අවසන් වරට ඇය සමුගත් පසු මට ඇය ගැන කිසිදු ආරංචියක් ලැබුනේ නැත. මා ඇයට කොපමණ ආදරය කර ඇතිද යන වග මට වැටහුනේ ඇය නොමැති තැන ය. ඇගෙන් හිස් වූ නිවසේ පාළුව මට ඉවසිය නොහැකි තරම් විය. දිනකට හා දොළොස් වතාවක් ඇගෙන් ඇමතුම් ලද දුරකථනය දැන් නිහඬ වත් දී ඇයට කොපමණ බැන වැදුනද මා ඒ ඇමතුම් බලාපොරොත්තු වී ඇති බව මට වැටහිණි.
මා විශාල්ට ඇමතුමක් ගත්තේ ඉවසා සිටිය නොහැකි තැන ය.
දැන් ද උඹට ඒකි මතක් උනේ. උඹ ආයිත් එයා ගැන හෙව්වේ නැතුවට කමක් නෑ. ඒකිට පාඩුවේ ඉන්න දීපන්. කී හෙතෙමේ දුරකථනය තැබීය.
නමුත් මට එලෙස සිටිය හැකි වුයේ නැත. මම පසුදිනම ඇගේ නිවසට ගියෙමි.
පුතේ දුව කල දේට අපිට සමාවෙන්න. මා දුටු විගසම ඇගේ දෙමාපියෝ කීහ.
දුව කල දේට? මට දැනුනේ මවිතයකි.
ඔව්. පුතාට මුනදෙන්නේ කොහොමද කියල අපි හිත හිත හිටියේ. ඕකි ආයෙත් මේ ගෙදරට වත් ගන්නේ නෑ කියල අපි තීරණය කළා.
ඇයි අම්මේ මොකද්ද වෙලා තියෙන්නේ?
එයා ඉගෙන ගන්න කියල රට ගියා. එත් ගිහින් තියෙන්නේ එහෙම නෙමෙයි. යද්දී මේ ලියුම තියල ගිහින් තියෙනවා. කී ඇගේ මව මට ලිපියක් ගෙනවිත් දුන්නාය.
ආදරණිය අම්මා සහ තාත්තා වෙත,
මම මේ තීරණය ගත්තු එක ගැන සමා වෙන්න. අභින්ට වඩා හොද කෙනෙක් මට ලැබුනා. මම ඇමරිකාවට යන්නේ එයත් එක්ක.
මීට,
ස්නේහා
එය කියවද්දී මට දැනුනු කම්පනය වචනෙන් විස්තර කරන්න බැහැ.
නැහැ එයා එහෙම කරන්නේ නැහැ. මම කිව්වේ හීනෙන් වගේ.
අපට සමාවෙන්න පුතේ ඔයා වගේ හොද දරුවෙක් එක්ක ඉන්න වාසනාවක් නෑ එයාට.
මම ආපහු ගෙදර ගියේ හීනෙන් වගේ.
නැහැ නැහැ එයා එහෙම කරන්නේ නැහැ එයාගේ ජිවිතේ තව කවුරුත් ඉන්න බැහැ. එයා මගේ විතරමයි.
මම විශාල් සොයා ගියෙමි.
ඇත්ත කියපන් විශාල් ස්නේහා රට ගියේ වෙන මිනිහෙක් එක්කද?
වෙන මිනිහෙක්? උඹට පිස්සුද යකෝ? කවුද ඔය බොරුව කිව්වේ?
එහෙනම් මේ ලියුම?
ඔහු ලිපිය කියවා බලා පස්සේ මගේ දිහා බැලුව.
අභීන්. ස්නේහා කියන්නේ දාහකින් නෙමෙයි ලක්ෂේකින් වත් හොයාගන්න බැරි කෙල්ලක්. උඹ එච්චර වටිනා කෙල්ලව නැති කරගත්තා. එයාගේ පවුලත් එයාට නැති කරා. මට ලැජ්ජයි උඹ මගේ යාලුවෙක් කියන්නත්. මම අදටත් පසුතැවෙන්නේ ඇයි මම උඹව එයාට අදුන්නලා දුන්නේ කියල.
කියපන් මගේ කෙල්ල කෝ?
උඹට දැන් අයිතියක් නෑ ඔහොම කියන්න. කවදාහරි උඹ වැරදිලාවත් එයාව හෙව්වොත් මේ ලියුම උඹට දෙන්න කියලයි එයා ගියේ.
මම එතනදීම ඒ ලියුම දිගහැරියෙමි.
මගේම අභින් වෙත් ලියමි,
මා ගැන වැරදියට හිතන්න එපා. ඔයා ඇරෙන්න වෙන කවුරුවත් මගේ ජිවිතේ නෑ. මම එහෙම අම්මලට කිව්වේ මම ගෙදර එන්නේ නැති උනාම එකට හේතු අම්මලා ඔයාගෙන් අහන්න ඉඩ තියෙන නිසයි. තවදුරටත් මොනම විදියකින් වත් ඔයාට කරදරයක් වෙන්න මම කැමති නෑ. විවාහය සාර්ථක වෙච්ච නැති දුවෙක් ගෙදර හිටියම අම්මලටත් අමතර බරක්. ලැජ්ජාවක්. ඒ නිසයි මේ තීරණය ගත්තේ. ඊටත් අපි දෙන්නගේ මතක පිරුණු රටේ ඉන්න මට කොහොමට වත් බෑ. මම නිසා ඔයාගේ නිදහස නැති වෙච්ච එක ගැන මට සමාවෙන්න. ආයේ කවදා වත් එහෙම වෙන්නේ නෑ. ඔයා සතුටින් ඉන්නවා දකින්නයි මට ඕනේ හැමදාම. මම හැමදාම ඔයාට ආදරෙයි. ඔයාට එපා උනත් මන් ඔයාගේ විතරයි හැමදාම.
මෙයට
ස්නේහා
මම ඇඩුවා. ජිවිතේ කවදාවත් ඇදපු නැති තරම් මම අඩන්නැති. තව දරාගෙන ඉන්න මට පුළුවන් උනේ නෑ.
විශාල් ඇවිත් මාව වැළද ගත්තේ ඒ හැඩුම ඔහුටත් ඉවසන්න බැරි තැන. ස්නේහා ඉන්නේ ඇමරිකා වල. යමන් ගිහින් එක්ක එමු.
නමුත් මා එතරම් වාසනාවන්ත උනේ නෑ. හදිසි අනතුරකින් විශාල් ජීවිතෙන් සමුගත්තේ අපි ඇමරිකා යන්න හිටපු දවසට කලින් දවසේ. ඒ මට ස්නේහා ගැන දැනගන්න තිබුණු අන්තිම පාරත් අවහිර කරලා
ඇය ඉන්නේ ඇමරිකාවේ බව දන සිටියත් හරියටම තැනක් දැන ගන්න හිතාගෙන මම විශාල්ගේ මරණෙන් පස්සේ ඔහුගේ හැම දෙයක්ම පරික්ෂා කළා. ඔව් මට ස්නේහා ඉන්න තැන ලිපිනය ලැබුනා. නමුත් ඊටත් වඩා සිත පාරපු කරුණක් මට දැනගන්න ලැබුනා. ඒ විශාල්ගේ දිනපොතෙන්. මුලදී මම සැක කල විදියටම ඔහු ඇයට ආදරය කරලා තිබුනා.
මගේ පුංචි ස්නේහා. පුංචි කාලේ ඉදන් ඇය හැදුනේ වැඩුනේ මගේ ඇස් දෙකට පේන මානේ. මගේ රැකවරණය යටතේ. ආදරේ කියන්නේ මොකද්ද කියල මම දැනගත්තු දවසේ ඉදල මම ආදරය කලේ ඇයට. ඇය නිසල සඳක් වගේ මට.
ඇගේ ආදරය මට හිමි වී නම් දිවි ඇති තුරාවට මලක් මෙන් ඇය රැක බලාගන්නට මම පෙරුම් පිරුවා. ඒත් මට නෙමේ ඒ ආදරය ඓති උනේ මගේ යාලුවෙක්ම වෙච්ච අභීන්ට. ඔහුත් ඇයත් මුණ ගැහුණු පලවෙනි දවසෙම ඒ ආදරය මම ඇගේ ඇස් වල දැක්කා. කවදාවත් ඉන් පෙර මා වෙනුවෙන් වත් වෙන කවුරු වෙනුවෙන් වත් එවන් ආදරයක් එවන් පෙනුමක් මම ඇයගෙන් දැකල නෑ. ආදරය කියන්නේ අයිති කරගන්න එකම නෙමෙයිනේ. ස්නේහගේ සතුට වෙනුවෙන් ඔවුන් දෙදෙනාට මම උදව් කරනවා.
අභීන් ඇයට ආදරේ කරන්නේ නෑ. ආදරේ කියන්නේ මොකද්ද කියල වත් ඒ බුරුවා දන්නවද දන්නේ නෑ. මගේ කෙල්ලගේ ජිවිතේ නාස්ති වෙයි. දෙවියනේ මට ඒක බලන් ඉන්න වෙලා. ඇයි මම ස්නේහට ඒ මෝඩයව අදුන්නලා දුන්නේ. මට කවදාවත් මටම සමාව දෙන්න බැරි වෙයි. අඩු වයසෙන් විවාහ වෙලා අඩු වයසෙන් දික්කසාද ගෑනියෙක් වෙන්න මගේ කෙල්ලට සිද්ද වුනේ මම හින්ද කියල මට හිතෙනවා. ඇයට ඇගේ දෙමව්පියන් ඇගේ සොයුරිය හැමෝම දාල දුර රටකට යන්න වුනේ මම හින්ද. ඇය වෙනුවෙන් කරන්න පුළුවන් එකම උදව්ව විදෙස් ගත වෙන්න සලසා දීමයි. මම එය ඉටු කළා. අද ඇය සමුගත්තා.
විශාල්. අභීන් ව බලාගන්න මම වෙනුවෙන්. එයාගේ වැරද්දක් නෑ. මගෙයි වරද. මමයි ඒ ජීවිතේට බලෙන් ඇතුල් වුනේ. ඒ නිසා දඩුවමත් මම ම විදින්න ඕනේ. ඔයා එයත් එක්ක තරහ වෙන්න එපා. ප්ලීස්. මගේ නංගිවත් බලාගන්න. ආයේ එන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඇය අන්තිම වතාවට මට කිව්වේ එහෙම.
දිනපොතේ සදහන් වුයේ එපමණකි. මම ඒ ලිපිනය සොයාගෙන ඇමරිකාවට ගියෙමි. පුළුවන් හැම තැනම හෙව්වා. නමුත් ඇය හිටියේ නෑ. ඒ නිවසේ අය වත් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මට ආපහු එන්න වුනේ හිස් අතින්. ඇය තබා ඇය ගැන කිසිම විස්තරයක් නැතුව.
දින සති මාස ගණන් ගෙවුනා. ඇගෙන් හිස් වෙච්ච මගේ හිතේ තව කාටවත් ඉඩක් තිබුනේ නෑ. ඇය වෙනුවෙන් මම ඇගේ පවුලේ අය ගැන හොයල බැලුවා. මට කරන්න පුළුවන් උනේ එච්චරයි. ස්නේහා ඔයාට දැනෙන්නේ නැද්ද මට ඔයාව කොච්චර ඕනෙද කියල. මම මේ ගෙදර තනි වෙලා. මට සමාවෙලා ආපහු එන්න රත්තරන්.
එත් මම එච්චර වාසනාවන්ත උනේ නෑ. යලි මට ඇගෙන් ආරංචියක් ලැබුනේ ඇය නික්ම ගොස් වසර 10ක් ගිය තැන. ඒ විදෙස් දුරකථන ඇමතුමක්.
හලෝ මට කතා කරන්න පුලුවන්ද අභින් ඉරුගල්බණ්ඩාර ට?
කතා කරනවා
මම ස්නේහාගේ යාලුවෙක් ඩියානා ස්ටීවන්සන්. ඒ වගේම ඇගේ වෛද්‍යවරිය මම. අභින් මහත්මයා ඔයාට පුළුවන් ඉක්මනට ස්වීඩන් වලට එන්න වෙනවා.
ඇයි ස්නේහාට මොකද ඩොක්ට..?
ඇය අසනීපෙන් මට ෆෝන් එකෙන් විස්තර කරන්න බැහැ. පුළුවන් ඉක්මනට එන්න.
මම ස්වීඩන් වලට ගුවන් යානයක් තිබුණු පලවෙනි දවසෙම ගියා. ඇගේ මිතුරියක් යයි කී ස්වීඩන් ජාතික වෛද්‍යවරිය මම එනතුරු බලා සිටියා.
එයාව කලබල කරන්න එපා. ඇය හරිම දුර්වලයි. ඒ කාන්තාව කිවේ ඇය සිටි කාමරයේ දොර අරිමින්.
මම කාමරයට ඇතුල් වුනා. මම දකින්න බලාපොරොත්තුවෙන් හිටපු මගේ රූමත් ස්නේහා තව දුරටත් එතන හිටියේ නෑ. ඇය දුර්වල වෙලා වැහැරිලා ගිහිං. දෙවියනේ මේ හැමදේටම වගකියන්න ඕනේ මම. මට කවදාවත් සමාවක් නෑ.
ස්නේහා මට සමාවෙන්න
මම ඔයාට සමාව දුන්නේ එදා ඔයාගෙන් වෙන් වෙලා ආපු දවසේමයි අභීන්
මේ හැම දේටම වග කියන්න ඕනේ මම
ඔයාගේ වැරද්දක් නෑ. ආදරේ බලෙන් ගන්න බැහැ. මට වැරදුනා. මමයි වැරදි. ඒත් මට මැරෙන්න කලින් එක සැරයක් ඔයාව බලන්න හිතුනා. ඒකයි මෙච්චර අවුරුදු ගානකට පස්සේ කතා කළේ. ඒත් ඒවි කියල හිතුවේ නෑ. මට සතුටුයි අභීන්. ඔයාට පින් ආවට. මට දැන් සතුටින් මැරෙන්න පුළුවන්. ඔයා ඉන්නවනේ මන් ලග.
මුසල කතා කියන්නේ නැතුව ඉන්න ස්නේහා. මම කොහොමහරි ඔයාව හොද කරගන්නවා.
නැහැ අභින්. මට තව පොඩිම පොඩි කාලයි තියෙන්නේ. ඇය කතා කරේ අමාරුවෙන් හුස්ම ගනිමින්. මම වෙනුවෙන් අන්තිම පාරට උදව්වක් කරන්න අභින්. මම වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ.
කියන්න ස්නේහා. කියන්න ඕනෙම දෙයක්.
අභීන්. ඇය මගේ නම කීවාය. නමුත් වෙනතක් බැලුවාය.
මම ඉන්නවා අම්මා.
ලගට එන්න පුතේ මේ ඔයාගේ තාත්ති.
මම හැරිලා බැලුවේ විදුලි වේගෙන්.
දෙවියනේ ඇයට දරුවෙක්. මා ඇය තනි කර ඇත්තේ දරුවෙක් සමගය. පුංචි පුතු මා වැනිම විය. මට අප දෙදෙනා එක්ව ගත කල නිමේෂයන් සිහිපත් වුයේ නිතැතිනි.
ඔයා තරහ වෙන්න එපා අභින් මම මෙයාට ඔයාව තාත්ති කියල අදුන්නලා දුන්නට. මට ඔයාව හිමි නැතත් පුතාට ඒ අයිතිය නැති කරන්න මට බෑ. මගේ කරුමෙට මාව ලෙඩ වුනේ. එහෙම නොවුන නම් එයාට තනියම එයාගේ ජිවිතේ ගැන තීරණ ගන්න පුළුවන් වෙනකම් මම එයාව බලාගන්නවා. එත් දැන් මේ රටේ එයාට පිළිසරණක් නෑ. මට ඔප්පු කරන්න නම් බැරි වෙයි. එත් මේ ඔයාගේ දරුවා අභින්.
මොනවද මේ කියන්නේ ස්නේහා. මම දන්නවා. මට ඔප්පු කරන්න ඕනේ නෑ
ඔයා එක පිළිගත්තා එකම මට විටිනවා මම වෙනුවෙන් නොවුනත් ඔයාගේ පුතා නිසාවත් මේ දරුවා බාරගන්න අභීන්. අන්තිම වතාවට මම ඔයාගෙන් ඉල්ලන්නේ ඒක.
මම බලාගන්නවා ස්නේහා. මම කිවේ දරුවා තුරුල් කරගෙන. පළමු වතාවට මම තාත්තෙක් කියන හැගීම මට දැනුනා.
ඔයාට තව බබාලා ඇති නේද? ඔයාගේ නෝනා කැමති වෙයිද තව දරුවෙක් බලාගන්න.? එහෙම උනොත් ..
ඇය කියද්දී මම ඇය නැවත්වීමි.
මම ආයේ කසාද බැන්දේ නැහැ ස්නේහා. ඔයානේ මගේ නෝනා
ඇය සිනාසුනාය. ඒ සිනහව ඇය මට ප්‍රථමයෙන් මුණගැසුණු දින සිට මට මතක තිබු ජීවි සිනහවම විය.
ඒ අයිතිය තාම මගේ කියල අහන්නත් සතුටුයි අභින්. පුතු අම්මි නැති උනත් ඔයා අම්මිට වගේම තාත්තිටත් ආදරෙන් ඉන්න ඕනේ. එයාට ඉන්නේ ඔයා විතරයි දැන්. කවදාවත් තාත්තිගේ හිත රිදවන්න එපා.
ස්නේහා ඔයාට හොද වෙයි රත්තරන්.
මමයි පුතයි හිටපු ගෙදර ලොකර් එකක් ඇති. පුතා ඔයාට පෙන්නයි ඒක. ඒකෙ පාස් වර්ඩ් එක ඔයාගේ උපන්දිනය. පුතාගේ ලියකියවිලි සේරම එතන ඇති. එතන තියෙන දිනපොත් පුච්චලා දාන්න. මම හිත හදාගත්තේ ඒවල පිහිටෙන්. ඒත් පුතාට කවදාවත් ඒවා පෙන්නන්න එපා.
ස්නේහා අනේ ඔයාට හොද වෙයි පැටියෝ. මම කීවේ කදුළු නවත්තන උත්සහ කරන්නේ වත් නැතුව.
ස්නේහා ප්ලීස් මාව දාලා යන්න එපා. මට සමාවෙන්න. මම කීවේ ඇය තදින් තුරුල් කරගෙන. ප්ලීස් රත්තරන් මට ඔයාව ඕනේ අවුරුදු 10ක් තිස්සේ මම විදෙව්වා ඔයා නැතුව මට ඔයා නැතුව බැහැ. මම ආදරෙයි.
මට මේ ලෝකේ ඉන්න තියෙන කාලේ ඉවරයි අභීන්. මම ඔයාට හැමදාම ආදරෙයි. මේ ආත්මේ ඔයාට මාව එපා උනත් ඊලග ආත්මේ හරි ඔයා මට ආදරේ කරනවා දකින එකයි
මගේ එකම ප්‍රාර්ථනාව. අපේ දරුවා බලාගන්න අභීන්. ඒ ඇය මට අවසානයටම කි වදන් විය. මම ඇය තුරුල් කරගෙන මුළු රෝහල දෙවනත් වන ලෙස කෑ ගැසුවද වැලපුණද ඇය යලි මවෙත නාවාය.
පුතේ ඔබේ පියාගේ අවාසනාවන්ත දෛවය එයයි. ඇයට සිදු වූ සියල්ලටම වගකිව යුත්තේ මාය. පුතේ මට සමාවෙන්න.
-අභීන් ඉරුගල්බණ්ඩාර-
ආදරණිය අම්මා. ඇය තාත්තාට කොපමණ නම් ආදරය කරන්නට ඇතිද? එවන් ලදක් මිහිපිට තවත් ඇතැයි මම නොසිතමි. එනමුත් මගේ සිතේ පියාට ඇති ආදරය නොවෙනස් වනු ඇත. මන්ද යත් අම්මාගේ කැමැත්ත වුයේ එයයි.
-අභීන් සෙනෙහස් ඉරුගල්බණ්ඩාර