නන්දි 07 කොටස….

පාර පුරාම හුගාක් සෙනග ඉන්නවා …
අනේ මං කොච්චර කෑ ගැහුවද…මං වගේම දෝනි කිසිම කරදරයක් නැතුව ඉන්නවා කියලා ..ඒත් එයාලාට ඒ දේවල් ඇහෙන්නෙ නෑ …

හැම කෙනාම දුක් වෙනවා.
මොකද්ද අර තියෙන්නෙ …

දෙවියනේ ඒ ඒ තියෙන්නෙ මගේ වගේම පුංචි දෝනිගෙ සිරුරු නේද ..එතකොට ….එතකොට මායි පුංචි දෝනි දෙන්නම එතකොට මැරුනද….
මට බැලුනෙ පුංචි දෝනි දිහා මං ලගට වෙලා සතුටින් ඉන්නවා …

එයා හැමදාම දැක්කෙ මං කකුල් නැතුව බඩගානවා නෙ..එයා හුගාක් ආසාවෙන් ඉන්නෙ මාත් එක්ක …මගේ කකුල් ඉස්සර වගේ දැන් වැඩ…

මං දෝනි එක්ක හුගාක් සතුටින් සෙල්ලම් කරනවා…

මං මතක් උනේ නන්දි ….
එයා කොහෙද කියලා ….

මට නන්දි මතක් උනා විතරයි ..මගේ ඇස් ඉස්සරහ නන්දි පේනවා…
කවුද මිනිහෙක් එක්ක එයා සතුටින් ඉන්නවා …

වෙලාව බලලා නන්දි හොදටම කලබල වෙලා නැහිට්ටෙ …
ඉක්මනට ලෑස්ති වෙලා අර මනුස්සයා එක්කම වීල් එහෙකට නැග්ගා….

ටවුමෙ හුගාක් සෙනග ….අර ඇක්සිඩන්ට් එක වෙච්චි හරියෙ….
නන්දි වාහනයෙන් බැස්සා….

සෙනග අස්සෙම නන්දි කවුද මැරිලා ඉන්නෙ බලන්න ආවා….

නන්දිට කිසිම දෙයක් හිතාගන්න බෑ ….

දර්ශන එහෙම්මම වාහනයට යට වෙලා …
පුංචි දෝනි ඉන්නවා ඊට එහා ….දෙන්නම එහෙම්මම මැරිලා ….

මෙච්චර දවසක් හෙව්ව සතුට මොකද්ද කියලා නන්දිට දැනෙද්දි හැම දෙයක්ම වෙලා ඉවරයි …..
අනේ දෝනි …….

නන්දි පාර මහ 💪 හයියෙන් අඩනවා ….

අපෝ මේ ගෑනිගෙ දරුවද මේ ….
දරුවා ඉස්කෝලේ දාලා හැම තැනම ඇවිදිනවා….

යසයි අම්මා එන වෙලාව…

එක ගෑනියෙක් කියනවා….

අර අබ්බගාතයා කොහොම හරි දරුවා එක්ක එන්න ගිහින් එද්දී තමයි දෙන්නම යට වෙලා තියෙන්නෙ ….

අනේ පව්….

තව එකෙක් එහෙම කියනවා….

මේ ගෑනිගෙ දේවල් දරාගන්න බැරුව තාත්තා දරුවා එක්ක වාහනයට පැන්නා ලු…

තව ගෑනු කෙනෙක් එහෙම කියනවා….
අනේ මෙහෙම ජරා ගෑනු …

නන්දි අඩද්දිම මගේ වගේම පුංචි දෝනිගෙ මිනී හොස්පිට්ල් එකට අරගෙන ගියා….

ලොකු සල්ලි නැති නිසාම නන්දි හොස්පිට්ල් එකට කියලා දර්ශන වගේම පුංචි දෝනිගෙ මිනී යට කරා…

මෙච්චර දවසක් ලස්සන ලෝකයක් හොයාගෙන දිව්ව නන්දි පුංචි දෝනි මතක් කර කර අඩනවා …
අබ්බගාත දර්ශන මෙච්චර දවසක් ටිකට් විකුන විකුන කොච්චර අමාරුවෙන් සල්ලි හොයලා දුන්නද කියලා මතක් වෙද්දී ඇඩෙනවා..

ගෙදර පුලුවන් විදියට හැම වැඩක්ම දර්ශන කරපු විදිය නන්දි මැවි මැවි පේන්න ගත්තා …

අනේ දෙවියනේ ….
මං නේද සේරම දේවල් කරේ….

මේ දේවල් හිතලම නන්දි ඔලුව විකාරෙන් පාර පුරාම ඇවිදින්න ගත්තා …

දවස් ගෙවෙද්දි එක එක සමග එක් වෙච්චි නිසාම සමාජ රෝග නන්දිට වැලදිලා ටික ටික ඒ රෝග ලක්ශන ඉස්මතු උනා ….

අන්තිමට නන්දි සමාජ රෝගියෙක් උනා ….

මිනිස්සු කියන කතා ,මිනිස්සු කරන ගැරහුම් ,කොන්වීම් හැමදාම නන්දිට උහුලන්න උනා …

කිසිම දෙයක් නැතුව අසරණ වෙලා නන්දි තනියම ජීවිතය විදෙව්වා…

ආදරය රැකගන්න …
පුලුවන් හැම මොහොතකම …

නැති උනාම කොච්චර වටිනව උනත් …
ආයෙ අයිති කරගන්න.

ලබාගන්න බැරි වෙන්න පුලුවන් ..
ඒ නිසා ..

ලග තියෙද්දි ආදරයෙන් ….
රැකගන්න …..

මායි පුංචි දෝනි හුගාක් සතුටින් ඉන්නවා ..
ලස්සන ලස්සන ඇදුම් ….

හොද හොද කෑම …
ඇත්තටම මේ ඉන්නෙ දිව්‍ය ලෝකෙ ද කියලා හිතෙනවා ….

නිමි….