May be an image of 2 people
වාසනා පෙරේරා – Wasana Perera
penrdSsootm
8
m751
මෙහන්සා 13 කොටස

මෙහන්සා.

එවර නම් කොල්ලගේ ඉවසීමේ සීමාව ඉවර උනා. දවසට දහස් වතාවක් සිත පුරා මුරගාන නම වදන් වලට පෙරලුනේ දැන්.

ඒ කටහඬේ තිබිච්ච ආදරණිය තරවටුවත් නොඉවසිලිමත් කෝපයත් දැනුනු කෙල්ල ඔහු දිහා බැලුවේ තිගැස්සිල.

මට එච්චර සැරෙන් කතා කරන්න කොහෙන් ආපු හයියක්ද වගේ ප්‍රශ්නයක් ඇගේ බැල්මේ තිබුනෙ.

සොරි. කොල්ල ඒ සැරේ කිව්වේ හඬ පාලනය කරගෙන. ඔයාට එච්චර සැරෙන් කතා කරන්න තරම් මට අයිතියක් නෑ තමයි. ඒ උනාට මෙතන කෙල්ලෙක්ට තනියම ඉන්න හොද තැනක් නෙමෙයි මෙහන්සා.

ඔව් ඕනේ එකක් කරල සොරි කියන්න වෙන්නැති ඔයා දන්නෙ. මෙතන විතරක් නෙවේ ඔයාගේ ඔය වාහනෙත් කෙල්ලෙක්ට ඉන්න හොඳ තැනක් නෙමෙයි තමයි. ඔයාව විශ්වාස කරලා වාහනේට නගින්න තරම් මොකද්ද මට තියෙන සාක්ෂිය. මම ඔයාව දැකල තියෙන්නෙත් එක දවසයි. ඊට වඩා මෙතන හොදයි තෙමෙනවා උනත්. ඒ නිසා කරුණාකරලා තවත් මට කරදර නොකර යනවද යන්න? සෙමින් නමුත් දැඩි හඬකින් කෙල්ල කියපු ටික කොල්ලගේ හදවතටම වැදුනේ හී තුඩු වගේ.

ඇය කිව්වේ ඇත්ත. යුවතියකගේ විශ්වාසය දිනාගන්න තරම් තරම් තමන් හොද නැති බව කොල්ල දන්නවා. මෙච්චර වේදනාවක් පලවෙනි වතාවට තමයි කොල්ලට දැනුනේ. කොහොමත් කෙල්ල කියන ඒවාට කොල්ලට වැඩියෙන් රිදෙනව. මොන දේ කලත් කිලාන් හරිම සංවේදීයි. කොල්ලට කොච්චර අර කියපු ටික හිතට වැදුනද කිව්වොත් ඇස් වලට කඳුලුත් ආව. ඒ කදුළු එහෙමම වැහි වතුරට එකතු වෙලා ගියා. තමන් කරන දේවල් නිසා කෙල්ලෝ අඩන හැටි ඔහුට මතක් උනා. මෙහන්සා කියන්නේ ඇත්ත. ඒකට හිත රිදුනත් ඒ තමයි ඇත්ත. මම කොච්චර දෙනෙක්ගේ හිත රිදවල ඇත්ද අම්මත් එක්කම.

කෙල්ල ඔහුගේ කදුළු දැක්කේ නැහැ අහක බලාගෙන හිටපු නිසා.

ජිවිතේ පලවෙනි වතාවට තමන් මෙච්චර කල් හිටපු විදිය ගැන කොල්ලට පසුතැවීමක් දැනුන.

ඔයා හරි මෙහන්සා ඔයා හරි. කොල්ල අමාරුවෙන් වචන හොයාගෙන කිව්වේ ඇය ඉස්සරහ හඬන්න බැරි නිසා.

එතකොටම ඈත ඉදල දුවන් එන කෙනෙක් දෙන්නගෙම ඇහැට ගැටුන. ඒ කවුද කියල අදුනගත්තු ගමන් කෙල්ලගේ මුණේ ඇඳුනේ හිනාවක්. කිලාන් ඒ දිහා බලන් හිටියේ දුකෙන්. ඇය තමන්ට අයිති කෙනෙක් නෙමේ කියල දැන් තමයි කොල්ලට මතක් උනේ. අඩුමගානේ ඒ පිවිතුරු හිනාව වත් ලබන්න පින් කරලා තිබුන නම්?

කෙල්ල ගාව තවත් කවුද තරුණයෙක් ඉන්නවා දැකල මිහින් ඔවුන් අසලට ආවේ පුළුවන් තරම් ඉක්මනින්. ඔහුත් හොදටම තෙමිලා. ලගට එනකොට ඒ ඉන්නේ කිලාන් කියල දැකල ඔහු තවත් පුදුම උනා.

කිලාන් උඹ මෙතන?

පොඩි වැඩකට බිතුම්ලහ ගියා බන් මෙයා මෙතන තනියම හිටපු නිසා නැවතුනේ.

ඇයි තනියම ආවේ නංගි. මන් එනකම් ඉන්න තිබුනනේ. බලන්න ඔයා හොදටම තෙමිලනේ. ඔහොම තෙමෙන්න හොදද. මිහින් කිව්වේ කෙල්ල අතේ තිබ්බ කුඩේ තමන්ගේ අතට අරගෙන ඇගේ කර වටා අතක් දමා ගෙන ඇයව ලගට ගනිමින්.

කිලාන්ට සුසුමක් හෙළුන ඒක දැකල.

මම හිතුව ඔයා ළඟ එනවා ඇති කියල ඒකයි ආවේ.

දැන් යමු ඉතින්. බස් එක කැඩුන මගුල. අම්මත් බය වෙලා ඇති දැන්. අපි දෙන්නට අද නාල තමයි යන්න වෙන්නෙ

ඔයා නම් ඉතින් දැනටම නාලනේ

මිහින් උඹල කැමති නම් මට පුළුවන් ඩ්‍රොප් කරන්න. කිලාන් ඇහුවේ සැකෙන්.

මිහින් කෙල්ල දිහා බැලුව. අපි එහෙනම් කිලාන් එක්ක යමුද නංගි?

කිලානුත් කෙල්ල දිහා බලන් හිටියේ ඇය දෙන පිළිතුර මත තමන්ගේ මුළු ජීවිතේම තීරණය වෙනවා වගේ.

හා. කිලාන්ට කල්පයක් වගේ දැනුනු තප්පර කිහිපෙකට පස්සෙ කෙල්ල කිව්ව ම තමයි කිලාන්ට දැනුනේ තාම තමන්ගේ හුස්ම වැටෙනවා කියල. තමන් සතුටු සයුරක කිමිදෙනව වගේ හැගීමක් කොල්ලට දැනුන. ඇය මේ වෙලාවේ තමන් ප්‍රතික්ෂේප නොකිරීම ඇති .

දැන් කාගේ ගෙදරද මුලින් යන්නේ? කිලාන් ඇහුවේ රිය පන ගන්වමින්.

අපේ ගෙදර යමු බන්. මෙහන්සා ඉන්නෙත් එහෙ තමයි.

පිටුපස අසුනේ ඉද්හන් හිටපු කෙල්ලට හිනා ගියෙ මිහින් කිව්ව එකට.

මොකක්? කිලාන් කිව්වේ පුදුමෙන්.

ඔව් මෙහන්සගේ පෙරන්ට්ස්ල ඉන්නේ රට. අපිට තමා එයාව බලාගන්න දීල තියෙන්නේ? මිහින් කිව්වේ බොරුවක් නොවන බොරුවක්.

මිහින් මොන තරම් ඇත්ත විදියට කතාව ගෙනියනවද කියල හිතෙන කොට කෙල්ලට ආයෙත් හිනා ගියා ඇය නොදැනුවත්වම. අහම්බෙන් වගේ වාහනේ ඉස්සරහ කන්නාඩියෙන් කිලාන් ඒක දැක්ක. ඇයි එයා හිනා වෙන්නේ? මට ද?

ඉතින් මොකද බන් තාත්ත ආවේ නැද්ද තාම? මිහින් ඇහුවේ කිලාංගෙන් කතාව වෙන පැත්තකට හරවන්නත් එක්ක.

තව මාස දෙකක් තියෙනෝ ටුවර් එක ඉවර වෙන්න මන් හිතන්නේ. අනේ මන්ද බන්

උඹටත් පුළුවන්නේ සිලෝන් ටීම් එකට යන්න

අනේ මට ආසාවක් නැහැ බන්. තාත්ත හරහ යන්න නම් මට කොහෙත්ම ඕනේ නැහැ.

ඒ මොකෝ?

නිකම්

පිස්සෙක් උඹ

උඹ දන්නේ අද ද? මට පිස්සු තමයි

මම ක්‍රිකට් වලට කැමති නැහැ. මට පෙන්න බැහැ. මල්ලි ගියාවෙ

උඹ එකට කැමතිත් නැත්තම් මොකටද කැමති?

මොකටවත් නැහැ.

කෙල්ලෝ බයිට් කරන්න. කෙල්ලගේ දිව අගට ආවත් කෙල්ල සද්ද නැතුව හිටිය.

කොහොමහරි කතාවෙන් කතාවෙන් ඔන්න ගෙදරට ආව. මෙහන්සා හිටියේ කොයි වෙලේ ද ගමන ඉවර වෙන්නේ කියල බලාගෙන. වාහනේ නැවැත්තුව විතරයි කෙල්ල දඩ බඩ ගාල ගේ ඇතුලට ගියෙ කොල්ල දිහා බලන්නෙත් නැතුව.

කිලාන් වරෙන් මචන් තේකක් බීල යන්න. මිහින් කිව්වේ වාහනෙන් බහින ගමන්.

එපා බන් වෙන වෙලාවක එන්නම්. කිලාන් කිව්වේ කෙල්ලගේ වැඩ වලින් හිත රිදිලා හිටපු නිසා.

පිස්සුද පිස්සුද වරෙන් ගෙදරටත් ඇරලවල තේ එකක් බිල යමු. අපේ ගෙදර නම් ඉතින් තෝ බොන ජාති නැහැ තමයි. ඒ උනාට කමක් නැහැ වරෙන්. මොකෝ මිට කලින් ඇවිත් තියෙන එකක්යැ

මිහින්ගේ වදේ හින්දම කිලාන් බැස්ස. ඒ නැතත් තව සැරයක් ඇයව දකින්න තියෙන ආසාවත් හිත යට හොල්මන් කළා.