කිලාන්ගේ යාලුවන්ට විතරක් නෙමෙයි අමතර පන්ති වල යුවතියන්ටත් ඔහුගේ මේ වෙනස දැනුන. කවදාවත් නැතුව ඉතාම සරල ව පන්තියට ඇවිල්ල යාළුවො ඉන්න තැනට යද්දී කෙල්ලෝ ඔහු දිහා බලන් හිටියේ ඇස් ලොකු කරගෙන.
අරූ අද නම් හරි වැදගත් පාටයි. ශමින්ද්‍රි කිව්වේ කිලාන් දිහාම බලාගෙන. මොකද බන් ඒ? අර බාච්චු වගේ තිබ්බ කලිසම් ටිකයි ටීෂර්ට් ටිකයි හෝදලා නැතුව ද?
ඒ විතරක්යැ. අර එල්ලගෙන හිටපු යකඩ බඩු ගොඩත් නෑනේ. පවනි කිව්වෙත් හොදට බලල. කිලාන්ම ද බන්? වෙන කවුරුහරි ද?
කිලාන් ම තමයි. තව එකියක් කිව්ව. සැබෑම වෙනසක්. මොකද දන්නේ නැහැ.
අද විතරක් නෙමෙයි කිලාන් ටික දවසක ඉඳන් හරි වෙනස්. වෙනස් කිව්වෙ ඉතින් පිළිවෙලකට අඳිනව. හැබැයි පුරුදු රස්තියාදුකාර ජිවිතේ නම් ඒ විදියමයි. ඊයේ බයෝ ක්ලාස් ආවෙත් නැහැ. ෂුවර් එකටම කවුරුහරි කෙල්ලෙක් අල්ලගන්නකම් තමයි ඔය. පවනි කිව්වේ නොරිස්සුමෙන්.
කෙල්ලෝ ටික එක එක දේවල් කියද්දී බිසේකා විතරක් මුකුත් නොකිය හිටිය. ඇය මෙහන්සාගේ හොඳම මිතුරිය. ඒ වගේම ඇය කිලාන් ගේ සෙට් එකේ අදිෂවත් අඳුරනවා ගෙවල් ලග නිසා. ඇයට මතක් උනා කිලාන්ගේ යකඩ බඩු ටික ගැන අදිශ කියපු එක ගැන.
දෙන්න මොකක් හරි කතාවක ඉන්න අතරෙ කිලාන්ව ඇදිල ආවෙ අහම්බෙන්.
කවුද කෙල්ලෙක් ඌට කිව්වලු රස්තියාදුකාරය කියල ඒ නිසාලු බඩු ටික දාල ආවෙ බස් එකේ. බොරුද ඇත්තද මන්ද බිනූ. කෙල්ලෙක් තියා කවුරුත් කියන දෙයක් අහන එකෙක්ද මූ. අදීශ කිව්ව හැටි බිසේකට මතක් උනා.
අපි දෙන්න ගමනක් යනකොට එදා කිලාන් හම්බුනානෙ. රස්තියාදුකාරයෙක් වගේ යකඩ බඩු ගොඩකුත් දාගෙන එයා වගේ දෙන්නෙක්ට එක සැරේ අදින්න පුලුවන් තඩි ලොකු ඇදුමකුත් ඇදගෙන. මම එවෙලෙ මිහින්ටත් බැනල රස්තියාදුකාරයොත් එක්ක කතා කරන්නෙපා කියල එවෙලෙම බස් එකෙන් බැහැල ආව. පස්සෙ දවසක මෙහන්සා කිව්ව හැටිත් බිසේකට මතක් උනා.
එහෙම නම් කිලාන් ඒ බඩු ටික එවෙලෙ ගලවල දාන්න ඇත්තෙ මෙහන්සා නිසා. කෙල්ල කවුද කියල දන්නවද කියල අදීෂ අහද්දි බිසේකට හිතුනත් ඇය එවෙලෙ ඒක අදීශට කිව්වෙ නැහැ මෙහන්සට ප්‍රශ්නයක් වෙයි කියල හිතුනු නිසා. දැන් කිලාන් මෙහෙම පිලිවෙලට ඉන්නව දකින කොට ඒකට හේතුවත් මෙහන්සා වෙන්න ඕනෙ කියල බිසේකට හිතුන.
මෙහන්සාට කිලාන් පේන්නවත් බැහැ. ඒත් කිලාන්? කිලාන් වෙනස් වෙන්නෙ අදහගන්නත් බැරි විදියට. ඒකට හේතුව මෙහන්සාද? කිලාන් හොදට ම දන්නව මෙහන්සා කියන්නෙ මිහින්ගෙ ගර්ල් කියල. යාලුවගෙ කෙල්ල ගැන හිතනවද මෙයා. ඒ එෆෙයාර් එක කඩල දාන්නද කිලාන් හදන්නෙ? මොකද කිලාන් කියන්නෙ එහෙම දෙයක් හරි කරන්න බැරි කෙනෙක් නෙමෙයි කියල බිසේකා දන්නව.
පිස්සෙක්. එයා හිතන් ඉන්න ඒවා කරන්න වෙන්නෙ නැහැ මේ සැරේ නම්. බිසේකා හිතුවේ තරහෙන්. කොහොම උනත් මු ගැන නම් ටිකක් ඇලට් එකේ ඉන්න ඕනේ මොකාට ද එන්න හදන්නෙ කියල.
බිසේකා..? කෙල්ල කල්පනාවෙන් මිදුනේ පවනි කතා කරපු නිසා. මොකද බන් දැන් කොයි වෙලේද ඉදන් කිලාන් දිහා බලාගෙන භාවනා කරනවා ද? සිතක් පහල වෙලා ද?
බම්බුව ඊට හොදයි මම ඒ වගේ එකෙක් කපාගන්නවා පොල් පිත්තකින්. තරහෙන් කියල බිසේක ආයෙත් පොත දිහා බලාගත්ත.
මෙහන්සයි මිහිනුයි කණ්ඩායම් පන්ති වලට සහභාගී උනේ නැති නිසා ඔවුන්ට කිලාන්ගේ මේ වෙනස දැකගන්න හැකියාවක් තිබුනේ නැහැ. ඔවුන්ගේ අමතර පන්ති වලට ගුරුවරු ගෙදරටම ඇවිල්ල කලේ. කිලාන්ටත් ඒකට හොධටම හැකියාව තිබුනත් එයාට උවමනාවක් තිබුනේ නැහැ. මොකද ඉතින් පන්තියට යන්නේ ජොලියට මිසක් ඉගෙන ගන්න නෙමෙයි නිසා.
කොල්ලෝ ටිකට නම් කිලාන් දැක්ක ගමන්ම මේ වෙනස දැනුන. කට්ටිය අතරේ රහස් තියාගන්න කැමති නැති නිසා මයි සෙට් එක මේ ගැන කිලාංගෙන් අහන්න හිතුවේ.
කිලාන් මම උඹෙන් කාරණයක් අහන්න හැබැයි මට ඇත්තම කියන්න ඕනේ. කිලාන් ගිහින් කොල්ලෝ සෙට් එක හිටපු පේලියේ කොනේ ඉන්දගන්නකොටම සෙනාල් ඇහුවේ විහිලුවට වගේ නෙමෙයි. අනිත් අයත් කොල්ල දිහා බලන් හිටිය මුනේ හිනාවක් පවා නැතුව.
මොකද්ද බන්? අහපන් ඕනේ දෙයක්. කොල්ලෝ ටික මෙච්චර කාලෙකට මෙච්චර සීරියස් විදියට කතා කරලා නැති නිසා කිලාන් ඇහුවෙත් පුදුමෙන්.
උඹ දැන් වෙනස්. බිතුම් කෙලින්ම කිව්ව. අන්න ඒ වෙනසට හේතුව තමයි දැනගන්න ඕනේ අපිට.
මොකද්ද වෙනස. කියපන් බලන්න මටත් දැනගන්න. මම හිටපු මම ම තමයි. කට්ටිය කියන්නේ මොකද්ද කියල හොදටම තේරුනත් කොල්ල ඇහුවේ තේරුනේ නැහැ වගේ.
හරි ඉස්සෙල්ලම කියපන්කො මොකද අද වෙනස් ඇදුමක්.
අම්ම ගෙනත් තිබුන මන් ඇන්ද
උඹ අදින්නේ නැහැනේ ඔයි වගේ ඒවා.
හරි බන් ඉතින් අද මන් ඇන්ද. ඇයි හොද නැද්ද?
නැහැ හොඳයි. හැමදාම මේ වගේ අදිනවානම්
ඔව් මන් හැමදාම මේව අදින්න තමයි හිතන් ඉන්නේ
ඇයි එතකොට මෙච්චර කල් පට්ට ගහපු ඒවා වලට මොකද වුනේ. උඹ කියා කියනේ හිටියේ ඒ ස්ටයිල් එක වෙනස් කරන්නේ නැහැ කියල.
ඒවා විසි කරා. මිනිස්සු වෙනස් වෙනවනේ බන්.
අන්න ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට. අන්න ඒ උඹේ වෙනසට හේතුව තමයි අපි මේ කට කදෙනකම් අහන්නේ. දසුන් කිව්ව.
උඹ වැරදිලාවත් අර කෙල්ල ගැන හිතනව එහෙම නෙමෙයිනේ හ් ? බිතුම් ඇහුවේ සැකෙන්.
මොන කෙල්ලද බන්?
මෙහන්සා බන් මෙහන්සා. දන්නේ නැහැ වගේ අහන්නේ. සෙනාල්ගේ වචන කිලාන්ව තිගස්සවන්න සමත් උනා.
පිස්සුද යකෝ? කිලාන් හිතට විරුද්ධව උනත් කිව්වේ තරහෙන්. අනුන්ගේ ගෑනු ගැන හිතන්න මට මොලේ අමාරුවක් නැහැ.
කොල්ලෝ ටිකට ඒ කියපු එක පිළිගන්න සිද්ධ උනේ ඔප්පු කරන්න පුළුවන් කමක් තිබුනේ නැති නිසා.
හරි එහෙමනම් මෙහන්සා නෙමෙයි කියමුකෝ. මොකද්ද…
මෙහන්සා තියා මොකෙක් වත් හින්ද නෙමෙයි යකෝ මට ඕනේ ඇදුමක් මට අදින්න බැරිද? උඹලට මොලේ හොද නැද්ද? කිලාන් කියාගෙන ගියේ අදිශ කියල ඉවර වෙන්නත් කලින්.
හරි හරි අපි මේ කතාව මෙතනින් නවත්තමු. හැබැයි ඉතින් උඹ මේ විදියට අඳින පළඳින එකට මම නම් අවන්කවම කැමතියි. බිතුම් කිව්වේ කිලාන් තරහෙන් ඉන්නේ කියල දන්නා නිසා.
ඔව් ඒත් කිලාන් මේක මතක තියාගනින්. උඹම දන්නවනේ උඹේ ලිමිට් එකක් නැති එක ගැන. කෙල්ලෙක්ව යාලු කරගන්න එක උඹට මහා වැඩක් නෙමෙයි කියල මම දන්නවා. වෙන එකෙක්ගේ හරි. හැබැයි ඉතින් ඒ වැඩේ මිහින්ට කරන්න හිතන්නවත් එපා. අන්න එහෙම උනොත් මම උඹත් එක්ක තියෙන යාලුකමත් ඇත අරිනවා ඇත්තමයි. සෙනාල් හිනාවක් වත් නැතුව කියද්දී අනිත් කොල්ලෝ ටිකත් ඔලුව වැනුවේ ඒ කියපු එක අනුමත කරලා.
යකෝ මට අනුන්ගේ ගෑනු වැඩක් නැහැ. කිලාන් උත්තර දුන්නේ තරහෙන්. මට ඕනේ උනත් මෙහන්සා එහෙම කෙල්ලක් නෙමෙයි. ඒකි තාම මාත් එක්ක වචනයක් වත් කතා කරලා නැහැ හිත හොඳින්. හොදටම බැනල තියෙනවා මිසක්. එයාට මාව පෙන්න බැහැ. ඒ ටික කියද්දී නම් කොල්ලගේ හඩ බිඳිලා ගියා. මම පින් කරලා නැහැ එයත් එක්ක හොදින් කතා කරන්න වත්. කියපු කිලාන් පොත් ටිකත් අරගෙන නැගිටලා යන්න ගියා පන්තියෙන්.
බිතුම් ඒ එක්කම නැගිට්ටේ කිලාන්ව එක්ක එන්න උනත් සේනාල් අතින් ඇදල බිතුම්ව නැවැත්තුව.
ඔහේ ගියාවෙ බන් ඕකා පන්තියේ ඉඳලත් වැඩක් තියෙන ඒකක්යැ. අර ඉස්සරහ පේලියේ කෙල්ලෝ ටිකට ඉන්න නොදී කොන්ඩෙන් අදියි නැත්තම් කොළ ගුලි ගහයි. අද ඕකා නැති නිසා උන් ටික හරි පාඩුවේ වැඩක් කරගනී.
සෙනාල් කිව්වේ කලකිරීමෙන්.
ඌ නම් හදන්න බැහැ බන්. දසුන් කිව්වේ ආයෙත් හැරිලා කිලාන් එනවද කියල බල බල.
කොහේ ගියාද දන්නේ නැහැ. බිතුම් කිව්ව
ඊයෙත් ක්ලබ් එකට ගිහිල්ල බීල. ආන්ටි කෝල් කරලා ඇහුව ආවද කියල අපේ ගෙදර වත්. මම කිව්ව නැහැ කියල. බොරු කියන්න බැහැනේ බන්. පව් ඒ මනුස්සය.
ඇයි අර බොන සිගරට් තොගේ. ඇදුම විතරයි සංවර වෙලා තියෙන්නෙ.
මන්ද බන් ඕව. දැනුත් කොහේ ගියත් ගෙදර නම් යන එකක් නැහැ. ඌ ඕනේ මගුලක ගිය දෙන්. උඹල පොතක් පතක් බලා ගනිල්ලා බන්. මොකෝ පේපර් එකට කිලාන් ගැන ලියන්න එනවයි නැහැනෙ. ඌ ට නම් මොකද තාත්ත හම්බ කරලා තියෙන්නේ හත්මුතු පරම්පරාවටම ඇති වෙන්න. අපිට ඉතින් ඉගෙන ගත්තු දෙයක් තමයි. කොල්ලෝ ටිකට කියපු සෙනාල් පොත් ටික පෙරල ගත්ත. ඔහුට කීකරු වෙච්ච අනිත් කට්ටිය කිලාන් ගැන හිතන එක පැත්තක තියල කාබනික රසායනය ගැන හිත යොමු කළා.
කිලාන් මෙහන්සා කිව්ව දේවල් මතක් කරගෙන නිවේදන කටයුතු ගැන උනන්දු උනා. ඇය වගේම තව ගොඩක් දෙනෙක් කියල තිබුනු තමන්ගෙ අඩු පාඩු හදාගන්න ඕනෙ කියල කොල්ලට හිතුන. යාලුවො විතරක් නෙවී ගුරුවරු උනත් කොල්ලට අඩු පාඩු කොච්චරවත්කියල පෙන්නල තිබුනත් මෙච්චර කල් කොල්ල නෙමෙයි සතයකට වත් ගනන් ගත්තෙ. දැන් තමයි ඒ කියපු දේවල් සේරම කිලාන් හිතන්න ගත්තෙ. කොල්ල කොච්චර උනන්දුවෙන් සැලකිල්ලෙන් කොච්චර ඉවසීමෙන් ඒ ගැන හිත යෙදෙව්වද කිව්වොත් ඊට පස්සෙ කිලාන් තරම් හොද නිවේදකයෙක් ඉස්කෝලෙ හිටියෙම නැති තරම්. ගුරුවරු උනත් කොල්ල ගැන හිටියෙ සතුටින්.
කිලාන් මම දැනගෙන හිටිය ඔයා කවදහරි තේරුම් අරගෙන වැරදි ටික හදාගනී කියල. මට හරිම සතුටුයි දරුවො. දවසක් කොල්ලට එන්න කියපු මාධ්‍ය ඒකකය බාර ගුරුවරයා කිව්වෙ සතුටෙන්. කවුරු හින්දද මෙච්චර හොදට අනවුන්සින්ග් කරන්න ගත්තෙ?
කවුරුවත් හින්ද නෙවෙයි සර්
බොරු කියන්න එපා කොල්ලෝ. විනෝදයට බර තරුන ගුරුවරයා කිව්වෙ හිනාවෙමින්. මමත් ඔය වයස පහු කරානෙ. මම හරියටම කියන්නද ඔයාගෙ වෙනසට හේතුව. ගුරුවරයා කියද්දි කිලාන් බැලුවෙ පුදුමෙන්. අර එදා සයන්ස් ඩේ එකට ඇවිල්ල ඔයාට ටිකක් තදින් කතා කරපු බාලිකාවෙ ලස්සන ගෑනු ලමයා නේද ඔය වෙනසට හේතුව?
කිලාන් පුදුමෙන් බලන් හිටියෙ වචනත් අමතක වෙලා. දැන් මොකද ලමය කියන්නෙ මම ගෙස් කරා හරිද?
සර් කොහොමද දන්නෙ? කොල්ලට නිකම්ම කියවුනා.
ගුරුවරයට මහ හඩින් හිනා ගියා කිලාන් ඒක අහපු තාලෙට. හොරාට ඉස්සර කෙහෙල් කැන වැට පනිනව කියන්නෙ ඕක තමයි.
ගුරුවරය කියද්දි කොල්ලට ලැජ්ජ හිතුන. ඉවරයි ඉවරයි මම ඉදල ඉවරයි.
ඒක හරි සර් එයා මගේ වැරද්දක් පෙන්නල දුන්න. මම ඒක හදාගත්ත. කොල්ල කෙලින්ම කිව්වෙ තව හංගල තේරුමක් නැති නිසා.
හැබැයි ඉතින් ඒ කියපු දේවල් කලින් මමත් ඕනෙ තරම් කියල තියෙනව නේද? කෙල්ලෙක්ම ඇවිත් බනිනකම් ඉන්න උනා ඒව හදාගන්න. ගුරුවරයා කියද්දි කොල්ලට පොලව පලාගෙන යන්න හිතුන.
එහෙන් යාලුවො දැන් මේ සර් කාරය කිලාන් තෝ වලක් කපාගෙන වැලලියන් කොහෙ හරි මීට හොදයි. මූටත් ඕන නැති කෙන්ගෙඩියක් නෑ.
හරි හරි මන් ඒකට ඔයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.
දෙන්න උත්තරයක් මට ඇත්තෙත් නෑ. කොල්ල හිතුවෙ තරහෙන්.
කොහොම උනත් ඒ ගෑනු ලමය ඔයාට ලොකු උදව්වක් තමයි කරල තියෙන්නෙ බැන්න උනත්
ඒක නම් ඇත්ත තමයි සර්. මම එයාව අදුනන්නෙ නැති උනත් ලොකු උදව්වක් තමයි එයා මට කලේ.
මම කිලාන්ගෙ කැමතිම දෙයක් තමයි ඒක. මොනා උනත් ඇත්ත කියන එක. ඉතින් කොල්ලො මම අද මේ තකහනියක් ඔයාට එන්න කිව්වෙ ඒ ගැන කතා කරන්න නෙමෙයි. වෙන වැදගත් දෙයක් ඔයාට කියන්න.
ඒ මොකද්ද සර්? හරිම ආචාරශීලී විදියට ඇහුවත් කොල්ල හිටියෙ එතන ඉදල ඇති වෙලා. මොන රෙද්දක්ද මන්ද කියන බම්බුවක් කියහන්කො. එතනට වෙලා තරහෙන් හිත හිත හිටියෙ කිලාන්.
මේකයි ඔයා දන්නවනෙ මීඩියා යුනිට් එකේ වගකීම මෙච්චර කල් කරගෙන ගියේ සුපුන්. ඒ උනත් එයාට මේකෙ වැඩ වලට මහන්සි වෙන්න අමාරුයි එයා රග්බි වලට වැඩි තැනක් දෙන නිසා. මිනිහ දැන් ගොඩ කාලෙක ඉදන් කෙදිරි ගානව මට මිනිහ වෙනුවට වෙන කෙනෙක් ගන්න කියල. සුදුසු කෙනෙක් හිටපු නැති නිසා තමයි මම මෙච්චර කල් ඒක කල් දැම්මෙ. කිලාන් මොකද කියන්නෙ ඔයා කැමතිද ඒ වගකීම ගන්න?
කිලාන්ට ලොකු සතුටක් දැනුන ඒක ඇහුවම. මොකද මොනවට නැතත් කොල්ල නිවේදන කටයුතු වලට කැමතියි. මොන රස්තියාදුවේ ගියත් මොකක් මග ඇරියත් අනිවාරෙන්ම මීඩියා යුනිට් එකේ වැඩක් නම් ඒකට යනවමයි. ඉතින් තමන් ප්‍රිය කරන ෆීල්ඩ් එකක ප්‍රධානම තනතුර බාරගන්න කිව්වම කොල්ලට හරි සතුටක් දැනුන.
මම කැමතියි සර්. කොල්ලකිව්වෙ දෙපාරක් හිතන්නෙ නැතුව.
බොහොම හොදයි. මම හිතුව ඔයා කැමති වෙයි කියල. මේක ලොකු වගකීමක් කිලාන්. අනිත් එක මේ තනතුර ඔයාට හම්බුනේ ඔයාගෙ දක්ශතාවය නිසාම විතරයි. මම හිතනව ඔයා ඒ වගකීම හරියට ඉශ්ට කරයි කියල.
මම මට පුලුවන් උපරිමෙන් මහන්සි වෙනව. කොල්ල උත්තර දුන්නෙ හදවතින්ම.
අන්න හරි. අපිට ප්ලෑන් කරන්න ගොඩක් දේවල් තියෙනව. මම ඔයාට කියන්න හිටපු අනිත් දේ තමයි ඕල් අයිලන්ඩ් මීඩියා කම්පටිශන් එක. ඒකට අපේ ඉස්කෝලෙ මේ සැරේ නියෝජනය කරන්න ඕනෙ ඔයා.
ගුරුවරයා කියනකොට තමන් හීනයක් දකිනවද කියල කොල්ලට හිතුන. මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්දම තරගාවලියක් ගැන. දිනන එක කොහොම උනත් ඉස්කෝලෙ නියෝජනය කරමින් මේකට සහභාගි වෙන්නත් ලමයි අතර තියෙන්නෙ තරගයක්.
මට ගොඩක් සතුටුයි සර් මම හැමදාම හිතුව ඒකට යන්න පුලුවන් නම් කියල. ඒත් මම හිතන්නෙ මට වඩා දක්ශ ලමයි ඉන්නව ඉස්කෝලෙ.
ඔයා දක්ශ නැතුව නෙමෙයි දරුවො ඔයාගෙ දක්ශතාවක් තියෙනව ඔයා ඒක අදුනගෙන තිබුනෙ නති එකයි වැරද්ද. අනවුන්සින්ග් වලට කැමත්තක් තියෙන නිසා තමයි ඔයා මෙච්චර වත් මේ වැඩ වලට එන්නෙ. ඉතින් දැන් මොන හේතුවක් නිසා හරි ඔයා ඔයාගෙ දක්ශකම අදුනගෙන තියෙනව. වැරදි හදාගෙන තියෙනව. ඉතින් දැන්වත් හිතල වැඩ කරන්න කොල්ලො. ඔයාට ගොඩක් දුර ගමනක් යන්න පුලුවන්. මේව ඔයාට ලැබෙන්නෙ ඔයාගෙ ටැලන්ට් එක නිසාම විතරයි නැතුව ඔයා තුශාර සේනානායක මහත්තයගෙ පුතා නිසා නෙමෙයි. ගොඩක් දේවල් කියල අන්තිමට ගුරුවරයා ඒ ටිකත් කිව්වෙ කිලාන් ගැන හොදටම දන්න නිසා.
ගුරුවරයාගේ වදන් සිහි කර කර පන්ති කාමරය වෙත එමින් සිටි කිලාන්ට ඒ අතරෙ මෙහන්සාවත් මතක් උනා.
අනවුන්සින්ග් කියන්නේ මයික් එකට බය නැතුව ඔහේ දොඩවන එක නෙමෙයි. ඔයාගේ වචන පාලනය කරගත්තොත් ඔයාට ගොඩක් දුර ගමනක් යන්න පුළුවන්. ඇය එදා කියපු හැටි ඔහුට මතක් උනා. ගුරුවරයා කිව්වෙත් ඒකමයි. මේ හැමදේම මෙච්චර කල් මට පෙනුනේ නැත්තේ ඇයි?
ඔයා හින්ද මට ගොඩක් දේවල් ලැබෙනවා මෙහන්සා. මට මම ආස කරන මේ හැමදේම ලැබෙන්නේ ඔයා නිසා. මන් ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද. හිත හිත කිලාන් පන්තියට ගියා.
අන්න එනවා අපේ නැගී එන නිවේදන තාරකාව. බිතුම් කෑ ගැහුවේ කිලාන් දකිනවත් එක්කම.
මෙහෙවරෙන් මෙහෙ වරෙන් උඹව ටිකක් ආශ්‍රය කරන්න. සෙනාල් කිව්වේ කිලාංගේ කර වටා අත දාගෙන. මොනවද අර අමිලකාරයා මෙච්චර වෙලා උඹට කිව්වේ?
උඹලටත් ඕනේ නැති ඇටි කෙහෙල් ඇවරියක් නෑනේ බන්. කිලාන් කිව්වේ හිනා වෙවී. උඹල මගේ වටේ ඇන්ටනාවක් දාලද තියෙන්නේ මන් කාත් එක්කද කතා කරන්නේ කොහෙද යන්නේ ඔක්කොම දැනගන්න?
අන්න බලාපල්ලකෝ කොල්ලගේ කතාව. සෙනාල් කිව්වේ උපහාසයෙන්. මු මාත් එක්කම කැන්ටිමේ ඉදන් එනකොට තමයි අමිලකාරයා පණිවිඩේ එව්වේ එන්න කියල. ඒ හින්ද මුට යන්න කියල මම ආව. ඒ හින්ද නෙමේද බුරුවො අපි දන්නේ තෝ මොන මගුලේද තොලොංචි උනේ කියල. නැත්තම් අපිට වෙන වැඩ නැතුවට තොගේ වටේ ඇන්ටනා හයි කරලා තියන්න. හහ්. තියාගනින් උඹේ වවුල් පණිවිඩේ අපිට දැනගන්න ඕනේ නෑ
වවුල් පණිවිඩ එන්න මම වවුල් මිනිසා නෙමේනේ බන්
වවුල් මිනිසා ? මොකාද බන් ඒ?
ඇයි බන් මෙච්චර කාටුන් බලන එකා වෙලා තෝ වවුල් මිනිසා අදුරන්නැත්තන් තියන්න වටින්නේ නෑනේ. බැට් මෑන් බන් බැට් මෑන්. බිතුම් කීවේ හුණු කූරක් ගෙන ඔවුන් සිටි මේසයේ වවුලෙකු අදිමින්.
අහ් මන් ඒත් කල්පනා කළා ඒ කාටුන් එකේ හැමතැනම වවුලෙක් ඉන්නේ මොකද කියල.
අපෝ උඹ නම් මහා මොකෙක්ද මන්ද. අපේ ඉස්කෝලේ එකෙක් වෙන්න බෑ
තොපි ඔක්කොම එකයි. මොකක් හරි එක වචනයක් ඇති දවසම අල්ලාගෙන කියවන්න. බිතුම්ගේත් දසුන්ගේත් දෙබස අහන ඉදල ඇති වෙලා අදීශ කිව්වා.
අනේ අම්මේ උඹ පැත්තකටම වෙලා ඉන්න එකානෙ. කිලාන් කිව්වේ බිතුම් ඇඳ ඇඳ හිටපු වවුලගේ රූපේ මකල ඒ හුණු ටික අදීශගෙ මුහුණේ තවරමින්.
ශික්. කමිසයෙන් මුහුණ පිහිදමින් අදිශ කිව්වේ තරහෙන්. හිටපන් මන් ඕකට රිටන් එක දෙන්නම් කොයි වෙලේ හරි.
ඉතින් කිලාන්. කියපන්කො මොකද අර සර්කාරයා කිව්වේ? මිහින් ඇහුව.
සර් කිව්ව මට මිඩියා යුනිට් එක බාර දෙනවා කියල. අනිත් එක මේ සැරේ ඕල් අයිලන්ඩ් කම්පටිෂන් එකට අපේ ඉස්කෝලෙන් යන්නෙත් මම කියල. මට මාරම සතුටුයි බන්. කිලාන් කිව්වේ පොඩි දරුවෙක් ඔහු කැමතිම සෙල්ලම් බඩුවක් ලැබුනම සතුටු වෙනවා වගේ ලොකු සතුටකින්.
හුරේ. කොල්ලෝ ටිකටත් සතුටුයි ඒ ගැන. අපේ කිලාන්ට ජය වේවා. කියමින් අදීශ කිලාන්ගේ ඔලුවේ ඉදන් වතුර හැලුවේ කොල්ල බලාපොරොත්තු වෙච්ච නැති මොහොතක. උඹට මන් රිටන් එක දෙන්නම් කිව්වනේ.
ශිහ් තොපි වගේ යාළුවො නම්. කිලාන් කිව්වේ ඉහින් කනින් ගලාගෙන ගිය වතුර පිසදමමින්.
එහෙනම් අද අපිට පාටියක් උඹ ගානේ. බිතුම් කිව්වා
අද විතරක් නම් බැරිය තොපි හැමදාම කරන්නේ මගේ දත් ගලවන එකනේ.
උඹට මොකද බන්. අපි වගේ දුප්පත් කොල්ලන්ට වේලක් කන්න අරන් දුන්නම පින් සිද්ද වෙනවා. සෙනාල් කිව්වා.
ඔව් ඔව් උඹ දුප්පත්. අනේ මොකටද මගේ කට.
අඩෝ ඒ ඇක්ෂන් එක නම් අල්ලපු ගෙදර රොසලින් ආච්චිගේ වගේ. අනේ මොකටද මගේ කට. නාකි ගැහැනියක ලෙස රගපාමින් දසුන් කිව්වා.
පල පල යන්න.
හරි හරි වෙනදත් කිලාන් අපිට කන්න බොන්න අරන් දෙනවනේ. ඒ නිසා අද වෙනද දෙන එක නැතිව විශේෂ පාටියක් දීපන්.
මිහින් කියද්දී කට්ටිය ආයෙමත් හුරේ දැම්ම.
මිහින් මුල් ටික කියද්දී මන් හිතුව අද කන්න ඕනේ නෑ කියයිද කියල. කිලාන් කිව්වේ සිනාසෙමින්.
පිස්සුද යකෝ මේ නිකම් හම්බෙන එක එපා කියන්න. තවත් නාස්ති කරන්න වෙලා නැහැ කැන්ටිමට යමල්ලා. දසුන් පෙරමුණ ගත්ත.
කිලාන් උඹ පින් දීපන් අර කෙල්ලට. ඒකි නිසා තමයි අද උඹට මෙච්චර උඹ කැමති දේවල් ලැබිල තියෙන්නේ. බිතුම් කිව්වේ සාදය බුක්ති විදින අතරතුර.
මිහින් උඹ මුකුත් හිතන්න නම් එපා. කිලාන් කිව්වේ ටික වෙලාවක් නිහඩව ඉදල.
පිස්සුද බන් මම මොනා හිතන්නද?
නෑ මිහින්. එයා මට කලේ ලොකු උදව්වක් තමයි. මන් ඒක උඹල ඔක්කොම ඉස්සරහ කියන්න ලැජ්ජා වෙන්නේ නෑ .
කාගෙන් හරි වෙලා තියෙන්නේ හොද දෙයක්නේ. ඒ ගැන අපිට සතුටුයි. නැද්ද සෙනාල් ?
නැතුව නැතුව.
මන් එයාට තැන්ක්ස් කලා කියපන් මිහින්. ලොකු උදව්වක්. කිලාන් කිව්වේ හදවතින්ම.
මු අනිත් දවසේ කියන්නේ මොකද්ද දන්නවද? මන් එයාට ආදරෙයි කිව්වා කියපන් මිහින් ලොකු උදව්වක්. අදීශ කිව්වේ විහිලුවට උනත් කිලාන් තිගැස්සුණ ඒ වචන වලට.
මේ උඹ මගෙන් කුණුහරප අහගන්නතිව හිටපන්. කිලාන් කිව්වේ තරහෙන්.
උඹට තරහ ගන්න දෙයක් මන් කිව්වේ නෑ බන්
ඔව් කිලාන් අදිය ඒක විහිලුවට කිව්වේ.
ඔක්කොමල හොදට අහගනිල්ලා. මිහින් උඹේ කෙල්ල ගැන මගේ තුන් හිතක වත් එහෙම අදහසක් නෑ. හිතට විරුද්දව උනත් කිලාන් කිව්වේ සෑහෙන වෙහෙසක් දරල.කරමි. නමුත් ඒ ඇය ආයෙත් එහෙම මෙහන්සා ගැන කියල මාව බයිට් එකට ගන්න එන්න එපා. මන් ඒකිට තැන්ක්ස් කරන්න කිව්වා එකම හේතුව මට උදව්වක් කරා කියල මන් හිතන හින්ද විතරමයි. නැතුව වෙන රෙද්දක් හින්ද නෙමෙයි.
කිලාන් කී තර්ක බිදින්නට ඕනා තරම් දේවල් කොල්ලෝ ටික දැනගෙන හිටියත් ඔවුන් නිහඩ උනා. එකක් කිලාන්ව කෝප ගස්සන්න ඔවුන් කවදත් අකමැතියි අනිත් එක මිහිනුත් එතන හිටපු නිසා.
ඇති ඇති කිලාන්. අදිශය එක විහිලුවට කිව්වේ. උඹ ගැන මම දන්නවනේ. බොරුවට රණ්ඩු නොවී ඉදිමු. මිහින් කිව්වා අන්තිමට.
ඇත්තටම තමන්ගේ සිතුවිලි දන්නවනම් මිහින් එහෙම කියන්නේ නැහැ කියල කිලාන්ට හිතුන. මම ඇයට ආදරය කරමි. නමුත් ඒ ඇය මා සතු කරගන්න අදහසකින් නෙමෙයි.තමන් කැමති කෙනෙකුට ආදරය කරන්නට තමන්ට අයිතියක් තියෙනවා. කිලාන් එහෙම හිතල හිත සනසගත්ත