සිතින් විතරක්

දහ අට….. 18

මම ඉක්මනින් ඔෆිස් එකේ මට කරන්න තියන වැඩ ටික අල්ල ගත්තා. බ්‍රාන්ච් එකේ හැමෝම කීවා මම හොඳට වැඩ කරනවා කියලා.

අම්මෝ ලොකු දෙයක් නැත්තං අර නපුරගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ. ඔෆිස් එකේ ඒවට ගෙදරදිත් බනින්න තියාගනී.

එදායින් පස්සෙ නං මම ආයිම බස් හෝල්ට් එ ක වරද්දගත්තෙ නෑ. දැන්නං මට තනියම බස් එකේ යන්න එන්න පුළුවන්. උදේම නැඟිටලා ගෙදර වැඩ ටික කරලා ඉවර වෙලා ඔෆිස් යන්න ලෑස්ති වුනේ ආසාවෙන්.

ඇත්තටම මෙච්චර කාලයක් හිරවෙලා කො ටුවෙලා හිටපු මේ ජීවිතේට ඒ වගේ අත්දැකීම් ලොකු සතුටක් අරගෙන අවා. ඇත්තටම මම උන්නෙ සතුටින්. සෙත් සර් වෙනදා වගේ හැමදේටම කෑ ගහන්න ගියෙ නෑ.

ඒ වගේම මම එයාගෙ තරහා ඇවිස්සෙන්නෙ නැති විඳිහට වැඩ කරන්න හැසිරෙන්න හැම වෙලාවෙම උත්සහ කලා. අඩුම තරමින් මම එයා අකමැති ඇඳුමක්වත් ඇන්ඳෙ නෑ.

ඔෆිස් යන නිසා සීයා පප්පා එක්ක ඉන්න තිබුබ වෙලාව නං හුඟක් අඩුවුනා. ඒත් එයා ඒකට අකමැති වුනේ නෑ. මම ඒ දේවල් ඉගන ගන්න ඕනි කියලා තමා සීයා පප්පා කීවෙ.

ඔෆිස් එකේ කවුරුත් මම සෙත් සර්ලගෙ ගෙදර ඉන්නවා කියලා දන්නෙ නැති එක නං ලොකු දෙයක්. ඒ නිසා මටත් එයාලා වගේම සාමාන්‍ය කෙනෙක් විඳිහට එයාලා එක්ක වැඩ කරන්න හුඟක් පහසු වුනා.

අර නපුරා නං හැමෝටම මට වගේම තමා. ටික බැරි වෙද්දි කෑ ගහනවා. දවසක් මාලි මිස්ට මොන තරම් බැන්නද කියලා කියනවා නං එයාට බනින විඳිහ අහලා මට ඉකිගහලා ඇඬුනා.

ඒත් එයාලට නං ගානක්වත් නෑ. හැමදාම එ හෙමලු. ඒ උනාට හැමදාම බැනුම් අහලත් මට නං හයියෙන් සැරට වචනයක් කීවත් ඇඬෙ නවා. ගොඩක් වෙලාවට බ්‍රාන්ච් එකේ අය කලේ එයාලා බැනුම් අහලා අඬයි කියලා බයට මාව නලෝපු එක.

අනිත් අයට බනිද්දි ඔහොම නං.. මෙයාට බැන්නොත් මොනා කරගනිද දන්නෙ නෑ.. එයාලා එහෙම කීවා සමහර වෙලාවට.

ඒන්ජල් ඔයාට සිංහල ටයිපිං පුළුවන්ද..?
මම වැඩ කර කර උන්න තැනට ඇවිත් කේෂව් අයියා ඇහුවා. ඔව් සීයා පප්පා වගේම ඔෆිස් එකේ අයත් මට කතා කලේ ඒන්ජල් කියලා තමා.

බෑනි..
මම කීවෙ කටත් ඇද කරගෙන පුංචි එකෙක් වගේ. අමාරුවෙන් ඉන්ග්ලිස් ටයිපින් පුරුදු උනාට මට සිංහල ටයිපිං බෑ. අනික හුඟක් වෙලාවට මෙතන වැඩ කරන්නෙ ඉන්ග්ලිස් වලින්.

බෑනි කියලා බෑ..පුරුදු වෙන්න ඕනි ඉතිං.. වෙන තැනකට ගියාම සිංහ ලෙන් ටයිප් කරන්න වෙනවනෙ..

එයා ආයිම කීවේ අවවාදාත්මක හඬකින්. බ්‍රාන්ච් එකේ උන්න හැමෝම මට හරි ආදරෙයි. මම තමා එතන උන්න පොඩිම කෙනා. අනික මම වැඩක් නැති වෙලාවට එයාලා හැමෝටම උදව් කලා.

ඉතිං මේ කී බෝඩ් එකේ සිංහල අකුරු නෑනි… මම ආයිම කීවා.

සිංහල අකුරු ඕනි නෑ… අපි ඔය කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරමු කො… ඒ ගමන එයා කීවා.

ඒ කොහොමද…. මම අකුරු තියන තැන් දන්නෙ නෑ… ඉතිං එතාකොට…

මම ඇහුවා.

ඉන්නකො මම කියලා දෙන්නම් ඒකට පොඩි මෙතර්ඩ් එකක් තියෙන්නෙ.. ඒක හුරු උනාම හරිම ලේසියි.. ටික ටික පුරුදු වෙන්නකො… එයා ආයිම කිව්වා. එයා ඒ කියන විඳිහට නං ඉගන ගන්න ආස හිතුනා.

මේ බලන්නකො… මේ F අකුරයි J අකුරයි දිහා.. ඒක යටින් පොඩි ඉරි කෑලි දෙකක් තියනවා පේනවද…

ඒ ඇහුවා. ඈ එහෙම එකක් කියනවානෙ මම දැන්නෙ දැක්කෙ.

ඔව්..

මොකටද ඒවා තියෙන්නෙ…

දන්නෙ නෑ…

ඒවා තියෙන්නෙ අත් දෙකේ ඇඟිලි වෙන් කරගන්න පහසු වෙන්න..

ඒ කියන්නෙ..

මෙහෙමයි…ජේ අකුරට දකුණු අතේ දබර ඇඟිල්ල එෆ් අකුරට වම් අතේ දබර ඇඟිල්ල තියන්නකො… එයා කියද්දි මම ඇඟිලි දෙක ඒ කීවලින් තියාගත්තා.

ඊට පස්සෙ…

දැන් පිලිවෙලට අනිත් ඇඟිලි ටික තියන්න…

හරි ඉතිං…

මහපට ඇඟිලි දෙක තියෙන්නෙ ස්පේස් බාර් එකට හරිද…

දැන් ඔය ඇඟිලි තියාගන්න පිලිවෙලටම තමා අනිත් පේලිවල කීස්වලටත් ඇඟිලි තියා ගන්නෙ..ඒ විඳිහට ඇඟිලි ටික හුරු වුනාම අකුරු දිහා බලන් ඔනි නෑ.. මුලදි ටිකක් අමාරු වෙයි.. අකුරු මතක තියා ගන්න ඒත් හරියට ට්‍රේනිං උනාම හරි ලේසියි… දැන් මේ පේලියෙන් පටන් ගන්නකො..

ඇඟිලි මාරු කරන්නෙ නැතුව එක අතකින් එක පේලියක් ටයිප් කරලා ඒ අතේ මාපට ඇඟිල්ලෙන් ස්පේස් තියලා අනිත් අතින් ටයිප් කරන්න හරිද තේරුනාද…

ඔව්…

හරි එහෙනං දැන් පටන් ගන්න ඒ ෆෝ එකක් ඉවර වෙනකං ටයිප් කරන්න හැබැයි ඇඟිලි මාරු කරන්න බෑ.. ඒ කීවල තියන අකුරු ටික මතක තියා ගන්න… අකුරු දිහා බලන්නෙ නැතුව ටයිප් කරන්න…

එහෙම කියාගෙන එයා මට ටයිප් කරන්න දිලා එතනින් පිටවෙලා ගියා.

අම්මෝ ඒක මහ වදකාර වැඩේ. ඇඟිලි පැට ලෙනවා ඉවරයක් නෑ.. අනික සුලැඟිල්ලෙන් එහෙම කීස් ටච් කරන්නත් බෑ මට හුරු නෑ. පේලි තුන හතරක් එයා කියපු විඳිහට ටයිප් කරගෙන ගිහාම මට හිසරදේ ආවා. එපා වෙනවා මහ කම්මැලි වැඩේ.

මම වටපිට බැළුවා කේසව් අයියා පේන්න හිටියෙ නෑ. දැන් එයා එද්දි මේ කොලේ ඉවර කරලා තිබුනෙ නෑ නං බනීද දන්නෙ නෑනේ. ඉතිං මම හුරු ඇඟිලි වලින් විතරක් ටයිප් කරගෙන ගියා. කොහොම හරි ඒක ඉවර කරන්න.

හොර කෙ\ල්\ල.. ඇඟිලි මාරු කරලා නේද ඔය ටයිප් කරන්නෙ…ආ..

එහෙහම අහගෙන කේෂව් අයියා මං ලඟට එනකං දැක්කෙම නෑ.

අනේ ඇඟිලි පැටලෙනවනෙ…ඉක්මනින් ටයිප් කරන්නත් බෑ..මම කෙඳිරි ගෑවා.

ඉක්මනක් ඕනි නෑ.. මුලින් ඇඟිලි ටික හුරු වෙන්නකො පස්සේ ස්පීඩ් හදාගන්න පුළුවන්..

කෝ අත් දෙක මෙහෙ තියන්නකො..

එහෙම කියලා එයා මගෙ අත් දෙකෙක් අල්ලලා කී බෝඩ් එකේ අකුරු උඩ ඇඟිලි පිවෙලට තිබ්බා.

හරි දැන් ටයිප් කරන්න… එයා එහෙම කීවම මම ආයිම ටයිප් කරන්න ගත්තා. ඒත පැට ලෙනවා අප්පා මේක මහ වදයක්. හැමදේම ඉගන ගන්න පුළුවන් මේ ටයිප් කරන එකනෙ එපා කරපු වැඩේ.

කේෂව් අයියා හිටියෙ මට පිටිපස්සෙන් මම ඇඟිලි වරද්දන වරද්දන සැරේට එයා කී බෝඩ් එකට එඹිලා ඇඟිලි හරිගැස්සුවා.

එයා බලා ගෙනම හිටපු නිසා. මම අමාරුවෙන් හරි ඇඟිලි පටල ගන්නෙ නැතුව ටයිප් කලා.

කොලේම ටයිප් කරලා ඉවර වෙද්දි ඒ අකුරු ටික සෑහෙන්න හුරු වෙලා තිබුනා.

හරි දැන් හොර කරන්නෙ නැතුව ඊලඟ කොලේ තනියම හරියට ටයිප් කරන්නකො එකකොට අකුරු ටික හොඳටම හුරුවෙයි…. කියාගෙන රයා එතන්න අයින් වුනා.

මේකත් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ ඉවර වෙන්නෙ නෑනෙ ආපහු වැරැද්දුවොත් මට තව කොලයක් ටයිප් කරන්න වෙයි කියලා බයට මම හෙමින් අනත් හරියටම ටයිප් කරන්න පටන් ගත්තා. එපා වෙනවා තමා මොනවා කරන්නද..

කොලේ බාගයක් විතර ටයිප් කරලා ඉවර වෙනකොට මාලි මිස් ඇවිත් කීවා මට සෙත් සර්ගෙ රූම් එකට එන්න කීවා කියලා.

ඇත්තටම මට ලොකු බයක් දැනුනා. මොකද ගෙදරදිටත් වඩා එයා ඔෆිස් එකේදි හුඟක් සැරයි. බනිනවා කොච්චරවත් කිසිම අනුකම් පාවක් නැතුව.

අනික මේහෙම හදිස්සියෙන් එයාගෙ රූම් එකට එන්න කියන්නෙම බනින්න කියලා හැමෝම දන්නවා. ඉතිං සර් මට එන්න කීවම හැමෝම මගෙ දිහා බැලුවෙ මරන්න ගෙනියන සතෙක් දිහා බලන ගානට අනුකම්පාවෙන්.

එයාලට බනිනකොටත් මම අඬන එකේ මට බනිනකොට කොහොම අඬයි ද කියලා එයාලට හිතා ගන්න බැරි වෙන්න ඇති. අනික බැනුම් අහන්න තරම් වැරැද්දක් දැනුවත්ව නං මගෙ අතින් වෙලා නෑ. මොකක් හරි නොදන්න වැරැද්දක් ද දන්නෙ නෑනෙ. මොනා උනත් එන්න කීවම නොගිහින් බෑනෙ. ඊට පස්සෙ බනින්නෙ ආවෙ නෑ කියලනෙ.

ඒන්ජල් බය වෙන්න එපා.. ඔයා මොනවත් වරදක් කරලා නෑනෙ..අළුතින් ආව නිසා නිකං කතා කරන්න වෙන්න ඇති..

ගිහින් බලන්නකො.. මොනා කීවත් අහගෙන ඉදලා එන්න.. එතන ඉදන් අඬන්න එපා.. සර්ට තවත් තරහා යයි…

මම බය වෙලා ඉන්නවා කියලා හිතල ද කො හොද මාලි මිස් කීවා. මොනවත් නොකියා යන්තම හිනාවෙලා මම ඉදගෙන උන්න තැනි න් නැඟිට්ටා.

මොන තරම් නෝමල් වෙන්න හැදුවත් සෙත් සර්ගෙ රූම් එක ලඟට යද්දි නං කකුල් දෙක වෙව්ලනවා මට දැනෙනවා.

ඔතන කැරකි කැරකි ඉන්නෙ නැතුව එනවා ඇතුලට…

මම දොරකඩ ලඟ ඉන්නවා දැකලා සෙත් සර් කෑ ගැහුවා. ඇත්තමයි මම ඒ රූම් එකට ගියෙ බයෙන් වෙව්ල වෙව්ල.

ගුඩ් ආෆ්ටර් නූන් සර්… මොනවත්ම කියන්නෙ නැතුව හොඳ නැති නිසා මම එයාට සුභ පැතුවා.

ත\මු\සෙට කරන්න තියන වැඩ සේරම ඉවර වෙලාද දැන් එක එකා එක්ක මුකුලු කර කර ඉන්නෙ… ආ… මගෙ සුභ පැතුම ගනනකටවත් ගන්නෙ නැතුව එයා එකපාරම ඇහුවා.

ම..ම කා… එක්කවත් මුකුලු කලේ නෑ…

මම කියවගෙන ගියෙ බිම බලාගෙන. මෙයාට මොනා වෙලාද මම දන්නෙ නෑ. මම කාටද මු කු ලු කලේ. හැරෙන්නවත් බෑද මට.

මුකුළු කලේ නෑ..අර කේෂව් තමුසෙ අස්සෙ කැරකි කැරකි මොනවද කලේ එතකොට.. එයා ආයිම කෑ ගැහුවා.

කේෂව් අයියා මම ලඟ හිටියා කියලා එයා කො හොමද දන්නෙ.. දෙයියනේ සීසීටීවි එතකොට මෙයා දවසෙම මගෙ දිහා බලාගෙනද ඉන්නෙ. මට තේරෙන්නෙ නෑ අප්පා.

එයා මට සිංහල ටයිපිං ඉගැන්නුවා…. මම කීවේ පුංචි එකෙක් වගේ මූණ බෙරි කරගෙන.

සිංහල ටයිපිං උගන්නන්න..ත\මු\සෙ\ගෙ ඇඟ දිගේ යන්න ඕනිද ඒකට… කෙ\ල්\ලෙක් නේද.. ත\මු\සෙට ලැජ්ජාවක් නැද්ද.. එක එකාට අහරෙන් මෙහෙන් අල්ලන්න දෙන්නෙ..

දෙයියනේ ඒ ඇස් ඒ තරං තරහිං රතුපාට වෙලා තියනවා මම ඊට කලින් දැකලම නෑ. ඉතිං කේෂව් අයියා මගෙ අතින් විතරෙන ඇල්ලුවෙ ඒත් ඇඟිලි ටික කී බෝර්ඩ් එකේ තියා ගන්න හැටි කියලා දෙන්නනෙ. ඒකෙ මොකක්ද තියන වැරැද්ද..

අහරෙන් මෙහෙන් ඇල්ලුවෙ නෑ.. අතින් විතර යි ඇල්ලුවෙ.. ඒ අකුරු තියන තැන් කියලා දෙන් නනෙ..

මම බිම බලාගෙන කියාගෙන ගියා. එයා ඉදගෙන උන්න තැනින් දඩස් ගාලා නැඟිට්ටා. නැඟිටලා මම ඉන්න තැනට ආවා.

බයටම මාව වෙව්ලනවා මට දැනෙනවා. මම හරි අමාරුවෙන් හුස්ම ගත්තා. මට දැනුනෙ මගෙ පපුව හිරවෙනවා වගේ හැඟීමක්. ලඟට ඇවිත් එයා මගෙ අත් දෙකෙන් තදින් අල්ල ගත්තා. මට දැනුනෙ අත්දෙකේ ඇඟිලි ටික කැඩිලා යන්න ඇති කියලා අල්ලපු පාරට. අත්වලින් ආව වේදනාවට ඇස්වලට කඳුළු පිරුනා.

අනේ සර්.. රිදෙනවා… අතාරින්නකො.. මම කෙදිරි ගෑවේ ඒ අත්වලින් මිඳෙන්න උත්සහ කරන ගමන්.

අතාරින්න.. ආයි මේ අත් මොකෙකෙුට හරි අල්ලන්න දීලා තිබුනොත් කඩනවා දැන ගනිං

එයා මගෙ අත්දෙක මිඳුවෙ එහෙම කියලා. අත් දෙකම ලේ පාට වෙලා. ඇස්වලින් කඳුළු ගල නවා නතර කරගන්න බැරුව. මම ඇඟිලි ටික කැඩිලා ද කියලා අත්දෙක අතගාගෙන බැළුවා.

ඇයි සර්.. මට මෙහෙම කරන්නෙ… මොකක්ද මං කරපු වැරැද්ද..?

මම ඇහුවෙ අඬ අඬා. මේ වේදනාව දරා ගන්න මට බෑ. අත් රිදෙනවට වඩා දහස් වාරයක් හිත රිදෙනවා. මම කොහොම දැන් බ්‍රාන්ච් එකට ගි හින් මේ සිද්ධවුන දේවල් කියන්නෙ.

කරන්නෙ කියන දේ අහන්නෙ නැති හින්දා.. ත\මු/සෙ තාම පොඩි ළමයෙක්.. ලෝකෙ ගැන මිනිස්සු ගැන මොනවද දන්නෙ.. ඒක නිසයි හැම තිස්සෙම කියන්නෙ කියන දේ අහලා ඒ විඳිහට වැඩ කරන්න කියලා.. කොච්චර කිව්වත් වැඩක් නෑ..

හැම එකාටම අහරෙන් මෙහෙන් අත්වලින් අල්ලන්න ඉඩ දෙන්නෙ නෑ වැදගත් ගෑ\ණු ළමයි..

අද ඒකට අතින් අල්ලන්න එපා කීවෙ නැති උනාම අනිත් දවසෙ.. තව මොනා හරි කියලා දෙන්න කියලා ඇවිත් වෙන තැනක් අල්ලන්න තියා ගනී.. ඔයා ඔළුවෙ තියෙන්නෙ මැටි නෙවී නෙ… මොලේ තියනවනෙ… ටිකක් කල්පනා කරලා වැඩ කරනවා..

එයා කියෝගෙන යනවා. මට හිතා ගන්න බෑ. ඇත්තටම මම ඒ තරම් දේවල් ගැන හිතුවෙ නෑ. මට දැනුනෙ එකපාරම හුස්ම හිරවෙනවා වගේ හැඟීමක් එයා එච්චර දුරට මං ගැන හිතනවද..

හ්ම්ම්.. ඔහොම බ්‍රාන්ච් එකට යන්න බෑනි.. ලෑස්ති වෙනවා ගෙදර යන්න…

මම මොනවත් කියන්නෙ නැතුව හිටපු නිසාද කොහෙද එයා කීවා.

මාලි මිස්ට මොනවද කියන්නෙ..

කියන්න ඕනි දේ මම කියා ගන්නම්..ත\මු\සෙ ඔහොමම ගිහින් මගෙ වෙහිකල් එක ලඟට වෙලා ඉන්නවා මම එනකං… පුළුවන් නං එක තැනක ඉන්නෙ නැතුව එහෙට මෙහෙට දුවනවකො බලන්න…

එයා එහෙම කීවම මට තවත් එතන ඉන්න බෑනි මම කාමරෙන් එලියට ආවා. ඇස්වලට පිරිලා තියන කඳුළු නතර කරගන්න මට පුදුම අමාරුවක් තිබුනෙ. ඒක හින්දම මම ගියෙ බිම බලාගෙන.

අත් දෙකම ලේ පාට වෙලා තිබුන නිසා මම අත්දෙක ඇඳගෙන උන්න ටී ෂර්ට් එක ඇතුලෙ න් දා ගත්තා. ඇස්වලට පිරෙන කඳුළු උරහිස් වල පිහ ගන්න ගමන් මම ගියෙ කාර් පාක් එක පැත්තට.

හමුවෙමු.

කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම හුඟාක් ස්තූතියි. ඔයාලා මගෙත් එක්ක ඉන්න නිසාම තමා දහසක් වැඩ තියෙද්දි මේ විඳිහට ලියන්න හිතෙන්නෙ. සමාවෙන්න රිප්ලයි කරන්න බැරිවෙනවට. ඉතිං හැමදාම වගේ මොනා හරි කියාගෙන යන්න. ටයිපිං පාඩමක් ඉගැන්නුවට සොරි වෙන්න ඕනි හොඳේ