මෙහන්සා 14 කොටස
කිලාන්ට ඉදගන්න සලස්සපු මිහින් අම්මට කෑ ගැහුව.
අම්මා බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියල.
කෝ කවුද? අම්ම ඇහුවෙ සාලෙට එමින්.
අම්ම මේ තමයි කිලාන්.
කිලාන් කිව්වෙ තුශාර මහත්තයගෙ පුතාද?
ඔව් අම්මා
හ්ම්ම්. බලන්නකො දරුවො ඕගොල්ලො දෙන්නම හොදටම තෙමිලනෙ. මම මේ බය වෙල බලන් හිටියෙ කොයි වෙලේ ගෙදර එයිද කියල. කෝ නන්ගි? එයත් තෙමුනද?
මෙහන්සා ගැන අහනකොට නම් අම්මගෙ කටහඩත් එක්ක වෙනස් උනා බය වෙලා.
කලබල නොවී ඉන්නකො අම්ම. මගදි වැස්ස. ඒ මදිවට මම ආපු බස් එකත් කැඩුන. හොද වෙලාවට තමයි කිලාන් හම්බුනේ එද්දි. නැත්තම් අපි දෙන්නම තාමත් පාරෙ. මූ ආපු හින්ද යන්තම් තෙමෙන්නැතුව ආව.
තෙමෙන්න තව මොනාද ඉතුරු වෙල තියෙන්නෙ හොදටම තෙමිල දෙන්නම. කෝ නන්ගි. නන්ගිව පරිස්සමෙන් එක්ක එන්න නේද මම ඔයාට කිව්වෙ
නන්ගි හොදින් අම්මෙ. දැන් කෑ ගහන්නැතුව හොද සුදු අම්ම වගේ ගිහින් අපි තුන් දෙනාට කෝපි එකක් හදන්නකො අප්පා.
කොච්චර වත් කියනව මේ ලමයින්ට ආ ලොකු කුඩේ ගෙදර තියෙනව අරන් යන්න කියල. කෝ අහනවද. ඊට පස්සෙ මෙතන ලෙඩ උනහම මේ විභාග කටේ තියාගෙන. හා හා දැන් යන්න ගිහින් හොදට ඔලුව පිහිදගන්න. කිලාන් පුතා ඔයත් යන්න.
ඒ කී දේවල් අහගෙන හිටපු කිලාන්ට මේ අම්ම නම් තමන්ගෙ පුතාටත් වඩා ලේලියට ආදරෙයි කියල හිතුන.
එයාව දැක්කම කාටද ආදරේ හිතෙන්නෙ නැත්තෙ? කිලාන්ට හිතුනේ එහෙම.
පැයක් විතර මිහින් එක්ක කියව කියව ඉදල තමයි කිලාන් ගියේ. එච්චර වෙලා හරි හිටියෙ මොන වෙලේ හරි කෙල්ල එයිද කියල බලන්න. මොන? කෙල්ල නම් වාහනෙන් බැස්ස වෙලේ ඉදල පලාතෙවත් ආවෙ නෑ කොල්ලට පේන්න.
කෙල්ල බලන් හිටියෙ කොයි වෙලේද කිලාන් යන්නෙ කියල. ඒ තරමටම කිලාන්ට අකමති මොකද කියල කෙල්ලටම හිතාගන්න බෑ. ඒනිසාම කිලාන්ට උනේ බලාපොරොත්තු කඩ කරගෙන ආපහු යන්න.
කිලාන් ගියාත් එක්කම මිහින් ගියේ කෙල්ල කොහෙද බලන්න. යනකොට මෙන්න කෙල්ල එයාගෙ තඩි සෙල්ලම් වලහත් තුරුල් කරගෙන හොදටම ඉන්නව නිදාගෙන. නිදි වගේ හිටියට නිදි නෑ කියල කොල්ල දන්නව.
ඒයි නැගිටිනව ගෙම්බි. මොකෝ අද කිලාන්ගෙ වාහනේ එන්න බෑ කිව්වෙ නැත්තෙ?
එයාගෙ කෙහෙල්මල් වාහනේ එන්න ආසාවට කිව්ව නෙවේ. ඒත් මම බෑ කිව්විත් එයා හිතයි ඔයා මම කියන කියන එක කරනව කියල. ඔයාට තනියම තීරන ගන්න බැරිද කියල මගෙන් අහන්නැතුව.
ඒ නිසයි ආවෙ. එඩත් අපි මම කිව්ව හින්දනෙ බස් එකෙන් බැස්සෙ. මම කැමති නැහැ මගේ අයිය ගැන කවුරුත් එහෙම හිතනවට
හම්මේ ආච්චි අම්මෙ අර පොඩි වෙලාවට එච්චර දේවල් හිතුවද ඔයා? හ්ම්ම්ම් ඒකත් හරි තමයි එක අතකින්. අනේ අනේ කොන්ඩෙ හරියට පිහිදගෙනත් නෑ මේ හොර කෙල්ල
මට කම්මැලි අනේ දැන් අම්ම ආවම අම්මට කියල පිහිදගන්නෝ
විකාර නැතුව මෙහෙ එනව. මම දැන් අම්මගෙන් හොදට බැනුම් අහල ඉන්නෙ එයාගෙ සුරන්ගනාවිව වැස්සෙ තෙමල කියල. ඕක දැක්කොත් අද මම ඉදල ඉවරයි. කෝ නැගිටිනව නැගිටිනව. මම පිහදාන්නම්. තාත්තටත් කෝල් කරල කියයි නැත්තම්.
ගෙදරට යනකම්ම කිලාන් වාහනේ පදවගෙන ගියේ තද කල්පනාවක.
කෙල්ල වාහනේ එන්න බැහැ කියපු නැති එකට කොල්ල හිටියෙ සතුටින්. ඒ උනත් ඊට කලින් කියපු දේවල් ටිකට කොල්ලට හොදටම හිත රිදිල හිටියෙ.
කෙල්ල තාමත් ඉන්නව වගේ දැනිල කොල්ල දෙතුන් සැරයක්ම හැරිලත් බැලුව පිටිපස්සේ සීට් එක දිහා.
මම එයා කැමති විදියට වෙනස් උනොත් එයා මට ලැබෙයිද? නැහැ, කවදාවත් නැහැ. එයාට කෙනෙක් ඉන්නවනේ. හොඳ කොල්ලෙක්. මට කවදාවත් මිහින් වගේ වෙන්න බැහැ. කොල්ල හිතුවේ තමන් ගැන ම කලකිරිලා. මට එයාව මගේ කරගන්න ඕනේ නැහැ. ඒත් මා එක්ක තියෙන තරහ නැති කරන්න පුළුවන් නම්.
එක අතකට මොකටද මම එයා ගැන මෙච්චර හිතන්නේ? කිලාන් තොට පිස්සුද? වෙන කෙල්ලෝ නැද්ද? තෝ කෙල්ලෝ දැකල නැද්ද? ආයේ එහෙම මෙහන්සා ගැන හිතුවොත් තොගේ ඔලුව පළනව. කියා කියා තමන්ටම බන ගත්තත් කොල්ලට බැහැ ඇය අමතක කරන්න. ඇය ගැන නොහිත ඉන්න.
මම ඔයාට ගොඩක් ආදරේ කරනවා මෙහන්සා. කොල්ල තමන්ටම කියාගත්තෙ ගොඩක් දුරට හිතල. ඇයට නමින්ම කතා කරන්න ලැබුනේ අද. ඒ මොහොත මතක් වෙලා කොල්ලට අමුතුම සතුටක් දැනුන.
ඇය සිහිවෙන හැම මොහොතකම කොල්ලගේ හිත අමුතුම මිහිරකින් පිරෙනව. තරහෙන් හරි එයා මාත් එක්ක කතා කරානෙ. මට ඒ ඇති.
මම දන්නව මට තේරෙනව මම ඔයාට ගොඩක් ආදරේ කරනව කියල. නැත්තම් ඔයා කරන කියන ඒවාට මට මෙච්චර රිදෙන්නෙ මොකද? මම කවදාවත් කවුරුත් කියන දේකට හිත රිදවාගෙන නෑ මෙච්චර කල්.
ඒත් මම දන්නව ඔයාව මට කවදාවත් ලැබෙන්නෙ නැහැ. ඒත් ඔයාට ආදරේ කරන්න ඔයාව ලබාගන්නම ඕනේ නැහැ මට. දුර ඉදන් ඔයා දිහා බලන් හිටියත් ඇති. ඒත් අඩුමතරමේ ඔයාගේ යාළුකම වත් මට ලැබෙනවනම් කොච්චර හොඳද? අඩුමගානෙ ඔය ලස්සන හිනාව විතරක් මන් වෙනුවෙනුත් ලැබෙනවනම්?
එදා රෑ යහනට වන් මෙහන්සාටත් හිතන්න යමක් තිබුන. කිලාන් ගැන තේරුම් ගන්නට ඇය වෙහෙසුනේ පලවෙනි වතාවට.
මෙච්චර කාලෙකට ඇය දන්නා හඳුනන කවුරුත් කිලාන් ගැන හොඳක් කියල නැහැ. ඒත් ඒක එහෙම නම් අර පාලු පාරෙ තමන්ට මොනා වෙන්න තිබුනද. එත් එහෙම කිසිම දෙයක් වුනේ නැහැ. එයා උත්සහ කලේ මාව ආරක්ෂා කරන්න විතරයි.
ඒ වෙලාවෙත් මම කොච්චර සැර උනාද ඔහුට. එයාට හිත රිදෙන්න ඇති. තමන් කතා කරා සැර වැඩියි කියල කෙල්ලට දැනුත් හිතුන. ඒ හැම දේටම ඕනේ නම් පලිගන්න ඔහුට තිබුන. මොකද ඇය දැනගෙන හිටපු කිලාන් එහෙම කෙනෙක්. ඒත් ඔහු එහෙම කිසිම දෙයක් කලේ නැහැ. ඔහුට ඕනේ වුනේ මාව ගෙදර එක්ක එන්න විතරයි. මම ඒකට කැමති නැති වෙද්දී සැර කට්රපු හැටි.
කතා කලේ හරියට මගේ අයිතිකාරය වගේ. ඒ මට හිතුන හැටි ද. නැත්තම් ඒ එයාගේ හැටි ද.
මෙතන කෙල්ලෙක්ට ඉන්න හොද තැනක් නෙමේ මෙහන්සා. ඔහු බැගෑපත් වෙලා කියපු විදිය කෙල්ලට මතක් උනා. එයා මෙහෙම හැසිරෙන්නේ ඇයි? හයියෝ මට තේරෙන්නේ නැහැ.
කෙල්ලෙක්ට ගරු කරන්න බින්දුවක් වත් දන්නේ නැති කිලාන් මම ඉස්සරහ හැසිරෙන්නේ හරිම වෙනස් විදියකට. කටට එන ඕනේ එකක් කියල හිනා වෙන ඒ දඩබ්බරයා මට එවෙලේ කතා කලේ කොච්චර විනීත විදියට ද. ඇයි ඒ? මම දැනගෙන හිටපු කිලානුත් මගේ ඉස්සරහට එන කෙනාත් දෙන්නෙක් කියල මට හිතෙනවා දෙවියනේ.
මෙතැන කෙල්ලෙක්ට ඉන්න හොද තැනක් නෙමේ මෙහන්සා. බැගෑපත් විදියට කියපු හැටි වහිනවා දැන දැන වාහනෙන් බැහැල තෙමි තෙමි කෙල්ල ඉස්සරහ හිටපු හැටි කෙල්ලට මැවිලා පේනව වගේ.
එයාගේ අර කෙල්ලෝ ගොඩට මාවත් දාගන්නද දන්නේ නැහැ ගානක් නැතුව වැස්සේ තෙමි තෙමි හිටියේ. කොල්ලෝ ගැන මම මොනාද දන්නේ අයිය ඇරෙන්න.
ඇත්තය. මිහින් හැරුණු කොට කොල්ලන් ගැන ඇය දන්නා ඉලව්වක් නැත.
මම මොකටද මේ කොහෙවත් ඉන්න කොල්ලෙක් ගැන නිදි මරාගෙන කල්පනා කරන්නේ. මටත් පිස්සු. හිතට තදින් කියාගත්තු කෙල්ල නිදන්න සැරසුණා.
ඒත් පියාත් සොයුරාත් කෙරෙන් ඇය ලබන යම් රැකවරණයක් වේ නම් එය අඩුවක් නැතුව දැනුනේ කිලාන් වෙතින් බව ඇයට හිතුනේ නිදි දෙව්දුව ඇය කරා එද්දී