සිතින් විතරක්
දහ හත…. 17
හ්ම්ම් බහිනවා ඉතිං…
වාහනේ අතර මඟින් නතර කරලා එයා කීවා. මම වට පිට බැළුවා. බස් හෝල්ට් එකක් පේ න්නවත් නෑ. මට හිතුනෙ බයක්.
මෙතන බස් හෝල්ට් එකක් නෑනි…
මම කෙඳිරිලි හඬකින් කීවා.
නෑ තමා මෙතනින් බැහැලා.. ටිකක් ඉස්සරහ යනවා.. එතකොට හෝල්ට් එක තියෙයි.. ඕනි බස් එකක් නවත්තවා…ඔෆිස් එක ලඟ.. බය නැතුව එනවා..
එයා එහෙම කීවම මට තව කියන්න දෙයක් තිබුනෙ නෑ. මම බයෙන් බයෙ න් වාහනේන් බැස්සා. බැහැලා වට පිට බල බල ඉස්සරහට ගියා.
එහෙම යන එක හරි නෑ කියලා මටම හිතුන නිසා මම බක්මනට බිම බලා ගත්තා. ටික දුරක් යද්දි බස් හෝල්ට එක තිබුනා.
කලින් බස් එකක් ගිහින් ද කොහෙද එතන උන්නෙ එක පිරිමි කෙනෙක් විතරයි. එයා නං මගෙ දිහා බලලා හිනාවුනා. ඒත් එක දවසක් එහෙම හිනාවෙන්න ගිහින් සිද්ධවුන දේ නිසා මම හිනා නොවීම බිම බලා ගත්තා.
ගුඩ් මෝනිං නංගි… ක්ලාස් යනවද ඔයා..
ටික වෙලාවකින් එයා මගෙ ලඟට ඇවිත් ඇහු වා. ඈ මෙයාටත් මාව පේන්නෙ පුංචි එකෙක් වගේද. සෙත් සර් බනින එක සාධාරණයි. මම නෑ කියන්නෙ නැතුව ඔළුව වැනුවා.
වැරදියට හිතන්න එපා.. මීට කලින් ඔයාව මම දැකලා නෑ ඒකයි කතා කලේ… මෙහෙට ආවෙ ලඟදිද..? කොහෙද යන්නෙ…
මම මොනවත් කියන්නෙ නැති නිසාමද මන්දා එයා ඇහුවා. ඒ වචන වල නං තිබුනෙ ලෙංගතු කමක්. මම හෙමින් ඔළුව උස්සලා බැළුවා.
ඔෆිස් යනවා.. මම කීවේ බයෙන්.
කොහෙද ඔෆිස් එක… එයා ආයිම ඇහුවා.
එස්ඒ ගාර්මන්ට් එකේ…
ඇත්ත ද… මමත් ඒකෙ තමා වැඩ කරන්නෙ.. ඒත් මීට කලින් දැකලා නෑනේ ඔයා…
එයා ඇහුවෙ පුදුමෙන්. ඒත් මගෙ හිතට නං දැනුනෙ සැනසීමක් දැන් ඉතිං තනියම යන්න ඕනි නෑනි.
අදමයි යන්නෙ…
ආ.. අර අලුත් සෙට් එකේද..?
ඒ මොන සෙට් එකක් ද කියලා මන්දා. ඒත් මම ඔව් කියන්න ඔළුව වැනුවා.
මම අභිෂේක්… ඔයා…? එයා ඒ ගමන අහනවා.
තරුපබා…
මම හෙමින් කීවා. සුරංගනාවි කිව්වොත් සෙත් සර් වගේ මෙයත් හිනාවෙයි ද දන්නෙ නෑනෙ.
ලස්සන නමක්.. ඔයා වගේමයි.. මම හිතුවෙ ඔයා හුඟක් පොඩි ළමයෙක් කියලා…
එයා එහෙම කීවෙ මගෙ දිහා බලාගෙන. මාව එච්චර පොඩියටද පේන්නෙ. මොනවත් නොකි යා මම හිනාවුනා.
ඔහොම හැම තිස්සෙම හිනා වෙන්න එපා ළමයො.. එතන ඉන්න උන්ගෙන් බේරෙන්න වෙන්නෙ නෑ..
ඒ ගමන එයා කියවගෙන ගියෙ හිනාවෙවි. මම ඉක්මනට හිනාව නවත්ත ගත්තා.
ඔයා හුඟක් අහිංසක පාටයි.. ඔච්චර අහිංසක වෙන්න එපා ඉතිං..
අනේ මන්දා අප්පා. මම නිකං වීඳුරු භාජනයක් වගේද හැම එක්කෙනාටම මාව එකපාරම අදුන ගන්න පුළුවන්ද. ඇත්තටම මේ හැමදේම මට අලුත්. අනේ මන්දා කිසිම දෙයක් තේරෙ න්නෙ නෑ. ඒත් එක්කම බස් එකක් ඇවිත් අපි ලඟ නතර කලා.
එන්න නංගි… මේ බස් එකේ යන්න පුළුවන්..
මම බය වෙලා වගේ බලාගෙන උන්න නිසාද කොහෙද එයා එහෙම කියාගෙන බස් එකට නැග්ගා. මමත් එයා එක්ක බස් එකට නැග්ගා.
මෙතනින් බහින්න ඕනිනෙ ළමයො.. ඉක්මන් කරන්න..
බස් එක නතර කලාම එයා කීවා. තවත් අය එතනින් බහින්න හිටපු නිසා. මට කරදරයක් නැතුව බස් එකෙන් බහින්න පුළුවන් වුනා.
තනියම ආව නං මම කොහෙ යයිද දන්නෙ නෑ. අර නපුරාට ඇයි අප්පා මාව වාහනෙන් එකක් එන්න බැරි මම එහෙම හිත හිතාම ගේට් එකෙන් ඇතුල් වුනා.
මම හිතුවට වඩා හුඟක් ලොකු ෆැක්ට්‍රි එකක් වගේ මේක. හුඟක් අය ඇති වැඩට. මට මො නා කරන්න තියෙයි ද දන්නෙ නෑ. දැන් නං බය ත් හිතෙ නවා.
මොකෝ මේ බය වෙලා..?
අභිෂේක් අයියා ඇහුවෙ හිනාවෙලා. මම බය වෙලා ඉන්නවා එයාට පේන්න ඇති.
අද එන්න කීවට කොහෙටද යන්න ඕනි කිව්වෙ නෑනි.. මම කීවේ කටත් ඇදකරගෙන.
අපි ගිහින් රිෂෙප්ෂන් එකෙන් අහමුකො.. ඔහොම බය වෙන්න එපා.. ඔයා තාම පොඩි එකෙක් වගේනෙ..අනේ මන්දා කොහොම ජොබ් කරයි ද කියලා..
එයා එහෙම කීවේ මගෙ දිහා පුදුමෙන් බලලා. ඒත් එක්කම වගේ සෙත් සර්ගෙ වාහනේ අපිව පහුකරගෙන ගියා. එයා මාව දැක්කෙ නැත්තං හො ඳයි නැත්තං ඒකටත් බැනුම් අහන්න වෙනවා.
දන්නවද.. ඒ ගියෙ කවුද කියලා..?
අභිෂේක් අයියා ඇහුවා. අපොයි දන්නවා හොඳටම කියන්න හදලා මම නෑ කියලා ඔළුව වැනුවා.
ඔයා පුදුම ළමයෙක් කතා කරන්න බෑ වගේ එ ක්කො ඔළුව වනනවා.. නැත්තං පොඩි එකෙක් වගේ හිනා වෙනවා.. එයා එහෙම කියලා මගෙ දිහා බලලා හිනාවුනා.
ඇත්තටම ඒ කවුද අයියා…? මම ඇහුවෙ මට ඒ කතාව වෙනස් කරන්න ඕනි වුන නිසා.
එයා තමා.. මේකෙ එම්ඩීගෙ මුණුපුරා.. දැනට හැමදේම හැන්ඩ්ල් කරන්නෙ එයා.. පරිස්සමින් වැඩ කරන්න වෙයි.. ලොකු සර් වගේ නං නෙවී මෙයා මාර සැරයි.. ටික ඇත්තං බනිනවා.. කන පැලෙන්න….
අභිෂේක් අයියා කියවගෙන ගියා. හිනා යන්න ආව නිසාම මම අමාරු වෙන් හිනාව නතර කරගත්තා. එයාගෙ සැර ඉතිං කවුරුවත් මට කියන්න ඕනි නෑනෙ.
එච්චරම සැරද එයා..? මොනවත් නොදන්න කෙනෙක් වගේ මම ඇහුවා.
හ්ම්ම්..එත් බය වෙන්න එපා..හරියට වැඩ ක රනවා නං ප්‍රශ්නයක් නෑ…
මම බය වෙලා ඉන්නවා කියල හිතලද කොහෙ ද එයා ආයිම කීවා.
මං බය නෑ…
ගුඩ් ගර්ල් එහෙම තමා ඉන්න ඕනි….ටිකක් ඉන්න මම අහලා එන්නම් ඔයාලට කොහෙටද එන්න කීවෙ කියලා…
මාව ඔෆිස් එකේ දොර ලඟ නතර කරලා එයා ඇතුලට ගියා. මම එතන ඉදන් වට පිට බැළු වා. හැමදේම හරිම අමුතුයි. මට ඉගන ගන්න හුඟක් දේ තියනවා වගේ. එත් අර නපුරගෙන් බැනුම් අහන්නෙ නැතුව ඉන්න එක තමා අමා රුම. මෙහෙ කරන වැරදි වලට ගෙදර ගිහිනුත් බනීද දන්නෙ නෑ.
එන්නකො නංගි.. මම ඔයාට යන්න ඕනි තැන ට එක්කගෙන යන්නම්..
එහෙම කියලා එයා මාත් එක්ක ඇතුලට ගියා. ගිහින් එක තැනක නතර වුනා. මේ ඉන්නෙත් අද ඔයත් එක්ක අලුතින් වැඩට එන අය මෙත නින් ඉන්න තව ටිකකින් ඔයාලට කතා කරයි.
අනේ හුඟාක් ස්තූතියි අයියා..තනියම ආවනං මේ මොනාත් හොයා ගන්න බැරිවෙනවා.. ඔයාටත් මං හින්දා කරදරේ ලේට් උනාද දන්නෙ නෑ…
මාව එතනින් නවත්තලා එයා යන්න හදද්දි මම එයාට කීවා. ඇත්තටම එයා හිටියෙ නෑ නං තනියම ඇවිත් මේවා කොහොම කරගන්නද..
ඒක ඒ තරම් දෙයක් නෙවී නංගා..එහෙනං ඕල්ද බෙස්ට්..ඔන්න මම ගියා..බය වෙන්න එපා හොඳේ…
කියාගෙන එයා එතනින් පිටවුනා. මම වටපිට උන්න අය දිහා බැළුවෙ ඊට පස්සෙ.තව පිරිමි ළමයි පස් දෙනෙකුයි ගෑ ණු ළමයි දෙන්නෙකුයි හිටියා.
පිරිමි ළමයි ටික නං මාත් එක්ක ලස්සනට හිනාවුනා. ඒත් අර ගෑ ණු ළමයි දෙන්නා නං ඔරවගෙන හිටියෙ. එක්කෙනකේ නං මගෙ දිහා බලලා අමුතු විඳිහකට හිනාවුවා වුනා. මං මහ ගොඩේ කෙ ල්ලෙ ක් කියලා හිතුවද දන්නෙ නෑ.
අර නපුරා මට තමා කොටයි කොටයි කියලා මේ ඇඳුම අඳින්න දෙන්නෙ නැතුව මැ රෙ න් න හැඳුවෙ. මෙයාලා ඇඳන්න ඉන්නෙ මොනවද දන්නෙ නෑ එතකොට. එයාලා බස්වල නෙවීද දන්නෙ නෑ එන්නෙ.
මම එහෙම හිත හිත ඉන්නකොට අපිට ඇතු ලට එන්න කියලා කතා කලා. අනිත් අයත් එක්ක මමත් ඇතුලට ගියා. ඔය ඉන්නෙ නපුරා මූණෙ හිනා බිඳක්වත් නැතුව ඔරෝගෙන.
මේ හැමෝම අද අලුතින් ආව අය නේද..?
හැමෝම දිහා වෙන වෙනම බලන ගමන් එයා ඇහුවා. මාව දන්නෙවත් නැති කෙනෙක් වගේ මගෙ දිහත් බැළුවා. මාත් ඉතිං එයාව දන්නෙ නෑ වගේ ඔහෙ බලන් හිටියා.
ඔව් සර්… හැමෝම එකපාරම කිව්වා.
දන්නවනෙ මේක ඔෆිස් එකක්..නිකං බලන් ඉන්න නෙවී වැඩ කරන්න ඇවිත් තියෙන්නෙ.. ඒක හොඳට මතක තියාගෙන භාරදෙන වැඩ ටික හරියට කලේ නැත්තං වැඩි දවසක් මෙතන ඉන්න වෙන එකක් නෑ තේරුනාද..?
එයා ඇහුවෙ ඔරෝගෙනමයි. අනිත් අය නං ඔව් කීවා. ඒත් මට එහෙම කියන්නවත් බැරි වුනා. මම අන්ද මන්ද වෙලා වගේ වටපිට බැළුවා.
මේ හ\ලෝ ත/මු/සෙ මේ ලෝකෙ නෙවී ද ඉන්නෙ..දෙයක් කීවම කියන දේ අහන්න පුරුදු වෙනවා හැමදේටම කලින්..
මගෙ දිහා බලලා එයා එහෙම කියද්දි නං ඇත් තටම මට හුඟක් දුක හිතුනා.
හා සර්…
මම කීවේ අසරණම අසරණ හඬකින්. ගෙද රි න් මොන තරම් බැන්නත් මේ වගේ තැනක මෙ හෙම බනිද්දි හරි අසරණ හැඟීමක් දැනෙ නවා
ඊට පස්සෙ එයා කාටද කෝල් එකක් ගත්තා.
බ්‍රාන්චස් හෙඩ්ලව ටිකකට මගෙ රූම් එකට එවන්න..
එයා ඒ කතාකරපු කෙනාට කීවා. ටික වෙලා වකින් දෙතුන් දෙනෙක් ඒ රූම් එකට ආවා. එයා ඒ ආව අයට අපි අට දෙනාව බෙදලා භාර දුන්නා.
මාත් එක්ක හිටියෙ තව පිරිමි ළමයි දෙන්නෙ ක්. ඒක නං ලොකු දෙයක් අර කෙ ල් ලො දෙන් නා නං මට දැම්මම පේන්න බැරුව හිටියෙ.
අපිව භාර දුන්න මිස් අපි තුන්දෙනත් එක්ක ගෙන එයාගෙ බ්‍රාන්ච් එකට එක්කගෙන ගියා. තාමත් හිතාගන්න බෑ මොනවද කරන්න තියෙන්නෙ කියලා. එතෙන්ට ගියා විතරයි එතන හිටපු අය අපිව වටකරගෙන එක එක ඒවා අහන්න ගත්තා.
තරුපබා සුරංගනාවි ලස්සන නමක්නෙ.. ඔයාටම ගැලපෙනවා..ඔයත් සුරංගනාවියක් වගේනෙ.. මේ අපි මෙයාට සුරංගනාවි කිය මුද….?
මගෙ නම අහපු ගමන් එතන ඉන්න අය කි යවන්න ගත්තා. අයියෝ මම මොකට මුළු නමම කීවද මන්දා.
සුරංගනාවි කියන කොට දිග වැඩීනෙ.. අපි ඒන්ජල් කියමු.. ඒක ලේසිනෙ..
මේ ළමයට පාඩුවෙ ඉන්න දෙන්න…අදම ජොබ් එක දාලා යයි මේ කටවල් ටිකට බය වෙලා..
අර අපිව එක්කගෙන ආව මිස් කීවම එයාලා නිශ්ශබ්ධ වුනා. මට නං මේ හැමදේම අළුත්. හැමදේම ඉගන ගන්න වෙනවා. මෙතන ඉන්න අය නං හුඟක් හොඳයි වගේ. එයාලා හැමෝ මාත් එක්ක කතා බහ කලා. අර පිරිමි ළමයි දෙන්නත් හොඳයි. එක්කෙනෙක්. රුක්ෂාන් අනිත් එක්කෙනා සහේන්.
අපි තුන්දෙනාම කෑමට ගියෙත් එකට. ඒ දෙ න්නා ඉක්මනින්ම මාත් එක්ක යාළුවුනා. ඇ ත්තටම ගේ ඇතුලට වෙලා ඉන්නවට වඩා මෙහෙම එන්න ලැබුන එක ලොකු දෙයක්. මට ඉගන ගන්න කොයිතරම් දේවල් තියනවද. කොලේජ් එකෙන් ඉගන ගත්ත දේවල් ඇරෙන්න.
ජිවත් වෙන කොට මොන තරම් දේ ඉගන ග න්න ඕනිද.. මෙච්චර දවසක් මම ඉදලා තියෙ න්නෙ මොන තරම් කොටුවුන ලෝකෙකද කිය ලා මට නිකමට වගේ හිතුනා.
පුංචිම එකෙකුට වගේ හැමදේම මුල ඉදන් ඉගන ගන්න වෙනවා. රුක්ෂානුයි සහේනුයි නං ස්කූල අවුට් වෙලා කෝසස් දෙක තුනක්ම කරලා තිබුනා. මම තමා මොනවත් දන්නෙ නැති කෙනා.
ඒ ලෙවල් වලට අයිටී කරලා තිබුන නිසා යන්තං එයාලා මුලින්ම කරන්න දුන්න ඩේටා එන්ටර් කරන වැඩේ නං කරගන්න පුළුවන් වෙයි වගේ. හිමීට අනිත් ඒවත් ඉගන ගන්න වා. හැමදේම ඉගනගෙන හැමෝම ජොබ් වලට යන්නෙ නෑනි. මාත් හෙමීට ඉගන ගන්නවා.
දවස ගෙවිලා ගියා හුඟක් ඉක්මනට. වෙහෙස ක් නං දැනුනෙ නෑ. හැමදේම අළුත් නිසා වෙ න්න ඇති. අර නපුරා මොනා කරනවද දන්නෙ නෑ. අඩු තරමින් කතා කරලා වැඩ ටික කරන්න පුළුවන්ද කියලවත් ඇහුවෙ නෑ. කමක් නෑ මම තනියමම හැමදේම ඉගන ගන්නංකො.
මම ගේට් එකෙන් එලියට ඇවිත් බැළුවෙ අ භි ෂේක් අයියා ඉන්නවද කියලා. ඒත් එයා හි ටි යෙ නෑ. එයාට ඉතිං හැමවෙලාවෙම මාව එක්කගෙන යන්න බෑනි.
තනියම යන්න මං පුරුදු වෙන්න එපාය. එහෙ ම හිතලා මම ඊලඟට ආව බස් එකට නැග්ගා.
බස් එකට නැග්ග වෙලාවෙ ඉදන්ම පාර දිහා බලන් ඉදලත් මට බහින්න ඕනි තැන පහුවුනා. මම හොඳටම බයවුනා එතන ඉදපු කෙනෙකුට කියලා බෙල් කරලා බස් එකෙන් බහින් වුනේ ඊලඟ හෝල්ට් එකෙන්.
මම හිටියෙ හොඳටම බය වෙලා. හොඳටම හවස් වෙලා ආපහු යන්නත් සෑහෙන දුරක් තිබුනා. මම බයෙන් බයෙන් වට පිට බල බල ආපහු යන්න පටන් ගත්තා.
පාරෙ ඉන්න අයත් මම දිහා අමුතු විඳිහකට බලනවා. බයටම පපුව ගැහෙනවා. දැන ගත් තොත් නං සෙත් සර්ගෙන් හොඳටම බැනුම් අහන්න වෙනවා අදනං.
දැන්නං ඇඬෙන්න හොඳටම ලඟයි. ඇස්වල කඳුළුත් පිරිලා. බය වැඩිකමට වෙව්ලනවද මන්දා මාව. ඇයි මටම මෙහෙම වෙන්නෙ.
තනියම යන්න දන්නෙ නෑ. තව ටිකකින් ක ළුවර උනාම මම මොනා කරන්නද මම දන්නෙ නෑ. ඒත් එක්කම මගෙ ළඟ සෙත් සර්ගෙ වාහ නේ නතර කලා.
පිස්සු ද ඕ\යි…මේ කොහෙද යන්නෙ හොල්ට් එකෙන් බස් එකෙන් බහින්න බෑද…?
මම වාහනේට ගොඩ වෙන ටිකට එයා කෑ ග හන්න තියා ගත්තා.කොච්චර බැන්නත් හිතට නං දැනුනෙ ලොකු සැනසීමක්.
හොල්ට් එක දැක්කෙ පහු උනාමනෙ… මම කීවේ අඬන්න හොඳටම ලඟ හඬකින්.
හැම මඟලටම අඬන්නයි…ඇස් ලොකු කරනයි විතරක් ඉගන ගත්තාම ඇති බස් එකක යන්න දන්නෙ නෑ
හරියට දෙයක් කීවම කියන දේ අහ න්නෙ නෑ.. පොඩි එකෙක් කියලද හිතා ගෙන ඉන්නෙ
..කල්පනා කරලා වැඩක් කරග න්න බෑද…
එයා ආයිම බනින්න තියා ගත්තා. ඇත්ත තමා මට මොනවත් හරියකට කර ගන්න බෑ. සමහ ර එයා මේවා කරන්නෙ මට ඒවා උගන්නන්ද දන්නෙ නෑ. ඉතිං ඇයි අප්පා ඔහොම බනින්නෙ නැතුව ආදරෙන් කියන්න බෑද.
ඉතිං මම මොනාත් දන්නෙ නෑනෙ..මීට කලින් කවදාවත් මම බස් එකක තනියම ගිහින් නෑ.
එහෙම යන්න තැනකුත් නෑ.. මං පාර බලන් ආවෙ..ඉතිං හෝල්ට් එක පහුවුනාමනෙ ඒක කියලා පේන්නෙ..
මම කීවේ කෙඳිරි හඬකින්. කුටු කුටු ගාලා.
කියන මඟුලක් ඇහෙන්න තේරෙන්න කියන වා..කුටු කුටු ගාන්න තියා ගන්නෙ නැතුව..
මම කියපු දේ ඇහුනෙ නැතුවද නැතිං ඇහිල මද දන්නෙ නෑ එයා එහෙම කීවා. මම ආයිම මොන වත් කියන්න ගියෙ නෑ.එයා ඒ ගමන මාවත් එක්කගෙන ආවෙ සීයගෙ ෂොප් එකට.
ඔෆිස් එකකට අඳින්න පුළුවන් ඇඳුම් ගන්නවා බබාලා වගේ උඩටත් පල්ලෙහාටත් නැති ඇඳු ම් ගන්නෙ නැතුව.. මම වාහනෙන් බහිද්දිම එයා අනතුරු ඇඟෙව්වා.
ඉතිං ඔෆිස් එකේ හැමෝම අඳින්නෙ එහෙම ඇඳුම්නෙ..
ඇත්තටම මට තේරෙන්නෙ නෑ. මගෙ ඇඳුම් විතරක් කොට වැඩි වුනේ කොහොමද කියලා.
අනිත් එවුන් රෙදි නැතුව ආවත් මට කමක් නෑ.. ඒත් ත\මු\සෙ අඳින්න ඕනි මට ඕනි විඳිහට මම කියන විඳිහට..තේරුනාද.. කයිය පැත්තක තියලා ගිහින් අඳුම් ටිකක් තොරගෙන එනවා…
ඒ ගමන එයා කිව්වෙ මොන හැඟීමකින් ද මන් දා ඒ කියන්නෙ ඒ කියන්නෙ එයාට මම විශේෂ කෙනෙක් ද තේරෙන්නෙ නෑ අප්පා.
හමුවෙමු.
මම මේ කතාව ලියන්න පටන් ගත්තෙ ටිකක් දිගට ලියන්න හිතාගෙන. මොකද තරුපබා වගේ චරිතයක් ගොඩනඟන්න වෙන්නෙ හරි පරිස්සමින්. ළමා නිවාසෙක ජීවත් වුන අවුරුදු දහ නවයක ලාබාල යුවතියක් කියන්නෙ සාමාන්‍ය ජීවිතේ හුඟාක් දේවල් ගැන දැනුමක් අවබෝධයක් නැති කෙනෙක්.
ඉතිං එයා මේ අළුත් අමුතු ලෝකෙට මුහුවෙන විඳහ සෙත් වගේ නපුරු නන්නාදුනන කෙනෙ ක් එක්ක ගනුදෙනු කරන විඳිහ. සමාජයෙ අනිත් අයට එයාව පේන විඳිහ මේ හැමදේම හරිම පරිස්සමින් විස්තර කරන්න ඕනි නැත්තං කතාව පැටලිලි සහගත එකක් වෙන්න පුළුවන්.
අනික මේ වගේ කතාවක් මම ලියන්නෙ පලවෙනි වතාවට. ඉතිං ටිකක් ආධුනිකයි වගේ දැනෙයි. ඒකාකාරියි එක තැනක කැර කෙනවා වගේ දැනෙයි. දෙතුන් දෙනෙක්ම කීවා මම කතාව හිතාමතාම දිගට අදිනවා කියලා.
ඒත් මගෙ කතා කියවන අය දන්නවා. මම ම ගෙ කතා අනවශ විඳිහට දිගට ඇද ඇද ඉන්න කෙනෙක් නෙවී කියලා. මොකද මම ලයික් කමෙන් වලට නෙවී ලියන්නෙ.
මේ කතාවෙ අවසානෙ හිතේ තියාගෙන ලියන් නෙ මම. ඉතිං තව කොටසකින් දෙකකින් උන ත් අවසන් කරන්න පුළුවන් ඕනිනම්. හැමදාම වෙනසක් බලාපොරොත්තු වෙන නිසාම කියන් නම් මේකට තියෙන්නෙ ඔයාලා හිතනවට වඩා වෙනස් අවසානයක්.
ඉතිං ස්ටිකර් එකක් දාලා,ලස්සනයි කියලා විත රක් නොකියා ඇත්තටම දැනෙන දේ කියන්න. ඇත්තටම මේක ඒකාකාරී ද.