මෙහන්සා 11 කොටස

ඒ විද්‍යා දිනයෙන් පස්සේ එළඹුණු පලවෙනි පාසල් දවස. පලවෙනි පීරියඩ් එකට අදාළ ගුරුවරයා ඇවිල්ල හිටපු නැති නිසා ළමයින්ට නිදහසේ කතා කරන්න ඉඩ හැදිලා තිබුන. විද්‍යා දිනයේ උණුසුම තවමත් ගිහින් තිබුනේ නැති නිසා කොල්ලන්ගේ ප්‍රධාන මාතෘකාව උනේ ඒක.

එකෙක් හුණු කූරක් අරගෙන කළු ලෑල්ලේ මෙහෙම ලිව්ව.

“විද්‍යා දිනයට ජය වේවා!!!!”

තව එකෙක් විද්‍යා දිනයේ යම් යම් අවස්ථා අදින්න ගත්ත ඊට යටින්.

ඩේ එක නම් හොදට ගියා නේ බං. දසුන් කිව්වේ කළු ලෑල්ලේ ඇදල තිබ්බ රූප දිහා බල බල

ඔව් හැබැයි ආරාධිත පාසල් විශේෂාංගය ඇරුනම. සෙනාල් කිව්වෙ කිලාන් දිහා හොරෙන් බලල.

ඒ කිව්වා ගමන් කිලාන්ට මෙහන්සව මතක් උනත් කොල්ල මුකුත් කියන්නේ නැතුව සද්ද නැතුව හිටිය.

හරි හරි දැන් ඉතින් ඕක කියා කියා උදේ පන්තියට ආ වෙලේ ඉදන් මූව බයිට් කළා මදිද බන්. අදීෂ කිව්වේ කිලාන් වෙනුවෙන්.

අනේ උඹ උගේ සීනි කිරන්නැතුව ඉදපන්. සෙනාල් කිව්ව. ඒයි මිහින් අන්න අරූ උඹේ කුමාරිව අදිනවා බෝඩ් එකේ. අහපන් සිතක් පහල වෙලාද කියල.

කොල්ලෝ ඔක්කොම හැරිලා බැලුවෙ බෝඩ් එක දිහා. මයික් එකක් අතට ගත්තු යුවතියක් ඇද ඇද හිටියෙ බිතුම්.

ඒයි උඹ මොකද ඕකම අදින්නේ? දසුන් කෑ ගහල ඇහුව.

මෙච්චර ඒවා ඇදල තියෙද්දී ඒක නැතුව අඩුවක් වගේ බන්. බිතුම් කිව්වේ චිත්‍රය අදින එක නවත්තන්නේ නැතුව.

අනේ මේ දෙයියනේ කියල ඕක තියල මෙහාට වරෙන් අර ලස්සන කෙල්ලව විරූප කරන්නැතුව. තව එකෙක් කිව්ව.

එතකොටත් බිතුම් චිත්‍රෙ ඉවර කරලා තිබුණු හින්ද ඔවුන් හිටපු තැනට ආව.

ඒක නෙමේ මචං. ඔහු කිව්වෙ හරිම බැරෑරුම් විදියට. ඩේ එක දවසේ හැන්දෑවේ මම ගියා බන් අපේ නැන්දලගේ ගෙදර

නැන්දට ලස්සන දුවෙක් ඉන්නවද?

ඉතින් අපිට පාන්ද?

නෑ මාළු පාන්. මැද්දට පනින්නතුව හිටපන් යකෝ. මම කියල ඉවර නෑනේ. මම කියන්නේ නෑ එහෙනම්. බිතුම් කිව්වේ තරහෙන්

හා හා හරි වස්තුවේ මම ආයේ මැද්දට පනින්නේ නෑ. දසුන් කිව්වේ කටට අගිල්ලකුත් තියාගෙන.

ඉතින් බන් මන් එහෙ යන්න කියල බස් එකට නැග්ගම අපේ මෑන් කෙනෙක් හිටිය බස් එකේ.

ඉතින් ඉතින්

මිනිහ හිටියේ සැහෙන්න ලොකු කල්පනාවක. කොච්චර ලොකු කල්පනාවකද කියල කිව්වොත් මේ බස් එක මැද්දේ රිටක් වගේ හිටන් හිටපු මාවත් දැක්කෙ නැහැ කියහන්කෝ.

ඉතින් ඊට පස්සේ. දැන් නම් කට්ටියට බිතුම්ගේ විස්තරේ දැනගන්න තිබ්බේ නොඉවසිල්ලක්.

තටමන්නේ නැතුව කියපන් යකෝ. අදීෂ කිව්වේ ඒ හින්දමයි.

කිලාන්ට නම් තේරුණා මේ කියන්නේ තමන් ගැන කියල. ඒත් මුකුත් නොකිය සද්ද නැතුව හිටිය.

ඉතින් මමත් මෑන් දිහා බලන් හිටිය මුට මොනාද මෙච්චර කල්පනා කරන්න තියෙන්නේ කියල හිත හිත. උඹල කිව්වට විශ්වාස කරන එහෙකුත් නෑ ඌ මොනාද කරේ කියල. ටික වෙලාවක් කල්පනා කර කර ඉදල මෑන් එකපාරටම අතේ තිබ්බ මුදු ටික ගැලෙව්ව අර සුදු යකඩ මාලේත් ගැලෙව්ව. අර පාට පාට වළලු නෑ නෑ බැන්ගල් වගයක් දාගෙන හිටියේ ඒ ටිකත් ගැලෙව්ව. ඔක්කොම අතේ තියාගෙන ටිකක් වෙලා හිටිය. ඊට පස්සේ ඉගෙන හිටපු ශීට් එක උඩින් ඒ ටික තියල ඊලග හෝල්ට් එකෙන් බැහැල ගියා. කියපු බිතුම් මිහින් අතේ තිබ්බ වතුර බෝතලෙන් උගුරක් බිව්වා.

විස්තරේ අහන ඉදල මටත් නිකම් තිබහක් වගේ එකක් එනෝ. දීපන් මටත් උගුරක්. අදීෂත් එහෙම කියල බෝතලේ අතට අරගෙන බැලුවේ කිලාන් දිහා.

දැන් නම් හැමෝටම සක්සුදක් සේ පැහැදිලි මේ කිව්වේ කිලාන් ගැන කියල. මොකද සෙට් එකේ ඔය කියපු දේවල් පලදින්නේ කිලාන් විතරක්ම හින්ද. මිහින්ට නම් සිදුවීම හොදටම පැහැදිලි උනත් මිහින් වචනයක් වත් කිව්වේ නෑ හිනා වෙවී බලන් හිටිය මිසක්.

අඩෝ කිලාන් ඒ පාර මොකද්ද උඹට හැදිච්ච පිස්සුව. දසුන් කිව්වේ දොස් කියන්න වගේ. අපරාදේ බුරුවො බඩු ටික.

මට හැදිච්ච පිස්සුවක් නෑ. කිලාන් කිව්වේ මිහින් දිහා නොබලන්න ප්‍රවේශම් වෙලා. කෙල්ලෙක් මට කිව්වා රස්තියාදුකාරය කියල. ඒ බඩු ටික නිසානේ එහෙම පේන්නේ. ඉතින් මන් ඒ ටික ගැලෙව්ව.

ඉතින් බන් උඹට හැමදාම කෙල්ලෝ කියන්නේ එහෙමනෙ. එදා මොකද්ද තිබ්බ විශේශේ? සෙනාල් ඇහුවෙ කිලාන්ට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්.

හැබැයි ඉතින් කොල්ලට දෙන්න උත්තරයක් තිබුන. මේකයි. කිලාන් කිව්වේ විනාඩියක් විතර ඉදල. ඒ කෙල්ල මට රස්තියාදුකාරය කිව්වේ නෑ

එහෙනම් මොන බම්බුවක්ද බන් උඹ කියන්නෙ

ඉවසීමෙන් කියන දෙයක් අහන ඉදින්කෝ බන් සදුන්. කියන්නත් කලින් පනින්නේ

අනේ උඹ ඒ තරමට ඉවසීම තියෙන එකා. මගෙන මුකුත් නාහ හිටපන්.

හරි හරි දැන් ඉතින් මොකද උනේ කියපන්කො. උඹ ශේප් එකේ කතාව මග අරින්න නේද හදන්නේ? ඒවා නම් හඳේ තමයි පුතේ

ඒකෙ වැඩිය කියන්න දෙයක් නෑ බන්. ඒ කෙල්ල ඒකිගේ කොල්ලට බැන්න මම වගේ රස්තියාදුකාරයොත් එක්ක කතා කරන්න එපා කියල. අන්තිම ටික කියනකොට කොල්ලගේ හඬ බිඳිලා ගියා.

කොල්ලෝ ටික කිලාන් දිහා බලන් හිටියෙ පුදුමෙන්. කෙල්ලෙක්ගෙ කතාවකට හිත රිදවගන්න කෙනෙක්ද කිලාන්? නැහැ මේ ඒ කිලාන් නම් වෙන්න බැහැ. හැමෝටම හිතුන.

ඒ කොල්ල මගේ යාලුවෙක්. මන් නිසා යාළුවො බැනුම් අහන්න ඕනේ නෑනෙ. කිලාන් කිව්වේ පුළුවන් තරම් කටහඬ පාලනය කරගෙන.

අනේ නිකම් පල යන්න බොරු නොකිය. තෝ නිසා අපිත් කොච්චර බැනුම් අහනවද කෙල්ලන්ගෙන්. කෝ තොට ඒවයේ කිසිම ගානක් තියෙනවද?

ඒ නැතත් උඹ කෙල්ලෙක් කියන දෙයක් අහන එකෙක් යැ අම්ම අප්පා කියන දේ වත් අහන්නේ නැති එකේ

අනිත් එක ඔච්චර සීරියස් ගන්න තරම් අපිටත් වඩා කවුද බොට ඉන්න යාලුව අපි නොදන්න

එකත් එකටම මේ කියන කෙල්ල ගැන උබේ හිතේ ඇති. ඒ කොල්ල යාලුවෙක් නිසා නිකම් ඉන්නව. මිහින් ඇරෙන්න සෙට් එකම එක එක දේවල් කියද්දී අදීෂ අන්තිමට අනුමාන කලේ අත්තටම වෙලා තිබ්බ දේ

උඹට පිස්සුද? කිලාන්ට ඉබේටම කියවුනා. මට අනුන්ගේ ගෑනු වැඩක් නෑ. කිලාන් ආයෙමත් කිව්වේ තමන්ට පුළුවන් උපරිම විශ්වාසවන්ත කටහඩින්.

එහෙනම් මොකද මේ උඹට එකපාරටම වෙලා තියෙන්නේ?

මට නිකම් සාදාරන සැකයක් වගේ එකක් එනවා මේ කියන්නේ අපි දන්න දෙන්නෙක් ගැන ද කියල? බිතුම් කිව්වේ මිහින් දිහා බලල. මිහින් බැරි වෙලාවත් මුට මේ රස්තියාදුකාර කතාව කිව්වේ මෙහන්සා එහෙම නෙමෙයිනේහ්? මොකද මේ වෙනකම් එකම කෙල්ලෙක් එක කෙල්ලෙක් විතරයි මුට හිතට වදින්න දෙයක් කියල තියෙන්නේ.

අනේ අනේ මාවයි මගේ අහිංසක කෙල්ලයි අල්ල ගන්නේ නැතුව හිටපල්ල. මිහින් ඒ කිව්වේ කට්ටිය තවත් කිලාන්ව අසරණ කරන නිසා. මොකද සිද්දිය හොදටම දන්න මිහින්ට කිලාන්ගේ සිතුවිලි අදුනගන්න අමාරු උනේ නෑ. ඒත් ඔහුට ඕනේ උනෙත් නෑ කිලාන්ව තවත් අපහසුතාවෙට පත් කරන්න. මෙහන්සට කිලාන්ව හරි මගට ගන්න අමාරු වෙන එකක් නෑ කියල සෙනාල් එදා කිව්වා දේ කොච්චර ඇත්තද කියල මිහින්ට හිතුන.

හ්ම් උබත් නෙමේ නම් කවුද බන් අපි නොදන්න මුගේ යාලුව. බිතුම් ඇහුවෙ කල්පනා කර කර

බොටත් ඕනේ නැති රෙද්දක් නැහැ. කිලාන් කිව්වේ මිහින් ඇත්ත නොකීම ගැන හිතෙන පින් දෙමින්.

තෝ බහුබුතය වගේ නිකම් හිටිය දසුන් ඒ අතරේ බිතුම්ට බැන්න. යකෝ මු එපා කියල බඩු ටික දාල ගියා නම් තොට තිබුනේ නැද්ද ඒ ටික අරගන්න?

මට මොකටද බන් ඕව? බිතුම් කිව්වේ නොරිස්සුමෙන්. තොපිටත් ඔල්මොරොන්දන් ආදී කල්පික මානවයෝ සිප්පි කටු එල්ලන් හිටිය වගේ යකඩ කෑලි එල්ලන් ඉන්න. දැන් ඒ ටික ඒ බස් එකේ කොන්දොස්තරයගේ ඇඟ පුරාම ඇති. මිනිහ හරි සතුටින් ඒ ටික අරගත්ත