Ex වයිෆ්
43 වන කොටස
“මාත්තියා යේ හැමදේම යෙපා කියලා මාත්තියා මගේ ළඟට ආවේ ..මම මාත්තියාව බලෙන් මගේ ලගට ගත්තේ නේනේ..මට ඔහොම මාත්තියා බයින යෙක වැරදී..මාත්තියා නිසා මට මගේ පුතාත් නෙති වුනා..මාත්තියා මට ඕම කතා කරනවා නම්
මට මෙහේ යින්න බෑ..මම අම්මා ගාවට යනවා මාත්තියා..”
චේතනා එහෙම කිව්වේ අන්තයටම ගිහාන් ගැන කළකිරිලා..
ගිහාන් මදක් කල්පනා කරා…
දැන් තමන්ට හිරූෂාවයි ළමයි දෙන්නයි නැතිවෙලා අම්මා තාත්තත් නැතිවෙලා…ඉතිරි වෙලා ඉන්නේ චේතනා විතරයි…
චේතනා නැතිවුණොත් කාත් කවුරුවත් නැතිවෙලා යනවා…
ගිහාන්ට එහෙම හිතුණා..
ගිහාන් කියන්නේ මහා අවස්ථාවාදියෙක් ..තමන්ගේ වාසිය ගැන විතරක් හිතන කෙනෙක්….
ගිහාන් තරහෙන් ගස්සන් රවාගෙන ඉන්න චේතනාට ළං වුණා..
“අම්මයි තාත්තයි තරහා වෙලා ගිය නිසා මට පොඩ්ඩක් අප්සට් ගියා.ඒකයි එහෙම කතා කළේ..මට දැන් ඉන්නේ ඔයා විතරයි…”.
ගිහාන්ගෙ මුදු කතාබහ චේතනාගේ හිතේ තිබුණ තරහව නිවලා දැම්මා..
“මට තේරෙනවා මාත්තියා … මේ වෙලාවේ මාත්තියාගේ තත්ත්වය..ඒත් ඔයා ඔහොම කතා කරද්දී මටත් තරහ යනවා නේ …මාව ඔයාට ලැජ්ජාවක් නම් මගෙන් ඈත් වෙන්න මාත්‍තියා..මම ඉස්සර හිටියා වගේ තනියම ඉන්නම් මහත්තයා …”
චේතනාගේ ඇස් වල කඳුලු පිරිලා …
ගිහාන් හෙමිහිට චේතනාගේ ඇස් වල කඳුළු පිහිදැම්මා …
ගිහාන් චේතනාගේ මුහුණ සිප ගත්තා …
චේතනාගේ පහසට ගිහාන්ගෙ හැඟීම් ඇවිලෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ …
ඒ ඇවිලෙන ගින්නට චේතනා හෙමිහිට පිදුරු දැම්මා …දැන් ඒ ගින්න ඇවිලෙමින් දැවෙනවා ….
හිරූෂාගේ ව්‍යාපාරය දැන් ටික ටික සරුවෙලා …
හිරූෂාගේ ඇඳුම් වලට මහරගම පමුණුව ඇඳුම් සාප්පු සංකීර්ණයේ අයිතිකාරය කැමති වුනේ ඒවා උණු කැවුම් වගේ විකුණුනු නිසා ..
කුඩාම දරුවාගේ ඉඳලා අවුරුදු 12ක 13ක ගැහැණු දරුවන් වෙනුවෙන් ගවුම් ඕඩර් හිරූෂාට බාර වුනා ..
හිරූෂාගේ ලස්සන ලස්සන ගවුම් විලාසිතා වලට දවසින් දවස ලොකු ඉල්ලුමක් ලැබුණා .
මදුකාට අමතරව තවත් ගැහැණු ළමයින් තුන් දෙනෙක් හිරූෂා ලඟ වැඩකලා …
හිරූෂාගේ ගෙදර සාලේම ඔවුන් වෙනුවෙන් වෙන්වුණා…
හැම ඇඳුම් මෝස්තරයක්ම නිර්මාණය කළේ හිරූෂාමයි..
උසස් පෙළ නිම කරාට පස්සේ ලංකාවේ ඇඟලුම් පාසලක පැටන් මේකර් පාඨමාලාව හිරූෂා කරපු නිසා හිරූෂාට ඒ ගැන හොඳ අවබෝධයක් තිබුණා..
ඇඳුම් මහන්න සේවිකාවන් හිටපු නිසා හිරූෂා ඇඳුම් මැහුවේ අඩුවෙන්…ගෙදර වැඩ චූටි දෝණිගේ වැඩ කරන ගමන් පුළුවන් විදිහට මැහුවා ..
ඒත් මහන හැම ඇඳුමක්ම හිරූෂා හොඳින් නිරීක්ෂණය කළා ..
හදිසියේ ඇඳුම් ඕඩරයක් ආවොත්,දෙන්න ප්‍රමාද වෙච්ච දවසට හරි හරියට හිරූෂා ඇදුම් මැහුවා…
ඇඳුම් මැහුවත් නොමැහුවත් චූටි දෝනි නිදා ගත්තට පස්සේ රෑ එළි වෙනකන් හිරූෂා ලස්සන ලස්සන ඇඳුම් මෝස්තර නිර්මාණය කලා ඇන්දා…
හිරුෂා මොනදේ කලත් කරන්නේ ලොකු කැපකිරීමකින් නිසා හිරූෂා දවසින් දවස සාර්ථක වුණා..
“අම්මේ හැමදාම මේ ගෙදර ඇඳුම් මහන්න බෑ ..තව මාස ගානකින් අභීත පුතාගේ විභාගේ .මෙහෙ ඇඳුම් මහන නිසා දවස පුරාම සද්ද …පුතාගේ ඉගෙනීමට ඒක බාධාවක් ..
හිරූෂා එහෙම කිව්වම හිරූෂාගෙ අම්මා කලබල වුණා ..
“මෙච්චර අමාරුවෙන් වැඩේ පටන් අරගෙන යන්තම් ටිකක් දියුණු වෙච්ච ගමන් ඒක නවත්තන්න ද හදන්නේ ?හරි අපරාධයක් ලොකු…”
“නවත්තන්නෙ නෑ …මට පොඩි අදහසක් ආවා ..”
“එහෙනම් මොක්කද කරන්නෙ…”
“මේ ඉඩමෙන් පිටිපස්සට වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා…පුංචි කඩ කෑල්ල්ක් හදාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා …එතකොට ඒ අයට නිදහසේ වැඩ කරගන්න පුළුවන් …පුතාට බාධාවකුත් නැහැ..”
හිරූෂා එහෙම කියපු ගමන් හිරූෂාගේ අම්මගේ මූණ එළිය වුණා..
ඒ අදහස නම් පංකාදු පහයි කියලා හිරූෂාගේ අම්මට හිතුණා.
සැමියා නැති වුණාට හිතේ හයියෙන් ජීවීතේ ගොඩනගා ගන්න උත්සාහ කරන තමන්ගේ දියණිය ගැන හිරූෂාගේ අම්මගේ හිතේ ආඩම්බරයක් ඇති වුණා…
“ඒක නම් හොද අදහසක් ලොක්කි …මගේ ලොක්කිට කවදාවත් වරදින් නෑ … උ//ඹ දවසින් දවස ඉහළට යනවා පුතේ ..ගිහාන් කියන්නේ මහා මහ කා//ලකන්නි මිනිහෙක්…ඒ මනුස්සයට මගේ දුව වගේ ගෑ//නියෙක් එක්ක ජීවත් වෙන්න පින නෑ …”
අම්මා එහෙම කිව්වම හිරූෂා ලොකු හුස්මක් ගත්තා… .
“එක අතකින් ගිහාන් මාව එපා කියලා කියපු එකත් හොදයි …ගිහාන් එක්ක ජීවත් වුණා නම් ලෝකෙට පේන්න ලස්සනට ඉඳලා මට හැමදාම දුක් විඳින්න වෙන්නේ.නමට විතරක් හිටපු මනුස්සයෙක් එක්ක ජීවත් වෙනවාට වඩා තනියම ජීවත් වෙන එක හොඳයි …දැන් මම නිදහසේ සතුටින් ජීවත් වෙනවා ….”
හිරූෂා ගොඩක් උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක් .හිරූෂාගේ හිතේ ගිහාන් ගැන කිසි වෛ//රයක් නෑ …..
“ඒක නෙමෙයි දුවේ ..මම මේ දුව එක්ක කතා කරන්නමයි හිටියේ ..අපි දුවට ගැලපෙන හොඳ කටයුත්තක් කරමු …”
අම්මා එහෙම කියපු ගමන් හිරූෂා අම්ම ගේ දිහා ඇස්දෙක ලොකු කරලා බැලුවා…
අවුරුදු ගානක් ආශ්‍රය කරලා කසාද බැඳපු ගිහාන් මෙහෙමනම් අදුරන්නැති මිනිස්සුන්ව කොහොම විශ්වාස කරන්නද? ලොකු පුතෙක් ඉන්නකොට මොන කසාද ද ?..
හිරූෂා එහෙම හිතුවා …
“අම්මා මොනා කියනවද මන්දා .. ලොකු පුතෙක් ඉන්න මට මොන කසාදද ?..ඒ ළමයට ලැජ්ජා වෙන එක විතරයි වෙන්නේ..”
“එහෙමයි කියල පුලුවන්ද ඔයාට හැමදාම තනියම මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද ?..ඔයාටත් අනාගතයක් තියෙන්න ඕනේ ..මායි තාත්තයි නැති වුණාට පස්සේ ඔයාට කවුද ඉන්නේ ….”
හිරූෂාගේ අම්මා මෙච්චර දවස් කල්පනා කළේ ඒ ගැන..ලොකු පුතෙක් හිටියත් හිරූෂා තවම තරුණයි…තවමත් කසාද බඳින්න බැරි කමක් නෑ …
තමන් අහපු දේට හිරූෂා මෙච්චර විරුද්ධ වෙයි කියලා හිරූෂාගේ අම්මා හිතුවේ නෑ…
වැලක් උනාම එතෙන්න ගහක් තියෙන්න ඕනේ….
කාන්තාවක් වුණාම ඒ වගේම සැමියෙක් ඉන්න ඕනේ …විවාහයක් තියෙන්න ඕනේ..නැතිනම් කාන්තාවන්ට පැවැත්මක් නෑ කියලයි හිරූෂාගේ අම්මා හිතන්නේ …
“මට කවුරුත් ඕනෙ නෑ …මට පුතෙක් ඉන්නවා ..එයා හැමදාම ඔය ගානට ඉන්නෙ නෑනේ..පුතා උස් මහත් වෙච්ච දවසකට එයා ලොකු පිරිමියෙක්නේ..”
“ළමයි හැමදාම එක විදිහට ඉන්නේ නෑ … උන් ගෑ//නු ගත්තට පස්සේ ගෑ//නුන්ව ලොකු කරගෙන අම්මලාව අමතක කරනවා ..ලේලියෙක් ආව දවසක ඔයා තනි වෙනවා …”
“එහෙම වෙන්නේ මම මගේ ලේලිට,ලේලි යෙක් විදිහට සැලකුවොත් …පුතා බදින දුව මගේ දුවක් කියලා හිතලා සැලකුවොත් ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ …එතකොට මට පුතයි දුවලා දෙන්නයි …කොච්චර හොඳයිද ?..”
“අනේ මන්දා ලොකු එක කතා කරන්න තරම් මම ඉගෙනගෙන නෑ ..ඒ උනත් මේ රටේ ලෝකෙ ගෑ//නියෙක්ට තනියම ඉහගහලා ජීවත් වෙන්න බෑ …පිරිමියෙක්ගේ රැකවරණය ඕනෙමයි ..දික්කසාද ගෑ//නියෙක්ට තනියම ජීවත් වෙන්න බෑ “
අම්මලා තවම හිතන්නේ හණමිටි විදිහට..ආර්ථිකය ශක්තිමත් වෙච්ච ස්වාධීන ගැහැනු කෙනාට තනියම වෙන්න බැරි කමක් නෑ .
හොඳ පෞර්ෂයක් තියෙන ස්වාධීන ගැහැනියට තනියම ජීවත් වෙන්න බැරි කමක් නෑ….
මනුස්සකමත් නැති කිසිම ගැලපීමක් නැති මනුස්සයෙක් එක්ක දුක්කසාදෙක ඉන්නවට වඩා දික්කසාද වෙලා තනියම ජීවත් වෙන එක කොච්චර හොඳයිද?…
දික්කසාද, කසාද ,වැන්දඹු කියලා මිනිස්සු ලේබල් ගැහුවට ,කශේරුකාව පණ තියන ගැහැණියට මේ සමාජේ බයයි….
හිරූෂා හිතන්නේ දැන් එහෙමයි ..
“මම කාටවත් වැරැද්දක් කරලා නෑ …ඒක නිසා මට ඉස්සරහට වැරැද්දක් වෙන එකක් නෑ …තනියම ජීවත් වෙන එක හොඳයි …නොගැලපෙන තැනක හිර වෙලා දුක් විඳිනවට වඩා…මට කසාදයක් ගැන කියලා බල කරන්න එපා අම්මේ..”
හිරූෂා එහෙම කිව්වම හිරූෂාගෙ අම්මා තිගැස්සිලා ගියා …
“ඔයාට දැන්ම තේරෙන්නේ නැහැ ..ඒත් අපි නැති දවසක කවදහරි ඔයාට ඒවා තේරෙයි …හැම මනුස්සයෙක්ම ගිහාන් ගිහාන්ගෙ මිම්මෙන් මනින්න එපා …මේ ලෝකෙ හොඳ පිරිමිත් ඉන්නවා…දැන් බලන්න ඔයාගේ තාත්තා කොච්චර හොඳ පිරිමියෙක්ද ?අපි ඔයාටත් හොඳ කෙනෙක්ව හොයලා බලමු .”.
මේ ලෝකේ හොඳ පිරිමි කොච්චර හිටියත් අනුන්ගේ දරුවන්ට තමන්ගේ දරුවන්ට වගේ සලකන පිරිමි හොයාගන්න අමාරුයි ..
නැති ප්‍රශ්න හදා ගන්නවට වඩා දරුවෝ දෙන්නා එක්ක මේ විදිහට ජීවත් වෙන එක වටිනවා …
හිරූෂා එහෙම හිතුවා ..
“අම්මලා කැමති නැද්ද මම සතුටින් ඉන්නවාට මට ඔය කසාද එපා…”
හිරූෂා එහෙම කිව්වේ මහන ගැහණු ළමයින්ට තේ හදන ගමන්…..
හිරූෂාගේ අම්මා උන්නේ ලිපේ තිබ්බ කරවල හොද්ද හැදිගාන ගමන්….
“අනේ මන්දා තාත්තටයි මටයි ඔයා ගැන හිතද්දි බය හිතෙනවා..”
හිරූෂාගේ අම්මාට කතාව ඉවර කරන්න හම්බ වුණේ නැහැ…
ඒ අබීත පුතා ඇවිත් හිරූෂාට කතා කරපු නිසා….
“අම්මේ….අම්මේ..”
අබීතගේ කටහඬ වෙන කවදරදාකටත් වඩා අද කලබලයෙන් කියලා හිරූෂාට හිතුණා..
“ඇයි පුතේ….?.”
“අන්න අර මනුස්සයා ඇවිල්ලා..”
අභීත කීවේ අම්මාගේ දෑස් මගහැරලා බිම බලන ගමන්…
“කොයි මනුස්සයාද?..”
අභීත මේ තරම් කැළඹිලා ඉන්නේ කාව දැකලාද කියලා හිරූෂාට හිතාගන්න බැහැ..
“පොඩ්ඩක් එන්නකෝ..අම්මේ…”
අබීත එහෙම කියද්දී හිරූෂාගේ අම්මාත් අබීත දිහා බැලුවේ කුහුලෙන් වගේ..
“ඉන්න අම්මේ මම බලලා එන්නම්..”
හිරූෂා පුතා එක්ක සාලේට ගියා..සාලේ ඇදුම් මහන ගැහැණු ළමයින් හැරෙන්න වෙන කිසිම කෙනෙක් පේන්න නැහැ..
චූටි දුවවත් පේන්න නැහැ..
“කෝ.කවුරුවත් නැහැනේ..කෝ පුතේ නංගි .?”
හිරූෂා එහෙම ඇහුවේ බයවෙලා වගේ..
“නංගි ඒ මනුස්සයා ළඟ..මිදුලේ..”
“මොනවා ඇයි ළමයෝ අඳුරන්නේ නැති මිනිස්සු ළඟට නංගිව යැව්වේ..”
හිරූෂා කීවේ කලබලයෙන් මිදුලට ඇවිදගෙන යනගමන්..
මිදුලේ බංකුවක් උඩ වාඩිවෙලා හිටපු දුවත් ඒ පුද්ගලයාත් දැකලා හිරූෂා පුදුම වුණා..
මෙයාට මොකටද එකපාරටම මෙහේ මතක් වෙලා තියෙන්නේ..
හිරූෂා එහෙම කල්පන් කරම්න් ඒ පුද්ගලයා ළඟට ලංවුණා.
“අම්මී.මේ තාත්‍තී…එයා දැන් ශෝයි නේ..ඉස්සර වගේ නෝටි නෑ..බබාට දැන් බනින්නේ නැහැ.මේ චොකෝත් ගෙනල්ලා…”
චූටි දෝණි එහෙම කීවේ අතේ තිබ්බ ලොකු චොක්ලට් එක හිරූෂාට පෙන්වන ගමන්…
හමුවෙමු මීළඟ කොටසින්