27 කොටස
බීප්……..බීප්………..
අහ්……….
හිසෙන් දැනෙන්න අධික වේදනාව මැදින් මන් හෙමින් හෙමින් ඇස් අරින්න හැදුවත් .ඇස් දෙක ඇරගන්න අමාරුවෙන තරම් තදින් එකිනෙක ඇලිලා වගේ මට දැනුනේ…
හුස්ම ගන්න අපහසුවක් දැනුනු නිසා මන් දෑස් වසන් අතක් මගේ නාසය ගාවට ගන්න හැදුවේ .නහය මොකක් හරි දේකට හිරවෙලාවගේ දැනුනු නිසා…
එත්…….
එත් අත එක අතක් හොලවද්දී ටිකක් රිදුණු නිසා මන් අනික් අත උස්සන්න හැදුවත් මට දැනුනු මගේ අත මොකක් හරි දේකට හිරවෙලා වගේ..
මන් අත ඇදල ගන්න හදද්දීම .මට ඇහුනා කවුරු හරි කතා කරන හඩක්…
මෑ……මැණික ඔයා ඇහැරුනද.
ඉන්න මන් ඩොක්ටර් එක්ක එනකම්…
මගෙ නලලත් ඉබලා ඒ දුවන් ගියේ කවුද කියලා මට අමුතුවෙන් බලන්න ඕනි කමක් නෑ.එ හුස්මක සුවද පවා අදුරන මන් එ ඔයා කියලා නොදැන ඉන්නේ කොහොමද රාගව් …..
දැන් කොහොමද දරුවෝ …
අමාරුවක් එහෙම නෑනේද..
ඔයාට සිහිය අවේ නැත්නම් අපි ඉදලත් ඉවරයි..
මන් ඩොක්ටර් දිහා ඇස් ලොකු කරලා බැලුවේ එ කතාව මොක්කද කියලා ..
ඔහොම බලන්න දෙයක් නෑ..ඔයාගේ චණ්ඩි මහත්තයා අපිට සද්දේ දැම්මා..වයිෆ්ට මොනවාහරි උනොත් අපිව මරනවා කියලා..
අයිම් සොරි ඩොක්ටර් ..මන්..මේ..මේ ඒ වෙලාවේ…
හරි දරුවෝ මට තේරෙනවා ..හැබැයි ඉතිං මෙතන පෙන්න ආදරේ ඇත්තටම තිබ්බනම් වයිෆ්ට මෙහෙම වෙන්නේ නෑ…..
ඩෝ…..ඩො..ඩොක්ටර් ඇ .ඇයි එහෙම කිව්වේ..මන්..මේයාව හොදට බලාගන්නවානේ …….
මන් එකනම් දන්නේ නෑ දරුවෝ ..හැබැයි මේ ලමයා දවස් ගානක් තිස්සේ හරියට කෑමක් බිමක් අරන් නෑ…එකයි මෙච්චර දුර්වල…
මන් .මන්දිරා …………..
ඔහුගේ ඇගේ නම මිමිණු හඩ ඔහුටවත් නොඇසෙන තරම් පහත් හඩින් මිමුණුනේ..ඔහුගේ දෑස් ලා කදුලු පටලයකින් වැසි යද්දිය ..
එච්චරම බය වෙන්න දෙයක් නෑ..මේ සේලයින් එක ඉවර උනාහම යනා පුලුවන් .මන් විටමින් ටිකක් ලියලා දෙන්නම් එ ටික වේලවට ගන්න..දවසක් දෙකක් බෙඩ් රෙස් කරන්න..හොදට කන්න බොන්න..වැඩිය කිසිම දෙයක් ගැන හිතන්න යන්න එපා…
ම්…..
තේරෙනාද..මෙච්චර හොද මහත්තෙයෙක් ඉද්දී ඔහොම අසනීප වෙන එකත් පුදුමයි…
මැණික සේලයින් එක ඉවර වෙන්න තව පැයක් විතර යයි .එතකන් කන්න දෙයක් ගෙන්නද මන්..
මන් හිතන් හිටියේ ඩොක්ටර් ගියාට පස්සේ මට කන් දෙක තියන් ඉන්න බැරි වෙන්න බනි කියලා ..එත් රාගව් මට වචනයක්වත් කිව්වේ නැතුව එහෙම අහද්දිනම් මට පුදුම හිතුනා.
මැණික ඇයි සද්ද නැත්තේ……..කියන්න මන් කන්න දෙයක් එපානම් බොන්න් දෙයක් ගෙන්නද…
මන්දිරා මන් මෙච්චර කතා කරද්දී සද්ද නැතුව ඉන්නේ ඇයි කියනවද..කොහොමත් මට තමුන් එක්ක විසදගන්න දෙයක් තියනවා එක අපි ගෙදර ගිහින් බලා ගමුකෝ.ඉසෙල්ලා කියනවා දැන් ඇයි මන් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා…..
රාගව් ප්ලීස් මට පාඩුවේ ඉන්න දිලා යනවද මන් වැදලා කියන්නම්…..
මැ…..මැණික …….
මැණික කවුද එ…..මගේ නම මන්දිරා අරුන්දීණි සදගලතැන්න..එහෙම නැත්නම් මන්දිරා මිස්….තමුන් එක්කෝ මට මිස් කියන්න එහෙම බැරි න අක්කා කියනවා..එහෙමත් කතා කරන්න බැරි නම් කටවහන් යනවා යන්න මට ඉන්න දීලා….
මන්දිරා උබට මොන යකෙක් වැහිලද .
මට වැහිච්ච යකෙක් නම් නෑ..හැබැයි මෙච්චර කල් ඇස් බැදලා තිබ්බ .එ දැල නම් අද අයින් උනා……..
මන්දිරා කියන සිංහලයක් තේරෙන්නේ කියනවද මගෙන් මැරුම් කන්නේ නැතුව ..
ඔව් ඉතිං දන්නේ ඕක විතරනේ..එක අතකට පුදුම වෙන්න දෙයකුත් නැ…මැරයෙක් දන්නේ ඉතිං කපන්න කොටන්න මරන්න විතරනේ…..
මන්දිරා පසු වූ අනපේක්ෂිත සිදුවීම නිසාවෙන් ඈ සිටියේ එ තරම් හොද සිහි කල්පනාවකින් නොවු නිසා ඈ ඇගේ මුවින් පිටවන වදන් කෙතරම් කටුදැයි මදකෙට හෝ නොසිතමින් රාගව්ට හිත් පිත් නොමැතිව දෝෂාරෝපණය කරන්නට වුයේ …
රාගව් දෑතින් නොදැනීම අල්වාගෙන සිටි ඇගේ දෑත් ගිලි ඔහු වාරු නොමැති බිම ඇවැටෙද්දීය
මෑ…..මැණික ……
මතුසම්බන්ධයි ………..
ආදරේයි