සිතින් විතරක්..
විස්ස… 20
මට දැනුනෙ එකපාරම මාව හීතල වෙලා යන වා වගේ හැඟීමක්. ඒන වචන වලින් කියන්න හරි අමාරුයි. මීට කලින් මේ ජිවිතේ කිසිම දව සක මට කවුරුත්ම කෑම කවලා නෑ.
මේ හැඟීම දරාගන්න මට තේරුනෙ නෑ. ඇස් වලට කඳුළු පිරුනෙ තත්පරේට. මටවත් කිය න්නෙ නැතුව හිරක රගෙන උන්න ඉකියක් උඟුරෙන් එලියට පැන්නා.
මොකද මේ මොනවද දැන් ඔය අඬන්නෙ ඒ ගමන..
එයා ඇහුවෙ කිසිම දෙයක් ගැන හිතාගන්න බැරිව. ඒත් ඒ වචන වල තිබුනෙ නං තරහක් නෙවී.පුදුමයක්.ඇත්තටම ම අඬන්නෙ ඇයි කියලා එයාට හිතා ගන්න බැරි එකේ පුදුමයක් නෑ.
මීට කලින් මට කවුරුවත් කෑම කවලා නෑ සර්
මම කීවේ අඬ අඬාමයි. එයා මගේ දිහා බැළු වෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ පුදුමෙන්. ඒක අඬන්න තරම් දෙයක්ද කියලා එයාට හි තෙන්න ඇති. ඒත් හේ හැඟීම දරාගන්න මට තේරෙන්නෙ නෑ.
අනේ මන්දා ත\මු\සෙත් නං හැම රෙද්දටම අඬ න්නයි ඇස් ලොකු කර ගන්නයි විතරයි දන්නෙ.
ඕක අඬන්න දෙයක්ද..? කෝ මෙතනින් ඉද ගන්නවා…
එහෙම කියලා එයා මගෙ අතින් අල්ලගෙන ඒ ලඟ තිබුන පුටුවක ඉන්දෙව්වා.
ඇඬිල්ල නවත්තලා දැන් කාලා ඉන්නවා… කියලා එයා මට කෑම කවන්න ගත්තා. ඇස්වල කඳුළු විතරක් නෙවී උඟුරෙන් එලියට පනින්න දඟලන ඉකියත් නතර කරගෙන කෑම කන්න මට ලොකු මහන්සියක් දරන්න වුනා.
අනේ සර් ඔයත් කන්නකො ඉතිං..
එයා මට විතරක් කෑම කවන නිසා මම කිවා.
මගෙන් ගුටි නොකා.. කට පියාගෙන කාලා ඉන්නෙ නැද්ද..? එයා කීවේ තරහින්ම නෙවී.
කට පියාගෙන කන්න බෑනි ඉතිං…
මම කිවේ හුරතලේට. මෙහෙම ලංවෙනකොට. මේහෙම ආදරේ කරනකොට. හුරතල් වෙන්න හිතෙනවනෙ ඉතිං.
ජීවිතේ කිසිම දවසක් ආද රේ කරලා නැති ආද රේ විඳලා නැති මං වගේ කෙ ල් ලෙ කු ට. මේ වගේ පුංචිම දෙයක් උනත් දැනෙන්නෙ මහ මෙරක් වගේ.
මෙතන හුරතල් වෙන්න ගිහින් මගෙන් ගුටි කන්නෙ නැතුව කාලා ඉන්නවා දැන්… මට තව වැඩ තියනවා ගෑ\ණු නලවනවා ඇරෙන්නෙ…
ඔන්න ඉතිං ටික වෙලාවක් හොඳින් හිටියොත් ඊලඟ තත්පරේ ය කෙ ක් වෙනවා. ඇත්තටම කවුද සර් ඔයා.
නලවන්න මම ගෑ\ණි/යෙක් නෙවී…
මම කීවේ බිම බලාගෙන ඒක එයා ඇහුනද මන්දා. හැබැයි මොනවත් කීවේ නෑ. මට කෑම කවලා මම දහපාරක් විතර බැනුම් අහ අහ කියපු නිසාම එයත් කෑම කාලා සෙත් සර් ආප හු ගියා.
ඔය අත් දෙක ඔහොම තියාගෙන පහලට දුවන්නෙ නැතුව.. ඉන්නවා මෙහෙට වෙලා.. අය කියන දේ අහන්නෙ නැතුව… මෝ ඩ වැඩ කරන්න ගියොත්…
එක දවසක් තියා ගන්නෙ නෑ..මෙහෙ ගිහින් දානවා හිටපු තැනටම. ඒක මතක තියාගෙන
කල්පනාවෙන් වැඩ කරනවා…
එයා පිටවෙලා ගියෙ එහෙම කියාගෙන. හා කියන්න ඔළුව වැනුවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් තිබුනෙ නෑ.
වෙන කවුරවත් නෙවී ඔයාව කීවත් ඔයා නර ක නපුරු කෙනෙක් කියලා මට එහෙම හිතෙ න්නෙ නෑ සර්. මං දන්නවා මට දැනෙනවා.
ඔයා මේ පේන දකින කෙනාට වඩා හුඟක් වෙනස් කෙනෙක්. ඒත් මට නොතේරෙන්නෙ ඔයා ඇ ත්ත ඔයාව මගෙන් හංගන්න හදන්නෙ ඇයි කියලා විතරයි.
ටික දවසකට ඔයාගෙ ජිවිතේට ආව මං වගේ කෙනෙකුට හැමදේම කියන්න ඕනි නෑ කියලා ඔයා හිතනවා ඇති. ඇත්තනෙ ඉතිං මං වගේ අනාත කෙ ල් ලෙ ක් ඇයි ඔයා ඔයාගෙ ජිවිතේ ට එකතු කරගන්නෙ.
ඔයා මට හැම වෙලාවෙම සීයා පප්පට ලං වෙන්න එපා කියන්නෙ එයා තනියම හුදකලා වෙන් ඉදලා අසනිපවෙලා ඉක්මනින් ජිවිතේ අතාරියි කිලයා හිතලා නෙවී කියලා මම දන්න වා. එච්චර නරුමයෙක් වෙන්න ඔයාට බෑ සර්.
ඔය දෙන්නම එකතු වෙලා මොකක් හරි හේතු වක් හින්දා මගෙන් මහා බරපතල දෙයක් හංග නවා කියලා මට දැනෙනවා. මම දන්නෙ නැ ත්තෙ ඒ මොකක්ද කියලා විතරයි.
ළමා නිවාසෙක හිටපු මං වගේ අනාත අසරණ ජීවිතේ ගැන මෙලෝ තේරුමක් නැති කෙ ල් ලෙ ක්ව ලක්ස විසි පහකුත් දීලා තාවකාලිකව හරි ලඟින් තියා ගන්න ඔයාට හුඟාක් ලොකු හේතු වක් තියෙන්න ඕනි කියලා මට දැනෙනවා. මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නැත්තෙ ඇයි..?
දවස් ගෙවිලා ගියා. සමහර වෙලාවට කිසිම තේරුමක් නැතුව. හැමදේම සාමාන්‍ය වෙද්දි ඔෆිස් එකේ අයයි සියා පප්පයි මට හුඟක් ලංවුනා. ඒත් අර නපුරා නං වෙනස් වුනේ නෑ.
ඒ උනත් මට දැනෙනවා එයා මොනා හරි ලොකු දෙයක් හිතේ තියාගෙන තනියම දුක් විඳිනවා කියලා. ඒ දේ මොනා උනත් ඒක මට මගේ ජීවිතේට සම්බන්ධ දෙයක් ඉතිං ඇයි මට ඒක නොකියන්නෙ. එච්චර දෙයක් කියන්න තරං වැදගත් කෙනෙක් නෙවීද මම..
මේවා හිතන්න ගියාම ඔළුව විකාර වෙනවා. ආපහු ළමා නිවාසෙට ගිහින් මේ හැමදේම අග මුල හොයා ගන්න ඕනි උනත් අර නපුර මට ළමා නිවාසෙ ගැන මතක් කරන්නවත් දුන්නෙ නෑ. එයාට හොරෙන් තනියම එහෙම ගමනක් යනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවී කෙරන්න බැරි වැඩක්.
මම මොන වෙලාවෙ කොතන හිටියත් එයා දන්නවා මම කොහෙද ඉන්නෙ මොනවද කර න්නෙ කියලා. ඉතිං කොහොමද හොර වැඩ කරන්නෙ. ඒත් මේ නොසන්සුන් කම හිත ඇ ත් තටම හරි බරයි. වෙලාවකට හිතෙනවා ඕනි දෙයක් උනදෙන් කියලා එයාගෙන් හැමදේම අහන්න.
ඒත් ඉතිං අර කියනවා වගේ ඇත්තම මගෙ කට කඩයි ද මාව ආපහු හිටපු දිහාටම ගිහින් දාවිද දන්නෙ නැති නිසා කටපියාගෙන ඉන්න වා.
පුරුද්දට මම හැමදාම උදේ පහට නැඟිටිනවා. ඔෆිස් යන්නත් තියන නිසා දැන්නං ගෙදර වැඩ ටික ඉවර කරලා ලෑස්ති වෙන්න ඒ වෙලාවට නැඟිටින්න ඕනි.
මට හිතා ගන්න බැරි සෙත් සර් උදේට නැඟිටි න්නෙ කීයට ද කියලා. මම උදේට නැඟිටලා කිචන් එකට යන හැම දවසකම එයා නැඟිට ලා මොකක් හරි ලොකු වැඩක ඉන්නවා පේ නවා. මහ රෑ තිස්සෙ ඇහැරගෙනත් කර න්න ඔය තරම් වැඩ තියනවද එයාට. අනේ මන්දා..
කිව්වනං උදව් කරනවනෙ මමත්. කොහෙද ආඩම්බරකම ලොකුයිනෙ හැමදේටම වඩා. ඔහෙ ඕනි එකක් මගෙ මොකද..? වෙනදට මම උදේ ටී අරගෙන සෙත් සර්ගෙ රූම් එකට යද්දි එයා මොකක් හරි ලොකු වැඩක ඉන්නෙ.
ඒත් ඇයි මේ කවදාවත් නැතුව අද තාම නිදි. ඊයෙ හුඟක් රෑ වෙනකං නිදිවරන්න ඇති පව් කතා කරන්න හොඳ නෑ. එහෙම හිතලා මම තේ කෝප්පෙත් අරගෙන ආපහු හැරුනෙ කාම රෙන් එලියට යන්න.
ඒත් එක්කම මට ඇහුනෙ හීනි කෙඳිරිල්ලක්. මම වටපිට බැලුවෙ ඒ කෙඳිරිය එන්නෙ කො හෙන්ද කියලා. දෙයියනේ ඒ කෙඳිරි ගාන්නෙ සෙත් සර්. එයාට එයාට මොනවා වෙලාද.
මම තේ කෝප්පෙ එතන තිබුන ස්ටූල් එකෙන් තියලා එයාගෙ මූණට එබුනා. ඒ මූනෙන් මට අමුතු රස්සනයක් දැනුනා.
ඒ නිසාම මම එයා ගෙ නලලට අත තිබ්බා. නලල ගිනිදර වගේ රස්නෙයි. ඊට පස්සෙ මම එයාගෙ බෙල්ල දෙපැ ත්තටයි පපුවටයි පිටි අල්ල තියලා බැළුවා. දෙයියනේ මෙයාට හො ඳටම උනනෙ.
මුළු රෑම අමාරුවෙන් ද දන්නෙ නෑ හිටියෙ. පිස් සෙක් මහ ඇයි අප්පා ටිකක් කතා කරලා කිය න්න බෑද.. ඔච්චර අමාරුවෙන් ඉන්නෙ නැතුව. තවත් නං මෙයාට මෙහෙම ඉන්න දෙන්න බෑ .
සර්… සර්… අනේ සර් කතා කරන්නකො…
මම එයාට කතා කලා. ඒත් කෙඳිරි ගානවා මිස ක් එයා වචනයක්වත් කියන්නෙ නෑ. මට දැනු නෙ පුදුම බයක්. මොනවද කරන්න ඕනි කියලා මට හිතා ගන්න බෑ.
ඔයාට.. මොනවද වෙලා තියෙන්නෙ අනේ සර් කතා කරන්නකො..මම ආයිම එයාට කතා කලා.
මගෙ හිස කකියනවා… ඉන්න බෑ..
එයා කෙඳිරි හඬකින් අමාරුවෙන් කිව්වා. දෙ යි යනේ හුඟක් අමාරු ඇති එයාට.
හිස කකියන්නෙ නෑද දෙයියනේ.. උනනෙ හොඳටම.. ඇයි සර් මට කතා කලේ නැත්තෙ.. ඔහොම අමාරුවෙන් ඉන්නෙ කොහොමද..?
මම ඇහුවෙ පුදුමෙන්.
ඔයාට කරදර කරන්න බෑනෙ…
දෙයියනේ කවදාවත් නැතුව එයා මට ඔයා කියනවා. ඇත්තටම උන විකාර වෙලාද එයාට.
ඒක කරදරයක්ද.. සර්.. මෙච්චර අමාරුවෙන් ඉද්දි මට උදව්ව කරන්න බෑ කියලද හිතුවෙ..
අපි බෙහෙත් ටිකක් ගන්න යමු සර්.. ඔහොම ඉන්න අමාරුයිනෙ.. මොනාට උන එනවද දන්නෙ නෑ.. මම ආයිම කීවා.
බෙහෙත් ඕනි නෑ.. මේ ටිකකින් අඩුවෙයි…
පි\ස්සු ද මන්දා..එහෙම නිකම්ම උන අඩුවෙ නවද.. උන කියන්නෙ ලෙඩක්ද.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ලඟට යමු සර්..
සැරයක් කීවනෙ.. මේක අඩුවෙයි.. ත\මු\සෙ පැත්තකට වෙලා ඉන්නවා..
උන හැදිලවත් කටනං අඩුවෙලා නෑ.
පැත්තකට වෙලා හිටියම ලෙඩ සනීප වෙනවද මම සීයා පප්පට කියන්නම්..
සැරයක් කීවා නේද.. පැත්තකට වෙලා ඉන්න කියලා.. ත\මු\සෙ මගෙන් ගුටි කනවා දැන්නං..
කමක් නෑ… ඔහොම අමාරුවෙන් ඉන්න සර්ට පුළුවන් උනාට මට බලාගෙන ඉන්න බෑ.. කැම ති නැති උනත් කමක් නෑ.. දැන් සර් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්නම ඕනි.. එයාගෙ කටට බය වෙන්නෙ නැතුව මම කියවගෙන ගියා.
ඒන්ජල් කියන දේ අහනවා.. සීයා පප්පට කියන්න එපා….
දෙයියනේ මෙයාට නං උන වැඩිවෙලා විකාර වෙලාම තමා ඒ ගමන ඒන්ජල්ලු. මෙච්චර දව සක් එයා මට මොන නමක්වත් කියලා කතා කරලා නෑ. ඒ/යි හ/ලෝ ත/මු/සෙ කියලා තමා කතා කරන්නෙ. ඉස්සරම දවසෙ මගෙ නම සුරංගනාවි කියලා ඒකටත් හිනාවුනා. දැන් ඒන්ජල් කියනවා.
සීයා පප්පට කියන්නෙ නැතුව… කොහෙමද..? ඩ්‍රයිවර් කෙනෙක් ගෙන්න ගන්නෙ මං ඩ්‍රයිව් කරන්න බෑ…
කීවම අහනවා හලෝ.. මේක ඒ තරම් දෙයක් නෙවි.. ටිකකින් අඩුවෙයි.. ඒ මනුස්සයා බය කරන්නෙ නැතුව ඉන්නවා…
ඒ ගමන එයා කෑ ගැහුවා. මට ලඟට වෙලා ඉන්න බෑ ඇගේ රස්සෙ දැනෙනවා ඒ තරම් දෙයක් නෙවීලු පිස්සු ද මන්දා.
එහෙම නං සර් නැඟිටලා මේ ටී එක බීලා ඉ න්නකො අඩුවෙයි එතකොට. ඔහොම නිදා ගෙන ඉන්නකොට මට බය හිතෙනවානෙ…
රෑ තිස්සෙම බඩගින්නෙනෙ එහෙම ඉද්දි තවත් අමාරුයි. මම ඒ විඳිහට කිව්වෙ ඒකයි.
කට තිත්තයි මට ඕවා බොන්න බෑ.. ඕක අරගෙන යනවා මෙතනින් යන්න..
ඒකනෙ මම කිව්වෙ සර්ට හොඳටම උන.. අපි ඩොක්ටර් කෙනෙක් ලඟට යමු.. ඔහොම ඉදලා තවත් වැඩි උනොත් හොස්පිට්ල් ඇඩ්මීට් කර න්නත් වෙයි මම සීයා පප්පට කතා කරනවා..
කියාගෙන එයා තවත් මොනවත් කියන්න කලි න්. මම කාමරෙන් එලියට ගිහින් සීයා පප්පට කතා කලා.
ගුඩ් මෝනිං ඒන්ජල්.. ඇයි මැණික මේ වෙලා වෙ… මාව දැක්ක ගමන් සියා පප්පා ඇහුවෙ පුදුමෙන්.
අනේ සීයා පප්පා සෙත්ට සනීප නෑ හොඳටම උන එයාව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්ක ගෙන යන්න ඕනි.. ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න බෑ කියලා එයා මටත් බනිනවා… මම එක දිගටම කියවගෙන ගියා.
උන නං විකාර කරලා හරි යන්නෙ නෑනෙ.. පුතා බය වෙන්නෙ නැතුව ඉන්නකො ඔය ප ණ්ඩිතයා ඔහොම තමා.. මම ඩ්‍රයිවර් කෙනෙ ක්ට කතා කරන්නම්.. ඔයා කො ල් ල ව පහලට එක්කගෙන එන්නකො…
සීයා පප්පා එහෙම කියද්දි මම ආයිම උඩටට දිව්වෙ කොහොම හරි අර නපුරව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කගෙන යනවා කියලා හිත හිත හිතමයි.
දෙයියනේ මම එයාගෙ රූම් එකට යනකොට එයා ඇද විට්ටමට හේතු වෙලා වමනෙ කරන වා. මෙච්චර අමාරුවෙන් ඉද්දිනෙ මෙයා ඩො ක්ටර් කෙනෙක් ලඟට යන්න බෑ කියන්නෙ.
මම හුඟක් අමාරුවෙන් එයාව ලැස්ති කර ගෙ න පහලට එක්ගෙන ආවා. අතින් අල්ල ගෙන ලඟින් ඉන්නකො මගෙ ලඟත් රස්නෙයි කියලා දැනෙන තරම් ඇඟ රස්නෙයි එයාගෙ. අමාරුව වැඩිකමට ද කොහෙද දැන්නම් මොනවත් කියන්නෙ නෑ.
සීයා පප්පා වාහනේ ලෑස්තිකරලා තිබුන නිසා මම එයාව එකක්ගෙන ඩොක්ටර් ලඟට ගියා. ඒ යනකම්ම එය උන්නෙ මගෙ උකුලෙ ඔළුව තියාගෙන. ඔළුව උස්සගෙන ඉන්න බැරි තරම්ම එයාට අමාරුයි. අමාරුව වැඩි කමටම එයා කෙඳිරි ගානවා. මම හෙමින් ඒ හිස පිරි මැද්දා.
හමුවෙමු