වෙස්

විසි අටවන ගෙත්තම

“ආ ග/නි/න්……”

ඒ සමඟම දිසෙන්ට සිහිපත්වූයේ ඒමට පෙර සෙහන්සා පැවසු දේය……..

“දිෂ් යාලුවොන්ට ගෙනිච්ච්ට කමක් නෑ ……..ඔයා නං drinks එහෙම ගන්නෙ නෑ ..”

“මොකද කල්පනා කර කර ඉන්නේ සුද්දා ග/නි/න්… “

“මට බෑ උ/ඹ/ල බීපන් ………..”

“අඩේ…..මේ අපේ සුද්දා ම ද ?……..”

“ඒකනෙ මමත් කල්පනා කළේ…….කලින් බෝතලේ කටේ තියාගෙන බීපු එකා නේ………..”

“ඒකනේ යකූ මූ එක පාරටම වෙනස් වෙලා තියෙන තරම්…………”.

“සැබෑ වෙනසක් ……සුද්දෝ උ/ඹ/ට මොකක්ද බං එකපාරටම ලබපු ග්‍රහයා……..

“මට වදේ නොගහ බොනවනම් බී/ප/ල්/ලා ………..”
ද්
“මේකට කෙ/ල්/ලෙ/ක්/ව/ත් සෙට් වෙලාද ?…දැන් හෙන ඩීසන් වෙලානේ ……..අපේ සුද්ද ද කියලා කියන්නවත් බෑ ……….”

“කොල්ලට පාඩුවේ ඉන්න දීලා අපි පොඩි සිංදුවක් කියලා ෆන් එකක් අරගමු ….”

මහේල කීවේ දිසෙන් ගෙනා කෑම පාර්සලයක් විවර කරමිනි…..

“බොංගෝ එක අරගෙන ග/හ/ප/ං ………”

“අපි කියමු සුද්දා fast beat එකක් …”

“එම් එස් ලොක්කගෙ සින්දුවක් කියමු ……..”

“අඩේ සුප්පා……….ගහමු මචං………”

🎶🎶🎶🎶🎶🎶

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ

හද පොපියයි සිත නලියයි

බැලු බැලු අත එළියයි

හද පොපියයි සිත නලියයි

බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ……

බඳ නලවාලා උකුල සලාලා
මුව විදහාලා මුකුළු නගාලා

රන්දාලා අන්දාලා
නාරි ලතා ලීලා

හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ……..

මල් සරා අසු අරා
එයි නුරා හී දරා

රස දහරා රළ පීරා
ආදරේ තෝරා

හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

හද පොපියයි සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ……..

බැලු බැලු අත එළියයි
හද පොපියයි සිත නලියයි

බැලු බැලු අත එළියයි

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ……….

🎶🎶🎶🎶🎶

එක ගීයකින් තවත් ගීයකට මාරුවෙමින් බෝතලයෙන් බෝතලය අවසන් වූවත් දිසෙන් එක් උගුරක්වත් නොබී සිටීම පිරිසගේ විමතියට ලක්විය ……….

දිසෙන් උදෑසනම ඇහැරුනේ දුම්රියේ නාදය කන වැකීමත් සමඟ‍යි…

වෙනදා නිදියන සුවපහසු යහන වෙනුවට කොහු මෙට්ටයක් දමා තිබූ යහනේ නිදා ගැනීම අපහසු වුවත් දිසෙන්ට නම් එය හුරුපුරුදු බැවින් නින්දට බාධාවක් ගෙනාවේ නැත …

දුම්රියේ නාදයත් ,දැඩි හිරු රශ්මියත් නිසා දිසෙන් උදෑසන ඇහැරුණත් ,මහේල නම් තවමත් සුවසේ නිදි යන්නේ පෙරදා රැයේ වූ බමන මත තවමත් පහ නොවී පැවති නිසාය ……

මහේල අවදි වන තුරු බලා නොසිටි දිසෙන් වතුර කේතලය ගෙන එළියෙ වූ ජල කරාමය අසලට ගියේ කේතලයට වතුර පුරවා ගෙන ඒමටයි


අනේ සුද්දා මල්ලි කාලෙකින් …කොහොමද ඉතිං ……….අපි හිතුවා හරි ගියාට පස්සේ උ/ඹ/ට අපිව අමතක උනා කියලා …”

මුහුදුකරයේ යාබද ගෙදරක පදිංචිව සිටි රෝසි තවමත් සිටියේ කඩමලු වූ රෑ ගවුමක් ඇදගෙනය………..

“අනේ නෑ අක්කේ……..මම ජොබ් එකක් කරන්නනෙ ගියේ ……..ඒ ගෙදරම නැවතිලා ඉන්න නිසාමේ පැත්තෙවත් එන්න බැරි වුණා ……….”

“මල්ලි ඒ ගෙදර සෙට් වෙලා ඉන්නේ ඩ්‍රයිවින් ජොබ් එකකට නේද .?”

“ඔව් අක්කේ……….”

දිසෙන් එ ගැන ඊට වඩා වැඩිදුර කතා කිරීමට නොගියේ ඒ දේවල් පවසන්නට ගියොත් දිගින් දිගටම ප්‍රශ්න ඇසීම නොනවතින නිසාය

“මම යන්නම් අක්කේ ……….මම දැන් ආයේ වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ .
.
“හරි මල්ලි හරි ..දැන් මල්ලිගේ පෙනුම වගේම කතාවත් වෙනස්………..කුරුඳුවත්තේ ගෙවල්වල ඉන්නකොට ඒවා එහෙම තමයිනේ මල්ලි……..අනේ මල්ලි පුලුවන්නම් මගේ මල්ලිට ජොබ් එකක් හොයල දෙන්න …..”

ඒ සමගම මහේල ගේ ඇතුලේ සිට ජල කරාමය ලඟට ආවේ රෝසි අක්කගෙ කට හඬ ඇසීමෙනි…….

“ආ මල්ලී දැන්ද නැගිට්ටේ “

“නිදන් ඉන්න එ/වු/න් ඇහැරෙනවා නේ අක්කා ටකරමකට ගල් ගැහුව වගේ කියවද්දී ………කොහෙද අක්කේ මේ උදේ පාන්දර uniform එක ඇඳගෙන යන්නේ “

“අනේ මේ මල්ලි උ/ඹ මගෙන් අහගන්නේ නැතුව හි/ට/ප/න් ……මම මේ සුද්දා මල්ලිව දැකලා කතා කරන්න ආවේ…මම යන්නම් මල්ලී මේකා කට ඇරියොත් කියන්නේ මා නො/ස/න්/ඩා/ල කතාවක්.පොඩ්ඩක් අර මම කියපු එක ගැන බලන්න …..”

කේතලේ ඇතැතිව නිවසට පිවිසෙන දිසෙන් ගේ පසුපසින් මහේල ගමන් කරේ රෝසි අක්කා පැද්දි පැද්දි යන අන්දම හැරි හැරී බලමින් සිනහ වෙමිනි….

“උ/ඹගෙ කාටත් හොඳම නෑ…..පව් මහියා…….”

“හෙන ඕපස් ………..නයිටිය පිටින් පුලුවන්නං ඕ/කි හදටයත් යයි…….”

“උඹේ ඔය කටනම් කවද හැදෙයිද මන්දා ……”

දිසෙන් කිවේ බූමිතෙල් ලිප පත්තු කර ඒ මත කේතලය තබමිනි ..

“ඇත්තනේ සුද්දා රෑ ඇඳපු ගවුම ගලවන්නෙ ආයෙ පහුවෙනිද රෑට ……….ඕ/කි/ගේ මනුස්සය කොහොම නහය තියන් ඉන්නවද දන්නෑ …….”

” ඒක නං ඇත්ත මචං……….”

“ඒක නෙමේ සුද්දා ……මොකක්ද අර කිව්ව වැඩේ …..”

“රොසි අක්කගේ මල්ලිට ජොබ් එක සෙට් කරලා දෙන්නලූ…….”

“ආපෝ ඒ න/ස/රා/නි/යා/ට/ද? ඌ මොකක් හරි ජිල්මාට් එකක් දාල ……උ/ඹට උ/ඹේ ජොබ් එකත් නැති වෙයි……..”

“උ/ඹ/ට පිස්සුද මහියා…..මම හොයන්න යන්නේ නෑ…….වතුර එක උතුරනවා ද කියලා පොඩ්ඩක් බලපං ……..මම ගිහිල්ලා ඇඟ පොඩ්ඩක් හෝදගෙන එන්නම් ………”.

“අනේ අනේ උ/ඹ/ට/ත් අර උරචක්කර මාලේ දකිනකන් සිහියක් නෑ නේද?…….”

“මචන් මම ඒ කෙ/ල්/ල/ගේ බොඩිගාර්ඩ්……..reginol ලොක්කාට ගොඩාක් තරහකාරයෝ ඉන්නවා …….ඉතින් මම පොරොන්දු වෙලා ආවානම් යන්න ඕනේ නේ……….”

“අ/ඩෝ සුද්දා …..ඒක විතරක් නෙමෙයි ඒ කෙ/ල්/ල උ/ඹ/ව සෑහෙන්න වෙනස් කරලා …..”

“ඒ උ/ඹ/ට පේන විදිය ..මම ඉක්මනට නාගෙන එන්නම්………”

“officer ගම්ලත් ……….ඔෆිසර් සිරිවර්ධන මම අද ඔය දෙන්නව කැඳෙව්වේ අපේ මිෂන් එක ගැන පොඩ්ඩක් කතා කරන්න …….officer සිරිවර්ධන මාත් එක්ක කතා කරන්න ආවට ඔෆිසර් ගම්ලත් නං මේ පැත්තෙ කාලෙකින් ආවේ නෑ……….”

“සොරි සර් මිෂන් එකේ වැඩ එක්ක බීසි නිසාමයි එන්න බැරිවුනේ …”

“කෝ ඔය දෙන්නගෙ report ටික දෙන්න …………”

ගම්ලත්ගේ හා සිරිවර්ධනගේ project report මද වෙලාවක් කියවා බැලූ සනුක වික්‍රමසිංහ සිය දෙබැමි රැල්ලකරගත්තේය .

“මට පේන්නේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මේ වැඩේ හරියට කරන පාටක් නෑ …….. අරහෙන් ලොක්කා මගේ ඔලුව කනවා ……ඔය දෙන්නම ගිහින් තියෙන්නෙ වැරදි පාරවල් දෙකක ….”

“නෑ සර් මටනම් හිතෙන්නේම ඒ lady මේකට සම්බන්ධයි කියලා ……”

“කෝ ඔයා දැන් මාස තුනකටත් වැඩිය කල් ඉඳන් හොයනවා ගම්ලත් ……මොකුත් හොයාගන්න පුළුවන් උනාද ?…….ඔයා ඔය යන්නේ වැරදි සැකයක් පස්සේ ……දැන්වත් ඕක අල්ලලා දාලා හරි කෙනාව හොයලා බලන්න …….”

“සර් මටනම් සැක මේ මිනිස්ට්‍රම තමා…….”

“කෝ ඉතිං ඔයාටත් මොකුත් හොයාගන්න පුළුවන් උනාද …..නිකං අපේ සල්ලියි කාලේයි නාස්ති වුණා විතරයි ….”

.”නෑ නෑ මිනිස්ට්‍රම කරන නිසා මුකුත් සාක්ෂියක් හොයාගන්න අමාරුයි ..”

“ඔයාට මම කී පාරක් කියන්නද සිරිවර්ධන …….ඔයා වසන්තව ෆලෝ කරන්න ……..”

“මම වසන්තව ෆලෝ කරනවා තමයි සර්…….”

“හරි මම ඔය දෙන්නට තව මාසයයි කල් දෙන්නේ…….

දිසෙන් රිය පදවා ගෙන ආවේ වේගයෙනි…

ඒ උදෑසන සිට සෙහන්සා වරින් වර ඇමතුම් දෙමින් වද දෙන නිසාය …

එක්වරම ඉදිරියෙන් කඩාගෙන පැමිණෙන මෝටර් රථයක් දුටුවෙන් දිසෙන් රියේ වේගය අඩුකර පසෙකට කළේ ඒ රියේ ගැටීම වැළැක්වීමටයි …

ඒත් ඒ සමගම ඒ මෝටර් රථයත් ඒ පසටම හැරවීම නිසා දිසෙන්ට කර කියාගත දෙයක් නොහැකිවිය …..

අවසානයේ පාලනයෙන් මිදුණු දිසෙන්ගේ රිය එම මෝටර් රථයේ ගැටිණි ….

හමුවෙමු මීළඟ කොටසින්