සිතින් විතරක් ..

පහලොහ…. 15

ඇයි සීයා පප්පා…

එහෙම අහගෙන එයා සීයා පප්පා ලඟට ගියා.

ඇයි…? මොකක්ද උ ඹ ඔය නටන නාඩගමේ තේරුම…

සීයා පප්පා ඇහුවෙ කලින් හඬින්මයි.

මම…මම මොනවද කලේ…?

කිසිම දෙයක් දන්නෙ නැති ශාන්ත දාන්ත තීන්ත කූඩුවක් වගේ අහන ලස්සන මෙයා.

කලේ… උ\ඹ ඉන්න තැනක ඉන්න දෙන්නෙ නැතුව මේ පොඩි කෙ ල් ලෙ ක්ව ත් මෙහාට එක්කගෙන ආවෙ ඔහොම විකාර නටන්නද…?

සීයා පප්පා අහන්නෙ තරහින්.

සීයා පප්පා.. ඔයා හිතන දෙයක් මෙතන වුනේ නෑ.. ඔයාගෙ මෙන්න මේ සුකුරුත්තමට කියන් න.. කාලා බීලා මනුස්සයෙක් වගේ ඉන්න කියලා.. ටික ඇත්තං පේන්ට් වෙනවා මෙතන.. අනිත් උන්වත් බය කරලා…

ඒ ගමන ඒකටත් වැරදි කාරයා මම ද කොහෙද

මගෙ නළල තුවාල වුනේ එයා බීලා අව නිසා. මාව පේන්ට් වුනේ එයා මාව බය කරපු හින්දා.. මෙයා නිකං කියන්නෙ මම හිතලා පේන්ට් වුනා වගේනෙ.

උ\ඹ බීලා නාඩගං නටන්න තියා ගත්ත නිසා නෙ මේ කෙ\ල් ල බය වෙලා තියෙන්නෙ.. සීයා පප්පා ආයිම කෑ ගැහුවා.

බය වෙන්න බබෙක් ය..

සෙත් සර් කීවේ හෙමින්. මොනා උනත් එයා සී යා පප්පට බයයි වගේ. ඒත් මට බයයි මෙ යාට තරහා ගිහින් සීයා පප්පට මොනා හරි කිව් වො ත් එහෙම එයාට දුක හිතෙයි.

මම සීයා පප්පාගෙ අත්දෙකෙන් අල්ලගෙන එයා ඉස්සරහා දණගහ ගත්තා. එයා මගෙ දිහා බැළුවෙ පුදුමෙන්.

අනේ ඔහොම තරහා ගන්න එපා සියා පප්පා ඔයාට තරහා ගන්න හොඳනෑනි….

මම කියවගෙන ගියෙ එයාගෙ දනහිසේ ඔළුව තියාගෙන.

මම තරහා ගන්නෙ නෑ.. ඒන්ජල්.. මෙන්න මේ\කා තමා මාව තරහ ගස්සන්නෙ..

ඒ ගමන සීයා පප්පා කිවේ ටිකක් විතර සන්සු න් හඬකින්.

ආයිම එහෙම වෙන්නෙ නෑ සීයා පප්පා…

කොහොමද නොවෙන්නෙ…?

එයා ආයිම එහෙම කරන්නෙ නෑ… එයාට බනි න්න එපා.. මගෙත් වැරැද්ද..

මට ඕනි කොහොම හරි මේ ප්‍රශ්නෙ විසඳ ගන්න.

ඇයි මගෙ පුතා… මොනවද කලේ….?

ඒක චුටි තුවාලයක්… මට *ලේ * බලන්න බෑ.. ඒකයි පේන්ට් වුනේ… ඉතිං එයා මොනා කර න්නද.. අනේ බනින්න එපා..

මම කියවගෙන ගියා. මම එහෙම කියන කො ට සෙත් සර් මගෙ දිහා බැළුවෙ අමුතු සතෙක් දිහා බලනවා වගේ පුදුමෙන්.

බලපං..සෙත් මේ කෙ\ල්ල කොයි තරම් උ\ඹ ගැ න හිතනවද..? ඔහොම මී හ\ර\කෙක් වගේ බී ගෙන නටන්නයි දඟලන්නයි තියා ගත්තම හරියනවද..?

උ ඹ හිතන්න එපා මං මෙතන වීල් චෙයාර් එ කේ හිටියා කියලා මේ වෙන කිසි දෙයක් නො දැන ඉන්නවා කියලා..

සියා පප්පා කියවගෙන යනවා. මගෙ ඇඟම සීතල වෙලා ගියා. දෙයියනේ එයා ඒ හැමදේම දන්නවද.. මට දැනෙනවා මවෙ වෙව්ලනවා වගේ. මොනවා වෙන්න යනවද කියලා මට හිතා ගන්න බෑ.

අනේ සීයා පප්පා…

මම එයාට කතා කලේ මේ කතාව මෙතනින් නතර කරන්න කියන්න. මොකද..? අර නපු රගෙ මූණ කළු වේගෙන යනවා මම දැක්කා. ඔහොම තරහා අරන් සීයා පප්පට බැන්නොත් එහෙම මට ඇත්තටම බයයි.

ඔයා කට වහ ගන්න ඒන්ජල්.. ඔයා තමා මෙයා ව හුරතල් කරන්නෙ.. ඔතන බුම්මගෙන ඉන් නෙ නැතුව වරෙන් මෙහාට..

ඒගමන සීයා පප්පා අපි දෙන්නටම කීවේ එක පාර. මම හිතුවෙ නෑ එයා එහෙම කරයි කිය ල

එය ත් මම වගේම සීපා පප්පා ලඟ දණ ගහ ගෙන සීයා පප්පගෙ දණහිසෙන් ඔළුව තියා ගත්තා. දැන් ඒ ඇස් තිබුනෙ මගෙ ඇස්වල පැටලිලා.

මම ඒ ඇස් කියවන්න හැදුවෙ නෑ. තේරුමක් නෑ කොච්චරවත් ඔරෝනවා විතරයි. ඒ උණුසු ම් සුසුම් මගෙ මූණ පුරාම විසිරිලා යද්දි හිතට නොතේරෙන මොකක්දෝ හැඟීමකින් මාව වෙලිලා ගිහින්.

ඒක මට දරා ගන්න හරි අමා රුයි. මොනවද කරන්න ඕනි කියලා මට තේ රෙන්නෙ. මම එහෙම්මම ඇස් බිමට හරවා ගත්තා.

මම හිතුවෙවත් නැති වෙලාවක එයා නිකටට අත තියලා මගෙ ඔළුව ඉස්සුවා. තේරෙන්නෙ නෑ මොනවද කරන්නෙ කියලා ඒ ඇස් කියන දේවල් මට තේරුං ගන්න බෑ. අපි එහෙම මොන තරම් වෙලාවක් හිටියද කියලා මම දන්නෙ නෑ.

මේ අහපං කො\ල්ලො.. උ\ඹ දැන් පොඩි එකෙක් නෙවී… ඉස්සර වගේ විකාර කරන්න ලෑස්ති වෙන්නෙ නැතුව..දැන්වත් මනුස්සයෙක් වෙයං බලපං..

මේ කෙ ල් ල අම්මා තාත්තත් නැතුව..නෑයො වෙනස් කං කරද්දි උ\ඹ එක්ක ආවේ.. උ\ඹ අම්මා තාත්තා වගේ ආදරෙන් බලාගනී කියලා විශ්වාසෙන්.. ඉතිං ඔහොම කලාම හරි යනව ද…

සීයා පප්පා කියෝගෙන යනවා. මගෙ ඇස්වලට කඳුළු පිරුනෙ මටවත් කියන්නෙ නැතුව. මීට කලින් මට කවදාවත් කවුරුවත් මෙහෙම ආදරේ කරලා නෑ. මට මට ඒ ආදරේ දරාගන්න බෑ.

මට ඕනි වුනේ මහා හයියෙන් කෑ ගහලා අඬ න්න. එත් රවලා බලලා උනත් සෙත් සර් ඇස්ව ලින් කීවේ අඬන්න එපා කියලා. මේ හැමදේම හිතට මහ හුඟක් බරයි.

කියන්න මහ හුඟක් දේවල් තියෙද්දි නිහඬ වෙන එකත් මොන තරම් අමාරුද කියලා තේරෙන්නෙ මේ වගේ වෙලාවක. මට දැනුනෙ මගෙ පපුව හිරවෙලා යනවා වගේ හැඟීමක්.

ඒත් එක්කම හිතට දැනුනෙ සතුටක් මොකද සීයා පප්පා අපි අතරෙ තියන සම්බන්දෙ ගැන හරියටම දන්නෙ නැති එක ගැන. නැත්තං එයා ඒ ගැන හිතලා ආයිම දුක්වෙයි.

සීයා පප්පා…
අමාරුවෙන් ඇඬුම වාවගෙන මම එයාට කතා කලා. මෙතන තවත් මේ විඳිහට ඉන්න එක ඇත්තටම හරි අමාරුයි මට.

ඇයි පැංචියෙ..
සීයා පප්පා ඇහුවෙ මගෙ හිස අතගාමින්. දෙයියනේ මෙච්චර ආදරේ කරන්න එපා කියලා කෑ ගහලා කියන්න ඕනි මට. ඒත් මං ලඟ වචන නැ.

මගෙ හිස ටිකක් කකියනවා.. මම රූම් එකට යන්නද…?
මම ඇහුවෙ හරිම අමාරුවෙන්. මෙතන මේ විඳිහට ඉන්න මොන තරම් අමාරුද කියලා දන්නෙ මම විතරයි.

අනේ මැණික… කලින් කියන්න එපාය.. අමාරුවෙන් ඉන්න එපා ඒන්ජල් යන්න ගිහින් ටිකක් රෙස්ට් කරන්න..

එහෙම කියලා සීයා පප්පා ආයිම මගෙ හිස අතගෑව. මම ඉදගෙන උන්න තැනින් නැඟිටලා බිම බලාගෙනම එතනින් පිටවුනේ. මගෙ කඳුළු කවුරු හරි දකී කියලා බය හිතුන නිසා.

අර අහිංසක කෙ\ල් ල ට දුකක් දෙන්න එපා සෙත්.. ඒ\කි\ට ඉන්නෙ උ\ඹ විතරයි..

සීයා පප්පා සෙත් සර්ට එහෙම කියනවා මට ඇහුනා. මේ ජීවිතේට මොනවා වෙන්න යනවද කියලා මට තාම හිතා ගන්න බෑ.

මම මගෙ රූම් එකට ආව ගමන්ම ඇඳේ පෙර ළුනා. හිත බර හින්දද මන්දා ඇත්තටම ලා හිස රදයක් දැනුනා. මට මේ හැමදේම අමතක කරන්න ඕනි.

සීයා පප්පා දැන් සෙත් සර්ට බැන්නොත් එයා ඇවිල්ල මට කෑ ගහන්න තියා ගනී. අපරාදෙ මම එතනින් ආවෙ.

සීයා පප්පා පව් බොරුවට තරහා අරන් දුක් වෙලා තරහා අරන් අසනීප වෙනවා. මොනා කරලවත් අර නපුරව වෙනස් කරන්න බෑ. රවන්නයි ඔරවන්නයි කෑ ගහන්නයි රිද්දන්නයි විතරයි දන්නෙ.

මේ හ\ලෝ.. හොඳට අහගන්නවා.ත\මු\සෙ නිදි නෑ කියලා මම දන්නවා..සියා පප්පට කේලං කියලා ත\මු\සෙ කරගත්තෙ හොඳ දෙයක් නෙවී.. ඉස්සරහට විඳවන්න වෙයි ඒවට.. ඒක මතක තියාගෙන ඉන්නවා..

මගෙ රූම් එකට ඇවිත් සෙත් සර් කෑ ගහනවා. මම නිදි වගේම හිටියෙ නැත්තං තවත් බැනුම් අහන්න වෙන නිසා. ඒත් මෙහෙම බොරු චෝදනා ඉවසන් ඉන්න පුළුවන්ද..

සීයා පප්පට මම කේලං කියන්න ඕනිද එයාට ඇස් කං නැතිද එයාගෙ කකුල් විතරයිනෙ අසනීපවෙලා තියෙන්නෙ. බීරෙකුට උනත් ඇහෙනවා ඔහොම හූ කියද්දි.. ඉතිං මං කේලං කියන්න ඕනිය.

ඒ උනාට මහ ලොකු චන්ඩියා ටික ඇත්තං බ යේ මැ රෙ න් න හදනවා. එයා බයේ දඟලලා තමා සීයා පප්පත් දැන ගන්න ඇත්තෙ දැන් එනවා මෙතන මට බනින්න. මම එහෙම හිතුවා විතරයි.

මම හිතුවෙ බැනලා බැනලා එයා රූම එකෙන් එලියට යයි කියලා. මම ටිකක් වත් හෙල්ලෙ න්නෙ නැතුව එහෙම්මම නිදි වගේ හිටියෙ ඒකයි. ඒත් එයා ඇඳේ කොනකින් ඉදගන්නවා මට දැනුනා. මාව ගැස්සනෙවා මට දැනෙනවා.

කොච්චර බය උනාද කියනවා නං මම හුස්මත් නතරකර ගත්තද මන්දා. හිතා ගන්න බෑ වෙ න්න යන දේ. එයා මගෙ නළලෙන් අත තිබ්බෙ මම එහෙමම ඉදිද්දි. ලොකු හිසේ කැක්කුමක් තිබුනෙ නෑ. නලලෙන් කියන්න තරං රස්නයක් දැනුනෙ නෑ දැන් ඒකටත් බනිද දන්නෙ නෑ මට එහෙමත් හිතුනා.

බයටම ද මන්දා ඇස්වලට කඳුළුත් පිරුනා. මම හයියෙන් තදකරලා ඇස් දෙක පියා ගත්තා. ඇස් වලින් කඳුළු බේරෙයි කියලා මට බය හිතු නා. නලලෙ තිබුනෙ අතේ ඇඟිලි තුඩු හුඟක් මුදුවට මගෙ හිස කෙස් අතර යනකොට ඇත්ත ටම මාව හිරිවැටිලා ගියා. මේ මොනවද මේ වෙන්න යන්න‍ෙ
හමුවෙමු.

ටිකයි ගොඩක් අස්සෙ ලියන්නෙ අඩු පාඩු ඇති. ඒවත් කියන්න. කවර් ෆොටෝ එක අවුල් වගේ ද පුළුවන් කෙනෙක් ලස්සන එකක් හදලා දෙන්න. මට වෙන එකක් හදාගන්න වෙලාවක් නෑ.