ආදරණීයම ඔයා…19

කියන්න සෝනූ…මට ඕනි තරම් වෙලාව තියනවා… මා කීවේ සන්සුන් හඬකිනි.

සෝ…නූ… දෙබැම ඔසවා මදෙස බලාතරතුර ඔහු ඇසුවේ විමතියෙනි.

ඇයි මං එහෙම කතා කරනවට ඔයා කැමති නැද්ද..?

තාදී… මං එහෙම කීවද දැන්..

නෑ..ඒත් ඔයා කියපු විඳිහට මට හිතුනා..

උ….. ඹට නං හොඳටම පිස්සු..මං බයේ හිටි යෙ..ඔයා කවදාවත් මට එහෙම කතා කරන එකක් නෑ කියලා…ඉතිං එකපාරම සොක් වුනා..

හරි ඉතිං මං අදින් පස්සෙ දිගටම ඔයාට එහෙ ම කතා කරන්නං කො… ඔයා මං ගැන හැම දේම දන්නවා මං තමා මොනාත් දන්නෙ නැත් තෙ අපිට මේ ගමන මෙහෙම යන්න බෑ සෝනු

මා කීවේ බැරෑරුම් හඬකිනි.

මං දන්නවා දරුවො… ඒත් මං හිතුවා ඔයාට හිත හදා ගන්න ටික කාලයක් ඕනි වෙයි කිය ලා.. හැමදේම සිද්ධ වුනේ හදිස්සියෙන්නෙ….

මම ඒ හැමදේම අමතක කලා සෝනූ..නැති වු නු දේවල් අතෑරලා දාලා ගිය අය මත්තෙ නැහෙ න එක තේරුමක් නෑ..මාව එපා නිසානෙ එයා මාව දාලා ගියෙ…ඉතිං මං එයා වෙනුවෙන් දුක් වෙලා තේරුමක් නෑනේ….

මා කීවේ අවංකවමය.

මට තවත් අතීතය වෙනුවෙන් හඬා වැලපෙ මි න් මගේ වර්තමානයත් අනාගතයත් අහිමි කර ගත නොහැකිය. එය මගේ නොව අම්මා ගේත් මල්ලීගේත් ජිවිත අඳුරට ඇද දමනු ඇත. මට ඒ ඇත්තෙන් මිඳෙන්නට බැරිය.

ඔයා හැමදේම නැතිකරගෙන නෑ තාදී..

සෝන්‍ය කීවේ ඇද ඇතිරිල්ල මත වූ මගේ පිවි තුරු බවේ සලකුණ දෙස බලාගෙනය. වසර ප හක් පුරා වෙනත් තරුණයෙකුට දිවි දෙවනි කොට පෙම්කල මා වැනි යුවතියක වෙතින් ඔ හු එවැන්නක් බලාපොරොත්තු වන්නට නැත.

මං ධනූට ආදරේ කලා සෝනු මහා හුඟක්

..ඒත්..

ඇති දරුවො දැන් ඒ කතාව නතර කරන්න..
අදින් පස්සෙ අපි දෙන්නා ධනුක ගැන මොන වත් කතා කරන්නෙ නෑ..තේරුනාද ඔයාට…

ඔහු ඇසුවේ මගේ දෑස් දෙස කෙලින්ම බලා ගෙනය. මම ඔව් යැයි නොකියා හිස සැලීමි.

දැන් අර දිග කතාව කියන්නෙ නැද්ද ඉතිං…

මට උවමනා වූයේ ඔහුගේ හිත පෙලනා ඒ රහ ස දැන ගන්නටය. වරින් වර අවතාරයක් සේ ඔහුගේ ජිවිතයට එබෙනා අර නන්නාදුනන ගැහැණිය ගැන දැන ගන්නටය.

මම ජිවිතේ හුඟක් තනි වුන මනුස්සයෙක් තාදී

සෝන්‍ය කතාව ආරම්භ කලේම සුසුමක් හෙල මිනි. ඒ තනිකම නිසා ඔහු තමන්ට නොගැල පෙන ගැහැණියක හා සබඳතාවයක් අර බන්න ට ඇත.

ඔහුට දැන් ඉන් මිඳෙන්නට නොහැකි වන්නට ඇත. නැතිනම් ඈ ඔහුට එසේ මිඳි යන්නට අවසර නොදෙනවා වන්නට ඇත.

දැන් ඔයාට මං ඉන්නවනෙ..ආයිම තවදාවත් ඔයා තනිවෙන්නෙ නෑ සෝනු..

මගෙ අම්මි හුඟක් අහිංසක කෙනෙක් තාදී..

එයා හරියට ඔයා වගේමයි… ඉස්සර වෙලාම ධනූ මට ඔයාව පෙන්නද්දි මං හොඳටම පුදුම වුනා….

ඉතිං ඔයාගෙ අම්මිට මොනාද වුනේ…කෝ දැන් එයා..

එයා සුයිසයිඩ් කර ගත්තා මීට අවුරුදු දහය කට ඉස්සර…

ඔහු කියවාගෙන ගියේ දෑස් පිසදමමිනි. පුතෙ කුට අම්මා කෙනෙක් යනු කෙතරම් වටිනා වස් තුවක්ද යන්තම් ජීවිතයට ගොඩ වෙද්දීම ඒ සෙ නහස අහිමිවීම ඔහු කෙසේ දරා ගන්නට ඇති ද.. මට අප්පච්චී සිහිවුයේ නැතැතිනි.

ඒ මොනා හින්දද..

අර මගේ ඩැඩී කියන මිනිහගෙ සල්ලාල කං ඉවසගන්න බැරුව..

ඒ දෑස් කෝපයෙන් ලේ පැහැ ගැන්වුනේ බලා සිටයදීම වාගේය.

දෙයියනේ..

මට එකවරම කියවිනි. ගැහැණියක් සිය සැමි යාගේ කුමන වරදක් ඉවසුවද එවැන් වරදක් ඉවසන්නේ කෙසේද..

අම්මි නැති උනාට පස්සෙ මොනවද කරන්නෙ කියලා මට හිතා ගන්නවත් බැරිවුනා තාදී.. මගෙ ජිවිතේ හැමදේම වුනේ අම්මි.. මට දැනු නෙ මම කාත් කවුරුත් නැති කාන්තාරෙක අතරමං වුනා වගේ..

ඒ අසරණකම මට තේරුංගත හැකිය.

ධනුයි..ඒකගෙ අම්මයි අප්පච්චි නොහිටින්න මාත් සුයිසයිඩ් කරගන්නෙ ඒ දවස්වලමයි.. එයාලා මාව ඒ ගෙදරට එක්කගෙන ගිහින් දණූටත් වඩා ආදරෙන් මාව බලා ගත්තා.. ධනූ මට යාළුවෙන් නෙවී මගේම සහෝදරයෙක් කියලාමයි මං හිතුවෙ..

අවුරුදු ගානක් මේ ගේ පැත් පාලතක ආවේ නෑ මට අම්මව මතක් වෙනවා ඒ මදිවට අර මගෙ ඩැඩී කියන මිනිහා දකින්නවත් මං කැමති වු නේ නෑ… ඒකට තිබුන එකම ජීවිතේ සල්ලා කම විතරයි.. මට මේවා ඔයා එක්ක උනත් කියන්න ලැජ්ජයි තාදී..

පේනවනෙ දැන් බැඳලා ඉන්න ගෑ ණි ඔයාටත් බලයි..මටනං සැකයි ඔය කෙ ල් ල ත් බැඳලද කියලා..එහෙම මනුස්සයෙක් එයා… ඒ මිනිහා තිබුන සේරම නැති නාස්ති කරලා රට වටේම ණය වෙලා ණයකාරයන්ගෙන් බේරෙන්න රට පැන්නා…

අවුරුදු හතරක් තිස්සෙ මගෙ වයසෙ කො ල් ලෙ ක් විඳිනවා තියා එහෙම විඳින්න හිතන්නෙ වත් නැති තරම් දුක් විඳලා තමා මම අද මේ ති යන තත්වෙට ආවේ… ධනූයි එයාගෙ ගෙදර අ යයි විතරයි මට වචනෙකින් හරි උදව්වට හිටියෙ…

මටයි මගෙ අම්මටයි එහෙම ජීවිතයක් උරුම කරපු මිනිහා දැන් හදිස්සියෙන් ඇවිත් මේ දේපල වලින් භාගයක් එයාටත් අයිතියි කියලා කියද්දි..මොනවද තාදී මං කරන්න ඕනි..

සෝන්‍ය ඇසුවේ කෝපයෙන් වෙව්ලමි. මම මද වෙලාවක් නිහඬ වූයේ ඔහුට සන්සුන් වන්නට කාලයක් ලබා දෙන්නටය.

සොන්‍ය විඳි අත්දැකීම් මා වින්ඳානම් ඒ කෝපය එලෙසින් මගේ සිතේ ද ඇති වනු ඇත. එහෙයි න් ඔහුගේ කෝපය සාධාරණය.

මට..මට ..මට ඒකව..ම රා ගෙ න මැ රෙ න් න හිතෙනවා තාදී… ඇත්තමයි මං මෙච්චර ඉව සන එකට මට මගෙන්ම සමාවක් නැති වෙයි…

සෝන්‍ය තවමත් වෙව්ලයි. දෙවියනේ දරුවෙ කුට තමන්ගේ පියා ගැන එතරම් කෝපයක් ඇති කරගත හැකිද.. එවන් කෝපයක් ඇති වන්නට ඒ පියා කෙසේ හැසිරෙන්නට ඇති ද..

අප්පච්චි වැනි උතුම් පියෙකුගේ ආදරය සෙන හස මැද හැදී වැඩෙන්නට මා කෙතරම් වාස නාවන්ත වන්නට ඇතිද.. සෑම දරුවෙකුටම ඒ වාසනාව නැත.

ඔයා හිතනවද සෝන්‍ය..ඒක තමා ඔය ප්‍රශ්නෙ ට තියන හොදම උත්තරේ කියලා..

මා ඇසුවේ සන්සුන් හඬකිනි.

ඒ ඇර මං මොනාද කරන්නෙ තාදී..ඒකව දකිද්දි මට මාවම ක්නට්‍රෝල් කරගන්න බැරුව යනවා

මට ඔයාව තේරෙනවා සෝනු..ඒත් ටිකක් හිත න්න දැන් ඔයාවත් ඔයාගෙ ඩැඩීවත් ඉන්නෙ තනියම නෙවී..

ඔයා ඒ වගේ දෙයක් කලොත්..අසරණ වෙ න්නෙ ඔය ප්‍රශ්නෙට බින්ඳුවක් වත් සම්බන්ධ නැති අහිංසක ගෑ ණු දෙන්නෙක්.. ඔයා කැමති ද ඔයාගෙ අම්මිට වුන දේ මටත් වෙනවා දකි න්න…

මම කිවයාගෙන ගියෙමි. සෝන්‍ය ගේ හිත හද නා එක පහසු නැත. ඒ කෝපය එතරම්ම ප්‍රබල ය. ඔහුට ඇත්තේ සුවපත් සිතක් නොවේ ලාබා ල වියේ සිටම පලුදු වූ සිතකි. එහෙයින්ම ඉවසී ම මා විසින් ම කල යුතුය. එය පහසු නො වන බව ඇත්තය. එහෙත් දැන් අන්කල හැකි කිසිව ක් නැත.

හමුවෙමු.

ටිකයි කියන්න එපා.. මාව උස්සලා පැත්තකින් තියන්න කලින් මේ ටික ලියා ගත්තෙ