ආදරණීයම ඔයා… 18

තාදී ඔයා.. ඔ..යා.. හැමදාම… මගෙත් එක්ක… ඉන්නවා.. නේද…ඔහු ඇසුවේ වෙව්ලමිනි.

සෝන්‍ය මං ඔයාගෙ වයිෆ්.. මම ඔයාව මැරි කලේ අනිත් හැමදේම අමතක කරලා.. ඉතිං ඇයි ඔයා..ඔච්චර ඈතින් මං ගැන හිතන්නෙ..

ඔය ඇත්තම ද තාදී…

ඔහු ඇසුවේ කෙඳිරි හඬකිනි.

මම ඔයාට කවදාවත් බොරු කියලා තියනවද සෝන්‍ය..

මම ඇසුවේ ඒ දෑස් දෙස බලාගෙනමය. සෝන්‍ යත් මාත් අතර වූ මේ දුරස්ත බව කෙසේ හෝ අවසන් කලයුතු යැයි මම විශ්වාස කලෙමි. ඔහු බොහෝ විට පැන දුවන්නේ අප අතර ඇති මේ හිස්කම නිසා යැයි මට හැඟෙන්නේ මන් දැයි මම නොදනිමි.

එනිසාම මට සැබැවින්ම මට ඔහුගේ බිරිඳ වන් නට උවමනාය. මේ නාමික බැඳිමට ඊට වඩා ගැඹුරු අරුතක් දෙන්නට මට උවමනාය. එහෙ යින් කිසිසේත්ම මේ මොහොත අහිමි කර ගන්න ට මට උවමනාවක් නැත.

සෝන්‍ය උන්නේ මහත් වේදනාවකින් හා ඒ වේ දනාව නිසා උපන් කෝපයකිනි. එයට හේතුව ඔහුගේ පියා වන්නට ඇත. මා නොදන්නා විසල් ගුප්ප යමක් ඔහුගේ ජීවිත තුල ඇතුවා නිසැ කය. ඉදින් එය දැන ගන්නට නම් ඔහුට හොඳ ටම හොඳටෝම සමීප විය යුතුය.

මා ඔහුගේ නිත්‍යානුකූල බිරිදය එහෙයින් ඔහු ගෙන් සඟවන්ට මට කිසිවක් නොමැත. ඔහු ලඟ මට අහිමි වන්නට කිසිවක් නැත එහෙත් හිමිකර ගන්නට බොහෝ දේ ඇත. ධනුකත් සමඟ ගෙවන්නට සිහින දුටු ජීවිතය මා දැන් සෝන්‍ය සමඟ ගොඩනඟා ගත යුතුය.

සිතිවිලි තිබුනේ හොඳටෝම නොසන්සුන්වය. කුමක් කල යුතුදැයි මට එකවර සිතාගත නො කි විය. හිත සන්සුන් කරගන්නට සිතා මම දෑස් පියවා ගතිමි.

සෝන්‍ය ගේ නොසන්සුන් ඇඟිලි තුඩු මගේ මුළු සිරුර පුරාම ඇඳී යද්දි නොතේරෙන මොකක් දෝ හැඟීමකින් මම මුසපත් වීමි. ජීවිතය ඇත් තම පුදුමාකාර යැයි මට සිතිනි.

එක් අනුරාගී හෝරාවක් ගෙවී ගියේය. සෝන්‍ය සිතේත් ගතේත් වූ ප්‍රීඩාව මා මතින් මුදා හරින් නට ඇත. ඒ මුවින් නැඟුනු සැනසුම් සුසුම් ම ගේ නිරුවත් ගෙලමුල තැවරිනි.

මම මුදුවට ඔහුගේ හිස පිරිමදින්නට වීමි. බොහෝ වේලාවක් අප අතර පැවතියේ නිහඬ බවය.මට නම් කොහේමවත් කතා කරන්නට උවමනා නොවීය.

තාදී… මද වේලාවකට පසු මගේ දෑස් වලට එඹෙමින් සෝන්‍ය කීවේය.

කියන්න සෝන්‍ය….

තරහද මාත් එක්ක…

ඔහු ඇසුවේ මුදු හඬකිනි.

නෑ…ඇයි මං ඔයත් එක්ක තරහා වෙන්නෙ.. මම ඇසුවේ කිසිම දෙයක් සිතා ගත නො හැකිවය.

මං ඔයාට හැමදේම කියන්න හිටියෙ තාදී…

සෝන්‍ය කීවේ පසුතැවුනු හඩකිනි. හිතට දැනු නේ මොකක් දෝ නොතේරෙන බියකි.

ඒ කියන්නෙ සෝන්‍ය ඔයත් ඔයත්..ධනුක වගේ ම…මාව රැවැට්ටුවද…මා ඇසුවේ වෙව්ලන හඬකිනි.

ඔයා බය වෙලා තාදී..

ඔහු කීවේ යහන මත හිද ගන්නා අතර තුරය, ජීවිතයට කුමක් දෝ වටිනා යමක් අහිමි වූවාක් වැනි හැඟීමක් දැනෙන්නේ මන්දැයි මම නො දැන සිටියෙමි.

මම යහනේ මුනින් තලාව වැතිරුනොමි. ඈස් වලට නොකියාම කඳුළු පිරෙන්නට විය.

තාදී ඇයි දරුවො මේ.. මගේ කෙහෙරැලි අතරේ ඇඟිලි තුඩු යවමින් ඔහු ඇසුවේ මුදු හඬකිනි.

ඔයා මාව බය කරනවා… මම කීවේ හිටි ඉරියව්ව වෙනස් නොකරමය.

මේ අහන්නකො ඉතිං… මගේ බද වටා සිට සුරත යවා මා ඔහුගේ පසට හරවා ගනිමින් සෝන්‍ය කීවේය.

තාදී ඇයි මේ..ඔයා අඬනවා.. දෑස්වල පිරුනු කඳුළු දුටු ඔහු ඇසුවේ කලබලයෙනි.

එකම වේදනාව ආයිම විඳින්න ගෙ හිතට හයි යක් නෑ සෝන්‍ය..මාව මැ\රෙ\යි..

මම කීවේ අසරණම හඬකිනි.

පිස්සි..මොනවද දොඬවන්නෙ ඔය..

ධනුක හින්දා මං විඳෙව්වා ඇති වෙන්න..මට මට..ඔයාව නැති කරගන්න බෑ සෝන්‍ය..
මම කීවේ හඬ හඬමාය.

ඉතිං ඔහොම අඬන්න තියා ගත්තාම මම කොහොමද මොනාත් කියන්නෙ..

මට එක දෙයක් කියන්න සෝන්‍ය..

මොකක් ද..

මට ඔයාගෙ අතීතෙන් වැඩක් නෑ සෝන්‍ය ඒත් අදින් පස්සෙ ඔයා ජීවිත කාලෙම මගෙත් එක්ක ඉන්නවා නේද… මම ඇසුවේ ඒ දෑස් දෙස කෙලින්ම බලාගෙනය.

අනේ මන්දා තාදී ඔයත්….

ඇයි..ඔයාට එහෙම ප්‍රොමිස් වෙන්න බෑද… ඔයත් මගෙ ජීවිතේ එක්ක කරන්නෙ විහිළුවක්ද..

විකාර කියවන්න එපා තාදී.. මම ඔයාව මැරි කරන්න ඩිසයිඩ් කලේ ඔයාගෙ ජීවිතේ වගකීම බාර අරගෙන.. මොන දේ කොහොම මොන විඳිහට සිද්ධ උනත් එදා අල්ල ගත්ත ඔයාගෙ අත මං අතාරින්නෙ නෑ…

මොකද මං ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න ප ටන් ගත්තෙ ඔයා මගෙ වයිෆ් විඳිහට භාර ගත් ත වෙලාවෙ ඉදන් ඒක නිසා විකාර හිතන්න එපා..

සෝන්‍ය කියවාගෙන යද්දී සිතට දැනුනේ සැන සුමකි. එහෙත් අර නන්නාදුනන ගැහැණිය. ඇයට සෝන්‍ය මගෙන් උඳුරාගත නොහැකි ද.. සෝන්‍ය කියන්නට යන්නේ ඈ ගැන නම්

මට සුසුමක් හෙලිනි.

පිස්සු කෙ/ල්\ල ඒ ගමන මොනවටද හූල්ල න්නෙ..

මට බය හිතෙනවා…

ඉතිං ඔය බය නැති කරන්න මං මොනාද තව කරන්න ඕනි..

එවර ඔහු ඇසුවේ හොඳටෝම දඟ හඩකිනි. සිතට දැනුනේ ලජ්ජාවකි. ලජ්ජාව නිසාම කොපුල් වලට ලේ පුරනු මට දැනෙන්නට විය.

බොරුවට රතු වෙන්න එපා දැන්… ඔය බය නැති කරන්න තව මොනා හරි කරන්න තියනවා නං කියන්න.. එවර පෙර හඬින්ම ඇසුවේ මගේ කන්පෙති මත දෙතොල තවරමි.

අනේ අර කියන්න තියනවා කියපු දේ කියන්නකො ඉතිං….

ඒක හුඟාක් දිග කතාවක් තාදී.. ඔහු කීවේ මහා බර සුසුමක් හෙලනා තරතුරය.

හමුවෙමු.

රෑටත් කොටසක් ඕනි නං මේකට ලයික් එකක් දාලා දිග කමෙන්ට් එකක් දාන්න.