26 වන දිගහැරුම

Episode 26

කාර්යාල කාමරය තුළට ඇතුළු වී සිය මේසය වෙත පියමං කල සෙහන්සා දැඩි සේ කලබලයට පත්වූයේ ඇය එක්වරම දුටු දෙයින්..

“දිසේන් පොඩ්ඩක් මෙතෙනට එන්න ..”

“ඇයි ඇයි ශේෂා …”

“පොඩ්ඩක් මෙතැනට ඇවිත් බලන්නකෝ..”

“ඔයාගේ office table එක සේරම ඇදලා දාලා නේද ?..”

“මගේ ටේබල් එක උඩ තිබ්බ ඩොකියුමන්ට් සේරම ඇඳලා ඒ මදිවට මේ කබඩ් එකත් ඇදලා දාලා …”

“ඔයා ඒ කබඩ් ලොක් කරලා නේද යන්නේ ..”

දිසෙන් පහත් වූයේ කබඩ් එකේ යතුරු කට දෙසටය .

එහි අගුල කිසිවෙකු විසින් කඩා දමා ඇත…

“මෙච්චර දෙයක් වෙනකන් මේ ඔෆිස් එකේ කවුරුවත් දන්නැද්ද ?”…..

සෙහන්සා උන්නේ වියරු වැටුණාක් මෙනි ……..

“බලන්න ශේෂා චෙක් පොත තියනවද කියලා ?……documents මොනාහරි අඩුද කියල බලන්න….”

“check book එක නම් තියෙනවා………..ඩොකියුමන්ට්ස් වල අඩුවක් පේන්නේ නෑ ……….මට හිතෙනවා දිසෙන් අම්මගේ ළමා නිවාසේයි මගේ ඔෆිස් රූම් එකටයි පැන්නෙ එකම එක කෙනෙක් කියලා………මේ කෙනා සල්ලි බලාගෙන නෙමෙයි මේක කරලා තියෙන්නේ .ඒත් මට හිතාගන්න බැරි මොනවට මේ දේ කරාද කියලා ………….”

“නියමයි ශේෂා ඔයා නිකං සීඅයිඩී ඔෆිසර් කෙනෙක් වගේ ……….”

“එහෙම තමයි ……..ගෑ/නු/න්/ගේ ඉවත් එක්ක කාටවත් හැරෙන්නවත් බෑ …”

සෙහන්සා එසේ කියමින් ඇයගේ ජංගමය අතට ගත්තේ සොනාලිට ඇමතුමක් ගැනීමටය ……..

“සොනාලි ඉක්මනට මගේ කැබින් එකට එන්න …….”..

“දැන් අර සක්කර වට්ටම ආවම මුකුළු කරලා අහුවුනොත් බලාගන්නවා මං කරන දේ …………”

දිසෙන් බැලුවේ ඇගේ දෑසේ ඇති තරවටු කාරී බැල්ම දෙසය ………..

“අම්මෝ සැර……….නයි මිරිස් කරලක් වගේ ……මම යනවා මගේ ටේබල් එකට …”

දිසෙන් තම කාර්යාලය මේසයේ වාඩිවුනේ හිත යටින් සෙහන්සා ගේ වදන්වලට සිනාසෙමිනි ……….

“excuse me miss ……. “

සොනාලී පැමිණියේ දනහිසට අඟල් දෙකකට වඩා කෙටි හිර කළු පැහැති සායකුත් රතු පැහැති අත්කොට බ්ලවුසය කිනුත් සැරසීගෙනය ……….

බ්ලවුසයේ ඉහළම බොත්තම් දෙකක් පමණ නොපියවා ඇති නිසා ඇගේ ළමැදෙන් අඩක් පමණ නිරාවරණය වී ඇති නිසා ඇය දෙස බලා සිටීමට අපහසු ගතියක් දිසෙන්ට දැනුණි.

දිසෙන් පරිගණකය වෙතම දෑස් යොමා සිටියේ එබැවිනි..

“සොනාලී උදේ මගේ කැබින් එක පැත්තට කවුරු හරි ආවද ……….?”

“නෑ මිස් කවුරුවත් ආවෙ නෑ……එහෙම ආවා නම් මම අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ……මං ගාවනේ මිස් එක්ස්ට්‍රා කී තියෙන්නෙ….”..

“කවුරුහරි මගේ ඔෆිස් රූම් එකට ඇවිත් තියෙනවා ……….මගේ documents ඔක්කොම සීසීකඩ…..”

“ඔව්මයි මිස්……….”

“සොනාලී සීසීටීවී රෙකෝඩ්ස් චෙක් කරන්න…..”

“මිස් මේක උදේ වෙච්ච දෙයක් නෙමේ………සීසීටීවී චෙක් කරන්නේ අද පාන්දර ඒවාද?…”

“ඊයේ රෑ ඉඳන් අද උදේ වෙනකන් චෙක් කරලා බලමු ……….”

“ආ හරි මිස් මං බලන්නම්…………”

“සොනාලී තාත්තිට අද ඔෆිස් එන්න වෙන්නේ නෑ කිව්ව….පොඩ්ඩක් බලන්න ……….”

“ඕ කේ මිස්……….”

සොනාලි සෙහන්සා ගේ කාර්යාල කාමරයෙන් පිටව ගියේ හොරෙහින් දිසෙන් දෙස බැල්මක් හෙළමිනි …….

“ශේෂා ඔයාලට කවුරුහරි තරහකාරයෝ ඉන්නවද ?………..”

.”එහෙම දන්න අය නම් නැහැ ………ඒත් ඉතිං බිස්නස් කරද්දී තරහකාරයෝ නිකම්ම හැදෙනවා නේ…..”

“ඒක ඇත්ත …………”

සෙහංසාට එක් වරම මතක් වූයේ ධනුක ව ය……….

සිය ආදරය පතා ධනුක කෙතරම් පිටුපසින් ආවාත් තමා ඔහුට අකැමැති වූ නිසාම ඔහු තමා හා වෛර බැඳගත්තේය………..

තමාව එදා රාත්‍රී සමාජ ශාලාවේ දී පැහැර ගත්තේත් අද මෙලෙස කාර්යාලයට හා ළමා නිවාසයට පැන්නේත් ඔහු හා ඔහුගේ සහචරයන් යැයි සෙහන්සා ට සිතුණි…………

“දිසෙන් මට හිතෙන්නේ මේ සේරම පිටිපස්සේ ඉන්නේ ධනුක වත්ද කියලා ?……..

“ධනුකට ඕනේ ඔයාව යාලුකරගන්න………..මෑන් මේ වගේ දෙයක් කරයි කියලා නම් හිතන්නවත් බෑ …………..”

“මම හෙට නිවාඩුවක් ගන්න හැදුවට මේ ප්‍රශ්න එක්ක නිවාඩු ගන්නත් මොකක්ද වගේ………….”

“ඒකට කමක් නෑ දිෂ්………….ඔයා මේ ආපු මාස හයටම එක නිවාඩුවක් වත් ගත්තෙ නෑනේ ……………..”…

“මහේලයා මට ගොඩක් උදව් කරා………ගමේ ඉඳන් කොළඹ ආවට පස්සේ මට ඒ/කා/ව හම්බ උනේ මගේ වාසනාවට ……….මම හෙට හවස යන්නම්…………..මම එනකම් තනියම කොහෙවත් යන්න එපා …………..”

“මම දෙයක් අහන්නද ඔයා මාව මෙච්චර ආරක්ෂා කරන්නේ ඒක ඔයාගේ ජොබ් එක නිසාද නැතිනම් ඔයා මට ආදරේ නිසාද?………..”

තමාගේ කාර්යාල මේසයේ හිඳ සිටින අසුනට ඉදිරිපස අසුනේ හිඳගෙන තමා දෙසම නෙතු අයාගෙන බලා සිටින ඇය දෙස ඔහු මොහොතක් බලා සිටියේය……….

මුදු කඩා හැලෙන කෙස්කලබ…….

ලා දුඹුරු පැහැති වටකුරු ඇස්…………

නා දලු පරදවන ලා රෝස තොල් පෙති …………..

වාත්තු කළාක් මෙන් පරිපූර්ණ සරාගී දේහය ………

ඇයව සුරලියක් මෙන් දිස්කරයි……….

සුන්දරත්වය පමණක් නොව උගත්කමින්ද ඇය පරිපූර්ණ ධනවත් යුවතියකි……..

ඇය තමාට සැබැවින්ම ආදරය කරයි………………

නොඑසේ නම් තමා ඈව බිදුවක්වත් ගණන් නොගෙන සිටි කාලයේ පවා ඈට මෙසේ තමාගේ මත්තේ නැහෙන්නට කිසිදු උවමනාවක් නැත………..

තමා වුවද ඇයව මෙසේ ආරක්ෂා කරන්නේ රැකියාව නිසාම පමණක් නොව ඈට බෙහවින් ආදරය කරන නිසාමයැයි දිසෙන්ට සිතුණි………

“මොකෝ මගෙ දිහා බලාගෙන භාවනා කරනවද ?………”

“නෑ මම කල්පනා කරේ ඔයා අහපු ප්‍රශ්නයට උත්තරේ………”

“කියන්නකෝ බලන්න……….”

“මම ඔයාව මෙච්චර ආරක්ෂා කරන්නේ ඔයාට තියෙන ආදරෙ නිසා ශේෂා………දැන් ඔයා මෙතනින් යන්න ………..කොයි වෙලාවක අර සොනාලී කැබින් එකට කඩන් පනිද දන්නේ නෑ…………..”

“ඒකනම් ඇත්ත…..කඩන් පනින හමුදාව වගේ තමා………..”

සෙහන්සා ඇගේ අසුනට ගියේ සිනහවෙන ගමන්මය………

“එක්යූස් මී මිස්………..”

දොරෙන් එහා පස සිට සොනාලී එසේ කියමින් සෙහන්සාගේ කාර්‍යාලීය කුටියට ඇතුල් වුයේ ඊට සුළු මොහොතකට පසුවය………..

“මිස් මම සීසීටීවී චෙක් කරා….”

“ඉතින්………”

“ඊයේ රෑ දොළහේ ඉඳන් පාන්දර එක වෙනකන් සීසීටීවි රෙකොඩ්ස් නෑ මිස්……….”

“එහෙම වෙන්නේ කොහොමද සොනාලී……….”

“කවුරුහරි කැම් එක ඕෆ් කරන් ඔෆිස් එකට එන්න ඇත්තේ මිස්……………”

“කවුද ඊයේ හිටපු සිකියුරුටී………….”

“අබේවර්ධන ඊයේ නයිට් ෂිප්ට් කරලා තියෙන්නේ……….මම කෝල් කරලා ඇහුවා මිස්……….එයා නම් කියනවා කවුරුවත් ආවේ වත් නෑ කියලා…………”

“එහෙම වෙන්නේ කොහොමද ….මෙ සිකියුරිටිලා සේරම එකයි………වැඩට ඇවිත් නිදාගන්න එක කරන්නේ……..”

“මිස් ඔය ආපු කෙනා බලාගන්න පුළුවන් විදිහක් තියෙනවා ………..”

දිසෙන් එසේ කී සැනින් සෙහන්සා ගේ දෑස් දැල්විනි……….

“ඒ කොහොමද ?”

“මිස් එහාපැත්තෙ තියෙන ඔෆිස් එකේ සීසීටීවී චෙක් කරොත් අපිට ඒක බලාගන්න පුළුවන් ..රෑ 12:00 යි එකයි අතර වෙලාවේ අපේ ඔෆිස් එක පැත්තට කවුද ආවෙ කියලා …”

” good idea දිසෙන්………එහා පැත්තෙ ඔෆිස් එකේ ඕනර් අපේ තාත්තිගේ හොඳ යාළුවෙක් ………ඉන්න මම තාත්තට කෝල් එකක් අරන් කියන්නම්……….සොනාලි එහෙනම් ඔයාගේ වැඩක් කරගන්න ……!

“හරි මිස්………..”

සෙහන්සා ඇගේ ජංගමය ගෙන ඇමතුමක් ගත්තේ සිය පියාට ය …………….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

“හලෝ දුව කොහොමද ?..”

“හොඳින් ඉන්නවා අංකල් ……….”…

“කවුද දුව මේ හැන්ඩ්සම් බෝයි…ඔයාගේ boy ද ?…….”

සේනානායක මහතාගේ ඒ ප්‍රශ්නය හමුවේ සෙහංසා මඳක් නිරුත්තරව සිටියාය ….

“නෑ නෑ අංකල් මම සෙහන්සා මිස් ගේ පී…ඒ…….”

“අයැම් සොරි…..එකට එද්දි පේන්නේ perfect matching couple එකක් වගේ ……..”

සෙහන්සා කිසිවක් නොකියා නිහඬව සිනාසුනේ යටිසිතින් ප්‍රීතියෙන් ඉපිලෙමිනි………….

“යමු දුව අපි සීසීටීවී records බලන්න ……….”

සේනානායක මහතා ඔවුන් දෙදෙනාව රැගෙන ගියේ පිටි පසුවූ කුටියකටය……

සෙහන්සා සේනානායක මහතාගේ උදව්වෙන් එම කුටියේ වූ සීසීටීවී වාර්තා පරීක්ෂා කරන්නට වූවාය ……….

“අපි රෑ 11 ඉඳන් චෙක් කරලා බලමු “

“අපේ ඔෆිස් එකේ car park එකත් හොඳට පේනවා ……..එකොළහේ ඉඳන් 12 වෙනකම් බැලුවා ………..කෝ මුකුත් නෑනෙ ……….”

“තව ඉස්සරහට බලමු මිස්…….”

“මිස් පොඩ්ඩක් නවත්වන්න ………”

“ඔයා මොනවා හරි දැක්කද දිසෙන්……….”

“ඔව් මිස් ටිකක් ආපස්සට යන්න………”

“ඔව්මයි motorbike එකක්………..”

යතුරුපැදියෙන් බැස ආ පුද්ගලයා කාර්යාලය දෙසට ඇවිදගෙන යන අයුරු එහි විය………

“ඕක pause කරල zoom කරල බලමු කවුද කියලා “

.සෙහංසා එම පුද්ගලයාගේ සමීප ඡායාරූපයක් පරිගණක තිරයට ගෙන පිරික්සන්නට වූවාය ………

හමුවෙමු මීලඟ කොටසින්