ආදරණීයම ඔයා…17
සෝන්‍ය ගේ මේ හැසිරිම් මට තේරෙන්නේ නැත. බොහෝ කලකට පසු දුරු රටක සිට නිවසට පැමිණි පියාට ඔහු සලකන්නේ මෙසේද.. පිය නැවත විවාහ වු බව සෝන්‍ය නොදැන හිඳින්න ට ඇත.
සමහර විට දැනගෙන සිටියත් ඔහු මෙතරම් ලාබාල තැනැත්තියක හා විවාහ වූ බව සෝන් ය නොසිතන්නට ඇත.
ඉදින් ඔහු කෝප ගන්නා එක සාධාරණය. එහෙත් තමන්ගේ නිවසට අමුත්තෙක් ලෙස පැමිණෙන සතුරෙකුට උවත් හොඳින් සත්කාර කලයුතු යැයි අප්පච්චි නිතරම කියනවා මට මතකය.
එසේ තිබිය දී සෝන්‍ය ගේ පියාට නොසලකා හිඳින්නේ කෙසේ ද එහෙත් සෝන්‍ය එයට අක මැති නම් මට කල හැකි දෙයක් නැත.
කාමරයට වී කරන්නට තරම් දෙයක් නොවූ නි සාම මම ඔහේ යහනේ වැතිර සිටියෙමි. උදෑ සනම බැවින් දෝ නිදිමතක් තිබුනේත් නැත. මුතු අම්මා පව්ය.
වයස්ගත ඇයට තනිවම ආගන්තුක සත්කාර කරන්නට පහසු නැතිවා ඇත. එහෙත් මේ මොහොතේ නම් මට සෝන්‍ය ගේ අණට පිටින් යන්නට බැරිය.
මද වේලාවකින් සෝන්‍ය කාමරයට පැමිණියේ ය. කෝපයෙන් එතරම් ලේ පැහැ ගැන්වුනු දෑස ක් මා ඉන් පෙර දැක තිබුනේ නැත.
දැස් පමණක් නොව ඒ මුහුණ ද රතුපැහැ ගැන් වී තිබුනි. මිට මෙලවුනු දෑත් කෝපය නිසාම තිබුනේ වෙව්ලමිනි. දෙවියනේ එතරම් කෝප යක්. මා ඉන්පෙර කිසිවෙක් වෙතින් වත් දැක තිබුනේ නැත.
අප්පච්චි කිසිදාක කෝපයෙන් සිටිනු මා දැක නැත. මල්ලී මා ඉදිරියේ කෝප ගත්තේ නැති තරමය. නිතර කෝප වන්නෙකු උවත් ධනුක ගේ ඒ කෝපය රැදුනේ ඉතාම සුළු මොහොතක් පමණක් හෙයින් මා කිසිදාක ඔහුගේ කෝපය ට බිය නොවීමි.
ඉදින් සෝන්‍ය වැනි සන්සුන් නිහඬ අයෙක් මෙ තරම්ම කෝපවී සිටිම සිතට එක්කලේ මහත් බියකි.
සෝන්‍ය ඇයි මේ…
යහනින් නැඟිට ඔහු අසලට යමින් මා ඇසුවේ බිඳුනු හඬකිනි. සෝන්‍ය කිසිවක් කීවේ නැත. එහෙත් ඔහුගේ වේගවත් ආශ්වාසය ඒ කෝප ය කෙතරම් දැයි මට කියා පෑවේය. සැබැවින්ම මගේ දෙපා පවා වෙව්ලා ගියේ බියටමය.
තා….දී….
ඔහු කීවේ සිය හැඟීම් පාලනය කරගන්නට මහත් වෙහෙසක් දරමිනි.
සත්තකින්ම ඒ අකුරු දෙකේ දිගු කතාවක් ලියැ වී තිබුන බැව් මා වහා වටහා ගතිමි. දෙවරක් නොසිතාම මම දෝතින්ම ඔහුගේ බාහුව අල් ලා ගතිමි.
ප්ලීස් කාම් ඩවුන් සෝන්‍ය.. ඔහොම තරහා ගන්න එපා..මට මට …ම..ට බය… හිතෙනවා..
මම කීවේ බියෙන් වෙව්ලමිනි. බිය වැඩිකමට දෝ මගේ මුළු ගතම අමුතු හීතලයකින් වෙලී ගියේය.
පාඩුවෙ ඉන්න තාදී… මගෙ දේවල් මට බලා ගන්න පුළුවන්… ඔහු කීවේ කවර අරමුණකින් දැයි මට තේරෙන්නෙ නැත.
අනේ ඔහොම තරහා ගන්න එපා.. මහත්තයො
ඔච්චර තරහා අරං ඔයා මොනා හරි කරදරයක් කරගනී කියලා මට බය හිතෙනවා…
මම බියපත් හඬකින් කියවාගෙන ගියෙමි. ඒ අමුතු ඇමතුම නිසා දෝ සෝන්‍ය තිගැස්සි මා දෙස බැලුවේ විමතියෙනි. නම කියා මිසක ඉන් පෙර මා ඔහුට වෙන ඇමතුම් පදයකින් අමතා තිබුනේ නැත.
කියන දේ අහන්න තාදී මේක මගෙ ප්‍රශ්නය ක්
එතකොට මම මං ඔයාගෙ කවුරුවත් නෙවී
ද… මම වහා ඇසීමි.
ප්ලීස් තාදී..පාඩුවෙ ඉන්න දෙන්න මට….
මම ඔයාට කරදරයක් වෙන්නෙ නෑ සෝන්‍ය..
ඒත් ඔහොම තරහා ගන්න එපා..ප්‍රශ්නයක් තියනවා නං කතා කරලා විසඳ ගන්නකො..
මොනා උනත් ඒ ඔයාගෙ තාත්තනෙ..
නොදන්න මඟුල් නොකියා කට පියා ගන්නවා තාදී..
ඉතිං දැන ගන්න ඔයා මොනවත් කියලා නෑනේ මට…මොන දේ උනත් සිද්ධ වෙලා ඉවර දෙයක් කොච්චර තරහා ගත්තත් ආපහු හදන්න බෑ නේ..ඇයි ඔහොම තරහා ගන්නෙ..
තරහා ගන්නෙ නෑ..තරහා එනවා..
ඔහු කීවේ පෙරට වඩා සන්සුන් හඬකිනි. සිතට දැනුනේ තරමක සැහැල්ලුවකි.
හැමදේම අමතක කරලා ඔයා දැන් රෙස්ට් කර න්න සෝන්‍ය… ඔහොම කලබලෙන් තරහා අර ගෙන මොනාත් කරන්න බෑනේ..
මම ඔහුගේ සුරතින් අල්ලාගෙන යහන මත හින්දෙව්වෙමි.
ඔයාට බොන්න මොනා හරි අරගෙන එන්නද…
මම ඇසුවේ කාමරයෙන් පිටතට යන්නට මට උවමනා වී තිබුනු නිසාය. පිටත සිදු වූ දෙය කුමක්දැයි මට දැන ගත හැකිවන්නේ එවිටය.
අර දොර වහලා ඇවිත් මෙතනින් ඉද ගන්න තාදි..
මගේ පැනයට පිලිතුරු නොදීමයි සෝන්‍ය කී වේය. මම ගොස් කාමරයේ දොර වසා දමා නැව ත ආපසු පැමිණ සෝන්‍ය අසලින් හිදගතිමි.
මගෙ ප්‍රශ්න මට බලා ගන්න පුළුවන් තාදී…
ප්ලීස් එවගෙන් ඈත් වෙලා ඉන්න..
එය ඉල්ලීමකට වඩා අනතුරු හැඟීවීමක් විය.
මම හිතුවෙ දැන් ඔයාට එහෙම දේවල් නෑ කියලා..
කොහොම දේවල් ද…? ඔහු නලල රැලි කලේය.
ඔයාගෙ ප්‍රශ්න කියලා ජාතියක්…. ඒවා අපේ ප්‍රශ්න නෙවි ද සෝන්‍ය..
තාදී…තාදී…
ප්ලීස් සෝන්‍ය..
ඔයා කලබල වෙලා..
නෑ සෝන්‍ය අවුල් වෙලා.. ඔයා ඔහොම හැසිරෙන කොට මට බය හිතෙනවනෙ…
හ්ම්ම්..දැන් ඔය විකාර හිතන්නෙ නැතුව මගෙ ඔළුව ටිකක් මසාජ් කරන්න…
ඔහු මගේ කතාව මඟහැර සෙමින් කීවේ යහ නේ වැතුර මගේ උකුල මත හිස හොවා ගෙන ය.
මේ මොහොතේ ඔහු හා තර් ක කිරීම නුසුදුසු බව හැඟිනු නිසාම මම කිසිවක්ම නොකියා ඒ හිස මුදුව සම්බාහනය කලෙමි. මද වේලාවකි න් ඔහු සන්සුන්ව නිදන්නට වූවේය.
මම මද වෙලාවක් සෝන්‍යගේ මුහුණ දෙස ඔහේ බලා සිටියෙමි. දැන්නම් ඒ මුහුණෙහි වූ සන්සුන් බවකි.
මෙසේ නිදා සිටියදී නම් ඔහු බොහෝ අහිංසක පාටය. එහෙත් අර කෝපය මගේ දෙපතුල් පවා හීතල කලේය.
ඔහු එතරම් කෝප ගත්තේ ඇයි.. එසේ කෝප නොගෙන ඔහුට පියා කතබහ කරන්න ට නො හැකි තරමේ බරපතල ප්‍රශ්නක් ඔහුට ඇතිද ඔහු එය මට නොකියන්නේ ඇයි..ඔහුගේ මව කොහෙද ඇයට කුමක් සිදුවන්ට ඇතිද..
සෝන්‍යගේ මුහුණ දෙස බලාගෙන මම ඔහේ සිතුවෙමි. මා නොදන්නා ප්‍රශ්න වැලක මා පැට ලි ඇතැයි මට හැඟිනි. එහෙන් අර නන්නාඳුන න ගැහැණිය මෙහෙන් දැන් සෝන්‍යගේ පියා.
මට සෝන්‍ය ගැන විසල් අනුකම්පාවක් දැනිනි. ඔහු හිදින්නේ ඔහුටම විසඳාගන්නට නොහැකි ප්‍රශ්න වැලක පැටලීය.
ඉතිං ඔහු කෝප ගන් නෙ එනිසාය. කොතරම් කීවත් ඔහු තාමත් මා ඔහුගේ බිරිඳ ලෙස බාර ගෙන නැත. සියල්ලම මගෙන් වසන් කරන්නෙ එහෙයිනි.
මම සෙමින් සෝන්‍යගේ කොපුලක් මුදුව සිපග තිමි. කෙසේ කුමන අරමුණකින් සිදු උවද දැන් අපගේ විවාහය සිදුවී අවසන්ය.
ඔහු මගේ නීත්‍යානුකූල සැමියාය. ඉදින් මේ දුරස්ත බව පලක් නැත.එක්කෝ කන්ද තමන් ලඟට ආ යුතුය නැත්නම් තමන් කන්ද ලගට යා යුතුය.
තාදී ඇයි….
මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියදී දෑස් විවර කල සෝන්‍ය ඇසුවේය.
ඔයා හොඳින් නේද සෝන්‍ය….
මම සෙමින් ඇසුවෙමි.
අයිම් සොරි තාදී… මට ටිකක් තරහා ගියා..
ඔහු කීවේ කනගාටුව ප්‍රකාශ වන සුළු හඬකින් ය.
ටිකක් ඒක හොඳ ටික..මම බයවුනත් එක්ක…
මම කීවේ හිනැහෙමිනි.
ආයිම වතාවක් සොරි තාදී… ඒ වෙලාවෙ මං හොඳටම අවුල් වෙලා හිටියෙ….ඔයා හුඟාක් බය උනාද…
හැමදේම හිතේ තියාගෙන ඉන්න එපා සෝන්‍ය උත්තර දෙන්න බැරි උනත් අහගෙන ඉන්නවත් පුළුවන් නෙ මටත්…
මම කීවේ කවර හැඟීමකින් දැයි මා දන්නෙ නැත. එහෙත් කෙසේ හෝ මේ දුරස්ත බව බිඳ දැමිය යුතුය.
සොරි ආයිම එහෙම වෙන් නෑ තාදී ප්‍රොමිස්…
ඉන්න මං ඔයාට බොන්න මොනාහරි අරගෙන එන්නම්…
මා කීවේ තවමත් මගේ උකුලමත වූ ඔහුගේ හිස යහන මතින් තබමිනි.
එපා තාදී ඔහොම ඉන්න… සෝන්‍ය කීවේ මගේ සුරතින් අල්ලාගෙනය. ඇයි දැයි මා ඇසුවේ දෑස් වලිනි.
කිසිවක්ම නොකියා ඔහු මගේ සුරතින් ඇදි වේගයට මා ගොස් ඇද වැටුනේ ඔහුගේ සිරුර මතටය. ඒ දෑස් මගේ දෑස්වල පැටලී ගියේය. ඒ බැල්මේ වූ අසරණකමක දැවටුන කුමක්දෝ ආරාධනා වකි.
ඇයි සෝන්‍ය… මා අන්ද මන්ද හඬකිනි.
හිතට ලොකු තනිකමක් දැනෙනවා තාදී..
ඔහු කීවේ අසරණවය.
ඉතිං මේ මං ඉන්නෙ…සත්තකින්ම මා කීවා නොවේ මට කියවුනි.
හමුවෙමු