12වෙනි කොටස🦋

“මිහානා ඉන්න…”ආදී හයියෙන් කෑ ගහලා කිව්වේ මිහානාව නවත්තන්න හිතාගෙන.ආදීට මිහානාගේ පස්සෙන් යන්න ඕන වුනත් ඒ වෙනකොටත් මිහානා හොටෙල් එකෙන් එලියට ගිහින් ඉවරයි.ආදී යන්න හැදුවත් සහන් ආදීව නැවැත්තුවේ හොටෙල් එකේ ස්ටාෆ් එකම මේ වෙනදේවල් දැකපු නිසා.ඒකෙන් ආදීට ප්‍රශ්නයක් වෙයි කියලයි සහන් ඒ වෙලාවේ හිතුවේ .

“ඔයා මොකද කරන්නේ මට මිහානා ගාවට යන්න දෙන්න අයින් වෙන්න ප්ලීස්.”සහන් ඔලුව වැනුවෙ ආදීට යන්න දෙන්න බෑ කියන්න.

“ආදි සන්සුන් වෙ/ය/න් ම/චං මේ වෙලාවේ මිහානාට උ/බ/ව බලන්න ඕන නෑ.මිහානට පොඩ්ඩක් තනියම ඉන්න දීපං.”සහන් කියපු දේට ආදී මොකුත් නොකීවේ ආදීගේ දෑස් තාමත් තිබ්බේ මිහානා එලියට ගිය හොටෙල් එකේ දොර දිහාට.

හැමෝම බලාගෙන හිටියේ කම්පනයෙන්.හැමෝම කතාවුනේ එකපාරටම මොකද වුනේ කියලා.ආදී මිහානාව දන්නේ කොහොමද ඇයි එයා ආදීට ගහලා යන්න ගියේ කියන එක තාමත් හැමෝටම ප්‍රශ්නයක් වුනා.මේ හැම ප්‍රශ්නෙටම උත්තර හිරූට තේරිලා තිබ්බේ.එදා තමන් මිහානාගෙන් අහපු හැම ප්‍රශ්නෙටම තමන්ට උත්තර හම්බුන නිසාම හිරූ හිටියේ ශොක් වෙලා.

හිරු කවදාවත් හිතුවේ නෑ තමන් ක්‍රශ් එක කරගත්ත කෙනා මිහානගේ හස්බන්ඩ් කියලා.හිරූ හීනෙකින්වත් මේ දේවල් බලාපොරොත්තු වුනේ නැති නිසාම හිරු හිටියේ තිගැස්සිලා වගේ.ආදී දිග හුස්මක් අරගෙන ආපහු ස්ටාෆ් එක දිහාට හැරුනේ හැමෝම දිහා බලමින්.

“කවුද මෙතන මිහානාගේ යාලුවා…” ආදී ඇහුවේ හැමෝම දිහා බලලා.පියත් ආදීගේ ඉස්සරහට ආවේ උගුර පාදමින් හිනාවෙලා.

“ආදිත්‍ය සර් මට මිහානා අද කරපු දේ ගැන ගොඩක් කනගාටුයි.වෙනදා එයා එහෙම හැසිරෙන කෙනෙක් නෙවේ මාව විශ්වාස කරන්න අද මිහානට මොකද වුනේ කියලා මටවත් හිතාගන්න බෑ.”ආදී පියත් කියන දේ ගනන් නොගත්තේ ආදීගේ හිතේ මේ වෙලාවේ ඉන්නේ මිහානා නිසා.

“අවුරුදු පහකට පස්සේ මන් එයා ඉස්සරහට ආවේ.මන් නිසයි මේ හැමදේම.”ආදී තමන්‍ටම කියාගත්තේ මිහානා අද එහෙම හැසිරෙන්න හේතුව තමන්ම විතරක්ම නිසා.ආදී තමන්ටම දොස් කියාගත්තේ මෙතන ඉන්න ගොඩක් අය මිහානව වැරදි කාරයා කරන්නේ තමන් නිසා හින්දා.

“එයා වෙන දවස්වල මෙහෙම හැසිරෙන්නේ නැද්ද….එහෙනම් ඇයි අද එයා මෙහෙම හැසිරුනේ….”ගයාන් පියත්ගෙන් ඇහුවේ කේන්තියෙන් .ආදී ගයාන්‍ට අතින් සන් කරේ තමන්ගේ යටතේ වැඩ කරන අයට මොකුත් කියන්න එපා කියලා.මොකද අද මිහානා මෙහෙම හැසිරෙන්න හේතුව ආදී.හිරු පියවි සිහියට ඇවිත් දුවගෙන ගියේ රෙස්ට් රූම් එකට.

“මිහානා ඔයාට හොදටම ගහලා ආදී බලන්න ඔයාගේ තොල් දෙක පැලිලා ලේ***ත් එනවා.”සහන් කිව්වේ ආදීගේ මූන අල්ලන ගමන්.ආදී සහන්ගේ අත කේන්තියෙන් ගසාදාලා හැරුනේ ගයාන් දිහාට.

“අපි ඔෆිස් රූම් එකට ගිහින් කතා කරමු.”

“ඔව් ආදීත්‍ය සර් අපි දැන් යමු.මේ පැත්තෙන් එන්න.”ගයාන් එහෙම කියලා ඉස්සර වුනේ ආදීත් ගයාන්ගේ පිටිපස්සෙන් ඔෆිස් රූම් එකට යද්දි.ආදී තමන්ගේ පෝන් එක අරගෙන ජගත්ට මැසේජ් එකක් දැම්මේ මිහානා ඉන්න තැන හොයාගන්න කියලා.

“ආදීත්‍ය සර් සහන් සර් ඇතුලට යන්න.”ගයාන් කිව්වේ කැබින් එකේ දොර ඇරලා පැත්තකින් හිටගෙන .ආදී සහනුයි කැබින් එක ඇතුලට ගිහින් වාඩිවුනේ ගයාන් පෙන්නපු සෝෆා එකෙන්.

“ආදී සර් අද වුන දේ ගැන සමාවෙන්න.ඒත් අපේ හොටෙල් එකේ වැඩ කරන අය එහෙම අය නෙවේ.”ආදී ගයාන් කියන එක නවත්තන්න කිව්වේ අතක් උඩට උස්සලා.

“මිහානගේ මෙතන ජොබ් එක මොකක්ද…”

“මිහානා වේටර් කෙනෙක්.ඒත් අදින් පස්සේ ඒ ගැන කරදර වෙන්න එපා මන් එයාව ජොබ් එකෙන් අයින් කරා.ආය සර්ට එයාව දකින්න හම්බෙන්නේ නෑ.”

“මිහානා ජොබ් එකෙන් අයින් කරේ නෑ.”ආදී හයියෙන් කෑ ගැහුවේ ගයාන් කියන්න ගිය ටිකවත් කියන්න නොදී.ගයාන් ආදී දිහා බලාගෙන හිටියේ ආදී කියන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව.

“මිහානාව ජොබ් එකෙන් අයින් කරන්න ඔයාට බෑ.මොකද මේ හොටෙල් එක මිහානට මන් දෙන ගිෆ්ට් එකක්.මොකද මිහානා කියන්නේ මගේ වයිෆ්.”

“මොකක්ද….”ගයාන්ට හයියෙන් කෑ ගැහුනේ ඇහුන දේ විශ්වාස කරගන්න බැරුව.

“මිහානා ලගදීම මේ හොටෙල් එකේ සී.ඊ.ඕ වෙනවා.ඒක නිසා ඔයා මේ හොටෙල් එක විකුනන්න හදන ගාන මට කියන්න.”ගයා න් ආදී කියන දේ ගැන කල්පනා කරලා ටික වෙලාවකට පස්සේ මූනට හිනාවක් අරගෙන බැලුවේ ආදී දිහා.

“ලක්ශ පහලොවක්.”සහන් හයියෙන් මේසේට ගැහුවේ කේන්තියෙන් .ගයාන් දිහාට ඇගිල්ල දික් කරපු සහන්…

“ඔයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා.”

“මමද….”ගයාන් කිව්වේ පෙර තිබ්බ හිනාව එහෙමම රදවගෙන.ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.ආදී හොටෙල් එක ගම්න හිටිය ගානටත් වඩා මේ ගාන ගොඩක් වැඩියි කියලා හිතුනත් ආදීට එච්චර ගානක් නොවුනෙ මිහානා නිසා.මිහානව ආපහු සැරයක් දකින්න ආදී ඕනම දෙයක් කරන්න පුලුවන්.

“හොදයි මන් ඒ ගානට හොටෙල් එක ගන්න ලෑස්ති ඩොකියුමන්ට් ලෑස්ති කරන්න අදම “ආදී කිව්වේ සෝෆා එකට හේත්තු වෙලා කකුලක් පිට කකුලක් දාගෙන.

මම ගයාන් සර්ගේ හොටෙල් එකේ ඉදල දුවගෙන ඇවිත් නතර වුනේ පොකුනක් ලග .එතනම තිබ්බ බංකුවකින් වාඩිවුනු මම මෙච්චර වෙලා හිතේ දරාගෙන හිටපු කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නේ තවත් කදුලු හිරකරගෙන ඉන්න තරම් මට ශක්තියක් තිබ්බේ නැති නිසා.

“ඇයි ඇයි ආදී ආපහු ආවේ….ඇයි එයාව මගේ ඉස්සරහට ගෙනාවේ…අන්තිමේදී මන් එයාගෙන් ඈත්වුනා ඒ එයා මට අයිති කරපු හැම දුකකින්ම.එයා නිසා මට ගොඩක් දේවල් නැතිවුනා.එයා නිසාම මන් ගොඩක් වේදනාවල් තනියම දරාගත්තා.මට එයාව ඕන නැති වෙලාවෙදි ඇයි එයා ආපහු මාව හොයාගෙන ආවේ ඇයි….”මන් කෑ ගගහා ඇඩුවේ අවුරුදු පහක් හිතේ හිරකරගෙන හිටපු වේදනාව පිටකරන්න.

“මිහානා…”ඒත් එක්කම මට ඇහුනේ මගේ නම කියලා කතා කරන හඩක්.මන් කදුලු පිහදගෙන පිටිපස්ස හැරිලා බලද්දි දැක්කේ මන් ගාව හිටගෙන ඉන්න…..

💫මතු සම්බන්ධයි💫

කවුද එන්න ඇත්තේ?අදත් අදහසක් කියාගෙන යමු.