සිතින් විතරක්..
දහ නවය….. 19
මෙච්චර වෙලා මොනා කලාද ඉක්මනට ගොඩ වෙනවා…
ඈ මම වෙහිකල් එක ලඟට යනකොටත් සෙත් සර් වාහනේට ගොඩ වෙලත් ඉවරයි. ඒත් මෙ යා කොහොම ද මට කලින් මෙතෙන්නට ආවෙ මට පේන්නෙ නැතුව. තේරෙන්නෙ නෑ අප්පා මෙයා නං මැජික් කාරයෙක්ද කොහෙද..
මොනවද බලාගෙන ඉන්නෙ ගොඩවෙනවා ඉක්මනට…
මම පුදුමෙන් වගේ එයා දිහා බලාගෙන ඉන්න වා දැකලා එයා ආයිම කෑ ගැහුවා. මොනවත්ම නොකියා මම වාහනේට ගොඩවුනා. ටික දුරක් එනකං අපි අතරෙ තිබුනෙ නිශ්ශබ්ධතාවයක්.
කෝ බලන්න අත් දෙක…
ටික වෙලාවකට පස්සෙ එයා කිව්වා. අත් දෙක එලියට අරගෙන බලන්න ඕනි උනත් මම ලේ බලන්න බයයි. ඉතිං රතු පාට දැක්කත් බය හිතෙනවා.
කන ඇහෙන්නෙ නැද්ද පෙන්නනවා අත්දෙක..
.
එයා ආයිම කෑ ගැහුවා. මම ටීෂර්ට් එකෙන් අත්දෙක එලියට ගත්තෙ අහක බලාගෙන. මට තිබුනෙ හුඟාක්ම සුදුපාට හමක්. ඉතිං යන්නං ඇල්ලුවත් රතුපාට වෙනවා.ඉතිං අර තරම් තදින් ඇල්ලුවාම අත්දෙක ලේපාට වෙලා. ඒ මඳිවට එයාගෙ ඇඟිලි සලකුණු අත්දෙක පුරාම.
කියන මඟුලක් අහන්නෙ නැති උනාම තමා ඔහොම වෙන්නෙ…
ඒ ගමන එයා කීවේ මගෙ අත්දෙක දිහා බලන ගමන්.
ඉතිං මං මොනාත් කලේ නෑනේ… කේෂව් අයි යා නරක කෙනෙක් නෙවී.. මං ඇඟිලි මාරුක රන හින්දනෙ එයා අත්වලින් අල්ලලා කියලා දුන්නෙ.. වෙන දේකට නෙවී..
බැන්නත් කමක් නෑ කියලා මම කියවගෙන ගියා. ඇත්තටම වරදක් නොකර මෙහෙම දඩුවම් විඳින එක මොන තරම් අසාධාරණ ද..
කේෂව් මොකෙක්ද කියලා මම දන්න නිසා තමා…මේක මෙතනින් නතර වුනේ නැත්තං.
.මම ඉස්සරලම කඩන්නෙ ඒ\කගෙ අත්දෙක..
අනුංගෙ හොඳ නරකින් ත/මු/සෙට වැඩක් නෑ… ත\මු/සෙ මං කියන විඳිහට ඉන්නවා පණ්ඩිත කං කරන්නෙ නැතුව…
මං මොනා කිව්වත් එයාට දෙන්න උත්තරයක් තියනවා. ඉතිං මොනා කරන්නද..? අපි ගෙදර යනකොට සීයා පප්පා උන්නෙ සාලෙට වෙලා. අවේලාවෙ මෙහෙම ආවම දැන් ඉතිං එයා අහන ප්‍රශ්නවලටත් උත්තර දෙන්න එපාය.
ඇයි දරුවො මේ… හදිස්සියෙන් මේ වෙලාවෙ…
අපිව දැක්ම සීයා පප්පා ඇහුවා. එයාට පේන් නැතිවෙන්න මම ආයිම අත්දෙක ටීෂට් එක ඇතුලට දා ගත්තා.
මෙයාව දාලා යන්න ආවේ සීයා පප්පා… හදිසි වැඩකට මට එලියට යන්න වෙනවා.. එන කො ට රෑ වෙයි.. හවස තනියම එන්න බෑනි…
මම මොනාත් කියන්න කලින් සෙත් සර් කීවා.
ඒක හොඳයි.. මේ දරුවට බෑනි හවස් වෙලා බස්වල රස්තියාදු වෙන්න..
ඒ ගමන සීයා පප්පා කීවා. මම උදේ හවස යන් නෙ එන්නෙ තනියම බස් එකේ කියලා දන්නවා නං සීයා පප්පා මොනා හිතයිද..
මට ඕනි වුනේ ඉක්මනට එතනින් අයින් වෙ න් න සියා පප්පා මොනාත් අහන්න කලින්.
එයා මගෙ අත්දෙක දැක්කොත් දහසක් ප්‍රශ්න අහන්න තියා ගන්නවා. මම සෙත් සර් දිහා බැ ළුවෙ ඉක්මනට මෙතනින් යන් කියන්න වගේ. එයාට මම කියපු දේ තේරුනා.
ගිහින් මට බොන්න මොනා හරි හදන්න ඉක්ම නට මම ආපහු යන්න ඕනි..
එයා ඒ ගමන කීවේ මට.
උ ඹ තාම කාලත් නෑද කො\ල්ලො… ඒ ගමන සීයා පප්පා ඇහුවා.
නෑ සීයා පප්පා දැන් කන්න වෙලාවක් නෑ… මට ලේට් වෙනවා…
ඒත් කො\ල්ලො ඔහොම බඩගින්නෙ වැඩ කරන්න බෑනි…
ගානක් නෑ සීයා පප්පා…
කියාගෙන එයා ඒ ගමන මගෙ දිහා බලලා ඇ ස්වලින් කීවේ උඩට යන්න කියලා. මම එහෙ ම්ම උඩට දිව්වා.
අත්දෙක තාමත් ලේ පාට වෙලා තිබුනා. පුංචි දැවිල්ලකුත් තිබුනා. ඒ ගැන හිතන්නෙ නැතුව මම සෙත් සර්ට බොන්න මොනා හරි හදන්න හැදුවා. ඒත් එක්කම වාගේ එයා උඩට ආවා.
සර් මොනවද බොන්නෙ…
මම එයාගෙන් ඇහුවා.
මට මොනවත් බොන්න ඕනි නෑ.. එහෙ මෙහෙ දඟලන්නෙ නැතුව ටිකක් රෙස්ට් කරන්න.. කාලද ඉන්නෙ දැන්…. ඒ ගමන එයා කිව්වා.
කන්න වෙලාවක් තිබුනෙ නෑ… මම කීවේ බිම බලාගෙන.
ඔව් එක එකා එක්ක මුකුළු කරන්න විතරයි ත;මු/සෙ/ටත් වෙලාව තියෙ න්නෙ.. කාලා ඉන්නවා දැන්…
කෑම එක ගෙනාවෙ නෑනේ…
මම කීවේ අහිංසක හඬකින්. මම උදේට කෑම හදන්නෙ ගානට විතරයි. ඉතිං මෙහෙම හදි සියෙන් ගෙදර ආවම කන්න කෑම තියලා යන් නෙ නෑ.
කන්න නෑද මොනවත් දැන්… ඒ ගමන එයා ඇහුවා.
මම මොනා හරි හදා ගන්නම්….
පුළුවන්ද.. මම මොනා හරි ගෙනත් දෙන්නද..?
පුළුවන් සර්.. මම හදාගන්නම්..
එහෙනං.. ඉක්මනට මොනා හරි හදාගන්න… කාලා රස්තියාදු ගහ්නෙ නැතුව ටිකක් රෙස්ට් කරන්න තේරුනාද…
එයා ඇහුවෙ ටිකක් විතර සන්සුන් හඬකින්. ඇයි අප්පා හැමවෙලාවෙම ඔහොම කතා කරන්න බැරි. යකෙක් වගේ මාව ම\රා ගෙන කන්න හදන්නෙ. ආදරෙන් කියලා දුන්නා නං මම ඕනි දෙයක් කරනවානෙ. ඇයි මටම මෙච්චර රිද්දන්නෙ.
මං යනවා… පරිස්සමින් ඉන්නවා…
එහෙම කියාගෙන එයා ගෙයින් පිටවුනා. පරිස්සමින් ඉන්නවා. තරහින් කීවත් ඒක හරි ආදරණීය වචන දෙකක්.
එයා ගෙයින් පිටවුනාට පස්සෙ මම මගෙ රූම් එකට ගියා. ඒ තරම් බඩගින්නක් දැනුනෙ නෑ. අනික තනියම මට විතරක් මොනා හරි හදාග න්න එක හරිම කම්මැලි වැඩේ.
ඒක නිසා මම මොනවත් හදන්න ගියෙ නෑ. ඇඳට වෙලා එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්නකොට මට නිකම්ම නින්ද ගියා.
මට ආපහු ඇහැරුනේ ෆෝන් එක රිංග් වෙන කොට. කතා කරලා තිබුනෙ සෙත් සර්. එයා ඇරෙන්න මට කතා කරන්න වෙන කවුරුවත් නෑ.
හෙලෝ සර්..
මොනවද මෙච්චර වෙලා කලේ…
මට නින්ද ගියා ෆෝන් එක රිංග් වෙනකොට තමා ඇහැරුනේ..
මොනවද කෑවේ..
මොනාත් නෑ… එයා අහපු තාලෙට මට එහෙමම කියවුනා.
මොනාත් නෑ.. ත/මු/සෙ ආසාවටද බඩගින්නෙ ඉන්නෙ… බලනවා දැන් වෙලාව කීයද…
ඒ ගමන එයා ආයිම කෑ ගහන්න තියා ගත්තා.
මට බඩගිනි නෑ සර්.. මට විතරක් කෑම හදාගන්න කම්මැලි හිතුනා…
මම කීවේ කෙඳිරි හඬකින්.
ත/මු\සෙට නං මොන මඟුලක්වත් කියලා වැඩක් නෑ.. කරන තරමක් කරන්නෙ පණ්ඩිත වැඩ.. නොකා ඉදලා ලෙඩ වෙනවකො බලන්න
කියාගෙන එයා ෆෝන් එක කට් කලා. මහ මොකෙක්ද මන්දා මට මට ඕනි විඳිහට හුස්ම ගන්නවත් බැරිද.. මට බඩගිනි නෑ නං එයාට මොකද.. බලෙන් කවන්න තියෙන අමාරුව මම තරහින් හිතුවා.
එයා කන්න කීවට. බඩගිනි නෑ නං කන්නෙ කොහොමද අනික තනියම මට විතරක් මේ අවේලාවෙ කෑම හදන එක මොන කම්මැලික මක්ද.. එහෙ කෑ ගහපුදෙන් මට මොකද.. මම ආයිම ඇදේ අනිත් පැත්තට හැරිලා නිදාගත්තා.
බඩගින්නට නිදාගත්තම හරියනවද මනුස්ස යො..
යන්තං නින්දයාගෙන එනකොටම වගේ ඒ හ ඬින් ගැස්සිලා මම ඇහැරුනා. ඈ හදිස්සි වැඩ ක් තියනවා කියලා දුවගෙන ගිය මනුස්ස යා ඒ ගමන ආපහු ආවෙ මොකටද.. මම ඉක්මනට ඇඳෙන් නැඟිට්ටා.
ඉතිං බඩගිනි නෑනේ… මම හුරතලේට කිව්වා.
බඩගිනි නැති වෙන්න ගල් ගිලලාද ත\මු/සෙ නැඟිටලා කාලා ඉන්නවා. කියවිල්ල තියලා
එහෙම කියලා එයා මගෙ අතේ තිබ්බෙ පොලි තින් බෑල් එකක්. ඒක ඇතුලෙ තිබුනෙ කෑම පැකට් එකක්. අනේ මන්දා මෙයාට නං මට බැන්නෙ නැත්තං නින්ද යන්නෙ නැද්ද කො හෙද.
සර් කාලද ඉන්නෙ… මම ඒක අතට ගත්තෙ එහෙම අහගෙන.
මගෙ කෑම ගැන මම බලාගන්නං.. ඕක කාලා ඉන්නවා..
අනේ…ඉතිං සර් බඩගින්නෙ නෙ..
ත/මු/සෙ/ට නං මොන මඟුලක්වත් කිව්වට වැඩක් නෑ… මට දැන් එපා වෙලා තියෙන්නෙ.. කියන දේ ඇහුවෙ නැත්තං ගිහින් දානවා හිටපු දිහාට..
එයා කිව්වෙ මගෙ දිහා ඔරවලා බලන ගමන්. හොඳක්වත් කියන්න බෑ මේයා මට රවනවා බනිනවා. අනේ මන් දන්නෙ නෑ.
මගෙ මූණ දිහා බලාගෙන ඉන්නෙ නැතුව මෙන්න මෙහාට එනවා යන්න..
එහෙම කියලා එයා ගියෙ ඩයිනිං ටේබල් එක ලඟට. ගිහින් මගේ අතේ තිබුන කෑම එක දිගෑරලා පිඟානක් උඩ තිබ්බා.
කනවා ඉතිං…. ඊට පස්සෙ එයා කීවේ මට.
සර් කාලා ඉන්නකො.. එයා බඩගින්නෙ ඉද්දි මට කන්න බෑනි ඉතිං.
කන්න නේද කීවේ දැන්…
ඉතිං සර් කලා ඉන්නකො… මම ආයිම කීවා.
ත\මු/සෙ/ව නං හදන්න බෑ.. කෝ එනවා මෙහාට.. එහෙම කියලා එයා මගෙ බාහුවෙන් අල්ලලා ලඟට ඇඳලා ගත්තා.
හ්ම්ම්.. කනවා දැන්වත්… මට හිතන්නවත් වෙලාවක් දෙන්නෙ නැතුව එයා ඊලඟට කලේ බත් කටක් අනලා මගේ මුවට ලංකරපු එක.
හමුවෙමු.
ටිකයි කියන්න එපා. හදිසියෙන් ලියන්නෙ අය ලියන්න වෙලාවකි එන එකක් නෑ අද දවසට. මාත් මේ කතාවට ඇබ්බැහි වෙලා ද කොහෙද.. ටිකක්වත් ලියන්නෙ නැතුව ඉන්න හරි අමාරුයි. ඉතිං කියෝන හැමෝටම හැමදාම වගේම හුඟක් ස්තූතියි