නන්දි…
ඔයා කොහෙද ….
නන්දි පොඩ්ඩක් එන්නකෝ..
අනේ මොකද්ද දර්ශන මේ වදේ.
මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ ..
අනේ සමාවෙන්න නන්දි ..
දරුවා තවම ගෙදර ආවෙ නෑ …
ඒකයි ඔයාට කතා කරේ නන්දි …
දර්ශන …
මං යන්න හදන්නෙ දරුවා ගේන්න…
කෑම හදන්න බැරි උනා තවම …
කන්න ඕනි නෑ නන්දි ..ඔයා ගිහින් දරුවා ගේන්න …
නන්දි යන්න ගියේ ඉස්සර වගේ ආදරෙන් මට හාදුවක් වත් දීලා නෙවෙයි ..මොකද්ද ලොකු වේදනාවක් දැනෙද්දි මට සිද්ද වෙලා තියෙන්නෙ ඔහේ බලාගෙන ඉන්න …
පුතා…..
කියන්න අම්මා …
නරකද දරුවො ඉක්මනට මේ දේවල් පිලිවෙලක් කරගත්තා නම්…
ඒ මගේ අම්මා එයා කොහොමත් හැමදාම කියන්නෙ මට ඉක්මනට කසාද බදින්න කියලා …
ජීවිතය හුගාක් කට්ට කාලා සාමාන්‍ය ස්තාවරයක් ගොඩනගා ගද්දි…
ආදරය සෙනෙහස හැම දෙයක්ම ලැබුනෙ…
නන්දි …..
වගේම මං දෙපැත්තෙන්ම කැමැත්ත එක්ක අපේම උනා ….
හරිම ඉක්මනට ….
ජීවිතය නිදහසේ ගෙවෙන්න ඕනි නිසාම මං ලස්සන පුංචි ගෙයක් හැදුවා අපි වෙනුවෙන් ….
නන්දි මලක් නිසා හරිම පරිස්සමෙන් මං රැක්කෙ….
අපි අපේම වෙලා දවස් ගෙවෙද්දි මං ආස කරා පුංචි පැටියෙක් ඉක්මනට දකින්න….
අද වගේ හැම දෙයක්ම මතකයි…
ලස්සන ලස්සන පුංචි පැටව් ඉන්න ෆොටෝස් හුගාක් ගෙනාව මං…
නන්දි හිනා වෙවී ඒවා බැලුවේ …
පුංචි පැටියෙක් එන්න කලින්ම අපි එයාට නම් උනත් හෙව්වා…
ඒක ඇත්තටම වෙනස්ම දෙයක් ….
කවුද අකමැති කසාද බැදලා ලස්සනට පුංචි කූඩුවක් උනාම පුංචි පැටියෙක් ඒකට එනවට….
දර්ශන ……
මං වැඩ අස්සෙ කෝල් එක ආවෙ නන්දිගෙන්…..
කියන්න නෝනා ….
ඔයාට ලොකු දෙයක් කියන්න ඕනි ..
හැබැයි අද මට රයිස් එකයි කැෂූ නට් චොක්ලට් එකයි ඕනි….
මොකද්ද කියන්නකෝ නෝනා …
බෑ බෑ අර මං කිව්ව සේරම දේවල් අරගෙන ආවම කියන්නම්….
අද වගේ මතකයි …
වෙනදා ගෙදර එද්දී හත වෙනවා.
ඒත් එදා මං ගෙදර ආවෙ පහමාර වෙද්දී …
නන්දි ඉන්නවා දොර ලගට වෙලා …
හිනා වෙවී …
මොකද්ද මේකිට මේ වෙලා තියෙන්නෙ ….
මට හිතාගන්න බැරුව ගියා…
මොකද්ද මේ අද වෙලා තියෙන්නෙ …
මොකද්ද කියන්න තියෙනවා කිව්වෙ…
කෝ මං ඉල්ලපු දේවල් …
අරගෙන ආව මල්ල නන්දිට දුන්නම එයා සතුටින් හිනා උනා ….මොනවද මංදා චූටි පටියක් මට දුන්නා….
අනේ මංදා මොකද්ද මේ කියලා ….
මොකද්ද නන්දි මැණික මේ ..
ඔයාට උන වත්ද….
එයා ආයෙ හිනා වෙනවා…
මං එයා එක්කම ගෙට එද්දී ලස්සන ලස්සන සැරසිලි එක්ක සාලෙ එහෙම්මම ලස්සන ලොකු කේක් එකක්….
නන්දි බඩට අත තියලා ආයෙ හිනා වෙද්දී දෙවියනේ දරාගන්න බැරුව මං එහෙම්මම බිම වාඩි උනා …
මගෙ පුංචි ලස්සන සුරංගනාවි ඇවිත් ….
මං කොච්චර වෙලා ඇඩුවද මට මතක නෑ ….
අදත් ඒ දවස මතක් වෙද්දී මගෙ ඇස් වලට කදුලු එනවා….
එදා ඉදලා මගේ නන්දි හැමදාම පුංචි බඩු ලිස්ට් එකක් දෙනවා මට හැමදාම ….
වෙරලු
බයිට්
ඇබරැල්ලා
වඩේ
රයිස්
ෆ්‍රෙශ් මිල්ක්
🍫 චොක්ලට්
ඇපල්
මේ වගේ හුගාක් ජාති නන්දි ඉල්ල ඉල්ල ගෙන්න ගන්නවා…
වෙනදට වඩා මගෙ මැණික පරිස්සමෙන් මං බලාගත්තෙ…
උදේම නැගිට්ටෙ නන්දි මං වෙනුවෙන් උයන්න …මාත් එයා එක්කම අවදි උනා …එයාට පොල් ගාලා දුන්නා..මං තේ වක් කරලා දුන්නා…
කකුල් තඩිස්සි වෙද්දී හැමදාම නන්දි කෙදිරි ගගා ඉන්නෙ …
මට හුගාක් දුකයි…
මං හැමදාම බාම් ගෙනත් එයාගෙ කකුල් වල ගෑවා…
ඔලුව අතගෑවා ….
කොන්ඩෙ පීරුවා…
අනේ ඒ පිස්සි ඒ දේවල් වලට කදුලු පුරවගෙන ඇඩුවා….
පුංචි බඩ ඉස්සරහට එද්දී නන්දිට වඩා ගැහුනෙ මගේ පපුව …
හැමදාම ක්ලිනික් යන දවස මං ඔෆිස් ගියේ නෑ …
නන්දි වෙනදා වගේ නෙවෙයි දරුවා ලැබෙන්න නිසා කැත වෙද්දී හැමදාම කන්නාඩිය ඉස්සරහට වෙලා දුක්වෙනවා මං දැක්කා….
මාත් එයා වෙනුවෙන් ලස්සන පිලිවෙන අතෑරියා…කොන්ඩෙ රැවුල ගැන උනත් වැඩිය බැලුවේ නෑ ….
මට ඕනි උනේ නන්දිට මං ලස්සනට ඉද්දි දුකක් දැනෙයි කියලා ..ඒ දුක නොදෙන්න..
ආව කදුලු බොහොම අමාරුවෙන් ඉවසගෙන …මං ඈත බලාගෙන ඉන්නවා …
නන්දි තවම ගෙදර ආවෙ නැති නිසා ….
යාලුවනේ ඔන්න අලුත් කතාව.
කොහොමද බලන්න …
ඔයාට මොකද්ද හිතෙන්නෙ …
ලයික් කමෙන්ට් කරන්න …බුදු සරණයි ..
නිර්මානයේ සම්පූර්ණ අයිතිය කතෲ ඩී ඒ ආර් ලක්ශිකා වන මා සතු යි..