Ex වයිෆ්

42 වන කොටස

“ගෙදර වැඩට ආපු ගෑ//ණි.ගෙදර වැඩ ටික කරලා යන්නැතුව ආවා මෙතන ළමාතැනී වෙන්න ..උ/ඹ මගේ පුතාගේ කරේ එල්ලිලා

මගේ කො//ල්ලාගේ ජීවිතය විනාශ කරා…මගේ කො//ල්ලා තවත් විනාශ කරන්නැතිව මේ දැන්මම එලියට බැ//හැපන් ..”

ගිහාන් ගේ අම්මා චේතනාගේ ලගට පැනලා කෙස් වහල්ල අතින් ඇදලා ගත්තා …

මෙතෙක් වෙලා නිහඬව හිටපු ගිහාන් චේතනාව අම්මගෙන් ගලවා ගත්තා ..

“මෙයා දැන් මගේ ගෙදර සර්වන්ට් නෙමෙයි..මේ ඉන්නේ මගේ වයිෆ් ..අම්මලා මෙහෙම එයාට සලකන එක වැරදියි ..”

ගිහාන්ගේ අම්මා ගිහාන් දිහා රවලා බැලුවා

“උ//ඹට අපිට වඩා මේ ගෑ//නිව එහෙනම් ලොකු වුණා නේද …?.”

“අපි යමු නෝනේ යන්න …තමන්ගේ දරුවන්ව එපා කියපු මේ මි//නිහට අම්මා තාත්තව ලොකු වෙයිද?..එකඅතකින් මේ ගෑණු මනුස්සයාට විතරක් දොස් කියලා වැඩක් නෑ …මේ ගෑ//ණිට රැකගන්න පවුලක් තිබ්බෙ නෑ ..රැකගන්න පවුලත් තියෙද්දි මේ වගේ දෙයක් කරපු අපේ එ/කා වැරදි ..මම නම් මූ//ව මගේ හිතින් අයින් කෙරේ එදා මේ සම්බන්ධය අතට අහුවෙච්ච දවසේමයි…”

ගිහාන් ගේ අම්මා මද වෙලාවක් කල්පනා කරා ..තමන්ගේ ස්වාමිපුරුෂයා කියන දේ හරි .මේ ගිහාන්ව නම් කෝවේ දාලා මකවලා ගත්තත් හදන්න බෑ .ගිහාන්ගෙ අම්මා එහෙම හිතුවා …

“ඔව් තාත්තා ආවේ මගේ කීමට ..උ/ඹ නම් එහෙම පිටින්ම හර//කෙක් ..අපි උ//ඹලාට පොඩි කාලේ දහ දුක් විඳලා උගන්නලා සමාජයේ ඉහළ තැන්වලට යැව්වා ..උ//ඹලා ඒ සේරම නැති කරගත්තා ..අපි යමු යන්න මහත්තයෝ . මට නම් මේ ගැ//නී එක්ක මේ ගෙදර තව එක විනාඩියක්වත් ඉන්න බෑ …”

ගිහාන්ගේ අම්මා ගෙදරින් අරගෙන ආපු ඇඳුම් බෑග් එකත් අරගෙන ගිහාන්ගේ ගෙදරින් පිට වෙන්න ලෑස්ති වුණා …

“මේ රෑ තිස්සේ යන්න එපා …හෙට උදේ යන්න ..”

ගිහාන් අම්මගෙන් එහෙම ආයාචනා කළා..

“හරි අපි මේ ගෙදර ඉන්නම්..හැබැයි මේ ගෑ//නිව මේ දැම්ම ගෙදරින් පිට කරන්න ඕනේ..

ගිහාන්ගේ අම්මා චේතනාව පෙන්නලා එහෙම කිව්වා …

“එහෙම කරන්නේ කොහොමද..මේ ඉන්නේ මගේ වයිෆ් …මම දැන් නීතියෙන් බැදලා ඉන්නෙ එයාව ..”

ගිහාන් එහෙම කියපුවාම ගිහාන්ගේ ගේ අම්මාටයි තාත්තටටයි ඉහලට ගත්ත හුස්ම පහලට දාන්නත් අමතක වුණා.

ගිහාන් මේ තරම් මෝ//ඩයෙක් ද කියලා ගිහාන්ගේ අම්මයි තාත්තයි කල්පනා කරන්න ගත්තා …

පුතාව දැන් ඉතින් හදාගන්න බෑ කියලා ගිහාන්ගේ අම්මටත් තේරුණා ..මේ නාඩගම් දකින්න අපි ජීවත් වුණේ ඇයි කියලා හිතපු ගිහාන්ගේ අම්මගේ ඇස් දෙකට කඳුළුත් පිරුණා ..

“අපි යමු නෝනේ…කියන දේ නාහන ගුරු ඉහළින් ගියත් එක පහලින් ගියත් එකයි කියන්නේ නිකන්ද නෝනේ..අපි යමු යන්න …”

ගිහාගේ ගේ තාත්තා නම් හිටියේ පුතා ගැන හොඳටම කලකිරිලා..ගිහාන්ගේ අම්මාට ගෙදර යන්න කතා කරනවා..

“ලොකු පුතේ උ//ඹ දැන්වත්අපි කියන දේ අ//හපන්.උඹට ඕනේ අපිද මේ ගෑ//නි ද කියලා දැන්වත් තීරණය ක//රපන් ..”

“නෝනේ…මේ ඉන්නේ කිරි සප්පයෙක් නෙමේ…කරදඩු උස් මහත් වෙච්ච ඉලන්දාරියෙක්ගේ තාත්තෙක්..මූ//ව හදන්න දැන් පරක්කු වුණා හොඳටම වැඩියි…අපි යන්න යමු …”

ගිහාන්ගේ තාත්තා ගේ දොරකොඩට ගිහින් ගෙදරින් පිට වෙන්න අම්මට කතා කරනවා..

මොන වැරැද්ද කරත් අම්මෙක්ට තමන් හැදූ වැදූ දරුවව අතාරින්න අමාරුයි ..ඉපදෙන්න කලින් පෙකනි වැලේ තියාගෙන පෝෂණය කරලා උපන්නට පස්සේ ලේ කිරි කරලා ඇති දැඩි කරපු දරුවෝ මව්වරුන්ට හැමදාම පොඩියි..

ගිහාන්ගෙ අම්මා දැන්වත් මේ සම්බන්දේ නවත්තලා හරි මගට එයි කියලා බලාගෙන ඉන්නවා …දික්කසාද වෙලා තනියම හිටියත් පුතා මේවගේ කසාදයක් කරා කියලා දැන ගත්තොත් නෑදෑයො ගමේ මිනිස්සු මොනව නොකියයිද ?..

මේ දේවල් කල්පනා කරලාම ගිහාන්ගේ අම්මට හිසරදේ …

ගිහාන් සද්ද නැතුව අහක බලාගෙන ඉන්නවා..දැන්නම් ගිහාන්ගෙ තාත්තගේ ඉවසීමේ රතු කට්ටත් පැන්නා…

“නෝනෙට එන්න බැරි නම් නෝනේ ඉන්න….මම යනවා යන්න ..”

“මාත් එනවා අපි යමු මහත්තයා ..”

ගිහාන්ගේ අම්මත් තාත්තත් එක්ක යන්න ලෑස්ති වුණේ ගිහාන් ආපස්සට හැරෙන් නෑ කියලා තේරුම් අරගෙන ..

“මම මේ කියන දේ මතක තියාගනි/න් ගිහාන්…”

තාත්තා එහෙම කියද්දී ගිහාන් ගැස්සිලා ගියා …තාත්ත ජීවිතේට මේ නම කියලා කතා කරාමයි..ඒකෙ අමුත්තක් ගිහාන්ට දැනුණා..

“උ/බට අද ඉඳලා අම්මෙක් අප්පෙක් නෑ …අපිට උ//ඹ වගේ දරුවෙක් හිටියේ නෑ කියලා අපි හිත හදා ගන්නවා …අපි දෙන්නගෙ ම/ළ ගමකට වත් උ/ඹ නම් එන්න එපා ..”

තාත්තා එහෙම කියද්දි නම් ගිහාන්ගෙ පපුව හීරිලා යනවා වගේ දැනුණා ..දැන් ඉතින් ආපස්සට හැරෙන්න බෑ…හරියි කියලා තෝරගත්ත පාරෙම ඉස්සරහට යනවා..ගිහාන් එහෙම හිතලා ගෙදරින් එලියට බැහැලා යන අම්මගෙයි තාත්තගෙයි දිහා දුකින් බලාගෙන ඉන්නවා ..

ගිහාන්ගෙ නරක කාලය ඇවිදින් ..මෙච්චර දවසක් හොඳ නරක ,යුතු අයුතුකම් ගැන හිතන්නේ නැතුව දුරදිග නොබලා අනුවණ විදිහට ජීවත්වෙච්ච ගිහාන් දැන් විදවන්න අරගෙන..මොනව කරන්නද වපුරපු තරමටනේ අස්වැන්න..

චූටී දෝණි දැන් ගිරවියෙක් වගේ …ඇහෙන ඇහෙන වචනේ කියනවා …

දැන් ගෙදර අය කතා කරන්නේ හරි පරිස්සමින් .ඒ නරක වචනයක් එහෙම ඇහුනොත් චූටි දෝණි ඒකත් කියාවි කියන බයට ..

ගෙදර අයට දැන් පොඩ්ඩක්වත් පාළු නෑ ..හරියට ගෙදර රේඩියෝ එකක් දැම්මා වගේ .කතා නොකරපු අවුරුදු ගානටත් එක්ක දැන් කතා කරනවා …

“රන්නන් පාටයි තමනලයා..

සෝස මලෙන් පැණි බීලා ගියා..

ආලෙත් ඒවිද ඒ තමනලයා

මල්වල පැණි කොන්නා..”

චුටි දෝණි දැන් හරි ලස්සනට සින්දු කියනවා…සමහර වචන වරද්ද වරද්ද කියවනවා..අමතක වෙන වචන වලට කටට එන බොරු වචන දාලාත් කියවනවා…

චූටි දෝණිගේ හුරතලේ දැක්කම ගෙදර හැමෝගෙම හිත පිරිලා යනවා…මෙච්චර කාලයක් කතා නොකර හිටපු චූටි දුව මේ වගේ දොඩමළු වෙද්දී හිරූෂා හිටියේ කියාගන්න බැරි සතුටකින්…

හිරූෂාගේ අවුරුදු ගාණක මහන්සිය අපතේ ගියේ නෑ..හිරූෂා ඒ දවස්වල කියලා දුන්න දේවල් දැන් චූටි දෝණි මතකයෙන් කියවනවා..

කතා කරන්න බැරි දවස් වල චූටි දෝණිගෙ හිතේ තිබ්බ තරහව ආවේගශීලී බව දැන් නැති නිසා චූටි දෝණිගේ කලහාකාරී ගතිය අඩු වෙලා …

හිතට දැනෙන හැඟීම් ලේසියෙන්ම වචන වලට හරවන්න පුළුවන් නිසා චූටි දෝණි දැන් ඉන්නේ ගොඩක් සතුටින්..චූටි දෝණිගේ දඟ ගති දැන් ගොඩක් අඩු වෙලා …හුරතල් කම එන්න එන්න වැඩි වෙනවා ..

“අම්මී,බබා හන්ග්‍රි..”

මැෂිමේ වාඩිවෙලා මහමින් ඉන්න අම්මා ළඟට ගිහින් චූටි දෝණි එහෙම කිව්වාම හිරූෂාට සතුටු හිතුනා..

ඉස්සර බඩගින්නක් ආවම ඒක කියා ගන්න බැරුව චූටි දෝණි කොච්චර නම් දුක් විඳිනවද ?..මේ ලෝකයේ මේ ඔටිසම්‍ රෝගී තත්වය නිසා කතා කරන්න අපහසුවෙන් ඉන්න තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිව දුක් විඳින හැම දරුවෙක්ම ඉක්‍මනින් සුවපත් වේවා කියලා හිරූෂා ප්‍රාර්ථනා කරා..

“එන්න දෝණි ආත්තම්මා කෑම දෙන්න..”

ආත්‍තම්මා එහෙම කිව්වත් චූටි දෝණි ගනන් ගත්තේ නැහැ.චූටි දෝණිට අම්මා එක්ක හුරතල් වෙන්න ඕනේ වෙලා..

“බෑ..අම්මා ඕනේ…”

හිරූෂා හිනා වේගන කුස්සියට ගියේ චුටි දෝණිගේ චූටි අතකින් අල්ලාගෙන..

දවල්ට බත් කාලා ඉන්න චූටි දූවට ඇවිත් තියෙන්නේ පොඩි බඩගින්නක් නිසා හිරූෂා සමපෝෂ හදන්න ලෑස්ති වුණා..

“අම්මා තමපෝස අපා.. බබාට බික්කා ඕනේ..”

චූටි දෝණි එහෙම කිව්වාම හිරූෂාටයි හිරූෂාගේ අම්මටයි හිනා ගියේ චූටි දෝණි ඒක හරිම හුරතලයට කිව්ව නිසා.

හිරූෂා බිස්කට් පෑකට් එකක් කඩාගෙන චූටි දෝණිට කන්න දුන්නා.දෝණි බිස්කට් අරගෙන අම්මාව සෝපාව උඩ වාඩි කෙරෙව්වා…

චූටි දෝණි අම්මාගේ උකුලේ වාඩි වෙලා බිස්කට් කන්න ගත්තේ අම්මා නැගිටිලා යයි කියලා බයෙන් වගේ….

හිරූෂා මහන එක පැත්තකට දාලා චුටි දෝණි එක්ක වාඩිවෙලා හිටියේ චූටි දෝණිගේ චූටි හිත රිදේවි කියලා හිතිලයි…

“අක්කේ ගවුම් ඕඩරේ අන්තිම ගවුමත් හරි…”

මදූකා නංගි එහෙම කිව්වාම හිරූෂාට ගොඩාක් සතුටු හිතුණා .සති තුනක් තිස්සේ රෑ නිදිවරාගෙන මහපු ඇඳුම් ටික සම්පූර්ණයි.

දැන් තියෙන්නේ ත්‍රිලක්ෂණා මිස්ට බාර දෙන්න විතරයි.ඇඳුම් ඕඩර් එක හෙට උදේම බාර දෙන්න ඕනේ කියලා හිරූෂා කල්පනා කළා..

චූටි දෝණි ළඟින් නැගිටිලා පුංචි අම්මා ළඟට ගියාට පස්සේ හිරූෂා මහලා සම්පූර්ණ කරපු ඇදුම් වල කොලිටි එක චෙක් කරන්න ගත්තා.එහෙන් මෙහෙන් එල්ලෙන නූල් කෑලි ටික කපලා දාපු හිරූෂා ඇඳුම් ටික අයන් කරන්න ගත්තා ….

ගිහාන්ගේ අම්මයි තාත්තයි ඇවිත් ගිය දවසේ ඉඳන්ම චේතනා ඉන්නේ මූණ දික් කරගෙන..ගිහාන් එක්ක වැඩි කතා බහකුත් නැහැ…..බලාගත්ත අත බලාගෙන හෝන්දූ මාන්දුවෙලා ඉන්නවා…..

චේතනා දැන් වෙනස්වෙයි දැන් වෙනස්වෙයි කියලා ගිහාන් බලන් හිටියා …

“මොකෝ චේතනා ත//මුසෙට වෙලා තියෙන්නේ..?ඔය මූණ රවාගෙන බුම්මන් ඉන්නකොට හරිම මු//ස්පේන්තූ පාටයි..”

ගිහාන් එහෙම කිව්වේ අපහාසෙට වගේ කියලා චේතනාට හිතුණා..චේතනාගේ අඬන්න බලාගෙන උන්නු හිත ඉබේම පෑරිලා අඬන්න ගත්තා…

චේතනාගේ ඇස්වල කඳුළු නළියන්න ගත්තා..ගිහාන් කියන්නේ කාන්තාවක්ගේ කඳුළු ඉස්සරහා සංවේදි වෙන පිරිමි චරිතයක් නොවෙයි..

ගිහාන්ට තමන්ගේ කඳුළු ගැන නිනවක්වත් නැහැ.මහා පුදුම පිරිමියෙක් කියලා චේතනාට හිතුණා..මහේෂ් කොයිතරම් ආදරවන්ත ස්වාමීපුරුෂයෙක්ද?..

මහේෂ්ට නම් තමන්ගේ කඳුලක් දැක්කමත් ඇති…මහේෂ් වගේ ගිහාන් තමන්ට ආදරේ කරන්නේ නෑ කියලා චේතනාට හිතුණ..

“දැන්ද මාත්තියා මගේ මු//ස්පේන්තු කම දැක්කේ..ඔයාගේ කලින් නෝනාට හොරෙන් මාව තියන් හිටපු කාලේ නම් ඔයාට ඔව්වා පෙනුනේ නේ නේද?..”

ඇස්වල කදූළු පුරෝගෙන කටු අත්තවගේ ඇඟේ එල්ලීගෙන රණ්ඩු කරන චේතනාගේ දිහා ගිහාන් බැලුවේ තරහෙන් ඇහි බැමිත් හකුළුවාගෙන..

“ඒ දවස්වල හිනාවෙලා හිටපු නිසා පොඩ්ඩක් සිරියාවන්ත විදිහට හිටියා.දැන් අඬාගත්ත ගමන් කන්කෙදිරි කාපු ගමන් ගෙදරටම එක්ක මූ//සලයි..දැනුයි මට තේරෙන්නේ හිරූෂා ගැන..ඒ මනුස්සයා මම නැතුව ගෙදර වැඩත් සේරම කරගෙන දරුවෝ දෙන්නත් බලාගෙන මම ගෙදර ආවාම මගේ වැඩත් කරගෙන හිනාවෙලා හිටියා..අන්න ගෑ//නූ..ඒකට ත//මුසෙලා..”

ගිහාන් එහෙම කිව්වාම චේතනාට ඉවසුම් නැති වුණා….

“ඇත්තද මාත්තියා යෙච්චර හොඳ ගේනියෙක් ඉටියා නම් මොකටද මගේ පස්සෙන් ආවෙ..යේ ගෙදර සතුටක් නේ අර දරුවා නිසා කියලා….ඒ ගේනි එක්ක ඉන්නකොට ඒ ගේනිගේ වැරදි හෙව්වා.දැන් මා යෙක්ක ඉන්නකොට මගේ වැරදි හොයනවා..ආඩවනේ..අපරාදේ මම කසාද බැන්දේ..තනියම හිටියානම් මේ මුකුත් නේ…”.

චේතනා එහෙම කිව්වාම ගිහාන්ට කට උත්තර නැතිවෙලා ගියා…

“චේතනා මමයි ඒක කියන්න ඕනේ..අපරාදේ ත//මුසෙව බැන්දේ කියලා.මගේ ක//රුමෙට මම ත/මු/සේ එක්ක යාළු වුණේ .මට තිබ්බ හැමදේම ත//මුසේ නිසා නැතිවුණා..මගේ සල්ලී,දේපළ එහෙන් මගේ ළමයි දෙන්නා…අම්මා තාත්තා…මම දැන් කිසිම දෙයක් නැති අසරණයෙක්…මේ හැමදේම ත//මුසේ නිසා…”

“මාත්තියා යේ හැමදේම යෙපා කියලා මාත්තියා මගේ ළඟට ආවේ ..මම මාත්තියාව බලෙන් මගේ ලගට ගත්තේ නේනේ..මට ඔහොම මාත්තියා බයින යෙක වැරදී..මාත්තියා නිසා මට මගේ පුතාත් නෙති වුනා..මාත්තියා මට ඕම කතා කරනවා නම්
මට මෙහේ යින්න බෑ..මම අම්මා ගාවට යනවා මාත්තියා..”

චේතනා එහෙම කිව්වේ අන්තයටම ගිහාන් ගැන කළකිරිලා..

හමුවෙමු මීළඟ කොටසෙන්..