ආදරණීය ම ඔයා….20

තා…දී …

ඔහු දෑස් විසල් කර මා දෙස බැලුවේය. මා එවැ න්නක් අසතියි ඔහු විශ්වාස නොකරන්නට ඇත.

ඩැඩී මැ රු වා ම ඔයාට ඔය තරහා නැති වෙන වද සෝනු.. එහෙම ම ර ලා ඔයාට පාඩුවෙ ඉන් න පුළුවන් ද.. තාත්තගෙ මි නී ම රු වා වෙලා හි රේට ගිහින් ඒ දුක් විඳින්න පුළුවන් ද ඔයාට

මි නී ම රු වෙක්ගෙ ගෑ නි වෙලා මං මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා දකින්න ඔයා කැමතිද සෝනු…අර නොදන්න රටකට ආව අහිංක කෙ ල් ල ට මොනාද වෙන්නෙ…

ඔයාගෙ හිත හැදෙන්නෙ එහෙම අවසානෙ කි න්ද.. කතා කරන්න සෝනු ඔයාට ඕනි එහෙම උත්තරයක්ද..

මම එකදිගට ම අසාගෙන ගියෙමි.සෝන්‍ය විස ල් කරගත් දෑසින් මදෙස බලා සිටියා විතර ය.

ඔහු උන්නේ අඩක් විවරකර ගත් මුවිනි.

එසේ බලාහිදිනා අතර තුර ඔහු වේගයෙන් ආශ් වාස කලේය. ඔහු උන්නේ සිය කෝපය පාලනය කරගන්නට වෙහෙසෙමිනි.

මම මොනාද කරන්නෙ තාදී..ඔළුව පැලෙන්න කකියනවා…මැ රෙ න් න හිතෙනවා මට…

ඔහු කීවේ දෝතින්ම හිස අල්ලාගනිමිනි.

අහන්න සෝනු ඔයා මැ රු න ත් එයාව මැ රු ව ත් ඔය ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ…ඔය මොනා උන ත් අවසානෙට විඳවන්න වෙන්නෙ මට

එහෙම දුක් විඳින්න මට බෑ දෙයියනේ මාව මැ රෙ යි…

තාදී මොනවද ඔය කියවන්නෙ….

මම කියන්නෙ ඔයා කරන්න හදන දේවල් නිසා අවසානෙට සිද්ධ වෙන දේ…ඇයි ඔයා තේරුම් නොගන්නේ ඔහෙමෙ කලබලේට ප්‍රශ්න විසඳ න්න බෑ කියලා…

ඔයා මොනවද මට දැන් කරන්න කියන්නෙ..

සේරටම කලින් රිලැක්ස් වෙන්න..සෝනු ඔය වගේ ස්ට්‍රෙස් එකක් තියාගෙන කොහොමද මොනවත් කරන්නෙ…

හරි ඊට පස්සෙ…?

තාම මොනාත් වෙලා නෑනෙ ඒක නිසා ඒ ගැන හිතලා බොරුවට තරහා ගන්න දුක්වෙන්න එපා…එහෙම උනාම කරන්න තියන දෙයක්වත් හිතා ගන්න බැරුව යනවනෙ..

මට තේරෙන්නෙ නෑ තාදී…මම ඉන්නෙ හොඳට ම අවුල්වෙලා.. ඔහු කීවේ අසරණම අසරණ හඬකිනි.

අහන්න කො ඉතිං…සිද්ධ වෙන්න පුළුවන් නරකම දේ බාරගන්න ලෑස්ති වෙලා ඉන්න සෝනු…ඊට මෙහායින් එන එන ඕනිම උත්තරයක් භාර ගන්න ලේසි වෙයි ඔයාට..

තාදී…

ඩැඩීව ම ර ලා හිරෙ යනවට වඩා ඔයා සුයිස යිඩ් කරගන්නවට වඩා එයා ඉල්ලන දේ දෙන් න හිත හදාගන්න හරි ලේසියි සෝනු….

මට තේරෙන්නෙ නෑ තාදී මං කොහොමද ඔ හො ම හිතන්නෙ කියලා..ඩැඩීව මතක් වෙන හැමවෙලාවෙම මට දැනෙන්නෙ දරාගන්න බැරි තරහක්… සෝන්‍ය බර සුසුසුමක් හෙළුවේය.

එක පාරම අමාරුවෙයි අපි හෙමීට හුරුවෙමු.. එයා ගැන තරහා එන හැම වෙලාවකම හිතන්න මොන වැරැද්ද කලත් ඒ ඔයාගෙ ඩැඩී කියලා..

අද සෝන්‍ය කියලා කෙනෙක් ඉන්නෙ එයා නිසා කියලා එතකොට තරහා එන එක නැතිවෙයි. මේ තියන හැමදේම නැති උනත් අපිට ඒවා ආයිම හොයා ගන්න පුළුවන් ඒත් ජීවිතේ නැති උනොත්.. ඔයා ගැන බැරි නං මං ගැන හිතලා ඔය තරහා අඩු කරගන්න.

මට මේ කිසි දෙයක් නැති උනාට කමක් නෑ ඒත් ඒත් මට ඔයාව නැති කර ගන්න බෑ..

සෝන්‍යගේ උරහිසේ හිස හොවාගෙන මම කිය වාගෙන ගියෙමි. ඔහු මුදුව මගේ හිස පිරිමැද් දේ ය.

මම ඔයාට ප්‍රොමිස් වෙනවා තාදී…මොන දේ උනත් ඔයාට දුක් විඳින්න වෙන දෙයක් කර න්නෙ නෑ කියලා…

එවර ඔහු කීවේ මගේ හිස සිප ගන්නා අතර තුරය.

සිතට දැනුනේ සැහැල්ලුවකි. ඒ සෝන්‍ය සන්සු න්ව සිටි නිසාය එහෙත් හදවත තවමත් නොස න්සුන් ය.

ඒ ඔහු කොච්චරවත් බලන්නට දුවනා රහසින් ඔහු අමතනා ගැහැණිය කවුරුන් ද ඔහු හා ඈ අතර ඇති සබඳතාවය කුමක් දැයි මා තවමත් දන්නෙ නැත.

සෝන්‍ය එයනම් කවදාවත් මට කියනා එකක් නැත. එහෙත් මේ මොහොතේ කලබල වී තේරුමක් නොමැති හෙයින්ම මම නිහඬ වීමි.

හමුවෙමු