මෙහන්සා 15 කොටස

කිලාන් තුල පැහැදිලි වෙනසක් තිබුන එදයින් පස්සෙ. කොල්ල මුලින්ම පටන් ගත්තෙ ඇදුම් වලින්. අල්මාරියෙ තියෙන ඇදුම් ඔක්කොම බිමට දාල බැලුව මිහින් අදින ජාතියෙ සරල පිලිවෙල ඇදුම් තියෙද කියල. මොන පිස්සුද. එකක් වත් නෑ. තිබුනෙ දනහිස හරියට විතර දිග එයා සාමාන්යෙන් අදින මෙලෝ රහක් නැති ටීශර්ට් විතරයි.

ශික් විතරක් කිලාන් තෝ මොනාද මෙච්චර කල් ඇදල තියෙන්නෙ? තමන්ටම බැන බැන කොල්ල ගියේ ගෙදර ස්ටෝ රූම් එකට. ගිහින් ඒක අවුස්සල හොයාගත්ත ගෝනියක්. ආයෙ දුවල ගියෙ කාමරේට. ගිහින් අර තමන් මෙච්චර කල් ලස්සනයි කියල හිතන් ආපු ඇදුම් සේරම අර ගෝනියට එබුව.

තෝ ආයෙ මේව දිහා බලනව හෙම නෙවේ. කිය කිය බැන බැන මුලු අල්මාරියෙම තිබිච්ච ඒව ටික දැම්ම.

ඔහොම අස් කරනකොට එකම එක ලා නිල් පාට අත්කොට ශර්ට් එකක් හම්බුනා.

හ්ම්ම් මේක නම් මිහින් අදිනව වගේ එකක්. කාගෙද මේක? කොහොමද මගෙ අල්මාරියට ආවෙ. ඔන්න කොල්ලට මතක් උනා. පහුගිය උපන් දිනේට අම්ම ගෙනත් දීපු ශර්ට් එක. කොල්ල එක සැරයක් වත් ඒක ඇදල තිබුනෙ නෑ.

මොනාද අම්ම මේ මොකද්ද. මම මේ වගේ ඒව අදින්නෙ නෑ. මට එපා. තමන් ඒක ඇදල බලන්නෙවත් නැතුව විසි කරල දාපු හැටි කොල්ලට මතක් උනා.

ඒකට එවෙලෙ අකමැති උනත් අම්මගෙ හිත රිදවන්නෙ නැතුව ඒ වෙලාවෙ ඒක ගන්න තිබුන නේද. දැන් තමයි කොල්ලට ඕව හිතෙන්නෙ. අම්ම මුකුත් කියන්නෙ නැතුව තමන් දිහා ඇස් වල කදුලු පුරවගෙන බලන් හිටපු හැටි කොල්ලට මතක් උනා. කොල්ල කලේ දමල ගහල කාමරේට ආපු ඒක. ඊට පස්සෙ එහෙමම කාර් එකේ යතුරත් අරගෙන ආයෙ එලියට ගියා. අම්ම හිටපු තැනම හිටගෙන බලන් ඉන්නව.

යන්නම් වත් කියන්නෙ නැතුව ගියා ගෙදරින් එලියට.කෙලින්ම ක්ලබ් එකට. පස්සෙ හොදට බීල එලිවෙන්න පැයක් තියල ගෙදර ගියා. යනකොටත් අම්ම හිටපු තැනම සාලෙ සැටි එකේ නිදි. කොල්ලගෙ උපන්දිනේ සමරන්න කියල හදපු කේක් එක එහෙමම ස්ටූල් එක උඩ. ඉටිපන්දම් නිවිල ගිහින්.

විකාර. තාත්ත ගෙදර එන්නෙත් නැතුව මොන උපන්දිනද. මම බබෙක්යැ ඉටිපන්දම් නිවල කේක් කපන්න. යකාට ගියාවෙ. කොල්ලට කිසිම පසුතැවීමක් වත් දැනුනෙ නෑ. තරහක් විතරයි හිතට ආවෙ. එහෙමම වැනි වැනි රූම් එක හොයන් ගිහින් හොදට නිදාගත්ත. පහුවදා ඉස්කෝලෙ ගියෙත් නෑ.

දැන් නම් ඕව මතක් වෙනකොට කිලාන්ට මැරෙන්න හිතෙනව. ඒ තරම් දුකයි. මොකද මිහින් අම්මට සලකන හැටි ඇස් දෙකෙන්ම දැක්ක නිසා. මිහින්ගේත් තාත්ත රට. ලග නැහැ. ඒ නිසාම අම්මට ගොඩක් සමීපයි.

මම තමයි තාත්ත නැහැ කියල අම්මගෙනුත් ඈත් වෙන්න බලන්නේ. කොල්ල හිතන්නේ දුකෙන්. ඒත් මට ඉස්සර වගේ ඉන්න ඕනේ. අම්මයි තාත්තයි මල්ලි තුන් දෙනාම එක්ක. තාත්තගේ මේ ක්‍රිකට් නිසා පවුලේ සතුට නැති වෙලා. ෂිට්. යකාට ගියාවේ ක්‍රිකට්. කොල්ල තාමත් තරහෙන් හිතනව.

ඒත් ඉතින් වෙච්ච දේ හදන්න පුලුවනැයි. ආයෙ නම් අම්මගෙ හිත රිදවන්නෙ නැහැ මන්. එහෙම හිත හිත කොල්ල අර ශර්ට් එක ඇන්ද. කොල්ලට හිතාගන්නත් බැහැ ඒක ඒ තරම් ගැලපුනා කොල්ලට. අර තිබුණු සංකර දඩබ්බර පෙනුම වෙනුවට හරිම අහින්සක වැදගත් පෙනුමක් ඇවිත් තිබුන. ඇඳුමකින් කොච්චර නම් මනුස්සයෙක් වෙනස් කරන්න පුලුවන්ද. කොල්ල හිතුවේ පුදුමෙන්.

දැන් වත් මම මිහින් වගේ ද කියා කියා ඇදුමේ හැඩ බල බල ටික වෙලාවක් ඉඳල තමන් ගැන සැහීමකට පත් වෙච්ච හින්ද කොල්ල ඊට පස්සේ අර තඩි ඇඳුම් ගොනියත් ඇදගෙන පහලට ගියා.

කවදාවත් නැතුව පිළිවෙල ඇදුමක් ඇදගෙන පඩිපෙළ දිගේ තඩි ගොනියකුත් ඇදගෙන එන කිලාන් දිහා අම්ම බලන් හිටියේ පුදුමෙන්. පොඩි කාලේ ඇරුනම කිලාන් මේ විදියට පිළිවෙලට සරලව ඉන්නවා අම්ම දැකපු පලවෙනි වතාව තමයි මේ.

අම්ම මෙන්න මේ ඇදුම් ටික කාටහරි දෙන්න. එක්කෝ එපා විසිකරලා දාන්න.

ඇඳුම්? මොන ඇඳුම්ද? අම්ම පුදුමෙන් වගේ ඇහුවේ කොල්ල ගාව ගෝනියක් පිරෙන්න තරම් විසි කරන්න මොනවද තිබුණු ඇඳුම් කියල.

මේ මම අඳින ඇඳුම් අම්ම මට දැන් ඕව අඳින්න ඕනේ නැහැ.

අම්ම බලන් හිටියේ තව ටිකක් පුදුම වෙලා.

ඔහොම බලන්නෙපා අම්ම. මම කොච්චර මෝඩ ද කියල මට දැන් හිතෙනවා. මේ ෂර්ට් එක ගෙනාපු දවසෙ මම හැසිරුණු විදිය ගැන මට සමා වෙන්න. මේක ගොඩක් ලස්සනයි. කිලාන් කිව්වෙ ඔලුවත් බිමට හරවාගෙන ගොඩක් දුකෙන්.

ඒ වෙලාවේ නම් අම්මට කඳුළු ආව කොල්ල ඒක කියපු විදියට.

උසස් පොහොසත් යයි සම්මත පැලැන්තියේ කාන්තාවක් වුවද කිලාන්ගේ අම්මා ඉතාම සරල තැනැත්තියක්. සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙච්ච කිලාන්ගේ තාත්ත උනත් එහෙමයි.

ප්‍රශ්නේ උනේ තුෂාර සේනානායක ඒ කියන්නේ කොල්ලගෙ තාත්ත ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමත් එක්ක සුන්දරව ගත වෙච්ච කිලාන්ගේ ළමා කාලය ඔහුගෙන් ගිලිහීම. තාත්ත ඉතාම ආසාවෙන් පටන් ගත්තු දේ නතර කරන්න කියන්න කිලාන්ට ඕනේ උනේ නැහැ.

යන්තම් තේරෙන වයසෙදී මේ තනිකම නැති කරගන්න කොල්ල පුරුදු උනේ ක්ලබ් එකට යන්න. රෑ වෙලා ගෙදර එන්න. ඔහුට හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න ඕනේ උනා. කොටින්ම මල්ලි එක්ක වත් ලොකු සම්බන්දයක් තිබුනේ නැහැ කොල්ලගෙ.

කාටවත් තේරුම් ගන්න බැරි උනා ඇයි කොල්ල මේ විදියට වෙනස් උනේ කියල. තාත්තයි අම්මයි නොකරපු දෙයක් නැහැ කිලාන්ව ආයෙත් එයාලගේ ඉස්සර හිටපු පුතා කරගන්න. මොකද කිලාන් පොඩි කාලේ ඉදන්ම ඉතාම යහපත් දරුවෙක්.

ඒ උනත් කොල්ල තමන්ගේ හැගීම් තරහව හිතේම හිර කරගෙන තමන්ගෙන්ම පළිගත්ත මිසක් දෙමව්පියන්ට අවස්තාවක් දෙන්න ලෑස්ති වෙලා හිටියේ නැහැ.

ඒ නිසා දෙමව්පියන්ට උනේ ඒ උත්සාහය අතහැරලා දාල ඔවුන්ගේ බාල පුතා වූ නෙතුසර ගැන බලාපොරොත්තු තියාගන්න. කවදාහරි දවසක කිලාන් ආයෙත් ඔවුන
්ගේ ඉස්සර හිටපු ආදරණිය පුතනුවන් වනතුරු ඔවුන් බලාගෙන හිටියේ ඇඟිලි ගැන ගැන.

ඒකෙ ආරම්බය තමයි මේ සිදුවෙමින් තිබුනෙ. මොකද මිහින්ගෙ ගෙදර ගිය වෙලේ ඒ අම්ම සලකපු හැටි දැක්කම කිලාන්ට ඉරිසියා හිතුන. තමන් තමන්ගේ අම්මට තාත්තට අවස්තාවක් දුන්නේ නැහැ කියල කොල්ලට හිතුන.

මට හරිම සතුටුයි පුතේ මට හරිම සතුටුයි. කොල්ලගේ අම්ම කොල්ලව බදාගෙන කිව්වෙ අඬ අඬ. අපි යමු මේ වගේ තව ඇඳුම් ටිකක් ගන්න. මේ දැන්මම යමු.

අම්මගේ සතුටු සහගත මුණ දිහා බැලුවම කොල්ලට හරි සතුටක් එක්කම පසුතැවීමක් දැනුන. අම්මයි තාත්තයි නෙමෙයි මේ සියල්ලට වග කියන්න ඕනේ තමන්මයි කියල කොල්ලට හිතුන.