29 වන දිගහැරුම
29 episode
එක්වරම ඉදිරියෙන් කඩාගෙන පැමිණෙන මෝටර් රථයක් දුටුවෙන් දිසෙන් රියේ වේගය අඩුකර පසෙකට කළේ ඒ රියේ ගැටීම වැළැක්වීමටයි ………
ඒත් ඒ සමගම ඒ මෝටර් රථයත් ඒ පසටම හැරවීම නිසා දිසෙන්ට කර කියාගත දෙයක් නොහැකිවිය ………..
අවසානයේ පාලනයෙන් මිදුණු දිසෙන්ගේ රිය එම මෝටර් රථයේ ගැටිණි ….
“ෆෝන් එක ආන්සර් කරන්න දිෂ්……උදෙන්ම එන්නං කියපු ඔයාට මොකක්ද උනේ ?හිතට මහ අමුත්තක් දැනෙනවා …….”
සෙහන්සා එසේ සිතමින් ඇගේ කුටිය පුරා එහාට මෙහාට සක්මන් කරන්නට වූවාය…
ඇය දිගින් දිගට ඔහුගේ අංකයට ඇමතීමට උත්සාහ කරත් ඔහුගේ දුරකථනය අක්‍රිය ව පැවතීම නිසා ඇගේ සිත තුළ ඇති බිය තව වැඩි විණි
සෙහන්සා ට එක් වරම මතක් වූයේ දිසෙන් ගේ මිතුරා වන මහේලගේ දුරකථන අංකය තමා ලඟ ඇති බවයි .
ඇය තමාගේ ජංගමය පුරා සොයමින් අවසානයේදී එය සොයා ගත්තාය .
මහේලගේ ජංගමයට කීප වරක් ඇමතීමෙන් පසු ඔහු එයට පිළිතුරු දුන්නේ ය …..
“මහේල …….මම සෙහන්සා ……”
“ඔව් මිස් කියන්න …….”
“මහේල ෆෝන් එක දිසෙන්ට දෙන්න …”
“මිස් සුද්දා මෙහෙ නෑනේ …….උදේම මෙහෙන් පිටත් වුණා…”
එම පිලිතුරත් සමග ඇගේ හද වේගයෙන් ගැහෙන්නට විය .
අඟුලානේ සිට කොළඹට පැමිණීමට වැඩිම වුවත් ගත වෙන්නේ පැයක කාලයකි .
ඒත් දැන් දහවල් කාලයද පසුවී ගොසිනි…..
එක්වරම ඈට කතා කිරීමට අපහසු ලෙස ඇගේ මුව ගොළු විනි ……
“ඇයි මිස් ..සුද්දා තාම ඔහේ ආවේ නැද්ද ……?”
“අ..නේ බ..ල…න්නකෝ මහේල තාම ආවේ…නෑනේ …..”
“මිස් එක්ක ඔෆිස් යන්න තියෙනවා කියලා මෙහෙන් පිටත් වුනේ 7 ටත් කලින් ……..දැන් දෙකට ළඟයි නේ…….ෆෝන් එක ආන්සර් කරන්නැද්ද මිස්……”
“මහේල මම උදේ ඉඳන් ෆෝන් එකට ගන්නවා ….අනේ ඒක වැඩ කරන්නෙ නෑ නේ…හිතට මහ අමුත්තක් දැනෙනවා ……”
මහේලද කලබල වී කල්පනා කරන්නට වූයේ දිසෙන්ට කුමක් වූයේද යන්නයි….
“අ..නේ ම..හේ..ල ……අ…පි කො.හො..මද දැන් දිසෙන් ගැන හොයාගන්නේ…….මගේ හිතට අමුතු බයක් දැනෙනවා …..”
“මිස් යන ගමන් සුද්දා මොකක් හරි වැඩකට ගියාද දන්නෙ නෑ .”..
මහේල කීවේ සෙහන්සාව අස්වසාලීමට මෙනි …….
“නෑ මහේල මාත් එක්ක ඔෆිස් යන්න උදේම එන්නම් කිව්වා ……….එයා එනකම් මට තනියම යන්නත් එපා කිව්වා ……..අනේ එයාට මොකක් හරි කරදරයක් උනාද දන්නෑ ……….”
සෙහන්සා එහා පසින් හඬන අන්දම ඇසීමෙන් මහේලටද දුක සිතිනි…..
දිසෙන් ට සිදු වූයේ කුමක්ද ?….
ඔහුගේ ජංගම දුරකථනය අක්‍රීයව පවතින්නේ ඇයි ද යන්න කල්පනා කරමින් ඔහු මොහොතක් ගත කළේය ………
“බයවෙන්න එපා මිස් ………සුද්දා හෙන ෆිට් කොල්ලා………ඌට මුකුත් කරදරයක් වෙන්නෙ නෑ ………අපි ආයෙත් සැරින් සැරේ කෝල් කර කර බලමු ……..අපි දන්නෑ නේ මිස් මොකක් හරි හදිසියක් වෙලා කොහෙට හරි ගියාද කියලා ……..”
“අනේ මහේල ……..එහෙම නම් එයා මට නොකිය ඉන්නෙ නෑ ……….මම එයාට උදෙන්ම කතා කරාමත් එයා කිව්වා අට වෙද්දි ගෙදරට එනවා ලෑස්ති වෙලා ඉන්න කියලා ……..”
ඇය කතා කරන්නේ හඬමිනි………
ඒ හැඬුම ඇසීමෙන් මහේල ට සිතුනේ ඈ ඔහුට කෙතරම් ආදරය කරනවාද යන්නයි ……
“කලබල වෙන්න එපා මිස්….පොඩ්ඩක් හොයලා බලන්නම්……මේ හරියේ ඉදලා බොරැල්ලට වෙනකම්ම මගේ යාලුවෝ ඉන්නවා ……..”.
මහේල එසේ කියමින් දුරකථනය විසන්ධි කළ ද සෙහන්සා ගේ සිතට නම් සැනසීමක් වූයේ නැත ………
ඇය සයනයේ වැතිර හඬමින් කල්පනා කරන්නට වූයේ ඔහු ගැනය……….
“මම වේලාසනින් එන්න කියපු නිසා කලබලෙන් ඇවිල්ල මගදී accident එකක් වත් වුනාද ?..”
ඇය එසේ සිතමින් ඇයට ම දොස් නඟමින් හඬන්නට වූවාය ..දිසෙන්ගේ ආදරය ,දිසෙන් දැන් ඇයට මුළු ජීවිතයම වී ඇත ……..
ඔහු නොමැතිව මේ ගතකරපු වරු දෙක දින ගණනක් සේ යැයි ඇයට හැඟිණි ……
ඇය ඇගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කර ඔහුගේ ඡායාරූප බලමින් ඒ හා කතා කරන්නට වූවාය …….
“අනේ මගේ රන්….ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ…..ඔයා කොහේ හරි ගියා නම් මට කෝල් කරල කියන්න තිබ්බනේ ………මට අමුතු බයක් දැනෙනවා ………අනේ ඉක්මනට මගේ ලගට එන්න ……”
සෙහන්සා සිටියේ තෝන්තුවෙන් මෙනි ..
“බ/ල/ප/න්/කෝ අද උදේ අපේ ගෙදරින් ගිය සුද්දා තවම වැඩකරන ගෙදරට ගිහින් නෑලු …….අපි ගිහින් පොඩ්ඩක් search එකක් දාලා බලමු …….”
“මොනව දැන් හොඳටම හවස් වෙලා නේ …දැන් හතරත් පහුවෙලා …….කො/ල්/ලා කාර් එකේනේ ගියේ……..”
“අනේ මන්දා රංග ……ඒ ගෙදර මිනිස්සුත් බය වෙලා සැරින් සැරේ කෝල් කර කර අහනවා ……….සුද්දගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑනේ ……….”
“ඌ/ට කරදරයක් ද දන්නෑ ….නැත්තං මහියා ෆෝන් එක ආස නොකර ඉන්නෙ නෑනෙ …”
“අපි පොඩ්ඩක් පාර සර්ච් කරල බලමු ….”
“පිස්සුද මහියා…ඒක හරියන්නෙ නෑ ………අපි පොලිසියේ ඇන්ට්‍රියක් දාමූ…….”
“ඒක අපිට කරන්න බෑනේ මචං ……..සුද්ද දැන් ඉන්නේ මෙහේ නෙමෙයිනේ …….ඒ ගෙදර මහත්තයාලා තමයි ඒක කරන්න ඕනේ ………”
“අන්න හරි ……මට මෙච්චර වෙලා ඕක මතක් වුණේ නැහැ ……..අපි ඒ මහත්තුරුන්ට කියමු පොඩ්ඩක් බලන්න කියලා ………”
මහේල සිය ජංගම දුරකථනය ගෙන සෙහන්සා ගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තේය …….
ගත් සැනින් ඇය ඊට පිළිතුරු දුන්නාය ……
“අනේ මහේල ….දිසෙන්ව හම්බවුනාද ?….”
ඇය ඇසුවේ බලාපොරොත්තු සහගත ලෙසින් ….
“අපි පොඩ්ඩක් පාරට ගිහින් සර්ච් කරන්න බැලුවේ ……මිස් අපිටත් තවම ආරංචියක් ආවෙ නෑ ……”
“මහේල ..දැන් හොඳටම හවස් වෙලා ….අපි මොනවද මේකට කරන්නේ ……”
“මිස් පොඩ්ඩක් පොලිසියට කියලා බැලුවොත් නරකද ?…දැන් සුද්දා ඉන්නේ මිස්ලගෙ ගෙදර නේ …අනික මිස්ගෙ කාර් එකෙන් නේ ගියේ ………අපිට ඒ මාර්ගයෙන් සුද්දා ගැන හොයලා බලන්න පුළුවන් ……….”
මෙතෙක් වෙලා තමාට එය සිහිපත් නොවූයේ ඇයි දැයි ඇය කල්පනා කරන්නට වූවාය………
ඇයගේ සිතේ බලාපොරොත්තුවක සේයාවක් දැල්විණි ……..
“අනේ ඔයා කියනකං මට ඒක මතක් වුනේ නැහැ ……..තාත්ති තාම ගෙදර ආවේ නෑ ……තාත්තිගේ යාලුවෙක් ඉන්නවා බොරැල්ල පොලිසියේ…..ඉන්න මම තාත්තිට call කරල කියන්නම්…….බලන්නකෝ ඔයා කියනකං මට ඒක මතක් වුනේ නෑ ………මම හිටියේ සිහි කල්පනාවක් නැතිව……….”
“හරි මිස් අපිත් පොඩ්ඩක් පාරට ගිහින් බලන්නම්……….මිස්ට මොකක් හරි ආරංචි උනොත් අපිටත් කියන්න …….අපිත් මොනාහරි දැනගත්තොත් මිස්ට කියන්නම් ………..”
“අනේ හරි මහේල තෑන්ක්ස් ………”
සෙහන්සා අනෙක් පසින් ඇමතුම විසන්ධි කරන තෙක් රංග වුයේ නොඉවසිල්ලෙනි …….
“ඒ මිස්ගෙයි අපේ සුද්දගෙයි මොකක් හරි සීන් එකක් තියෙනවද මහියෝ………..”
“ඇයි උ/ඹ එහෙම ඇහුවේ …….නිකන් පද හදන්න එපා රංගයෝ……..”
“අනේ මේ උ/ඹ අපිට මර්සි දාන්න ලෑස්ති වෙන්න එපා ……ඒ මිස් කතා කරපු විදියෙන් තේරෙනවා මිස් හිටියේ ලොකු අවුලකින් කියලා….නිකම්ම ගෙදර වැඩ කරන driver ගැන ඔහොම කලබල වෙයිද?…….”
“ඒ මිස් හරිම හොඳයි …….ඒ මිස්ගේ ජීවිතය බේර ගත්තේ සුද්දයි මායි……..ඒ නිසා මිස් අපිත් එක්ක හෙන ෆිට්……….”
“ඒ උනාට ඕව කියන්න බෑ මහියෝ……අපේ සුද්දා හැන්ඩියා නේ ……..කුරුඳුවත්තේ නෝනා කෙනෙක් නෙමෙයි එංගලන්තෙන් නෝනා කෙනෙක් උනත් හොයාගන්න පුළුවන් ……”
“අනේ මේ උ/ඹ ම/ඟු/ල/ක් කතා කරනවා ……මගේ බොක්ක රත් වෙලා ඉන්නවා …..මොන මගු*ලක් කරගන්න කලින් අපි සුද්දව හොයා ගන්න ඕනේ…”
මහේල ඇඳ මත තිබූ ටී ෂර්ට් එකක් ගෙන ලහිලහියේ අඳින්නට වූයේ දිසෙන් සොයා යෑමටයි ……
“අනේ තාත්ති ………දිසෙන් තාම ගෙදර ආවෙ නෑ ……”
“ඒ ලමය යාළුවෙක්ගෙ ගෙදර යනවා කියලානේ කිව්වේ …ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න …ඉඳලා ඉඳලා නේ නිවාඩුවක් ගත්තේ ….”
“නෑ තාත්ති ..ඒ යාලුවාගේ ගෙදරින් දිසෙන් උදේම ඇවිල්ල තියෙනව …..මට උදේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා ඉන්න කිව්වා ……..”..
“පොඩ්ඩක් ඉන්න දුව …අපි එන ගමන් ඉන්නේ ……ගෙදර ඇවිත් ඔය ගැන කතා කරමු ………..”
රෙජිනෝල් ඇමතුම විසන්ධි කරේ මහ මග රිය පදවමින් උන් නිසාය..
“ඇයි මොකක්ද රෙජි වෙලා තියෙන්නේ ……..”
යාබද අසුනේ වූ ජයන්ති ඇසුවේ කුතුහලයෙනි….
“දිෂෙන් ඊයෙ හවස නිවාඩුවක් ගත්තා නේ ………යාළුවෙක්ගෙ ගෙදර යන්න කියලා …….”
“ඉතිං ඕකත් මහ ලොකු දෙයක්ද …අපේ ශේ/ෂා ඔය කො/ල්/ලා ගැන හිතනවා වැඩියි ……මං ඔයාට කිව්වා ඔය කො/ල්/ලා වැඩට ගන්න කලින් ……කෝ ඔයා ඇහුවෙ නෑනේ……..”
“අනේ ජයන්ති ඔයා මොනවද ඔය කියන්නේ……ඒ ළමයා යාළුවාගේ ගෙදරින් පිටත් වෙලා තියෙන්නේ අද උදේළු තවම ගෙදර ඇවිත් නැහැලු …….ඉතිං ඒක කලබල වෙන්න දෙයක් නෙමෙයි ද ?……”
ඒ ඇසූ සැනින් ජයන්ති පරල වූවාය ….
“ඔය කරගෙන තියෙන්නේ තාත්තයි දුවයි …..”
“මොනාද ජයන්ති කියන දෙයක් තේරෙන්න කියන්න …….”
“ඔය කො/ල්/ලා ඊයේ ගියේ අපේ ශේෂාගේ කාර් එක අරන් ……මම ඊයෙ ශේෂාට කිව්වා කාර් එක දෙන්න එපා කියලා ……අනිවාර්යෙන්ම ඔය කො/ල්/ලා කාර් එකත් අරන් මාරු වෙන්න ඇති …..”
රෙජිනෝල් මඳක් කල්පනා කරන්නට වූයේ ජයන්තිගෙ කීම ගැනයි..දිසෙන් ඒ වගේ සොරෙක් යැයි ඔහුට සිතෙන්නේම නැත….
“නෑ ජයන්ති ඒ ළමයා ඒ වගේ කෙනෙක් නෙමෙයි …….මෙතන වෙන මොකක් හරි තියනවා ………”
හමුවෙමු මීලඟ කොටසින්