නන්දි 04 කොටස ….

මගෙ පුංචි දෝනි අම්මා කුක්කු බීලා බීලා එයාට බෝතලෙන් කුක්කු බොන්න තේරෙන්නෙ නෑ …බඩගින්න හින්දා අහකට ඉහිරි ඉහිරි පුංචි දෝනි කුක්කු බෝතලේ හිස් කරා…

අනේ සමාවෙයන් රත්තරන් පුංචි දෝනි …
මට ඔයාට අම්මට සලකන්න බැරි උනා ..ඒ නිසයි අද අම්මා වැඩකට යන්න ගියේ…අනේ මගෙ අහිංසක පුංචි දෝනි බඩගින්නෙ මේ කඩේ කුක්කු බොන්නත් උනේ ….

බඩ පිරිලා පුංචි දෝනි නිදි මතේ ඉන්නෙ …නන්දි දෝනිට කිරි පෙව්වම හැමදාම දරුවා වඩාගෙන උරහිසට බඩ තද කරගෙන ඉන්නවා …දෝනිට ගුඩුස් යන්න …මට වෙලාවට මතක් උනේ …පුංචි දෝනි ලගට මං රෝද පුටුවෙන් අත් ද්දෙක බිමට තියලා පැන්නා….

මගෙ පුංචි සුරංගනාවි වඩාගෙන ගුඩුස් යැව්වා…දැන් කොහොමද පුංචි දෝනි අරගෙන මං ආයෙ රෝද පුටුවෙන් වාඩි වෙන්නෙ…හිතාගන්න බෑ කොහොමද පුංචි දෝනි එක්ක රෝද පුටුවෙන් වාඩි වෙන්නෙ කියලා …

පුංචි දෝනි බිමින් තියලා මං බඩගාගෙන කාම්බරයට ආවෙ…හරියටම පුංචි දරුවෙක් බඩගානවා වගේ …

බෙඩ් ශීට් එකක් අරගෙන පුංචි දෝනි ලගට බඩගාගෙන ආවා…

බෙඩ් ශීට් එක හතරට නවලා පුංචි දෝනි ඒකෙන් තියලා දෙපැත්තක් ගැට ගැහුවා …දෝනි ඉන්න බෙඩ් ශීට් එක අතින් ඇද ඇද මං බඩගාගෙන කාම්බරයට ආවා….

පුංචි දෝනි අරගෙන ඇදෙන් තියලා….

මාත් අත් කකුල් කෑලි එක්ක දනගාගෙන ඇදට නැග්ගා….

පුංචි දෝනි එක කකුල් කොටේකින් කොහොමද නිදි කරන්නෙ….

එක කකුලක් තිබ්බත් නෑ වගේ …

අනිත් එකේ භාගයයි තියෙන්නෙ ….

පන නැති කකුල නම් හෙලවෙන්නෙ වත් නෑ ….
කොට්ටෙ කොට කකුල් කෑල්ලෙන් තියාගෙන පුංචි දෝනි අරගෙන කොට්ටෙන් තියාගත්තා …..

දන්න විදියට කවි කිය කිය පුංචි දෝනි සෙලෙව්වා…..

අම්මා නුබේ කිරට ගියා…..
කිරි එරවා එන්න ගියා …….

කවි කියන්න බෑ දුකටම ඇඩෙනවා….
අනේ මගේ අහිංසක පුංචි දෝනි හිමින් ඇස් පියාගත්තා ….මේ අසරණ තාත්තා මොකද්ද කරන්නෙ පුතේ ….

නන්දි කොහෙද ගියේ මොකද්ද කරන්නෙ .කිසිම දෙයක් නන්දි කියලා ගියේ නෑ ..හිතට එච්චර හොද නෑ ….

බඩගාගෙන ඇවිත් ෆෝන් එක හොයාගෙන නන්දිට කෝල් එකක් ගත්තා …නෑ එයා ආන්සර් කරන්නෙම නෑ ….

මං පුංචි දෝනිගෙ රෙදි සේරම අරගෙන මගෙ ඒවත් නන්දොගෙ රෙදිත් අරගෙන වොශ් රූම් එකට ආවෙ බොහොම අමාරුවෙන් රෙදි සේරම එකට එකතු කරලා ගැට ගහලා ඇදගෙන ආවෙ …

සබන් තියෙන්නෙ උඩ කොහොමද ගන්නෙ….බාස්කට් එකට වතුර ඇරලා රෙදි සේරම පෙගෙන්න දැම්මා….

ආයෙ මං කුස්සියට ඇවිත් කොස්ස අරගෙන බඩගාගෙන ආවා…කොස්සෙන් ඇනලා ඇනලා කොහොම හරි සබන් එක බිමට දැම්මා….

මගෙ පුංචි දෝනි ඇන්ද රෙදි සේරම හුගාක් සතුටින් ආදරෙන් මං හේදුවේ…නන්දි ඇදපු රෙදි වල එයාගෙ සුවද මට හොදටම දැනෙනවා ….

ඒවත් අපේ ආදරය සිහි කර කර මං සේරම හේදුවා…

මගෙ රෙදිත් මං ඕනවට එපාවට හෝදගත්තා .

පුංචි දෝනි දිහා බැලුවම පපුවට එන්නෙ ලොකු වේදනාවක් ..පුංචි දෝනි හැම වෙලේම හොයන්නෙ අම්මා ..ඒ පුංචි මූණ වෙනස් වෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවක්…අම්මා නැති නිසා පුංචි මූණ බෙරි වෙලා …අඩනවා…

මෙච්චර ඉක්මනට පුංචි දෝනි ඇහැරිලා…අම්මා හොයනවා…

දෝනිගෙ ඇඩිල්ල නිසා කොහොමද ඉතින් දුවන්නෙ…අබ්බගාත මං…රෙදි එහෙම්මම බාත් රූම් එකේ තියෙද්දි බඩගාගෙන ආවා.පුලුවන් ඉක්මනට …දෝනි හොදටම අඩනවා…

අනේ දෙවියනේ කොහොමද මේ පුංචි දෝනි නලවන්නෙ….බඩගාගෙන ගිහින් පුංචි දෝනි ගත්තා බිමට….

කොහොම හරි ආයෙ කුක්කු ටිකක් හදලා දීලා පුංචි දෝනි නලවගත්තා…

හැමදාම කොහොමද මෙහෙම අසරණ පුංචි දෝනි බලාගන්නෙ….

හොදටම හවස් වෙලා නන්දි තවම ගෙදර ආවෙ නෑ …

පුංචි දෝනි අරගෙන මං දොර ලගට වෙලා බලාගෙන ඉන්නවා නන්දි එයි කියලා …

මහ කලුවරත් අරගෙන නන්දි ගෙදර ආවෙ…මං පුංචි දෝනි එක්ක ඉස්සරහ ඉද්දිම නන්දි ගේ අස්සට ආවා..

අනේ මගෙ පුංචි දෝනි කියලා දරුවා දිහා බැලුවේ වත් නෑ …කකුල් දෙක නැති මං කොහොමද දරුවා බලාගත්තෙ කියලා නිකමට ඇහුවෙ නෑ …

දරුවා රෝද පුටුවේ තියාගෙන මං හිමින් හිමින් ඇද ලගට ගිහින් පුංචි දෝනි ඇදෙන් තිබ්බා…
ලොකු කොට්ට දෙකක් දරුවා වැටෙයි කියලා තිබ්බා…

දවසම උන්නෙ බඩගින්නෙ කියලා දැනුනෙ දැන් …
පුංචි දෝනි එක්ක දවස ගෙව්වෙ නන්දි ගැන හිතේ උපන් බයෙන්…

කිසිම බඩගින්නක් දැනුනෙ නැත්තෙ ඒකයි…

පුංචි දෝනි ලගට වෙලා ඉද්දි නන්දි වොශ් දාගෙන ආවෙ …

නන්දි …
ඔයාට මහන්සි ද….

අනේ නෑ දර්ශන …

පුංචි දෝනි බඩගින්නෙ ඉන්නෙ නන්දි කිරි ටිකක් දෙන්න ..මං ඔයාට කොහොම හරි තේ ටිකක් හදාගෙන එන්නම්..

ඕනි නෑ දර්ශන මං රෑට කාලා ආවෙ…
හොදටම මහන්සි …නිදාගන්නම්…

කවදාවත් මෙහෙම වේදනාවක් කිසිම මනුස්සෙක් ට දැනෙන්න එපා …
කකුල් නැති මං දවසම බඩගින්නෙ නන්දි ගැන බයේ බඩගින්නෙ ඉද්දි පුංචි පැටියා බලාගෙන ඉන්න අබ්බගාත මං වෙනුවෙන් එක කල්පනාවක් නන්දිට තිබිලා නෑ ….

නන්දි රෑට කාලා ඇවිත් ….

නන්දි පුංචි දෝනි ලගට අරගෙන එයාට කුක්කු දෙන ගමන් නිදාගත්තා …..

මොකද්ද මේ වෙන්නෙ කියලා හිතාගන්න වත් බෑ …මෙච්චර දවසක් කන්න බොන්න දුන්නු.පන වගේ රැක්ක මාව මෙච්චර ඉක්මනට නන්දිට කුනු කූඩෙටම දැම්මෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ …

නන්දි වගේම මගෙ පුංචි දෝනි එදා වාහනයට හැප්පෙන්න ගියේ.මට කිසිම දෙයක් වෙන්න ගියේ නෑ …නන්දිට මගෙ පුංචි දෝනි ට තියෙන ආදරයට මං කොහොමද බලාගෙන ඉන්නෙ ඒ දෙන්නට මොනවා හරි වෙනවා.ඒකයි මං එදා වාහනය මගේ පැත්තට හැප්පෙන්න දීලා එයාලව ආරක්ෂා කරේ…

නන්දි …..

හ්ම්….

ඔයා ගෙදර ඉන්න ..මං මොකක් හරි දෙයක් කරලා කීයක් හරි හොයාගන්නම්…
අනේ පව් නන්දි පුංචි දෝනි …දවසම ඔයා නැතුව අඩනවා.ඔයාව හොයනවා….

අනේ දර්ශන දරුවා කන්නෙ කොහොමද .ඉස්සරහට අදින්නෙ.ඕනි දෙයක් ගන්නෙ කොහොමද ….ටිකක් තේරුම් ගන්න …දරුවා දැන් ටිකක් ලොකුයි…මාස තුනක් දරුවෙක්ට කිරි දුන්නම හොදටම ඇති….

මාත් දවසම මහන්සි වෙලා එන්නෙ…
ඔයාට තේරෙන්නෙ නැද්ද දර්ශන ….

මාත් ආසයි ලස්සනට ඇදලා ඇවිදලා සතුටින් ඉන්න….

මට හීල්ලුනා …
නන්දි එහෙම කියද්දි නන්දි වගේම මාත් ආසයි පුංචි දෝනි වඩාගෙන ඇවිදින්න ..නන්දි අතින් අල්ලගෙන ඇවිදින්න ….

ඔයා නිදාගන්න නන්දි ..
ඔයා කොහෙද වැඩ කරන්නෙ මොනවද ඔයාට කරන්න තියෙන්නෙ ….

නන්දි කිසිම දෙයක් කියන්නෙ නෑ …
පව් එයාට නින්ද ගිහින් ඇති….

දවස් ගෙවෙන්නෙ හරි ඉක්මනට …
පුංචි දෝනි බොහොම අමාරුවෙන් කකුල් නැති මං බලාගන්නෙ …සමහර දවසට මං බඩගාද්දි පුංචි දෝනි ට කුක්කු හදද්දි වැටෙනවා …

රෙදි සෝදද්දි සබන් වලට ලිස්සලා වැටෙනවා …
ඒත් මං පුංචි දෝනි ඇස් දෙක වගේ බලාගන්නෙ .. .

සමහර දවස් ගෙවෙන්නෙ හුගාක් පාලුවෙන් …නන්දි වෙනුවෙන් මං බලාගෙන ඉන්නවා ..ඒත් නන්දි මං ගැන කිසිම ආදරයක් නෑ …

හැම වෙලේම ෆෝන් එක දිහාම බලාගෙන ඉන්නෙ …සමහර දවස් වලට නන්දි ගෙදර ආවෙ හුගාක් රෑ වෙලා …එයාගෙ මූණ ඇග හැම තැනම මං දැක්කා ඉස්සර මං එක්ක ආදරෙන් ගෙවෙද්දි වගේ මූණ තොල් ඉදිමිලා….

මං බලාගෙන ඉන්නවා ..කිසිම දෙයක් දන්නෙ නැති විදියට …
නන්දි වොශ් දාගෙන එන්න ගියාම එයාට කෝල්මැසේජ් ආවා..එක දිගටම