May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
spoeSondrt2a
t
l0
7
a
9
5g
1
5ui7f
2
ආදරණීයම ඔයා…. 16
මා අවදි වූයේ මාගේ ජංගම දුරකතනය නාඳ වන හඬටය. කතා කර තිබුනේ මල්ලාය. මේ උදේ පාන්දරම ඔහු මා අමතන්නේ කුමක් හෝ කරදරයක් නිසා බැව් සිහිකල මගේ සිතට දැනු නේ බියකි.
මල්ලා…ඇයි මහත්තයො…
හිතේ වූ තිගැස්ම නිසාම මම වහා ඇසුවේ ඇ මතුමට සම්බන්ධ වු වහාමය. උදෑසනම කියා ඔහු සුභ පතන්නට හෝ මට සිිවූයේ නැත.
කෑන්ක්ස් හලෝ..තැන්ක් යූ සෝ මච්..මෙහෙම ප්‍රසන්ට් එක මට මුළු ජීවිත කාලටෙම ලැබිලා.. නෑ…
මල්ලා කියවාගෙන යයි.. දෙවියනේ අද කො ල් ලා ගේ උපන් දිනය වග මට යන්තම් වත් සිහි වූයේ නැත. ගත වූ අවුරුදු ගනනාව පුරාම මට එය අමතක වූයේ නැත. සෑම උපන් දිනයක දිම උදෑසනම ඔහුට සුභ පතන්නේ මාය.
කො ල් ලා මේ කියන්නේ මට ඔහුගේ උපන් දින යට සුභ පතන්නට නොහැකි වූ එකට වන්නට ඇත.
අයිම් සෝරි මල්ලා මට විශ් කරන්නත් බැරි වු නා… මම ඉක්මනින් ඔයාට හොඳ ප්‍රසන්ට් එක ක් එවන්නම්….
මම කීවේ වෙන කියන්නට දෙයක් නොවූ තැන ය.
පිස්සු ද හලෝ..විශ් මොනාටද කන්නය… මේ තියන ප්‍රසන්ට් එක හොදටම ඇති… මං ආසම බයික් එක ආසම බ්‍රැන්ඩ් එක… අමතක වෙන්නෙ නැති බර් ත් ඩේ සර්ප්‍රයිස් එකක්…
බයික් එකක් මොන බයික් එකක් ගැන ද කියන්නෙ ඔය…
මා ඇසුවේ කිසිවක්ම සිතා ගත නොහැකිය. කො ල් ලා කොහොමත් ට්‍රේල් බයික් වලට ආසා ය. බයික් එකක් ගන්නට ඔහු පෙරුම් පුරන්නේ දැන් අවුරුදු ගනනාවක සිටය. එවන් තෑග්ගත් ඔහුට දෙන්නට තරම් වත්කමක් මට නැත.
කියන්නෙ මේ… දොරකඩ නවත්තලා තියන බයික් එක ගැන…දොර අරින කොටම ඒක දැකලා මාව පිස්සු වැහුනෙ නැතුවා විතරයි…
තෑන්ක්ස් අක්කියා උම්ම්මා.. ඔයා සෝන්‍ය අයියට කීවා නේද මං මේ ජාතියෙ බයික් වලට ආසයි බර් ත් ඩේ එකට අරන් දෙන්න කියලා..
දෙවියනේ සෝන්‍ය එසේනම් එය කරන්නට ඇ ත්තේ ඔහුය. එහෙත් ඔහු මල්ලා ගේ සිහිනය දැන ගත්තේ කෙසේද මා කිසිම දිනක ඔහුට ඒ ගැන කියා නැත.
ඔයාම අයියට කතා කරලා තෑක්ස් කරන්න මල්ලා නැත්තං හරි නෑනේ කීවට එයා ඔහොම දෙයක් කරයි කියලා හිතුවෙ නෑ මම…
මා කීවේ දෙපසම බේරාගෙනය.
එක අතකට ධනුක ඔයාව දාලා ගිය එක හොඳයි හලෝ… සෝන්‍ය අයියා හුඟක් හොඳ කෙනෙක්… මල්ලා කීවේ අමුතුම හඬකිනි.
දැන් ඔය පහුගිය දේ ගැන කතා කරලා වැඩක් නෑ මල්ලා… මම කීවේ කවරාකර හැඟීමකින් දැයි මට මතක නැත.
මම අයියට කතා කරලා ඉන්නම් අක්කියා
එහෙනං මං තියනවා..
පරිස්සමින් මල්ලා..ඕකෙ රේස් පදින්නෙ නැතුව පරිස්සමින් කරන දෙයක්..
හරි හරි පණ්ඩිත ආච්චියෙ බය නැතුව ඉන්න වා මං තියන්නං බුදු සරණයි..
කියමින් මල්ලා ඇමතුම විසන්දිකලේය සෝන්‍ය නාන කාමරයේ සිට කාමරයට පැමිණියේ ඒ අ තර තුරය.
මොනවද සෝන්‍ය ඔයා අර කරන්නෙ…
මම ඔහුගෙන් ඇසුවෙමි. සෝන්‍ය මදෙස බැලු වේ පුදුමයෙනි.
මොනාද මං කලේ…
මල්ලගෙ බර් ත් ඩේ එකට එයාට බයික් එකක් අරන් යැව්වද..කො ල් ලා කියනකං මං දන් නෙ ත් නෑ.. මා කිවේ නෝක්කාඩු හඬකිනි.
කො ල් ල ගෙ ආසාවනෙ තාදී මට ඉතිං නිකමට හිතුනා එකක් අරන් දෙන්න කියලා ඔයාට කිය න්න හිටියෙ දැන් ඉතිං ඔය කියලා තියෙන්නෙ
සෝන්‍ය කිවේ හිනැහෙමිනි. මට තේරුම් ගන් නට නොහැකි වුවාට ඇත්තටම ඔහු හරිම අපූ රුය.
නාදුනන මොට ර් රියක් පෝටිකෝව යට නතර වූයේ හදිස්සියේය. ඒ මොහොතේ සාලයේ උන් නේ මා විතරය. කවුරුන් හෝ නිවසේ සමීපතම යෙක් වන්නට ඇතැයි මට සිතුනේ රිය පෝටි කෝව යටම නතර වූ නිසාය.
මා ඇසුවේත් නැති ඔහු කීවේත් නැති සෝන්‍ය ගේ පවුලේ අය ගැන මට හදිසියේ සිහිවිය. මම දොරකඩ ලඟට ගියේ පැමිණි අමුත්තන් කවු රුන් දැයි දකින්නටය. සමහර විට සෝන්‍ය තමා විවාහක බැව් ඔහුගේ පවුලේ අයට නොකීවා වන්නට ඇත.
මුලින්ම රියෙන් බැස්සේ මැදිවියේ පිරිමියෙකි. කෙටි කලිසමක් හා අත් රහිත ටී කමිසයක් හැද සිටි ඔහුගෙන් ආවේ බලෙන් කො ල් ලෙ කු වන්නට උත්සහ කරන මහළු මිනිසෙකුගේ පෙනුමය. එහි කුමක් දෝ සංකර බවක් පෙනි නි.
ඊලඟට බැස්සේ ලබාල ගැහැණියකි. ඇගෙන් අඩක් විවෘත වන ආකාරයට ඈ හැඳ සිටියේ තරමක් සරාගී පෙනුමක් ඉස්මතු වන ආකාරය ට. ඔවුන්ගේ පෙනුම මගේ සිතේ නම් ඇති ක ලේ තරමක අපුලකි.
රියදුරා ඔවුන්ගේ ගමන් මළු ගෙනැවිත් සාල යෙන් තබා පිටවී ගියේය. ඔවුන් පැමිනෙන්නට ඇත්තේ කුලී රියක වන්නට ඇත. ඔවුන්ගේ පැමිණීම සෝන්‍ය දැන සිටියේ නැති දැයි මට සිතුනේ නිතැතිනි.
හායි බේයිබී…ආයූ සෝන්‍ය ස් නිව් සර් වන්ට්..ඕ ගෝඩ් හව් ස්වීට් යූ ආ…
අමුතුම විදෙස් උච්චරාණයක් සහිති ඉංග්‍රීසි බ සින් ඔහු ඇසුවේ කුමක් දෝ අෂික්ෂිත බැල්මක් මදෙස හෙලමිනි. හිතට දැනුනේ අපුලකි. මම ඔහු දෙස හෙළුවේ නොපහන් බැල්මකි.
මේ ළමයද..සෝන්‍ය ගෙ අළුත් සර් වන්ට්…ඔයා නං හරිම ලස්සනයි…
තමා කී දෙස ම නොතේරී ඇතැයි සිතා දෝ එව ර ඔහු නැවත කීවේ අර අමුතු උච්චරණය සිං හල බසට යොදාගෙන හෙයින් ඒ වචන වලින් ආවේ අමුතුම විසුළු හඬකි.
නෝ නෝ..ඩෑඩ්…ෂී ස් මයි වයිෆ්..නොට් අ සර් වන්ට්…
ඒ හඬ ආවේ මට පිටුපසුනි. සෝන්‍ය උන්සේ මා අසලම හිටගෙනය. හිතට දැනුනේ සැනසීමකි. එසේ නම් මේ සෝන්‍ය ගේ පියාය. එවිට අර ලාබාල ගැහැණිය ඈ නම් කෙසේවත් සෝන්‍ය ගේ මව විය නොහැකිය.
ඔයා මැරි කරලා… මට කීවෙත් නෑ..
ඔහු එවරත් කීවේ අර අමුතු හඬින්මය.
ඔයා මැරි කලේ..මට කියලද…
සෝන්‍ය එක වරම ඇසුවේය.
ෂීෂ් ටිනා…මයි නිව් වයිෆ්…ෂිෂ් ඉන්ඩියන් ගර් ල්…
සෝන්‍ය ගෙ පියා කියවගෙන යද්දි ඔහු තරමක අසංවර මිනිසෙක් යැයි මට හැඟිනි. මන්ද ඒ ගැහැණිය මටත් වඩා ලාබාල එකියක වග පෙ නෙන්නට තිබුන නිසාය.ඒ අතරම ඒ ඔහුගේ අළුත් බිරිඳ නම් සෝන්‍ය ගේ මවට කුමක් වන් නට ඇතිදැයි මට එකවරම සිතිනි.
මම සෝන්‍ය දෙස හෙළුවේ කුතුහලය පිරුණු බැල්මකි. සෝන්‍ය සිය මා පියන් ගැන කිසිවක්ම නොකීවේ මේ නිසා වන්නට ඇත. මෙවන් මිනි සෙක් තමාගේ පියා යැයි කියන්නට සෝන්‍ය ට ලජ්ජාවක් දැනෙන්නට ඇත.
ඔයාට ලැජ්ජා නැද්ද ඩෑඩ් මේ පොඩි කෙ ල් ලෙ ක් ව මැරි කලේ ගැලපෙන කෙනෙක් හොයා ගන්න බැරි උනාද.. සෝන්‍ය ඇසුවේ නොපහන් හඩකිනි.
මට ගැලපෙන කෙ ල් ල තමා සෝන්‍ය මං මැරි කරලා තියෙන්නෙ…ඉන්න කං කාලා බීලා ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕනි..මොකද මැ රු න ම අරන් යන්න නෙවීනේ… මම ඔයාගෙ දේවල් හොයන්නෙ නෑ ඔයා මොකටද මගෙ දේවල් හොයන්නෙ..
ඩෑඩ් කියවාගෙන ගියේ සමච්චල් සහගත හඬ කිනි. සොන්‍ය ම දෙස හෙළුවේ අසරණ බැල්ම කි. මට ඔහු ගැන දැනුනේ අනුකම්පාවකි.
ඇත්තටම සෝන්‍ය පව්ය. එක අතකට මට සෝ න්‍ය ගැන පුදුමය. මෙවන් පියෙකුගේ දරුවෙක් වී ඔහු එවන් සංයමයක් කෙසේ ඇති කර ගන් නට ඇති ද..
ඩෑඩ් මෙහෙ කොච්චර කාලයක් ඉන්නවද… එවර සෝන්‍ය ඇසුවේ සන්සුන් වෙන්නට උත්සහ කරමිනි.
අපි තාම ලංකාවට ආවා විතරයි…ඔයා යන දවසත් අහනවා..ටීනා හරි කැමති ලංකාව වටේ ඇවිඳින්න..ඇවිඳ කරලා ටිකක් රිලැක්ස් ඉදලා අපි හෙමීට ආපහු යන්නම්..තාම ඩිසයිඩ් කරලා නෑ…
හ්ම්ම්… මුතු අම්මා…මේ ඩෑඩ්ලට රූම් එකක් ඇරේන්ජ් කරලා දෙන්න…
සෝන්‍ය ගෙතුලට හැරී මුතු අම්මාට කීවේය. තමන්ගේ පියා වෙනුවෙන් එවන් දෙයක් හො කරන්නට සෝන්‍ය මට නොපැවරුවේ ඔහු ගැන උපන් නොපහන් බව නිසා වන්නට ඇතැයි මට සිතිනි.
මොහොතකින් මුතු අම්මා විත් සෝන්‍ය ගේ පියාත් ඔහුගේ පිරියත් නිවස තුලට රැඟෙන ගියේය. මම කලබල දෑස් වලින් සෝන්‍ය දෙස බැළුවෙමි. අසන්නට බොහෝ දේ තිබිනි.
තාදී..රූම් එකට යන්න….
මගේ බැල්ම ගනනකට නොගෙන සෝන්‍ය කී වේය. එහෙත් නිවසට මෙසේ අමුත්තන් ආ මො හොතක නවාතැන්කරුවෙකු සේ මට කාමර යට වී හිඳින්නට නොහැකිය. ඔවුන්ට ආගන්තු ක සත්කාර කිරිම මගේ යුතුකමය. ඇරත් ඒ සෝන්‍ය ගේ පියාය.
ඒත් සෝන්‍ය…..
මට යමක් කියන්නට ඇවැසි විය.
තාදී…දෙයක් කීවම කියන දේ අහන්න.. එයා ලට ඕනි දේවල් මුතු අම්මා කරයි… කීවම අහ ලා ගිහින් රූම් එකට වෙලා ඉන්න..සැරයක් දෙකක් කීවම යන්න ඉතිං..
නැත්ත ගිහින් දානවා මම දැන්…. තරමක් දැඩි මුරණ්ඩු හඬකින් සෝන්‍ය කීනේය.
මේ මොහොතේ ඔහුට විරුද්ධ වීම තේරුමක් නොමැති හෙයින්ම මම නිහඬවම කාමරයට ගියෙමි.
හමුවෙමු.
සෝන්‍ය ගැන මොනවද හිතන්නෙ