නන්දි …06 කොටස…

අනේ මගේ ඇස් ඉස්සරහ නන්දි ඉන්නවා ..

ලස්සනට උන්නු නන්දි හුගාක් මහන්සි වෙලා වගේ …

හැම දෙයක්ම අමතක උනා …

නන්දි මෙච්චර දවසක් ගෙදර ආවෙ නැත්තේ එයා වැඩට ගිහින් නිසා වෙන්න ඇති..

මගේ හිත මාවම රවට්ට ගත්තා …

නන්දි එන්න එන්න….

දර්ශන …..

නන්දි ගේ අස්සට ආවා…මං දොර වහලා නන්දි පස්සෙන් බඩගාගෙන ආවා…

එයා පුංචි දෝනි ආදරෙන් හුරතල් කරනවා…
ඔයා කොහෙද හිටියේ නන්දි ..

ඔයා හොදින් ඉන්නවා නේද …

ඉන්නවා දර්ශන ….

නන්දි වැඩි කතාවක් නෑ .එහෙම්මම කාම්බරයට ගියා.නන්දි ඉන්නෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක කියලා මට දැනුනා …

නන්දි ගිහින් අවුරුදු දෙකකටත් පස්සෙ ආයෙ මේ ආවෙ..මේ ටිකේම මං පුංචි දෝනි රෝද පුටුවේ ඉස්සරහ පොඩි පෙට්ටියක් හදාගෙන ඒකෙ තියාගෙන ටිකට් විකුන්නා..

අනේ හුගාක් මිනිස්සු මගෙ ගැන අනුකම්පා කරලා ටිකට් ගත්තා …

හවස බලද්දී රුපියල් හත් අටසීයක් මට තිබ්බා ලාභෙ.

පුංචි දෝනි එක්ක මොනවා හරි අරගෙන ගෙදර ඇවිත් කාලා ජීවිතය ගෙව්වා.

දවසින් දවස මගෙ රෝස මල ලස්සන හැදුනා.කකුල් නැති මං හුගාක් බය උනා කොහොමද මෙච්චර ලස්සන සුරංගනාවියක් රකින්නෙ කියලා …

දෙවියනේ වෙලාවට කොහොම හරි නන්දි ආයෙ ගෙදර ආවෙ…
නන්දි ඉස්සර වගේ දැගලුවේ නෑ රස්සාවක් හොයන්න.

මං ටිකට් විකුනන්න දෝනි නන්දි එක්ක ගෙදර තියලා ආවා.
නන්දි පුංචි දෝනි බලාගෙන ගෙදර ඉන්න එක මට ලොකු සැනසීමක් උනා …

පුංචි දෝනි දැන් පෙරපාසල් යනවා.
හරිම ලස්සනයි .මලක් වගේ ..පුංචි දවස් වල අබ්බගාත මං රැක්ක පුංචි දෝනි දැන් ඉන්නෙම නන්දි එක්ක.

මං ගෙදර ආවත් ඉස්සර වගේ මං ලගට ආවෙ නෑ …දෝනි අම්මා එක්ක විතරයි ඇවිදින්න යන්න කැමති …මං මොනවා ගෙනිච්චත් දෝනි ඒවා ගන්නවත් මං ලගට ආවෙ නෑ …

සමහර විට අබ්බගාත මාව දෝනිට උනත් පිලිකුලක් වෙලා ඇති..එයාලා දන්නෙ නෑ එයාලට වෙන්න ගිය ඇක්සිඩන්ට් එක මං මෙහෙම එයාලා බේරගෙන මං මෙහෙම අද ඉන්නෙ කියලා …

අම්මා වගේම දෝනි හුගාක් ලස්සනයි .
ආයෙ නන්දි ලස්සන වෙන්න එක එක දේවල් හොයනවා.ගානවා අදිනවා.මොකද්ද ලොකු වෙනසක් එයාගෙ මං හොදටම දැක්කා…

පුංචි දෝනි වෙනස් කරන්නෙත් නන්දි කියලා මට හිතුනෙ.ඒත් මොකද්ද කරන්නෙ .මං කිසිම දෙයක් කරගන්න බැරි අසරණ මනුස්සෙක් වෙලා ඉවරයි .පුංචි දෝනි රකින්න පුලුවන් නන්දිට තමයි ..ඒ නිසාම හැම දෙයක්ම උහුලන්න මං තීරනය කරා …

නන්දි උදේම ගිහින් දෝනි දාලා ආවා.
වෙනදා නම් මේ වෙද්දී මං ගෙදර නෑ .ටිකට් විකුනන්න ගිහින් ..

ඒත් අද ඇගට ටිකක් අමාරුයි .
ඒකයි ගෙදර උන්නෙ…

නන්දි දරුවා ගන්න යන්නෙ නැද්ද..
මේ යන්න හදන්නෙ දර්ශන …

අද උයන්න බැරි උනා …

අනේ ඒකට කමක් නෑ නන්දි …
දරුවා අරගෙන එන්න..

මට කන්න ඕනි නෑ …

දර්ශන ඔයා අද ටිකට් විකුනන්න යන්නෙ නැද්ද …

බලන්න ඕනි නන්දි …පුදුම ඇගේ අමාරුවක් තියෙන්නෙ …
නන්දි ඉක්මනට ලෑස්ති වෙලා එලියට යනවත් එක්කම වීල් එකක් නවත්තනවා ඇහුනා…

අනේ පව් නන්දි …
දරුවා ගන්න යන්න පරක්කු නිසා වීල් එහෙක යන්න ඇති….

කවදාවත් මං නන්දි සැක කරේ නෑ .
මට හැම වෙලේම ඕනි උනේ .පුංචි දෝනි වෙනුවෙන් කොහොම හරි නන්දි රැකගන්න.ගෑනු දරුවෙක් හදන්න අම්මා කෙනෙක් ඉන්න ඕනි නිසා…

ඒත් මගේ ෆෝන් එක එක දිගටම රින්ග් වෙද්දී ..මං රෝද පුටුවෙන් ඉක්මනට ඇවිත් ෆෝන් එක ගත්තා ..

හෙලෝ….

මේ අර ටිකට් විකුනන රෝද පුටුවෙන් යන කෙනා වෙන්න ඕනි ..

ඔව් ….
මං ඒ මනුස්සයා තමයි ….

ඔයාගෙ නෝනා නේද අර වීල් එහෙක ගියේ…

ඔයා නොදන්නවා උනාට ඔයාගෙ නෝනා හැමදාම කරන්නෙ දරුවා ඉස්කෝලේ දාලා එක එක තැන් වල යන එක තමයි ….ඔයා දැක්කම දුක නිසා මේ දේවල් ඔයාට කියන්න හිතුනෙ…

සමහර දවසට ඔයාගෙ දරුවා එක්කත් ඔයාගෙ නෝනා එහෙ මෙහෙ යනවා….

එච්චරයි ඇත්තටම මට නම් මතක .
දෙවියනේ මං කොයි වගේ මනුස්සෙක් ද…

තාත්තා මගෙම නෝනා වෙන තැන් වල යනවා කියලා අහන්න තරම් මං ජීවත් වෙලා මොකටද….
හැමදාම මෝඩයෙක් වගේ කොහොමද ඉවසන්නෙ….

ඒ විතරක් ද මගෙ අහිංසක පුංචි දෝනිවත් මේ නරක ගමන් වලට එක්ක යනවද…
කොච්චර ඇවිදගන්න බැරි උනත් මං රෝද පුටුවෙන් පුලුවන් තරම් වේගෙන් එලියට ආවෙ කොහොම හරි නන්දි වගේම දරුවා බලන්න යන්න ….

පාර පුරාම මිනිස්සු මට හිනාවෙනවා වගෙයි මට හිතුනෙ…
කදුලු එද්දී රෝද පුටුව කොහෙද යන්නෙ කියලා වත් මට පේන්නෙ නෑ ..

ඒත් පුලුවන් ඉක්මනට මං දෝනිගෙ ඉස්කෝලේ ලගට ආවෙ…
ලස්සන ලස්සන පුංචි ලමයි අම්මා තාත්තගෙ අතේ එල්ලි එල්ලි හරිම සතුටින් ගෙදර යන්නෙ…

ඒත් මගෙ පුංචි දෝනි තවම පේන්න නෑ …
නන්දි මට ඉස්සෙල්ලා අආවත් නන්දි ගේට්ටුව ලගට ඇවිත් නෑ ..ඉස්සර වගේම නන්දි ආයෙ නරක වැඩ වලට යොමු වෙලා එහෙනම් …

සේරම ලමයි ගෙදර යද්දී මගෙ පුංචි දෝනි තවම ආවෙ නෑ …ඒ නිසාම මං ඉස්කෝලේ අස්සට ආවා රෝද පුටුව කරකව කරකව අතින්.

අනේ මගෙ පුංචි දෝනි ඔන්චිලි පදිනවා…
මාව දැක්ක ගමන් එයා දුවගෙන ආවා.මෙච්චර දවසක් පිලිකුලක් වෙලා උන්නු මාව ආව ගමන් තුරුළු කරගත්තා …

මං පුංචි දෝනි අතින් අල්ලගෙන හිමින් රෝද පුටුව කරකව කරලව ගෙදර එන්න ආවා…

තාත්තා ඔයා මාව එක්ක යන්න ආවද…
අනේ ඔව් සුදු මැණික …

එතකොට ඔයා මට ආදරෙයිද තාත්තා …

හුගාක් ආදරෙයි පැටියො ….

ඔයා ඇයි දෝනි ගේට්ටුව ලගට ආවෙ නැත්තෙ….

අම්මා හැමදාම එන්නෙ හුගාක් පරක්කු වෙලා නිසා..මං හැමදාම ඔන්චිලි පදිනවා තාත්තා අම්මා එනකල් …

දෙවියනේ මගෙ දෝනි ඔහොම ද නන්දි ආරක්ෂා කරේ..අනේ මගෙ දෝනිට කරදරයක් උනා නම්….

දෝනි අම්මා කොහෙද හැමදාම යන්නෙ…

තාත්තා මාමලා ඇවිත් අම්මා එක්ක යනවා.උදේ මාව ඉස්කෝලේ දාලා අම්මා වීල් වලින් යනවා…

එක මාමා කෙනෙක් නෙවෙයි ද පුතේ ….

නෑ තාත්තා ….

තව මොනවද මේ පුංචි දරුවගෙන් මං අහන්නෙ….

අම්මා ඔයා එක්ක යන්නෙ නැද්ද පුතේ …එහෙම යද්දී ….

දෝනි ලොකු හුස්මක් ගත්තා ….

අනේ ඇයි පුතේ මේ …..

එක්ක යනවා තාත්තා ….
ඒ මාමලා හුගාක් නරකයි….

අම්මට හුගාක් කරදර කරනවා….
මටත් රිද්දනවා…ඒ නිසා මං ඒ වාහන වල යන්න බයයි තාත්තා ….

අම්මා හැමදාම කියන්නෙ ඒ තාත්තා නිසා අම්මා එහෙම දුක් විදිනවා කියලා …ඒකයි මං තාත්තා එක්ක තරහා උනේ ….

පාර පුරා වාහන එද්දී කිසිම දෙයක් මට පේන්නෙ නෑ ..පුංචි දෝනි වගේම නන්දි මෙච්චර වේදනාවක් වින්දෙ මං නිසාද කියලා හිත වද දෙනවා…

අනේ ……

මහ හයියෙන් ආව බස් එහෙක මායි පුංචි දෝනි එහෙම්මම වැදුනා…කිසිම දෙයක් හිතන්නව වෙලාවක් ගියේ නෑ ….

මං වගේම පුංචි දෝනි නැගිට්ටා …
ඒත් මේ මිනිස්සු එහෙම්මම වට වෙලා ..

බස් සේරම නවත්තලා …මං කොච්චර කතා කරත් ඒ මිනිස්සු අහන්නෙ නෑ ….

මගෙ දෝනි හුගාක් ලස්සනයි ….
අනේ මගෙත් කකුල් දෙක දැන් හොදයි ….අපි දෙන්නම හුගාක් සතුටින් අත් අල්ල ගත්තා …..

යාලුවනේ අවසානය හෙට…
ලයික් කමෙන්ට් කරන්න .අවසන් කොටසින් එන්නම්…

නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි.