ආදරණීයම ඔයා . .15
සෝන්‍ය ට කිසිවක්ම කියන්නට නෙවූයේ වේට ර්වරයා අපේ ඇනවුම රැගෙන පැමිණි නිසාය. ඔහු සැනසුම් සුසුමක් හෙලනු මට ඇසිනි. මට ඔහු ගැන දැනුනේ අනුකම්පාවකි.
මට සෝන්‍යගේ අතීතයෙන් පලක් නැත සමහර විටක ඔහුටත් ඇත්තේ මට මෙන්ම වේදනාබර ආදර අත්දැකීමක් වන්නට ඇත.
එය හාරා අවුස්සා ඔහුගේ හිත රිදවන්නට මට උවමනාවක් නැත. එහෙත් මේ වර්ථමාන හැසි රීම් මා නොසන්සුන් කරන්නෙ නොකි යාමය.
කාල ඉන්න තාදී…දවල්ටත් හරියකට කන්න නෑ නේද…මා නිහඬව ම ඔහු දෙස බලා සිටිද්දී සෝන්‍ය කීවේය.
සිතට දැනුනේ අසරණ කමකි. මේ වේදනා දෙන සුරතින් මා කෑම ගන්නෙ කෙසේද…මම අමාරු වෙන් කෑම බෙදාගන්නට සැරසුනෙමි.
පිස්සු වැඩමයි කරන්නෙ…අතේ අමාරුව තියෙ ද්දි කන්න පුළුවන් ද…ඉන්න මම කවන්නම්…
එසේ කී ඔහු කෑම බෙදාගත්තේ මටත් එක්ක ය. සෝන්‍ය මට කෑම කැව්වේ හරි පරිස්සමින් ය. මට අප්පච්චි සිහිවූයේ අහේතුකවය.
ඔහු ජීවතුන් අතර සිටිනාතාක් කල් අප්පච්චි මට කෑම කැව්වේ බොහෝවිට මල්ලි ගේ නෝ කාඩු ද අසමිනි.
සෝන්‍යගේ බොහෝ හැසිරීම් මට සිහි කර න් නෙ අප්පච්චීවය. ධනුකට මෙවන් හැසිරීම් වූ යේ නැත. වැරදීමකින් හෝ ඔහුට කෑම කවන් නට කීවේ නම් එය අනිවාර්ය ගැටුමක ආරම්භ විය.
ඔහුගේත් මගේත් ඇගපුරා කෑම හලමින් ඒ කැ වීම අවසන් වන්නේ දෙදෙනාම නිරාහාරව තබ මිනි.
කනවද කල්පනා කරනවද..ඒ ගමන..
මා පියවි ලොවට පැමිණියේ සෝන්‍යගේ හඬ ටය.
මට කවනවා විතරනෙ ඔයා කන්නෙ නැද්ද..
කාලා ඉන්නකො…මම පස්සෙ කන්නම්…
මම තෝරපු කෑම කන්න කැමති නෑද ඔයා…
විකාර මම එහෙම කීවද…
එහෙනං කන්නෙ නැත්තෙ ඇයි…
ඔයත් ප්‍රශ්න පත්තරයක්නෙ.. එහෙම දෙයක් නෙවී තාදී…ඔයා අමාරුවෙන් ඉන්නෙ ඉක්ම නි න් කාලා බෙහෙත් බොන්න ඕනි නැත්තං
කැක්කුම එනවා…
සෝන්‍ය කියවාගෙන යයි. ඒ පැහැදිලි කිරීම හරි අපූරුය. ඔහු එතරම්ම මා ගැන හිතන්නෙ ඇ යි.. සත්තකින්ම මගේ අප්පච්චි වැනිම ඔහු ආදරණීය පිරිමියෙකි. අර කෙ ල්ල ඇත්තටම වාසනාවන්තය. මම සුසුමක් හෙළුනේ නිතැ තිනි.
ඉතිං හූල්ලනවා…විකාර තියලා කාලා ඉන්න තාදී…එවර ඔහු කීවේ බරටය.
අප අවන්හලෙන් පිටවූයේ රාත්‍රි බෙහෙත් වේල ත් මාහට පොවාමය. කුඩා එකියක සේ මා බෙ හෙත් වර්ග ගිලදැමීමට අකමැති වීමි. සෝන්‍ය මට බෙහෙත් පෙව්වේ කුඩා දැරියකට බෙහෙත් පොවනා පියෙකු ලෙසිනි. මට දැනුනේ අප්පච්චි මා අසල හිදිනා බවකි.
මා අවදිවූයේ අතෙන් වේදනාවක් දැනෙන්නට වූ නිසාය. සෝන්‍ය උන්නේ තද නින්දකය. මා සිටියේ ඔහුගේ පපුතුරේ හිස හොවාගෙනය. ඔහුගේ සුරත වූයේ මගේ බඳ වටාය.
මට සුසුමක් හෙළුනේ අතේ වේදනාවටම නො වේ. එය මොකක් දෝ කැක්කුමකි. සෝන්‍ය කො හොමත් නරක නපුරු අයෙක් ලෙස මට හැඟෙ න්නේ නැත. ඔහු අසලදී සිතට දැනෙන්නේ ආර ක්ෂිත හැඟීමකි.
මට ඇවැසි වූයේ යහනින් නැඟට ගන්නටය. එහෙත් සෝන්‍යව අවදි නොකර මට තනිවම නැඟිට ගන්නට බැරිය. දෙතුන් වතාවක් කතා කලද… අවදි නොවන තරමට සෝන්‍ය තද නින් දකට වැටී සිටියේය.
සෝන්‍ය…මම නැවත වතාවක් ඔහුට කතා කලෙමි.
එයා…අහිංසකයි…එයා අහිංකයි.. මට ඕනි මට එයාව ඕනි.. බෑ බෑ මට එයාගෙන් අයින් වෙන් න බෑ …. ඒ මගෙ ආදරේ..
සෝන්‍ය නින්දෙන් දෙඬෙව්වේය. දෙවියනේ ඔහු මේ පවසන්නේ කවුරුන් ගැනද..සිහිනයෙන් පවා සිහිවන්නට තරම් ඔහු ආදරය කරනා ඇය කවුරුන් ද…
සෝන්‍ය.. සෝන්‍ය…
මම ඔහුගේ උරහිසින් අල්ලා ඔහුව අවදි කලේ තව දුරටත් ඒ දෙඬවීම අසා සිටින්නට නොහැ කි වූ නිසාය. ඔහු අලසව දෑස් විවර කලේය.
තමා අසල මා සිටීම පුදුමයක් සේ ඔහු මදෙස බැළුවේය.
තාදී…ඇයි මේ…. එසේ බලා හිද ඔහු ඇසුවේ ය.
මගෙ අත රිදෙනවා.. මට නැඟිටින්න ඕනි..
ඔයා නැඟිටින්න එපා…ඔහොම ඉන්න…
කියමින් ඔහු කලබලයෙන් යහනින් නැඟිට ගත්තේය.
කෝ එන්නකො මේක බොන්නකො..
ඔහු කීවේ මාව නැඟිටවා ඇඳවිට්මට හේත්තු කර වේදනානාශක පෙත්තක් පොවන අතරය.
හ්ම්ම් දැන් නිදාගන්න..බෙහෙත් බීවනෙ ටික කින් අඩුවෙයි ඕක.. මා යහන මත සතපවමින් ඔහු මුදුව කීවේය. ඉනපසු මගේ සුරත ගෙන එය සෙමින් පිරිමැද්දේ වේදනාව අඩුවී යන තුරුය.
පොරොන්දු වූ පරිදිම සෝන්‍ය මා අපේ ගෙදරට රැගෙන ගියේය. අතේ වේදනාව මදක් දැනුනද මා උන්නේ සතුටිනි.
මොකද ලොක්කි මේ අතට වුනේ…
මා දුටු හැටියේම අම්මා ඇසුවාය.
ඇද වියලෙ වැදුනා අම්මා…
ඔයාගෙ වැඩ ඔහොමමනෙ කොච්චර කීවත් අහන්නෙ නෑ…කලබලේ ඉවරයක් නෑ මොකක් හරි එකක් කලොත් මොනා හරි කරගන්නවා..
එවර අම්මා මට බැන වැදුනේ මගේ නොසැල කිල්ල ගැන කියාය. සිදු දේ අම්මාට කියන්නට බැරි හෙයින් මම නිහඬව සිටියෙමි.
ඔයා ඔහොම කරගත්තාම බලන්නකො මේ දරුවටත් කරදරේ..තියන වැඩ අස්සෙ මේවත් බලන්න එපැයි…පරිස්සමින් වැඩ කරන්න පුරුදු වෙන්න ලොක්කි….
අම්මා කීවේ සෝන්‍ය දෙස බලමිනි.
මෙයාගෙ දාංගලේ වැඩී දරුවො ඕනිවට වඩා… ටිකක් තදින් හිටියෙ නැත්තං නං හදාගන්න බෑ.. අප්පච්චි ඉන්නකං හුරතල් කරලා තමා ඔය…. අම්මා නැවතත් කීවාය.
තාම පොඩි එකී වගේනෙ හිමීට හරියයි අම්මා ට ඔච්චර පරිස්සමින් බලාගෙන දෝණි ව මටම දුන්නට අම්මට පින්….
සෝන්‍ය එකවරම කීවේ මගේ දෑස් තෙත් කර මිනි.
හමුවෙමු