Ex වයිෆ්

46 වන කොටස

පෙර කොටසට

“කෝ දෙනවා මට රිමෝට් එක…”

“බෑ මම දෙන්නෙ නෑ…”

“දනූෂ් ත/මු/සේ රිමොට් එක දෙනවද නැද්ද?..”

ගිහාන් එහෙම කිව්වම බීමතින් හිටපු දනුෂ්ට ය/ක්/ෂා/රූ/ඪ වූණා..

දනූෂ් අතේ තිබ්බ තෝසෙ පිඟාන ගිහාන්ගේ මුහුණට දමලා ගැහුවා ….

බලාපොරොත්තු නොවූ ඒ ප්‍රහාරයෙන් ගිහාන් ගැලවෙන්න හැදුවත් වැඩක් උනේ නෑ ..

දනූෂ් විසි කරපු පාරට ගිහාන්ගෙ ඇහැටත් තෝසේ වල චට්නි හැලිලා මුළු ඇස් දෙකම දැවිල්ල ගත්තා …

ඒ මදිවට ගිහාන් ගේ මූණ පුරාම සාම්බාරු හොදි ,වට්ටක්කා කෑලී,වම්බටු කෑලි,පරිප්පු ඇට…

ගිහාන්ගේ ටී ෂර්ට් එකේ කරේත් තෝසේ….

තමන්ගේ ගේ ඇතුලේම ගිහාන්ට මහා අසරණ කමක් දැනුනා….

චේතනා ගිහාන්ගේ දිහා බැලුවේ බය වෙලා වගේ..

ඒ උනාට දනුෂ් ගේ මුහුණේ නම් පොඩ්ඩක්වත් පසුතැවිල්ලක සලකුණක්වත් තිබුණේ නැහැ….ඒ ඇස් දෙකේ තිබ්බේ ජයග්‍රාහී බැල්මක්….

ගිහාන් දනුෂ්ගේ දිහා රවලා බලන් සෝපා එකේ වාඩි වෙලා ඉදපු පුටුවෙන් නැගිට්ටා…

“පිනට කකා ඉන්න පිං බතා…මගේ සල්ලි වලින්ම කාලා ඇඳලා බීලා මට ඔහොම කරන්න උ/ඹ/ට ලැජ්ජ නැද්ද?..”

“මේ මහත්තයා ත/මු/සේ මට කෑගහන්න

ලෑස්ති වෙන්න එපා…මේ ගෙදර වෙන්න ඕනේ මට ඕන දේවල්…”

“ඇයි මේ ගෙදර උ/ඹේ/ද?..උඹ දන්නේ මහලොකු කෙරුමා වගේ බීලා ඇවිත් මෙතන ගිරි යටින් පුප්පන්න විතරයි..කෑවා නම් බිව්වනං පාඩුවේ හි/ට/ප/න් …”

ගිහාන් එහෙම කිව්වම දනුෂ් ගිහාන්ගේ දිහා බැලුවේ කට කොනකින් හිනා වෙලා..

හිතනවා ඇත්තේ මම මෙයා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා …දනූෂ් එහෙම හිතුවා..

“මහත්තයා හිතන්නේ මම මහත්තයා ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියලාද ..?මහත්තයා මෙතැන බීලා ඇවිත් ඔලු ප//ලන හැටි මම දන්නවා …මම ඒව ගැන අහන්නෙ නැත්තේ මෙයත් කරපු දේවල් වලට මට්ටු වෙන්න ඕන නිසා..”

“උ/ඹ/ට මොකද බ/න් මම මොනා කරත් .ලොකුකම් කිය කිය ඉන්නේ නැතුව සේරටම කලින් ජොබ් එකක් හොයාග/නි/න්…මෙතන බිබී අපිට වද දෙන්නේ නැතුව..”

“අනේ මේ මහත්තයා..මට බොන්න සිද්ධ වුණේ මෙන්න මෙයා නිසා…මහත්තයාගෙයි මෙයාගෙයි නාඩගම් නිසා මට පාරකවත් බැහැලා යන්න පුළුවන් උනාද?..මේ සේරටම වගකියන්න ඕනේ මෙයා..”

දනූෂ් ඇගිල්ල දික් කරලා චේතනාව පෙන්නලා එහෙම කිව්වා..

දනූෂ් එහෙම කිව්වම චේතනාගේ ඇස් වලට කඳුළු ඉනුවා..කටින් කිරි සුවඳ යන්න කලින් දනූෂ් බොන්න පුරුදු උනේ තමන් නිසා කියලා චේතනාගේ යටි හිතත් දන්නවා…

චේතනා දැන් නිකං හරියට ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ…කොයි පැත්තෙනුත් තැලෙනවා…එක පැත්තකින් ගිහාන්…අනිත් පැත්තෙන් දනූෂ්….

මේ ජීවිතයේ කිසිම සැනසීමක් නැති හැටි එහෙම හිතමින් චේතනා නිහඬව බිම හැලිලා තියෙන්නේ කෑම අස්පස් කරනවා …

දැවිල්ල ගත්ත ඇස් දෙක හෝදන්න ගිහාන් නාන කාමරයට ගීයේ හිත යටින් චේතනාටයි දනූෂ්ටයි බැන බැන….

හිරූෂා මහරගම පමුණුව පාරේ සාප්පු කිහිපයකට අමතරව දෙහිවල,නුගේගොඩ ලොකු ඇඳුම් ෂොප්ස් කිහිපයකටත් ඇඳුම් ඕර්ඩර්ස් මහලා දෙනවා..

හිරූෂාගේ ගෙදර අලුත් කඩකාමරේ ඇඳුම් මහන වැඩේ කරගෙන යනවා..ඕඩර්ස් වැඩිනිසා හිරූෂා තව ළමයි කිහිප දෙනෙක් අලුතින්ම ඇඳුම් මස්සන්න අරගෙන ඉන්නේ..

ඇඳුම් ඕඩර්ස් ගොඩාක්ම වැඩි නිසා නයිට් ෂිප් එකටයි මෝනින් ෂිප්ට් එකටයි ඒ ළමයි වැඩ කරනවා..

හිරූෂා මේ දවස් වල ගොඩාක් කාර්‍යබහුල වෙලා නංගිගේ වෙඩින් එකත් එක්ක ..

ඒ නිසා හිරූෂාට ඒ දේවල් ගැන වැඩුපුර හොයලා බලන්නවත් වෙලාවක් තිබුණේ නැහැ..

ඒ කොහොම වුනත් රෑට හරි ගිහින් ඒ ඇඳුම් වල තත්වය අඩුපාඩු තියෙනවද කියලා හොයලා බලනවා…හිරූෂා එක්ක මුල්ම කාලේ ඉඳන් එකට වැඩ කරපු මදූකා තමයි දැන් හැමදේම හොයලා බලන්නේ..මදූකා විශ්වාසවන්ත නිසාම මදූකාට මැනේජර් තනතුර බාරදිලා තියෙන්නේ…

හිරූෂා මධ්‍යම රාත්‍රියේ ඇඳුම් මහන කඩ කාමරයට ගියේ ඒ දේවල් ගැන හොයලා බලලා මදූකා එක්ක කතා කරන්න….

“මදූ කොහොමද මම දුන්නු ඕඩර්ස් වල තත්වේ…”

හිරූෂා එහෙම ඇහුවේ ඕඩර්ස් ගැන ලියලා තිබුණු පොතත් අරන් මදූකා ළඟට යන ගමන්….

“මිස් මහරගම ෂොප් වල ඕඩර්ස් ටික නම් රෙඩි කරලා තියෙන්නේ…මම කොලිටි එකත් චෙක් කරලා අඩුපාඩු ටිකත් හරිගස්සා ගත්තා..”

“එහෙනම් අපි හෙට ඒ ඕඩර්ස් ටික යවමු..එතකොට දෙහිවල ෂොප් වල ඕඩර්ස් කොහොමද?..”

“ඒවානම් මිස් කරගෙන යන ගමන්..”

“මදූකා ඒවා එයාලා සෙනසුරාදාට ඉල්ලනවානේ..සෙනසුරාදාට තියෙන්නේ තව දවස් තුනයි..දවස් තුනකින් පුළුවන්ද අපිට ඒ ටික හරිගස්සා ගන්න..”

හිරූෂා පුරුද්දක් විදිහට ඇඳුම් ඕඩර්ස් දෙන්න පොරන්දු වුණු දවසටම බාර දෙන්නේ ඒක තමන්ගේ ව්‍යාපාරයට ගොඩාක් වැදගත් නිසා …හිරූෂා තමන්ට ලැබෙන එක ඕඩර් එකක්වත් කඩා ගන්නේ නැතුව තියාගන්නේ එහෙමයි….

“බය වෙන්න එපා මිස්…සෙනසුරාදා උදේ වෙද්දී ඒ ටික රෙඩි කරලා තියන්නම්…”

“එතකොට මදූ නුගේගොඩ ඕඩර්ස් ටික..”

“අපි ඒක සෙනසුරාදා පටන් අරන් සඳුදා වෙද්දි රෙඩි කරලා දෙන්නම්..ඒ අයට ඒවා සදුදා වෙද්දි ලැබුනානම් ඇතිනේ මිස්…

හිරූෂා මදුකා දිහා බැලුවේ ස්තූතිපූර්වකව..
තමන්ගේ ගෙදරම නැවතී සිටිනා ඇය මුළු දවසම කැප වීමෙන් මේ සියල්ලම හොයා බලන නිසා තමාට කිසි කරදරයක් පීඩනයක් නැහැ….

එය කොයිතරම් පහසුද?.මදූකාගේ මාසික පඩිය තව වැඩි කිරීමට හිරූෂා ඒ මොහොතේ සිතා ගත්තා……

“ඔයා මේ දේව්ල් හොයලා බලන එක මට ලොකු පහසුවක්..පහු ගිය ටිකේම නංගිගේ වෙඩින් එකේ වැඩ වලට මහන්සි වුණ නිසා මට වැඩිය මේ දේවල් හොයලා බලන්න් වුණේ නැහැ..මම හිතන් ඉන්නේ ඔයාගේ සැලරි එක වැඩි කරන්න…”

හිරූෂා එහෙම කිව්වම මදූෂාගේ මුහුණ සතුටින් බර වුණා….මදූෂා තව තවත් මහන්සි වෙලා වැඩ කරන්න කියලා හිතා ගත්තා..

අද හිරූෂාට ගොඩාක් කලබල දවසක්..ඒ අද හිරූෂාගේ නංගිගේ වෙඩ්න් එක නිසා…හිරූෂා ලස්සන කහපාට ඉන්දියානු සාරියක් ඇඳන් හරිම ලස්සනට චාම් එකට හිටියා..

වෙඩින් එකේ මල් කුමාරිට චුටි දෝණිව තියන්න කියලා නංගි කතා කරත් හිරූෂා ඒකට අකමැති වුණේ චූටි දෝණි ජායාරූප වලට ඉන්න වැඩි කැමත්තක් නැති නිසා…

ඒ වුණත් හිරූෂාගේ නංගී චූටි දෝණිට අඳින්න ලෑස්ති කළේ මල් කුමාරියන් අඳින විදිහේම ගවුමක්…

පුංචි පෝරුවක් උඩ ඉඳන් මොනවාද මේකරන්නේ කියලා චූටි දූ ලොකු ප්‍රශ්නයකින් හිටියේ..

වෙනදාට මා එක්කම ඉන්න පුංචිට අද මාව මතකවත් නැහැ…කොයි වෙලාවෙත් ඉන්නේ අර බාප්පා එක්කමයි චූටිදූ එහෙම හිතා හිතා උන්නේ දුකින්..

වෙඩින් එකේ වැඩ සේරම බලන්න හිරූෂාගේ නැදෑ සොයුරන් වගේම අබීත පුතා උන්නු නිසා හිරූෂා හිටියේ චූටි දු ලඟටම වෙලා .

මුහුණ දුකෙන් පුරෝගෙන ඉන්න චූටි දුව දැක්කම හිරූෂාටත් ගොඩාක් දුකයි..

“ඇයි කේශී බබා මේ..”

හිරූෂා එහෙම ඇහුවේ චූටි දූගේ හිස අතගාන ගමන්මයි.

“අද පුංචි හොඳ නැහැ..මා එක්ක කතා කරන්නේත් නැහැ.බාප්පි ළගටම වෙලා ඉන්නවා..නෝටී…”

චූටි දූ එහෙම කියපු හැටියෙන්ම හිරූෂාට තේරුණා චූටි දූ ඉන්නේ බාප්පා එක්ක ඊ//ෂියාවෙන් කියලා…චූටි දූ පුංචිට එකතු නිසා චූටි දුට මෙහම දුක හිතෙනවා ඇති කියලා හිරූෂාට තේරුණා…

“අද පුංචිගේ වෙඩින් එක නේ දු…අද පුංචිට වෙනදා වගේ දෝණි ළඟට වෙලා ඉන්න බැහැ තේරුණාද ?..”

“එතකොට පුංචි අදින් පස්සේ අපේ ගෙදර ඉන්නේ නැහැ අම්මී…”

චූටි දූ එහෙම ඇහුවේ අම්මාත් ආච්චිත් ඒ ගැන කලින් ඉඳලාම චූටි දූට කියලා දුන්නු නිසා..

“නැහැ දූ බාප්පි දිහා ඉන්නේ ..”

අම්මා එහෙම කිව්වම චූටි දූගේ මුහුණ දුකින් බරවුණා..

ලස්සන සිංදු,කතා මේ සේරම කියලා දෙන්නේ පුංචි..මා එක්ක සෙල්ලම් කරන්නේත් පුංචී..අනේ මගේ පුංචී….
චූටි දූ එහෙම හිතුවා.

“බාප්පී නෝටී.මත එයා එපා..”

“බාප්පි හරි හොඳයි පුතේ.බාප්පී දූටත් ආදරෙයි…පුංචිගේ අලුත් ගේ තියෙන්නේ අපේ ගේ ළගම නේ..ඒක නිසා පුංචි ස්කූල් ඇරුණු ගමන් දෝණි බලන්න ඒවී…තේරුණාද දෝණී..”

චූටි දූ ටික වෙලාවක් කල්පනා කරා..එහෙම නම් කමක් නැහැ කියලා දූට හිතුණා…චූටි දූ තේරුණා ඔව් කියලා කියන්න ඔළුව ඉහළට පහළට කරා..

“ගුඩ් ගර්ල්..අන්න පුංචි යන්න හදන්නේ…පුංචි අම්මාට වඳිනකොට දුත් පුංචිටයි බාප්පටයි වදින්න..”

මංගල ගමන යන්න පිටත්වෙලා නංගී හිරූෂා ළඟට ආවා..

නංගි හිරූෂාව තුරුල් කරගෙන ගොඩක් වෙලා ඇඬුවා ..

නංගි විවාහ වුණේ ටිකක් ප්‍රමාද වෙලා ..නංගී හිරූෂාට වඩා අවුරුදු දහයක් බාලයි…හිරූෂා පවුලේ වැඩිමලා …මද්දුමයා හිරූෂාගේ මල්ලී..බාලයා නංගී …

හිරූෂාගේ මල්ලි වයිෆ් එක්ක වැඩ කරන්නේ කුවේට්වල ..වෙඩින් එකටවත් ඒ අයට එන්න හම්බ උනේ නෑ ..ඒක නිසා හිරූෂාගෙයි නංගිගෙයි බැඳීම ගොඩාක් වැඩි වුණා …අම්මාව දාලා යනවට වඩා දුකෙන් හිරූෂාගේ නංගි ඇඬුවේ අක්කවයි අක්කගේ දුවයි දාලා යන්න බැරි දුකින්…

පහුගිය දවසේ ගෙදර ආවේ හොඳටම රෑ වෙලා නිසා හිරූෂා චූටි දුවව ඉස්කෝලේ යැවුවෙ නෑ .

හිරූෂා උදේ නැගිටලා අම්මත් එක්ක උයන්න යනකොට චූටි දෝණි හිටියේ නිදාගෙන….

උයලා නාලා ඇඳුමත් මාරු කරගෙන හිරූෂා කාමරයට ගියේ චූටි දෝණිව ඇහැරවන්න කියලා හිතාගෙන..හිරූෂා කාමරයට යනකොට චූටී දූ ඇහැරිලා හිටියේ …

චූටි දූ ඇහැරිලා ඇඳ උඩ වාඩි වෙලා කල්පනා කරකර ඉන්නවා…හිරූෂා ඇද උඩ වාඩිවෙලා චූටි දුවගේ හිස අතගෑවා …

වෙනදාට අම්මව දැක්කම ළඟට දුවගෙන එන චූටි දෝණි අද අම්මාව දැක්කේ නෑ වගේ ඉන්නවා…

“මොකෝ දූ අම්මා එක්ක තරහද?.”

හිරූෂා එහෙම කතා කළත් චූටි දෝණි හිරූශා ගේ මුහුණ දිහාවත් බැලුවෙ නෑ …

“ඇයි දූ…”

හිරූෂා එහෙම කියලා චූටි දුව උකුළේ වාඩි කර ගත්තා ..ඒ වෙලාවේදියි හිරූෂාට තේරුණේ චූටි දූ කාලෙකින් ඇඳ තෙමාගෙන නැගිටලා කියලා…

“ඇයි මේ ඇඳුමේ පී කරගත්තේ ..?”

හිරූෂා එහෙම ඇහුවත් චුටි දූ කිසිම උත්තරයක් දුන්නේ නෑ…

චූටිදුව නිදිමතේ ඉන්නවා ඇති කියලා හිතලා හිරූෂා චූටි දුව වඩා ගත්තා ..

එකපාරටම චූටි දුව අම්මගේ අත හපලා බිමට පැන්නා..

චූටි දෝණි ආයෙමත් මේ හැසිරෙන්නේ ඉස්සර හැසිරුණා වගේමයි කියලා හිරූෂාට හිතිලා හිරූෂා හොඳටම බය වුණා …

හිරූෂා චූටි දුවව නාවලා ඇඳුමක් අන්දවලා කන්න දුන්නා ….චූටි දුව වෙනදා තරම් කෑම කෑවෙත් නෑ ..

“බඩගිනි නැද්ද දූ ?..”

හිරූෂා කොච්චර කතා කළත් චූටි දුව වචනයක්වත් කතා කළේ නෑ …

“මේ බලන්නකෝ අම්මේ අද චූටි දුව වචනයක්වත් කතා කරේ නෑ …”

හිරූෂාගේ හඬනම් දැන් හැඩුම් බර වෙලා …

හිරූෂාගේ අම්මා චූටි දෝණි ළඟට ළං වුණා …කතා කරන්න ගත්තා……

“ඇයි බබා කතා කරන්නේ නැත්තේ…”

හිරූෂාගේ අම්මා එහෙම ඇහුවත් චූටි දුව නෑහුණා වගේ ඉන්නවා ..

හිරූෂාගේ තාත්තා චූටි දූ එක්ක එකතුයි…සීයාත් ඇවිත් චූටි දුව එක්ක කතා කරන්න හැදුවා.

“එන්න සීයා එක්ක ලුණු යන්න..”

වටපිටාව ගැන කිසිම අවධානයක් නැතිව ඉස්සර වගේම චූටි කේශාරා උඩ බලාගෙන ඉන්නවා..

සීයා කතා කරත් චූටි දෝණි සීයාගේ දිහාවත් බැලුවේ නැහැ.සියා චූටි දූව වඩාගන්න හැදුවත් චූටි දූ සීයා ළඟටවත් ගියේ නැහැ..

වඩාගන්න ගිය සීයාගේ අතත් හපලා දැම්මා..

“මේ දරුවා ආයේ ඉස්සර වගේම වෙලා නේ දුවේ..මුරණ්ඩු වෙලා..වචනයක් වත් කතා කරන්නේ නැහැ…

ඒ එක්කම හිරූෂාට මතක් වුණේ චූටිදූ වෙනස්වෙලා කතා කරන්න ගත්තේ නංගි මෙහේ ආවාට පස්සේ නේද කියලා ….

චූටි දූ දැන් නංගී නැති නිසා ඉස්සර වගේ වෙලාද හිරූෂාට එහෙම හිතුණා…