Ex වයිෆ්
45 වන කොටස
“මාතියගේ කලින් ගේ/නි කට වහගෙන හිටියට මම කට වහගෙන ඉන්නේ නෑ …මෙතන බීලා යැවිත් මට වද දෙනවා…සරියාන කරච්චල් අප්පා ..”
චේතනා එහෙම කිව්ව විතරයි ගිහාන් චේතනාට තරු විසි වෙන්න කම්මුල් පාරක් ගහලා පසෙකට තල්ලු කරා ….
හැඩිදැඩි ගිහාන් තල්ලු කරපු පාරට සිහින් සිරුරක් ඇති චේතනා විසිවෙලා ගිහින් ඔළුව බිත්තියේ වැදුනා..
බිත්තියේ වැදිච්ච පාරට චේතනාගේ නලළ බ තුවාල වුණා..චේතනාගේ නළලෙන් ලේ* ගලන්න ගත්තේ ගිහාන්ගේ වෙරිත් හින්දලා…
“ආඩවනේ….මාත්තියා මාව ම/ර/න්/න හදනවා”
ඇස්වල කදුලු පුරෝගෙන නළලෙන් වැක්කෙරන රු/ධි/ර/ය අල්ලෙන් තද කරන් චේතනා එහෙම කිව්වා.
“ත/මු/සෙ/ත් කට ගහන් යනවානේ ..එනවා යන්න බෙහෙත් ගන්න..”
චේතනාගේ බ්ලවුසේ එකේ කරත් රු/ධි/ර/යෙ/නේ වැකිලා..
චේතනා දඩි බිඩි ගාලා නානකාමරයට ගිහින් නළල හොඳින් සෝදාගෙන ෆිජ් එක ඇරලා අයිස් කැටයක් අරන් තියාගත්තේ ගලන රු/ධි/ර/ය නවතන්න..
ඉක්මනින් ඇදන් උන්නු බ්ලවුස් එක වෙනුවට අලුත් බ්ලවුස් එකකුත් ඇදගෙන
චේතනා පිටත් වෙන්න සූදානම් වුණා..
ගිහාන් නම් හරිම දරුණු මනුස්සයෙක්..
හිරූෂා කොහොම ගිහාන් එක්ක ඉහ ගහන් හිටියාද මන්දා…
ඒකට මගේ මහේෂ් කොයිතරම් හොඳ ස්වාමී පුරුෂයෙක්ද.
මහේෂ් නැතිවෙලා ගියේ මගේම ක/රු/මෙ/ට..
අපරාදේ මමත් කරගත්ත දෙයක්…
කසාද නොබැද තනියම හිටියානම් මේ කිසිම කරදරයක් නැහැ…
දැන් ඉතින් ජීවත්වෙනකල් දුක් විඳින්න වෙන්නේ…වෙන කරන්න කිසිම දෙයක් නෑ ….
තුවාලයට වඩා චේතනාගේ හිත රිදුන් දෙනවා
චේතනා ගිහාන්ගේ කාර් එකේ නැගලා ආරෝග්‍ය ශාලාවට ගියේ හිතින් දහස් වාරයක් පසු තැවෙමින්..
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ..චේතනාට දැන් තනිකඩ ජීවිතයේ අගය දැනිලා..
හිරූෂාගේ නිවසේ මිදුළ පිටුපසට වෙන්නට කුඩා ගොඩැනගිල්ලක් ඉදි කරමින් පවතිනවා..
හිරූෂා පසුපස දවසින් දවස සාර්ථකත්වය සොයාගෙන එන්නේ චුටි දෝණිගේ වාසනාවට කියලයි හිරූෂා හිතන්නේ…
අභීත පුතා සාමාන්‍ය පෙළ අවසන් කරලා ඉංග්‍රීසී පාඨමාලාවකට සම්බන්ද වෙලා හිටියා…
අභීත කියන්නේ ඉගෙන ගන්න උපන් හපන්
දරුවෙක් නිසා හිරූෂා ඒ වෙනුවෙන් උපරිමයෙන් වියදම් කරන්න සූදානම් වෙලා හිටියේ..
චූටි දෝණි දැන් ලස්සනට කතා කරනවා..
ලස්සනට අකුරු ලියනවා,ගණන් හදනවා .
චූටි දෝණි ඉගෙන ගන්න කම්මැලි වුනත්
පුංචි අම්මාත් අභීත අයියාගේත් උදව්වෙන් ඒ ගති බොහෝ දුරට මඟ හැරිලා තිබුණේ…
චුටි දෝණි කැමති ඉගෙන ගන්නවාට වඩා මැහුම් වැඩපලේ වැඩ කරන අක්කලා නැන්දලා එක්ක් හුරතල් වෙන්න..
ගෙදර ලොකු සෙනඟක් ඉන්න නිසා චූටි දුව දැන් ඉස්සර වගේ මුළු ගැන්විලා ඉන්නේ නැහැ…
හැමෝගෙම අවධානය දිනාගන්න සින්දු කියනවා….
“කොටු වැටිච්ච පුංචි තරම
ඇඳන් නතන මල්ලියා..
ගෙදර නිතර දබර කරන
පුංති මල්ලියා..
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා .. “
චූටි දෝණි සින්දු කියලා ඉවර උනාම හැමෝම කට්ටිය අත්පොලසන් ගහන්න ඕනේ …
හදිසියේ හරි එක්කෙනෙක්ට වත් අත්පොලසන් ගහන්න බැරි වුනොත් ඒක චූටි දෝණිගේ හිතට හරි නෑ …
චූටි දෝණි දැන් ඉස්සර හිටපු දරුවාද කියලා හිතන්නවත් අමාරුයි ..
හිරූෂා මේ හැම දෙයක් ගැනම හිත ඇතුලෙන් නිහඬ ව සතුටු වෙනවා ..
හිරූෂා උන්නේ චූටි දෝණි වත් ළඟ තියාගෙන මැහුම් වැඩ පොළේ ගෑනු ළමයි මහපු ඇඳුම් වගයක් පරික්ෂා කර කර ..
අවුරුද්දකට කිට්ටු කාලයක් ඒ උදවිය හිරූෂා ළඟ ඇඳුම් මහන නිසා ඒ අයගේ වැඩ ගැන අමුතුවෙන් බලන්න දෙයකුත් තිබුණේ නෑ …
හිරූෂා ළඟ හිටපු චූටි දෝණි එකපාරටම කලබල උනේ අම්මගේ මොබයිල් එකේ ඇමතුමක් එන සද්දයක් ඇහිලා..
“අම්මේ කෝල්…”
“තෑන්ක්යූ කේශාරා බබා අම්මට ඇහුනෙ වත් නෑනේ ..”
හිරූෂා කාමරේට ගිහින් ඇමතුමට පිළිතුරු දුන්නා..ඇමතුම හිරූෂාගේ නංගිගෙන්..
“අක්කේ …පුතාලගේ ඕ ලෙවල් රිසාල්ට් ඇවිල්ලා…”
“ආනේ ඇත්තද නංගී …”
“අක්කෙ මට පුතාගේ විභාගඅංකය මැසේජ් කරන්න ..කෝ අක්කේ පුතා ඉන්නවද ?”
“පුතා නම් ගෙදර නෑ නංගි ..ක්ලාස් ගිහිල්ලා…පුතාගේ කාමරේ පොත් මේසේ පොතක විභාග අංකය ලියලා තිබ්බා මට මතක විදිහට…ඉන්න මම ඒක එවන්නම්…”
“මම දැන් ඉස්කෝලෙන් එන්න හදන්නේ ..මට ඉක්මනට එවන්න අක්කේ..”
හිරූෂාගේ නංගි ඇමතුම විසන්ධි කරනවත් එක්කම හිරූෂා පුතාගේ කාමරයට චූටි දෝණිත් එක්ක දිව ගියා …
හිරූෂා විභාග අංකය හැකි ඉක්මනින් හොයා ගෙන නංගිට යැව්වේ පුතාගේ විභාග ප්‍රතිඵලය මොනවගේ වෙයිද කියලා කල්පනා කරන ගමන්මයි ….
හිරූෂා විභාග අංකය යවලා විනාඩි පහක් දහයක් ගතවුනා ….
නංගිගෙන් යළි ඇමතුමක් එනතුරු හිරූෂා උන්නේ වේගවත් වෙච්ච හදගැස්මෙන්…
හිරූෂා ගෙ හිතේ දැන් තියෙන්නෙ දරුවන් දෙන්නව සමාජයේ යවන්න පුළුවන් උපරිම ස්ථානයට ගෙන යන එක විතරයි…
හිරූෂාගේ හදගැස්ම උපරිමයෙන් වේගවත් කරමින් හිරූෂාගේ නංගිගෙන් ඇමතුමක් ආවා….
“නංගී..”
හිරූෂාගේ කටහඬ සැලුණේ හිතට දැනුණු චකිතයට…
“අක්කේ අබීත පුතාගේ රිසාල්ට්ස් මම බැලුවා..”
“ඉතින්…කොහොමද නංගී රිසාල්ට්ස්?…”
හිරූෂාගේ නංගිට දැනුණා අක්කාගේ කටහඬේ තිබ්බ නොඉවසිල්ල…
අක්කාව කලබල නොකර ඉක්මනට රිසාල්ට්ස් කියන්න නංගී තීරණය කළා..
“බය වෙන්න දෙයක් නැහැ..අක්කේ පුතා එක්සෑම් එක හොඳට පාස්…ඒ අටයි…”
නංගී එහෙම කියාපු ගමන් හිරූෂාගේ ඇස්වලට සතුටු කඳුළු ඉනුවා…
තමාගේ මහන්සිය ,කැපකිරීම් අපතේ ගිහින් නොමැති බව හිරූෂාට වැටහුණා..
එදා ගිහාන් වෙනුවට දරුවන්ව තෝර ගත්ත නිසා අද තමන් මේ සැනසීම භුක්ති විඳින බව හිරූෂාට හිතුනා…
හදිසියේ හරි හිතට වහල් වෙලා එදා ගිහාන්ට සමාව දීලා ගිහාන්ව තෝර ගත්තා නම් කවදාවත් තමාට සැනසීමක් නොලැබෙන බව හිරූෂාට වැටහුණා.
හිරූෂා ළඟ වාඩිවෙලා ඉන්න චූටි දුව කල්පනා බරිතව ඉන්න අම්මගේ දිහා බැලුවේ පුදුමයෙන් වගේ …
ඊට පස්සේ චූටි දෝණි අම්මගේ අතින් ඇද්දේ අම්මගේ අවධානය ගන්න කියලා…
“ඇයි දෝනි ..”.
මෙතෙක් වෙලා වෙලා කල්පනාවෙන් හිටපු හිරූෂා ඒ කල්පනාවෙන් මිදිලා චූටි දෝණි දිහා බැලුවේ තිගැස්සිලා වගේ…
“අම්මා මොකෝ කරන්නේ…?”
චූටි දුව එහෙම හුරතලේට අහපු විදියට හිරූෂාට දෝනි ගැන ආදරේ හිතුනා..
චූටි දෝණිගේ ලස්සන මූණ දිහා බලාගෙන ඉන්නකොට හිරූෂාට මතක් උනේ ගිහාන් පෙර දිනවල කියපු දේවල්..
“මේ නම් මගේ ක/රු/මෙ/ට ඉපදිච්ච ළමයෙක් …”
ශිහාන් කී දවසක් නම් චූටි කේශාරාට එහෙම කියලා තියෙනවද?…
ඒ දේවල් සිහිපත් වෙද්දිත් හිරූෂාට වාවන්නේ නෑ ..
ගිහාන්ගේ සැනසීම නැති කරලා දනූෂ් මේ දිනවල ගිහාන්ගෙ ගෙදරට ඇවිල්ලා ..ගිහාන්ට නිදහසේ හුස්මක් ගන්නවත් විදියක්වත් නැහැ……
ගිහාන් හිටියේ ටීවීඑකේ මැච් එක බලන ගමන්…එතකොටමයි ගිහාන්ට හිරූෂාගෙන් ඇමතුමක් ආවේ…
කවදාවත් නැතුව හිරූෂා කෝල් කරද්දි ගිහාන්ට පුදුමත් හිතුනා…ඒ වගේම සතුටත් හිතුනා…
ඒ වෙලාවේ චේතනා හිටියේ කුස්සියේ රෑට කන්න කෑම සූදානම් කරමින්…
ගිහාන් මොබයිල් එක අරගෙන කාමරේට ගියේ නිදහසේ කතා කරන්න කියලා…
“ගිහාන් …”
“ඔව් හිරූ කියන්න ..”
ගිහාන් එහෙම හිරු කියලා කතා කරාම හිරූෂාට මතක් උනෙත් තමුන් ගිහාන් එක එක ආදරේ කරපු කාලේ…
ආදරේ කියන්නේ මහා බොරු දෙයක්..
චපල මිනිස්සුන්ට ආදරේ සෙල්ලමක් විතරයි.
ඒත් එක්කම දැන් ඒ දේවල් සිහිපත් කරලා වැඩක් නැහැ කියලා හිරූෂා ලොකු සුසුමක් හෙළුවා…
“ගිහාන් මම කතා කරේ පුතාගේ රිසාල්ට්ස් ගැන කියන්න…”
ගිහානුයි මමයි අතර මොන තරම් ප්‍රශ්න තිබ්බත් ගිහාන් දරුවන්ගේ තාත්තා නිසා අබීතගෙ විභාග ප්‍රතිඵල ගැන ගිහාන්ට කියන්න හිරූෂා තීරණය කළා…
ඒ නිසාමයි හිරූෂා ඇමතුමක් ගත්තේ …
“රිසාල්ට් ඇවිල්ලද ?..”
ඒත් ගිහාන් කිසිවත් නොදන්න විදිහට මෙහෙම කතා කලාම හීරූෂා ගිහාන්ට ඇමතුමක් ගත්ත එක ගැන පසුතැවුණා …
“ඇයි දන්නැද්ද ටීවී එකේ නිවුස් වල පෙන්නුවේ …පොඩ්ඩක් ඉන්න මම පුතාට ෆෝන් එක දෙන්නම්…”
“හලෝ…”
“කොහොමද පුතේ රිසාල්ට්ස්”
“ඒ8 යි ..”
අභීත පුතා එහෙම කිව්වේ ගහගන්න වගේ ..අභීත කතා කරේ අම්මගේ බල කිරීමට …අභීත කතා කරන්නේ අකමැත්තෙන් කියලා ගිහාන්ට හිතුණා….
“නියමයි පුතේ …මට හරිම සතුටුයි …”
පුතාගේ විභාග ප්‍රතිඵල අහලා ගිහාන්ට ගොඩක් සතුටු හිතුනා..අභීත පුතා බුද්ධිමත් දක්ෂ ළමයෙක් කියලා ගිහාන්ට තේරුනේ අභීත පුංචි කාලේමයි….
“පුතාට මොනවද මගෙන් ඕනේ…”
ගිහාන් එහෙම ඇහුවේ සතුට වැඩි කමට ….
“මට මුකුත් ඕනේ නෑ …මගේ කැමැත්තෙන් නෙමෙයි කතා කරේ..අම්මා බල කරපු නිසා ..මම තියනවා ..”
අභීත ඇමතුම විසන්ධි කරේ ඕනාවට එපාවට එහෙම කතා කරලා..
ගිහාන් ඇමතුම විසන්ධි උනාට පස්සේ ඇඳ මත වැතිරිලා කල්පනා කරේ තත්වේ තරාතිරම ගැන මහ ලොකුවට හිතපු තමන්ට අද වෙච්ච දේ ගැන…
පවුල වදයක් කියලා හිතලා චූටි දුව ලැජ්ජාවක් කියලා හිතලා කරදර වලින් මිදෙන්න කියලා ප්‍රශ්න වලින් පැනලා ආපු තමුන් අද තනිවෙලා කියලා ගිහාන්ට හිතුනා …
තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න මේ ලෝකෙට ඉපැද්දවපු පුතාම අද තමාව තඹ සතයකට වත් ගනන් ගන්නෙ නැහැ කියලා හිතත්දී ගිහාන්ට ඇති උනේ ලොකු දුකක් …
තමාගේ ලෙ/ යින් උපන් චූටි දුව එදා තමන්ව ගෙදරින් එලියට දාපු හැටි මතක් වෙද්දි ගිහාන්ට තමන් ගැනම ඇති වෙන්නේ ලොකු තරහක් පසුතැවිල්ලක් …
දරුවන්ට මේ දේවල් වලට වැරදි පටවලා තේරුමක් නෑ මේ සේරම මම විහින් කරගත්තු දේවල් ගිහාන් එහෙම කල්පනා කර කර සෝ සුසුම් හෙලනවා …
අතීතයේ වෙච්ච දේවල් ගැන දැන් පසුතැවිලා වැඩක් නෑ දරුවන් මට මොන විදිහට සැලකුවත් මම දරුවන් වෙනුවෙන් පුළුවන් උපරිමය කරනවා …
ගිහාන් අභීතට කම්පියුටර් එකක් අරන් දෙන්න තීරණය කරා …
“මාත්තියා මොනාද කරන්නේ…කෑම ලෑස්ති කන්න යමු…”
චේතනා කාමරයට ඇවිත් කීප වතාවක් එහෙම කතා කලාත් ගිහාන් ඇහුනෙ නෑ වගේ හිටියා…
චේතනා එක්ක ජීවත් වුණාට ගිහාන් ඉන්නේ සතුටකින් නෙවෙයි …ගිහාන් නිතරම හිතින් හිරූෂාවයි චේතනාවයි සංසන්දනය කරනවා…
චේතනා කියන්නේ හිරූෂා වගේ සකසුරුම් කමින් ජීවත් වන කෙනෙක් නෙමෙයි ..චේතනා හම්බ කරන දේවල් චේතනාගේ පුතාටයි අම්මටයි මදියි…
මදි පාඩුවට මගෙනුත් සල්ලි ඉල්ලා ගන්නවා ..
දැන් පැය දෙක තුනකටත් කලින් කුස්සියට ගිහිල්ලා චේතනා ගෙන් කීයක් හරි ඉල්ලගෙන දනූෂ් කොහේදෝ ගියා..
අම්මයි පුතයි දෙන්නම එකතුවෙලා මගේ සබ්බ සේසතම හූරගෙන කනවා..
අනේ මමත් මේ ගෑ//ණිට අහු උනානේ ..ගිහාන් හැමතිස්සෙම එහෙම හිතනවා ..”
චේතනාව වුණත් මේ තත්ත්වයට පත් කරගත්තේ තමන් කියලා ගිහාන්ට අමතකයි …ගිහාන් හිතන්නේ තමන් ගැන විතරයි…ගිහාන්ට අද මේ තරම් විඳවන්න වෙලා තියෙන්නේ ඒ නිසයි …
“අරෙහෙ කෑම සීතල වෙනවා..අපි යෙමු කන්න මාත්තියා..”
චේතනාගේ බල කිරීමට ගිහාන් සාලෙට ගියා …ගිහාන් සාලෙට යනකොට සෝපා එකේ වාඩි වෙලා දනූෂ් ටීවී එක බලනවා…
ගිහාන් චේතනා දුන්න කෑම එකත් අරගෙන සෝෆා එකේ වෙනත් පුටුවක වාඩි වුණා …
දනූෂ් ගිහාන් බල බල හිටපු චැනල් එක මාරු කරලා ශක්ති ටීවී එකේ යන චිත්‍රපටියක් බලනවා ..
ගිහාන් මැච් එක බලන්න ටීවී රිමෝට් එක හෙවුවා …ඒත් රිමෝට් එක පේන තෙක් මානෙක තිබුනෙ නෑ…
“දනූෂ් කෝ රිමෝට් එක දෙනවා …”
ගිහාන් දනූෂ්ට එහෙම කීවේ සැරෙන්..
“පේන්නේ නැද්ද මම මේක බලනවා කියලා..”
දනූෂ් එහෙම කීවේ ගිහාන්ව ගානකටවත් ගන්නැතුව ..
“මට රිමෝට් එක දෙනවා..මම ත/මු/සේ එන්න කලින් මැච් එක බල බල හිටියේ..
“එන්න කලින් නේ…දැන් මම වෙන එකක් බලනවා පේනවානේ….”
“ත/මු/සේ බලන ඒවා මට වැඩක් නෑ…මේ ගෙදර මගේ … මේ ගෙදර තියෙන්නෙ මගේ බඩුමුට්ටු ….ත/මු/සේ මෙහාට ආවා නම් පාඩුවෙ ඉඳලා යනවා …”
ගිහාන් එහෙම කීවාම බීමතින් හිටපු දනූෂ් ට හොඳටම තරහ ගියා ..
“ත/මු/සේ හිතන්න එපා මහත්තයා ..අපි ත/මු?සෙගෙ අතපල්ලෙන් පාත් වෙලා ඉන්නවා කියලා …මගේ අම්මාටත් මේ දේවල් වලට අයිතියක් තියෙනවා ….ත/මු/සේ වැඩිය කියවගෙන ආවොත් මම ත/මු/සෙ/ට කරන දේ බලා ගන්නවා …”
දනූෂ් එහෙම යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා..
චේතනාට කුස්සියටම ඒ කෑගැහිල්ල ඇහුණා …චේතනා සාලෙට ආවේ දනූෂ්ගේ තෝසෙ පිඟානත් අරගෙනමයි..
“මොකෝ දනූෂ් මේ…මාත්තියාට ටීවී එක බලන්න දීලා ඔයා මේ කෑම එක කාලා නිදා ගන්න …”
චේතනා එහෙම කීවේ දනුෂ්ගේ අතේ පිඟාන තියෙන ගමන්…කෑම එක දුන්නම දනූෂ්ගේ තරහ නැතිවෙයි කියලා චේතනා හිතුවේ..
“කෝ දෙනවා මට රිමෝට් එක…”
“බෑ මම දෙන්නෙ නෑ…”
“දනූෂ් ත/මු/සේ රිමොට් එක දෙනවද නැද්ද?..”
ගිහාන් එහෙම කිව්වම බීමතින් හිටපු දනුෂ්ට ය/ක්/ෂා/රූ/ඪ වූණා..
දනූෂ් අතේ තිබ්බ තෝසෙ පිඟාන ගිහාන්ගෙ මුහුණට දමලා ගැහුවා ….
හමුවෙමු මීළඟ කොටසින්