විසිහත්වන දිගහැරුම
Episode 27
“ඔව්මයි motor bike එකක්………..”
යතුරුපැදියෙන් බැස ආ පුද්ගලයා කාර්යාලය දෙසට ඇවිදගෙන යන අයුරු එහි විය………
“ඕක pause කරල zoom කරල බලමු කවුද කියලා “
.සෙහංසා එම පුද්ගලයාගේ සමීප ඡායාරූපයක් පරිගණක තිරයට ගෙන පිරික්සන්නට වූවාය ………
“ෆුල්ෆේස් හෙල්මට් දාලා ජැකට් දාලා කවුද කියලා හරියටම අඳුරගන්න අමාරුයි ……………..”
“මිස් පොඩ්ඩක් ප්ලේ කරන්න ………”
“මිස් මේකෙනා ඇවිදින විදිහ බලන්න ……….කකුල පොඩ්ඩක් අද්ද අද්ද වගේ ඇවිදින්නේ…….”
“ඔව්මයි දිසෙන්……කෙට්ටු උස මනුස්සයෙක් .ඒත් කවුද මේ කියලා හරියටම හොයාගන්න බෑ …… “
යතුරුපැදියෙන් බැස ආ පුද්ගලයා කාර්යාලය දෙසට ඇවිදගෙන යන අයුරු එහි විය………
“ඕක pause කරල zoom කරල බලමු කවුද කියලා “
.සෙහංසා එම පුද්ගලයාගේ සමීප ඡායාරූපයක් පරිගණක තිරයට ගෙන පිරික්සන්නට වූවාය ………මුණ හරියට බලාගන්න බැරිව”
“අපි play කරල බලමු……….”
එහි පැහැදිලිව එම පුද්ගලයා කාර්යාලයේ දොරකඩ ළඟට ගොස් මද වේලාවක් එතැන නතර වී ඉන්නා ආකාරය පෙනුණී………….
“එතනින් එහාට අපිට මුකුත් බලාගන්න විදිහක් නෑ …………
“මේ කැමරාවට security guard room එක පේන්නේ නෑ මේ මනුස්සයා ටිකක් වෙලා නතර වෙලා හිටියේ ගාඩ් රූම් එක ළඟ නේද …..?..”
“ඔව් එතනින් එහාට මුකුත් බලාගන්න විදිහක් නෑනේ ………….”
“මිස් පැයක් විතර ෆ්‍රෝවර්ඩ් ගිහින් බලන්න ……..”
“ඔෆිස් එකේ ඉදලා ගේට් එක ලඟට කවුරුත් එනවා පේන්න නං නෑ ………..”
“එහෙම එන්න විදිහක් නෑ නේ මිස්……..ගිය විදිහටම ආයෙ එන්නත් ඕනේ නේ ……තව ටිකක් ෆ්‍රෝවඩ් කරල බලමු ……….. ..”
සෙහන්සා තව පැය භාගයක් පමණ එසේ ටීවී වාර්තාව ඉදිරියට ගෙන යන්නට වූවාය…….
“මිස් දැන් pause කරන්න ……..”
“අන්න අර මනුස්සය එනවා ……..ඒ කියන්නේ දිසෙන් ඒ මනුස්සයා පැය එකාමාරක් ඔෆිස් එක ඇතුලේ ඉඳලා තියෙනවා ………….ඒ මනුස්සයට මගේ ඔෆිස් රූම් එකේ ඔච්චර වෙලාවක් තිස්සේ හොයන දෙයක් නෑ ………මම නම් හිතන්නේ ඒ මනුස්සයා හොරෙන් පැනලා තියෙන්නේ මගේ ඔෆිස් රූම් එකට විතරක් වෙන්න බෑ ………….”
“ඒක ඇත්ත මිස්………..හැබැයි මිස් එහෙම නං ඔෆිස් එකේ ඉන්න අනෙක් අයට ඒක තේරෙන්න ඕනේ නේ………”
“ඕ නෝ දිසෙන්…….මට දැනුයි ඒක කල්පනා උනේ………..තාත්තිගෙ ඔෆිස් රූම් එකටත් පැන්නද දන්නෑ ……………තාත්ති තවම ඔෆිස් එකට ආවේ නෑනේ …………තාත්ති ගාව ගොඩාක් වටින ඩොකියුමන්ට්ස් තියෙනවා ………මේක නම් දිසෙන් අනිවාර්යෙන්ම කරන්න ඇත්තේ තාත්තිගේ හතුරෙක්……….”
“ලොකු සර්ට හතුරෝ ඉන්නවාද …?……”
“business කරද්දි නිකම්ම හතුරෝ හැදෙන්න පුළුවන් ………….ෆීල්ඩ් එකේ අපිත් එක්ක එකට යනු අනිත් toy factory අපි එක්ක තරහ වෙන්න පුළුවන් ……ඒව කියන්න බෑ………”
“මට හිතෙන්නේ මිස් මේක මිස්ලගෙ පවුලෙ තරහකාරයෙක් කරපු දෙයක් වෙන්න ඕනේ…….. ඔෆිස් එකට විතරක් නෙමෙයි හොරු පැන්නේ …මැඩම්ගේ ළමා නිවාසයටත් හොරු පැන්නා …………”
“ඒකත් ඇත්ත ……….අපි ඉක්මනට ඔෆිස් එක පැත්තට යමු …..තාත්ති ඔෆිස් එකට ඇවිල්ලා ඇති”
❤️❤️❤️❤️❤️❤️
දිසෙන් මහේලගේ පැල්පත වෙත යන විට මහේල උන්නේ එළියේ ජල කරාමයෙන් දිය නාමිනි…………
“හොදට නා/ග/නි/න් ගඳ යන්න එක්ක…..”
හුරු පුරුදු ඒ කට හඬ ඇසීමෙන් මහේල එකවර එකවර ගැස්සී ගියේය………..
“සුද්දා උ/ඹ මෙච්චර ඉක්මනට එයි කියලා මං හිතුවෙ නෑ ……..”
“ඉතින් කොහොමද බොක්ක …..”
“හොඳින් ඉන්නවා මචං ………උ/ඹ ගියාට පස්සේ මම මේකේ ඉන්නේ හෙන පාලුවෙන්……….”
“මටත් එහෙම තමයි මහියෝ………”
“අනේ මේ පල පල ……..උඹට දැන් අපිව මතක් වෙන්නෙත් නැතිව ඇති …..”
මහේල කීවේ ජල කරාමය වසන ගමමිනි.
“එහෙම වෙනවද මහියෝ ……….”
“කියන්න බෑ ඉතින් ……
උ/ඹ/ට දැන්ඉතින් මොනවායින් අඩුවක්ද?……..කුරුඳු වත්තේ මාලිගාවක සුරසැප විඳිද්දී අපිව මතක් වෙයිද ඉතිං ?….”
“කුරුඳුවත්තට නෙමෙයි තව්තිසා දිව්‍ය ලෝකේට ගියත් මට එහෙම මගේ බොක්කව අමතක වෙයිද?….මට කන්න අතේ සතේ නැතිව ඉන්නකොට මට කන්න බොන්න දිලා ඉන්න හිටින්න දුන්න උ/ඹ/ව මම අමතක කරයි කියලා හිතුවද?………….”
“ඒවා වැඩක් නෑ සුද්දෝ…කෝ බඩු ගෙනාවද?……….”
මහේල කීවේ කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසෙන ගමන්ය ……
“බඩු තියෙනවා ………..”
“සුද්දා උ/ඹ නං දෙයියෙක්…………….කෝ ඉතින් බඩු…………”
“කාර් එකේ ………”
“මොන කාර් එකෙද ?”
“සෙහංසා මිස් ගේ කාර් එක………..”
“පට්ට නේ ……….ඒ කියන්නේ දැන් වැඩේ නැගලා යනවා ……..”.
“එහෙම නෑ ………”..”
“උ/ඹ එහෙම නෑ කිව්වට උ/ඹ/ව දැක්කම පැහැදිලි වෙනසක් පේනවා………..පාට වැටිලා ………..මූණත් එක්ක පෙම් පාට වෙලා……..”
“මේ මහියා ඔන්න මට මඩ ගහන්න ලෑස්ති වෙනවා නේ …….”
“අනේ පල පල ……………කෙ/ල්/ල උඹ දිහා බලන විදියෙනුයි උ/ඹ කෙ/ල්/ල දිහා බලන විදියෙනුයි මට ඒ දවස්වලම ඒක තේරුනා…….ඇත්ත කි/ය/ප/න් සුද්දා දැන් ඕක කොච්චර දුරදිග ගිහිල්ලා ද ?………”
“උ/ඹ/ට හංගන්න ඕනේ නෑනේ මහියා………..ඒ/කි/ගෙයි මගෙයි පොඩි ලවක් නම් තියෙනවා…..”
.
“උ/ඹ නං මරු bodyguard ….තමයි කියන්නේ නරියට කුකුල්ලු බාර දුන්නා වගේ කියලා ………..”
“අනේ මේ මේ මහියා……..”
“ඒක තමයි උ/ඹ/ට අපිව බලන්න එන්න මෙච්චර කල් ගියේ………ආදරේ ඉස්සරහ සමහරු වදපු අම්මා තාත්තා අමතක කරන එකේ මේ අපි කවුද…?”
“අමතක නිසා තමයි උ/ඹ/ල/ට කෑමයි බඩුයි මම අරගෙන ආවේ ……….”
“හරි හරි සුද්දා…….ඒව නම් ඉතින් පින් අතේ වැඩ ………”
“කෝ අ/රු/න් ටික …..?’
“උ/න් මට කෝල් කරා දැන් ලඟ කිව්වා ………….අපි යමු බීච් එක පැත්තට ………..”
දිසෙන් මුහුදුබඩ පාර අයිනේ නවතා තිබූ සෙහන්සා ගේ රිය තුළට ගොස් ගෙනා කෑම පෙට්ටි හා මධුවිත ඉවතට ගත්තේය ………..
මහේල හා දිසෙන් වෙරළට ගියේ ඒවාත් රැගෙනය…………
“උ/ඹ මාව බලන්න ආවට කමක් නෑ…….මෙච්චර වියදම් කරන්න එපා .බ/ල/පං උ/ඹ/ට මේ ටිකට මාසෙ පඩියම යන්නැති ……”.
මහේල කිවේ වෙරලේ ගල් පරයක් මත ගෙනා කෑම බඳුන් හා මධුවිත තබමිනි ………..
“නෑ නෑ මට හොඳ පඩියක් හම්බෙනවා……මාව බොඩි ගාඩ්ට අරන් ගියාට මම ඒ ඔෆිස් එකේ ශේෂාගේ ඇසිස්ටන් විදිහට වැඩ කරනවා ……..”
“නියම මචං………උ/ඹ අපි වගේ නෙමෙයි ………හොඳට ඉගෙන ගත්ත එකෙක් නේ ………උ/ඹ/ට හරියන්නේ ඒ වගේ රස්සාවක් තමයි ……..”
මහේල කීවේ සිය මිතුරා ගැන උපන් සතුටිනි….
“ඒ වුණත් මටනම් ඔය ජොබ් එක පොඩ්ඩක් වත් ෂුවර් නෑ මහියා…………ශේෂාගේ ගෙදරට මේවා ආරංචි වුනොත් මේ සේරම ඉවරයි ……….”
“ඒක තමයි මං උ/බ/ට පලවෙනි දවසෙම කිව්වේ ජොබ් එක කරන්න ඉන්නව නං ඇහැ කන පරිස්සං කරන් ඉන්න වෙයි කියලා …….හැබැයි කෙ/ල්/ල නං උ/ඹ/ට සිරාම ලව් ඒකේ ආයෙ කතා දෙකක් නෑ ……..”
දිසෙන් විසල් හුස්මක් හෙළුවේ සෙහන්සා ව සිහිපත් වීමෙනි……….
ඇය හා තමා අහසයි පොළොවයි මෙනි…….
කෙතරම් උඩ පැන්නත් අහස ඇල්ලීමට පොළොවට හැකි වේද?……..
ඒ සමගම දිසෙන් ගේ ඇස් යොමුවුණේ ඈත පෙනෙන සිතිජය දෙසය……..
තමාගේ හා ඇගේ ආදරය අර ඈත පේන සිතිජය මෙන් නොවේදැයි දිසෙන්ට සිතිණි…………
ඈත පේන අහස හා පොළව සිතිජය එලෙසින් යා කරයි නම් තමාගේ හා ඇගේ ආදරය දෙදෙනා යා කිරීමට නොහැකි වේද?.
ඒත් ඇගේ දෙමව්පියන් තමාට කැමති වේ වේ යැයි සිතිය නොහැක…….
තමා ඔවුන්ගේ සේවකයෙකු පමණි ………..
ඒ කිසි දිනක සිදු නොවන දෙයකි ………….
“කල්පනා කරන්න එපා සුද්දා……….උ/ඹ සල්ලිකාරයෙක් නෙමෙයි තමා……….ගමේ කො/ල්/ලෙ/ක් තමා ………ඒ උනාට උ/ඹ/යි ඒ කෙ/ල්/ල/යි පට්ට matching ……….උ/ඹේ තියෙන එකම අඩුව දුප්පත්කම විතරයි …………..කෙ/ල්/ලෙ/ගේ අතේ හැමදේම තියෙන්නෙ……..සල්ලිකාර කෙ/ල්/ලො නිකන් කෙ/ල්/ලො වගේ නෙමෙයි …..ඒ/කි කොහොමහරි ගෙදර ෂේප් කර ගනී ……”
“අන්න අ/රු/න් ටික එනවා …..”
“සුද්දා අම්මෝ උ/ඹ/ව දැකපු කල් ……..”
“උඹ නං දැන් සුද්දෙක් වගේ ම තමා………”
“ඒක තමයි බ/ල/ප/න්/කෝ පින් පාට…”
“පින් පාටද පෙම් පාට ද….මට නම් පේන්නේ පෙම් පාට වගේ……”.
“මොනාද අපිට කන්න ගෙනාවේ……”
“මික්ස් රයිසුයි කොත්තුයි ගෙනාවා…….බෙදා හදාගෙන කා/ප/ල්/ලා…….”
“අප්පා මේ/කා මේ ගෙනත් තියෙන්නෙ වි/ස්/කි නේද ..?.”
මිතුරන් පිරිස එසේ කීවේ ඔහු ගෙනා මධුවිත බෝතල් විවර කරමිනි.
“ආ ග/නි/න්……”
ඒ සමඟම දිසෙන්ට සිහිපත්වූයේ ඒමට පෙර සෙහන්සා පැවසු දේය……..
“දිෂ් යාලුවොන්ටගෙනිච්ච්ට කමක් නෑ ……..ඔයා නං ඩ්‍ර්‍ර්න්ක්ස් එහෙම් ගන්නෙ නෑ ..”
“මොකද කල්පනා කර කර ඉන්නේ සුද්දා ග/නි/න්… “
හමුවෙමු මීළඟ කොටසින්