නෑ ශේෂා ඒක නිකම්ම ඇක්සිඩන්ට් එකක් …….පොලිසියෙන් කිව්වෙත් ඒකනේ…….මට හොඳටම තිබහයි ග/නි/න්?කෝ බං ඔය ෆිජ් එක ඇරලා කූල් එකක්………”

මීෂ්කා කීවේ සෙහන්සා ගේ කුඩා ශීතකරණය පෙන්වමිනි ……..

“Oh sorry ….. I forgot that too .. I am not in a good state of consciousness ..”

සෙහන්සා කීවේ ඇගේ නළල දෑඟිලි වලින් මිරිකාගෙන දෙබැම හකුළුවා ගනිමිනි …

“I know that sesha… I can understand your situation. Don’t worry, we can find him soon …..”

සෙහන්සා කුඩා ශීතකරණය වෙත ඇවිදගෙන ගියේ සිහිනෙන් පා වෙන්නාක් මෙන් යැයි මිෂ්කාට සිතුනි…

දඟකාර කෙළිලොල් මිතුරිය මෙලෙසින් මුකුලිතව සිටීම මිෂ්කාට ඉවසා සිටීමට අපහසු තරම්ය…

සෙහන්සා ශිතකරණය තුළින් බීම කෑනයක් ගෙන මිෂ්කා වෙත දිගු කළාය…….

“ඇයි මට විතරක් උ/ඹ/ත් එකක් අරගෙන බී/ප/න්…”

“මට බොන්න බෑ ………..”

“බලපං ශේෂා උ/ඹේ හැටි ….මේ ටිකට හොඳටම කෙට්ටු වෙලා ……ඔහොම ඉන්නව දැක්කොත් කො/ල්/ල/ට ආවාම උ/ඹ/ව දැකලා හොඳටම දුක හිතෙයි…..”

“මම කොහොමද කන්නෙ බොන්නේ…..එයාට මේ හැමදේම උනේ මම නිසා…. මගේ bodyguardට ආපු නිසා මේ සේරම…….මට එහෙම හිතෙනකොට ඉවසගන්න බෑ ………….”

“අනේ හිතන්න එපා …….මට හිතෙන්නෙම
දිසෙන්ට කිසි කරදරයක් නෑ කියලා…..disain accident වෙලා ඉන්නකොට කවුරු හරි එයාව දැකලා හොස්පිට්ල් එකට බාර දෙන්න ගියා කියලා පොලිසියටත් ආරංචිවෙලා තියනවා නේ ……………..පොලීසියෙන් ඉක්මනට හොයාගනී………”

“මිෂ්කා පොඩ්ඩක් හිතන්න ….දිසෙන්ට තවම සිහිය නැතුව ඇති සිහියක් තිබ්බනං එයා අපිට අනිවාර්යෙන්ම කෝල් එකක් ගන්නවා ……..හොස්පිට්ල් එකේ හිටියත්
වෙන කෙනෙක්ගෙ ෆෝන් එකක් හරි ඉල්ලගෙන ………..කෝල් එකක් ගන්න බැරි කමක් නෑ නේ ….ඒ අස්සෙන් තාත්ත මට ගෙදරින් එළියට යන්න දෙන්නේ නෑ…….මේ ගේ අස්සට වෙලා හිර වෙලා මම කොහොමද දිසෙන් ගැන හොයන්නේ………?”

සෙහන්සා එසේ කීවේ කඳුළින් පිරී ඇති දෙනෙත් වසා ගනිමිනි ……..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

රෙජිනෝලුත් ජයන්තිත් සිය දියණිය දෙස බලා සිටියේ ඉවසා දරාගත නොහැකි තරම් දුකකිනි………

පියාපත් විදහා පියාඹන කිරිල්ලියක් බඳු සැහැල්ලුවෙන් විනෝදයෙන් සිටි ඈ ගේ තුළ මෙසේ සිරකරගෙන සිටීම දෙමාපියන් වන ඔවුන්ට වේදනාවකි ……

මින් ඉහතදී එක්වරක් සෙහන්සා ව පැහැර ගැනීමත් ,ඇගේ ආරක්ෂාවට ළඟ සිටි ආරක්ෂකයා අතුරුදහන් වීමත් සමඟ ඈට තනියම ගෙදරින් එළියට බැසීමට දීම නුවණට හුරු දෙයක් නොවෙන නිසා ඈව මෙසේ ගේ තුළම තබා ගැනීමට ඔවුන්ට සිදුවිය.

“මොකෝ ශේෂා ඔය කෑම එක අත ගන්නේ…….හොඳට කන්න ළමයෝ……..”

ජයන්ති කීවේ සෙහන්සා ගේ පිඟානට තවත් මාළු කෑල්ලක් ගෙන දමමිනි…..

“එපා අම්මා ඇති…..”

“මම මේ ටිකේම හොඳට බලාගෙන හිටියේ
කෑම එක නිකම් අත ගානවා විතරයි….”

“අපිට ඉක්මනට දිසෙන් හොයාගන්න පුළුවන් වෙයි …එතකොට ඔයාට මේ විදියට ගේ අස්සට වෙලා ඉන්න ඕනේ නෑනේ…”.

“ඒ උනාට මෙහෙම ගේ අස්සට වෙලා ඉඳලා මට පි/ස්/සු හැදෙයි තාත්තේ…අරහේ ඔෆිස් එකේ මොනවා වෙනවද දන්නෑ ……….”

කෑම කමින් සිටි දුලාන්සා තනියම හිනා වෙමින් සිය සොයුරිය දෙස බලා සිටියේ ඈ මෙසේ දුක් වන්නේ ඒ නිසා ම පමණක් නොවන බව ඇය දන්නා නිසාවෙනි

“මට නම් පේන්නේ මෙයා ඉන්නේ හොඳටම සාංකාවෙන් වගේ……”

දුලංසා එසේ කිමත් සමග සෙහන්සා සිය සොයුරිය දෙස බැලුවේ රැවුමක් පා කරමිනි………

“පොඩි බබා …..ඕන්නැති කතා කියන්න ලෑස්ති වෙන්න එපා……අක්කගේ පැත්තකින් වත් තියන්න පුලුවන්ද අර cheep කො/ල්/ල/ව ….ඇරත් ඒ කොල්ලා මේ ගෙදර සර්වන්ට් කෙනෙක් ……ඕන්නැති විහිලු කරන්න ලෑස්ති වෙන්න එපා…….”

ජයන්තිගේ ඒ වදන් පෑරුවේ දුලංසා ගේ සිත නොව සෙහන්සා ගේ සිතයි…

සෙහන්සා ගේ ඔලුව කකියන්නට මෙන් විය ….

සැබැවින්ම සිය මවගෙන් හා පියාගෙන් මේ සම්බන්ධයට කිසිදිනක ආශිර්වාදය නොලැබෙනුත් සෙහන්සා ට නං ඔහුගෙන් මිදී වෙන කිසිවකුට ලංවිමට තියා ඒ ගැන සිතීමවත් කළ නොහැක්කකි…

කෑම මේසයේ රෑ කෑම කමින් සිටී රෙජිනෝල්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේ ඒ මොහොතේමය..

“හලෝ….”

“inspector පූජිත කොහොමද ඉතින් …?”

“මිස්ට රෙජිනෝල් මට ඔයාගේ දුවගේ assistant දිසෙන් ගැන ආරංචියක් ආවා ………ඒ ගැන කියන්න කතා කලේ ………”

“මොනවා…..දිසෙන්ව හොයා ගත්තද?…”

හමුවෙමු මීලඟ කොටසින්