කාවින්දි ලියනගේ

29 කොටස

අනේ..අයියේ ..ඇ..ඇයි එ..එයාට එකපාරටම එහෙම උනේ……..

ශ්…..කලබල වෙන්න නැතුව ඉන්නකෝ නංගී .ඩොක්ටර්ස්ලා තාම බලනවනේ..අපිට එහෙම හරියටම මුකුත් කියන්න බෑනේ…..

එක්ස්කියුස්මි දැන් ඇඩ් මීඩ් කරපු පේශ්න්ට්ගේ ෆැමිලි එකේ කවුරු හරි ඉන්නවද…

ඔව්…මිසි ඇයි දන්නේ නෑ ….

ආ මේ ඔයාලට ඩොක්ටර් පොඩ්ඩක් එන්න කිව්වා…

එක්ස්කියුස්මි ඩොක්ටර් ……

ටේකර්සිට් ……..

ඩොක්ටර් දැන් රාගව්ට කොහොමද .ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති නේද..

අනේ ඩොක්ටර් එ…ඒයා හොදින් නේද.අනේ එයාට ප්‍රශ්නයක් නෑ නේද…

මේ දුව….

ආ ඩොක්ටර් මේ රාගව් මැරි කරන්න ඉන්න නංගී .එතකොට මන් රාගව්ගේ යාලුවා..

හරි එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම කාරනේට බහිමුකෝ….

මේකයි කාරණාව මට ඉස්සෙල්ලාම කියන්නකෝ මේයා සාමන්‍යයෙන් පුරුද්දක් විදිහට ඩ්‍රැගස් යුස් කරනවද.මේ වෙලාවේ මට ඇත්තම කියන්න මොකද හරියට ට්‍රීට්මන්ට් කරන්නම් අපි එයා ගැන හැමදේම දැන ගන්න ඕනිනේ…….

නෑ..ඩොක්ටර් මූ කවදාවත් එවානම් යුස් කරේ නෑ…….

ම්.මේකයි පේශ්න්ට් බොඩි එකට ඩොස් එක වැඩියෙන් ඩ්‍රගස් එන්ටර් වෙලා තියෙනවා..එවගේම මෙයාගේ බොඩි එකේ ඇල්කොහොල් ලෙවල් එකත් හොදට වැඩි..

අපිට මෙයාව දවසක් දෙකක් තියන් ට්‍රීට්මන්ට් කරන්න වෙනවා..මොක්කද මෙයා දැන් ඉන්න තත්ත්වේ එක්ක ඔයාලට මෙයාව

කොන්ට්‍රෝල් කරගන්න බෑ….

ඩොක්ටර් ………….

ඔව් දරුවෝ මෙයා සතියක් විතරම ඇගට වුයේ දාගෙන තියෙන්නේ ඇල්කොහොල් ඩ්‍රගස් විතරයි .එකෙන් මෙයාගේ මයින්ඩ් එකට වගේම බොඩි එකටත් සැහෙන්න ඩැමේජ් වෙලා තියනවා .

ඩොක්ටර් අපිට එයාව බලන්න පුලුවන් .අනේ ප්ලීස් එකම එකපාරක් ……

ඔකේ..හැබැයි වැඩි වෙලා ගන්න එපා..

තැන්කස් සෝ මච් ඩොක්ටර් ………..

නංගී ඔයාට හොදටම ශුවර් මේ තීරණේ ගැන..ඔයාට මතකයි නේද ඩොක්ටර් කියපුවා .

ඔව් අයියේ මට මතකයි ..
අද රාගව් මේ විදිහට ඉන්නෙ මන් නිසා..මට මෙහෙමවත් සලකලා එ පව් ගෙවාගන්න දෙන්න අයියේ ……

හරි නංගී එහෙනම් මන් යන්නම් මොනා හරි උවමනාවක් උනොත් අනිවා මට කෝල් කරන්න හොදද…

හරි අයියේ .ඔයාට පින් මට මේ කරපු උදව් වලට…

ඔවා මොනාද නංගී .මූ මට මගේම සහෝදරයෙක් වගේ.

රාගව් හොස්පිටල් එකේ දවස් තුනක් විතර ඇඩ්මිඩ් කරලා .අද තමයි ටිකට් කපන් මගේ බෝඩිමට අරන් ආවේ..

රැවුල කොණ්ඩේ ඔහේ වැවිලා

ඇගම නිකන් ඇදිලා ගිහින්.එ මුනේ මන් හැමදාකමත් දකින්න ආස උන හිනාව හොරු අරන් ගිහින් වගේ…රාගව් එහෙම දකිද්දි මට දැනෙන්නේ මාව නිකන් පණපිටින් පුච්චන්නවා වගේ…

රාගව්ට හොදටම හොද උනත් තාම තනියම වැඩක් කරගන්න තරම් හයියක් තිබ්බේ නෑ .මොක්කද එයා මන් නැතුව ගෙවුන සතිය පුරාවට කෑමක් බීමක් අරගෙනම තිබ්බේ නෑ..ලකී අයියා කිව්ව විදිහට රාගව් එ දවස් කරලා තියෙන්නේ මගේ ෆොටෝ එකක් බදාගෙන දවසම කාමරේට වෙලා බිව්ව එකලු…එත් ලකී අයියවත් දැනන් ඉදලා නෑ..රාගව් ඩ්‍රගස් එන්ජෙක්ට කරන් කියලා..

ඩොක්ටර් කිව්ව විදිහට ඩ්‍රගස් නිසා තමයි මේ තරම් රාගව්ගේ බොඩි එක වීක් වෙලා තියෙන්නේ ………

සුදු මහත්තයයෝ ………….

අපි ඇග සුට්ටක් හොදගමුද..ම්……

මන් හෙමිට රාගව්ව මට වාරුකරන් බාත්රූම් එකට අරන් ගිහින් නාවලා.ඇදුමක් ඇන්දන් රූම් එකට ගෙනත් ඇදෙන් වාඩි කරවලා කෑම එක අතට ගත්තේ .කොහොම හරි කෑම ටිකක් කවාගන්න හිතන්…

මහත්තයයෝ අපි බත් ටිකක් කමුද..

රාගව් සද්ද නැතුව මන් කවපු බත් ටික සේරම කෑවා..

මාත් එහෙම්ම ඉතුරු බත් ටික කලා වොශ් එකක් දාන් එහෙනම්ම රාගව් ලගින් ඉදගත්තේ එයා එක්ක ටික් කතා කරන්න හිතන්…

සුදු මහත්තයා මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද .මන් එහෙම ඇහුවේ අද වෙනක් තාමත් රාගව් මා එක්ක එක වචනයක්වත් කතා නොකර ඉදපු නිසා ….

රා..මහත්තයා …….

මට හිතන්නවත් වේලවක් නොතියා එකපාරටම රාගව් මාව බදාගෙන අඩන්න උනේ මන් පුදුම වෙද්දී…

මොකද මන් හිතුවේ මන් කරපු මුරණ්ඩු වැඩේ නිසා .රාගව් තරහට මට ගහයි බනියි කියලා..එත් උනේ මන් හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් .

අනේ…මහත්තයයෝ අඩන්න එපා දෙවියයෙනේ ..ඔයා ඔහොම අඩද්දී..මන් කොහොමද ඉවසන් ඉන්නේ…

පැය නෑ…ඊටත් වඩා රාගව් මටත් මන් රාගව්ටත් තුරුල් වෙලා ඇඩුවේ..අපි දෙන්නාගේම හිත් වල තියෙන වේදනාව අඩුවෙනක්…..

ඇති මැණික ඇති…..ම්……කෝ දැන් හොද ළමයා වගේ නාඩා ඉන්න…..

රාගව් මාව මගේ කදුලු පිහිදාලා මාව තුරුල් කරගත්තේ මාගේ කොපුලක එයාගේ දෙතොල් අතුරන්න ගමන්….

මන් මහ නරක කෙල්ලෙක් නේද .ම්..ඔයාව විශ්වාස නොකර කවුරුත් කියන දෙයක් විශ්වාස කරලා ඔයාවත් දලා ගියා නේද..ඔයාට හිතනෙවා ඇති නේද මන් එක්ක යාලු උන එක අපරාදේ කියලා…..

එක නෙන්නම් මැණික ..අච්චර ලස්සන කෙල්ලෝ යුනි එකේ ඉද්දී මන් මේ නාකි කෝලමට මොන එහෙකට කැමති උනාද මන්දා..

රාගව් ……

අව්ස්….හපන්න එපා…බන්……….

හිතන් ඇති මාව අතැරලා වෙන තොරොම්බොල් කරත්තයක් කරගහන්න.එව්වානම් හීන මහත්තයයෝ අන් ඇරෙන්න වෙක කෙල්ලෙක් දිහා බලලා තිබ්බොත් බලාගන්න පුලුවන් මන් කවුද කියලා….

අනේ බන් මන් මේ උබ එක්ක ඉහ ගහන්න බැරුව ඉද්දී .තව ගෑනු මොකටද..මෙන්න මෙහෙ එනවා ටිකක් නිදාගන්න ..මගේ ස්ප්‍රීං කොට්ටේ නැතුව මේ ටිකේ මට හරියට නින්ද ගියෙවත් නෑ….

රාගව් මාවත් පෙරලන් මගේ ලැම මතින් හිස තියාගත්තේ .එයාගේ ගතට මාව හිරකරගන්න ගමන්…….

ඔයා නම්….රාගව් ……

මතුසම්බන්ධයි ..