ඔය කො/ල්/ලා ඊයේ ගියේ අපේ ශේෂාගේ කාර් එක අරන් ……මම ඊයෙ ශේෂාට කිව්වා කාර් එක දෙන්න එපා කියලා ……අනිවාර්යෙන්ම ඔය කො/ල්/ලා කාර් එකත් අරන් මාරු වෙන්න ඇති …..”

රෙජිනෝල් මඳක් කල්පනා කරන්නට වූයේ ජයන්තිගෙ කීම ගැනයි..දිසෙන් ඒ වගේ සොරෙක් යැයි ඔහුට සිතෙන්නේම නැත.

“නෑ ජයන්ති ඒ ළමයා ඒ වගේ කෙනෙක් නෙමෙයි …….මෙතන වෙන මොකක් හරි තියනවා ………”

“අපි මේ ගැන පොලීසියට inform කරමු ……..”

“ඔයා හරි ජයන්ති මම කල්පනා කරෙත් ඒකයි ……..ඕඅයිසී ඉඳුරුව ඉන්නවද දන්නෑ ………එයාට කෝල් කරල බලලා යමු ….”

reginol ඇමතුම ගත්තේ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ඉඳුරුවටය..

“හෙලෝ reginol ….කාලෙකින් අපිව මතක් වෙලා……….”

“එහෙම නෑ ඕඅයිසී මහත්තයා …මම මේ පොඩි වැඩකට කතා කරේ…….”

“ඔයාලටත් ඉතින් අපිව මතක් වෙන්නේ අපෙන් වැඩක් කරගන්න ඕනා උනාම විතරයි නේ ….”

“අයියෝ එහෙම කියන්න එපා ඕඅයිසී මහත්තයා ……”

“ඉතින් කියන්නද මොකක්ද වුනේ….”

“අපේ දුවගේ ඇසිස්ටන්…නැවතිලා ඉන්නේ අපේ ගෙදරමයි …….ඒ ළමයා ඊයේ ඒ ළමයගෙ යාළුවෙක් ගෙදර යනවා කියලා දුවගේ කාර් එක අරන් ගියා…අද උදේ එනවා කියලා තමා ඒ ළමයා කිව්වේ…….උදේ කතා කරලා එන්නං කියලත් කිව්වා …….ඒත් තාම ඒ ලමයා ගෙදර ආවෙ නෑ …….”

“එහෙනම් ඒ කො/ල්/ලා කාර් එකත් අරන් පැනලා ගියාද දන්නෑ …….”

“අයියෝ එහෙම නෑ ……..ඒ ළමයා හොඳ විශ්වාසවන්ත ළමයෙක් ………..මට හිතෙන්නේ ඒ ළමයට එනකොට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුනාද කියලා ……”

“එහෙම වෙන්නත් පුළුවන් ……මට කියන්නකෝ බලන්න ඒ ළමයා ගියේ කොහෙටද කියලා …”

“ඕඅයිසී මහත්තයා ඒ ළමයා ගියේ අඟුලාන ට …..”

“හරි මම හොයලා බලන්නම් …අඟුලානේ ඉඳන් කුරුඳුවත්ත වෙනකන් තියෙන පොලිස් ස්ටේෂන් එක්ක කන්ටැක් කරල අපිට මොකක් හරි විස්තරයක් හොයා ගන්න පුළුවන් වෙයි…..හැබැයි ඒකට අපිට කාර් එකේ නොම්බරය විස්තරය ඕනේ ………..මම ඒ වැඩේ කරලා දෙන්නම්…regi ට පුලුවන්ද පොලීසියට ඒ විස්තර ඇවිත් දීලා එන්ට්‍රියක් දාලා යන්න ….”

“හරි මම තව පැය කාලෙකින් ඔතනට එනවා……..”

“හරි හරි රෙජි…..ඉන්න මමත් ඉන්නවා………”

“ශේෂා මොකක්ද ප්‍රශ්නේ ….ඇයි මට හදිස්සියේ එන්න කිව්වේ …..”

මිෂ්කා එසේ ඇසුවේ හැඬූමෙන් රත් පැහැ ගත් සෙහන්සා ගේ වත දෙස බලමිනි…

“අනේ මගේ දිෂ්ට මොකක් හරි කරදරයක් “…

“කියන දෙයක් පැහැදිලිව කියපන්…….මට උ/ඹ කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ ….ඇයි දිසෙන්ට මොකක්ද වෙලා තියෙන්නේ ……?

කිසිවක් පිළිතුරු නොදී සෙහන්සා මීෂ්කාගේ උරහිසට බරවී හඬයි..මිතුරියගේ හිතේ ඇති දුක පිටවන තුරු ඇයට ඇඩීමට ඉඩදී මීෂ්කා නිහඬව ඇගේ හිස අත ගෑවාය …….

“මිෂ් මගේ දිසෙන් අතුරුදහන් වෙලා ………එයා ඊයේ ඉඳන් ආගිය අතක් නෑ …….”

“oh my god …..මොනවද උනේ…..”

සෙහංසා සිදු වූ දේ සිය මිතුරියට පැවසූයේ කඳුළු අතරිනි…..

“අඬන්න එපා ශේෂා…ඔයා අඬලා මූණයි ඇස් දෙකයි ඉදිමිලා……..ඇස් දෙකත් හොඳටම රතු වෙලා ….උ/ඹ/ල/ගෙ ගෙදර මිනිස්සු උ/ඹ/ව දැක්කම සැක හිතයි….”

“මම ඒගොල්ලන්ට පේන්න අඬන්නේ නෑ….. දුක හිතේම තද කරගෙන ඉන්නවා ………..ඒත් එහෙම හිත ගල් කරගෙන ඉන්න අමාරු නිසයි මං ඔයාට එන්න කිව්වේ………මට අඬන්න එපා කියන්න එපා මිෂ්……..මට මේ දුක ඉවසගන්න බෑ ……….”

මීෂ්කා තිගැස්සී ගියේ සෙහන්සාගෙ වදන් වලට ය ……

ඇය දන්නා හඳුනනා සෙහන්සා මෙසේ නැත…

ඇය බෙහෙවින් දඟකාර ,හිතුවක්කාර තැනැත්තියක් ……ඈ මෙලෙසින් කිසිදා හඬා වැළපෙනවා මිෂ්කා දැක නොමැත …

“හරි හරි උ/ඹ/ට ඇති වෙනකම් අ/ඩ/ප/න් …ඒත් ශේෂා අපි මෙතනදී කරන්න ඕනේ දිසෙන් ව හොයාගන්න එක ……

“තාත්තා ගිහින් පොලිසියේ ඇන්ට්‍රී එකක් දැම්මා ……..දිසෙන් ගේ යාලුවෝ හැමතැනම හෙව්වා ලු …..ඒත් මුකුත් ආරංචියක් නෑලූ…..පොලිසිය නම් මේ ගැන හොයනවා…..”

“හරි හරි කලබල වෙන්නැතුව ඉන්න ………..අපිට දිසෙන්ව ඉක්මනට හොයාගන්න පුළුවන් ………උ/ඹේ කාර් ඒක නිසා ලේසියෙන් හොයාගන්න පුළුවන් …..හදිසියෙ හරි බස් එකේ වගේ ගියා නම් හොයාගන්න වෙන්නෙම නෑ ….”

“ඒක ඇත්ත මිෂ්…………දිසෙන් එපා කියද්දී මම බලෙන් කාර් එකේ යැව්වේ……..”

“මම දෙයක් කියන්නම් ……….හැබැයි ඒ ගැන කිව්වට උ/ඹ කලබල වෙන්න එපා …….”

“හරි හරි කියන්න මම කලබල වෙන්නේ නෑ………”

“මටනම් හිතෙන්නේ මෙතන එක්කෝ ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන් ………එහෙමත් නැත්තං ඉතින් කිඩ්නැප් එකක් වෙන්න පුළුවන් ……….”

මීෂ්කා එසේ කියනවාත් සමඟ සෙහන්සා එක්වරම ඉඳ හුන් අසුනෙන් නැගිට්ටාය ……..

“මට දැන්නෙ මතක් උනේ ………ධනුක දිසෙන්ට කීප වතාවක්ම තර්ජනය කළා ………..මිෂ්කා උන් මගේ දිසෙන්ට කරදරයක්වත් කරාද ?….”

“ධනුක…. ධනුක දිසෙන් එක්ක club එකෙත් ගහගත්තා නේ …….ධනුක මහ නහරක් කාරයෙක්……….”

“අනේ මට නං බෑ හොඳටම බයයි ……..එයා ට මොකක් හරි කරදරයක් උනාද ……මේ සේරම මම හින්දා ……….මම නිසයි දිසෙන් දනුකගෙ තරහාකාරයෙක් උනේ ………”

සෙහන්සා ගේ හැඬුම එක්වරම තවත් වේගවත් වූවාය ………

“උ/ඹ/ට නම් කිසි දෙයක් කියන්න බෑ …….ලැජ්ජ නැද්ද හොටු පෙරාගෙන අඬන්නේ ……බයවෙන්න එපා පොලිසියෙන් හොයා ගනියි ……..මේ සේරම අමතක වෙලා යන්න එක අද රෑට අපි යමුද ක්ලබ් එකට …?…..”

“මට බැහැ …….මම එන්නෙ නෑ …….දිසෙන් ආගිය අතක් නෑ……..මට ක්ලබ් ගිහින් ෆන් ගන්න පුළුවන්ද ?….දිසෙන් මගේ පන …….. එයා ගැන මතක් වෙද්දිත් මට වාව ගන්න බෑ ……….”

ටක්….ටක්..ටක්………

සෙහන්සා ගේ කුටියේ ද්වාරයට එක්වර යමෙක් තට්ටු කරන හඬ ඇසී දෙදෙනාම කලබල වූවෝය…

“උ/ඹ/ල/ගෙ අම්මාද දන්නෑ ………..ඔය කඳුළු පිහිදගෙන මූන හෝද ගනින්….දන්නවනේ අම්මගේ හැටි ….”

“නෑ අම්මා ළමා නිවාසේ පැත්තට ගියා ……..”

“එහෙනම් නංගි ද දන්නෑ …..දන්නවනේ ඒක පොඩි උනාට බෝ/ම්/බ/ය/ක් කියලා……”

“මම බාත්රූම් එකට ගිහින් මූණ හෝදගෙන එන්නම් ………ඔයා එතකන් දොර අරින්න ……..”

සෙහන්සා ඇගේ කුටියේ වූ නාන කුටියට යනතුරා බලාසිටි මිෂ්කා ඉන් අනතුරුව දොර විවර කළාය ………

ඇය සැනසුම් සුසුමක් හෙළුවේ දොර ඉදිරිපස සිටි මැගිලින්ව දැකීමෙනි ……..

“මිෂ්කා බේබි….කෝ අපේ ලොකු බේබි …..”

මැගිලින් සෙහන්සා ගෙ කුටිය තුළට එබිකම් කරමින් එසේ ඇසුවා ය ……..

“ශේෂා බාත්රූම් එකට ගියා …ඇයි මැගිලින්…?..”

“ලොකු මහත්තයා කතා කරා…..ලොකු බේබිගේ ෆෝන් එක වැඩ කරන්නෑ කියලා ගෙදර ෆෝන් එකට කතා කරා ……..මේ දැම්මම ලොකු මහත්තයට කෝල් එකක් දෙන්න කිව්වා …………”

“හරි මැගිලින් මම කෝල් එකක් දෙන්න කියන්නම් ………”

“හරි මම යන්නම් …මතක ඇතුව ලොකු බේබි ට කෝල් එකක් ගන්න කියන්න ……”

“හරි……මම කියන්නම්….”

මැගිලින් සෙහන්සා ගේ කුටියෙන් පිටවී යනවාත් සමඟම සෙහන්සා නාන කුටියෙන් පිටතට ආවාය ……

“කෝ කවුද ආවේ කවුරුත් නෑනෙ ?…”

” මැගිලින් ආවේ…උ/ඹේ ෆෝන් එකට මොකක්ද වෙලා තියෙන්නෙ …..?”

“ඇඳ උඩ තියෙනවා ඇයි ?…”

“බ/ල/පං ඕක වැඩ කරනවද කියලා….”

සෙහන්සා ක්‍රියාවිරහිත වූ ජංගම දුරකථනය අතට ගන්නවත් සමඟ ඈට මතක් වූයේ මීට මොහොතකට පෙර ඇය විසන්ධි කළ ආකාරයයි …….

“මට ඔෆිස් එකෙන් එක දිගට කෝල් ආවා …….මට ඒක හෙන වදයක් උන නිසා මම ෆෝන් එක ඕෆ් කලා …..”

“අන්න උ/ඹ/ලගේ තාත්තා උ/ඹේ මොබයිල් එක වැඩ කරන්නැති නිසා ගෙදර ෆෝන් එකට කෝල් කරල කියලා උ/ඹ/ට කෝල් එකක් ගන්න කියලා …….”

“හදිසියක් වෙන්න ඇති ….”

සෙහන්සා ඉක්මනින් සිය පියාට ඇමතුමක් ගත්තාය …….

“දුව ඔයාගේ ෆෝන් එකට මොකක්ද උනේ…මම ඔයාට කීපාරක් ගත්තද ළමයෝ……

“ඇයි තාත්තේ මොකක්ද හදිසිය .මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බේ …….”

“දුවේ පුළුවන් තරම් ඉක්මනට ගල්කිස්ස පොලිසියට එන්න ……මමත් ඔෆිස් එකේ ඉඳන් කෙලින්ම එතනට එන්නම් ………..”

“හරි තාත්තේ …..”

“ඒත් වෙච්ච දේවල් වල හැටියට ඔයාව තනියම එවන්න බෑ ……. මම කියන්නද මම ගෙදර ඇවිත් දුවව එක්කං යන්නම්….”

“නෑ තාත්තේ ඕන නෑ …..මිෂ්කා අපේ ගෙදර ඉන්නේ ……..මම එයත් එක්ක ඉක්මනට එන්නම් …….ඒත් තාත්තේ ඇයි ගල්කිස්ස පොලිසියට එන්න කිව්වේ …..”

“මගේ යාලුවා ඕ.අයි.සී ඉඳුරුව තමයි එන්න කිව්වේ ……….මට මුකුත් විස්තරයක් කිව්වේ නෑ ….දුවව එක්ක ගෙන ඉක්මනට එන්න කිව්වා ……..”

“හරි තාත්තේ මං දැම්ම එන්නම්……”

“මිස් ඇන්ට්‍රියක් දැම්මා නේද කාර් එකක් නැතිවුණා කියලා ………?”

“ඔව්…….ඔ..ව්….ඇයි ….?”

“අපිට ඔය කියන විදියේ කාර් එකක් හම්බුනා ………..අපි යමු බලන්න ……..”

එක්වරම සෙහන්සා සහ මිෂ්කා මූණට මූණ බලා ගත්තේ බියපත්ව මෙනි………

සෙහන්සා මීෂ්කාගේ අතේ එල්ලී රෙජිනෝල් සමගින් ඒ පොලිස් නිලධාරියාගේ කැඳවීමට අනුව පොලිසියේ පිටු පසවූ රථ ගාලට ගියේ කුතුහලයෙනි ……..

“ඔව් මේක තමයි දුවගේ කාර් එක……”

සෙහන්සා ගේ මෝටර් රථය තිබුණේ හොදටම කුඩුපට්ටම් වීමෙනි …ඒ රිය දුටු සැනින් සෙහන්සා ගේ පපුව ඇවිලී ගියේය ……….

එසේනම් දිසෙන් හදිසි අනතුරකට ලක්වූවාද?….

දිසෙන් දැන් සිටින්නේ කොහේද ?…

සෙහන්සා එසේ සිතන්නට වූවාය ……….

හමුවෙමු මීලඟ දිග හැරුමෙන්